News Category
From Date
To Date
Maximum Number of Result

සාෆිගේ සිද්ධිය මුලින්ම මතු කළේ කවුද? ▪️2019 මැයි 23 දින දිවයින පුවත්පත මේ ගැන මුල් වරට පුවතක් පළ කළේය. ඒ වන විටත් රහස් පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබුණු අතර පොලිසියෙන් ලබා ගත් තොරතුරක් මත පදනම්ව එම ලිපිය සකසා ඇත. එවකට පොලිස්පති CD වික්‍රමරත්න විමර්ශන භාරව කටයුතු කළ ශානි අබේසේකරට පවසා ඇත්තේ විමර්ශන තොරතුරු පුවත්පතේ ජනමාධ්‍යවේදියකුට ලැබුනේ කවරාකාරයෙන්ද යන්න සොයා බලන ලෙසයි.

බොහෝ අය මියගිය හැරී ජයවර්ධනට බායි කියති. පහත දැක්වෙන පින්තූරයේ සිටින්නේ ලක්ෂ එක් දහසකට අධික ඔහුගේ බදු වංචාවකට එරෙහිව සටන් කිරීම නිසා ඝාතනය වූ රේගු නිලධාරි සුජිත් ප‍්‍රසන්න පෙරේරා ය..

මිනිස්සුන්ට වෙනස් වෙන්න මෙහෙමත් පුළුවන්ද? කියලා අහලම බලන්න

නොදන්නා ඉංග්‍රිසි කියවන්න ගොස් අමාරුවේ වැටුණු ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පුෂ්පකුමාර මහතාගේ විඩියෝ පඨයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි. එම වීඩියෝ පටය මෙහි පළ කරන අතර සමාජ මාධ්‍ය පරිශිලයක් එම වීඩියෝ පටයට සම්බන්ධයෙන් මෙසේ කරුණු දැක්වීමක්ද සිදුකර ඇත.

කෘෂිකාර්මික වකුගඩු රෝගය (CINAC- chronic interstitial nephritis in agricultural communities) පිළිබඳ අප සිදු කළ පර්යේෂණ සහ ඒවායේ ප‍්‍රතිඵල මත සිදු කළ මැදිහත්වීම් නිසා මේ වනවිට ශ‍්‍රී ලංකාව තුළ රෝගය

අනුන්ගේ කතාවලට කන්දීම ශිෂ්ඨසම්පන්න නොවන බව ඉඳුරාම දැන දැනත් මීට කළකට ඉහත දී මා එවැනි අශිෂ්ඨ වැඩක් කෙරුවෙමි. ඒ දෙදෙනෙකු අතර සිදුවූ කතාබහකට අනවසරයෙන් කන් දීමයි. කතාබහ රසවත් නිසාම ඒ වැඩේ ශිෂ්ට හෝ අශිෂ්ට බව ගැන තැකීමට මට අවශ්‍ය නොවුණි. මේ දෙදෙනාගෙන් එක් අයෙකු නම් ‘රාවය’ පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ, මෑතකදී අපෙන් සමුගත් වික්ටර් අයිවන් ය. අනෙක් පුද්ගලයා මගේ ගුරුවරයා ද වූ ‘අරුණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම ය.

ඔහු 1946 -47 කාලෙදී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කල ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් වගේම ගල්කිස්ස ශාන්ත තෝමස් සහ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වගේම නළුවෙක්, ගත්කතුවරයෙක්,තිරපිටපත් රචකයෙක්, ක‍්‍රිකට් විස්තර විචාරකයෙක්.

ලංකා ඉතිහාසයේ විශාලතම ත්‍රස්ත බෝම්බය පිපිරී 2025 ජනවාරි 31 දිනට වසර 29යක් ගතවී ඇත. ඒ් මහ බැංකු බෝම්බ ප්‍රහාරයයි. එයින් 91 දෙනෙකු මරුමුවට පත් වී 1,400ක් තුවාල ලැබීය LTTE ම්ලේජ්ජ ත්‍රස්තවාදීන් කොළඹ නගරයම දෙදරුම් කවමින් මහා බැංකුව පුපුරුවා හැරියේය... මේ සම්බවන්ධයෙන් පසුගියදා සමාජ මාධ්‍ය තුළ සංසරණය වන මෙම ලිපිය කාලීන වැදගත්කම සලකා මෙසේ පළ කරන්නෙමු.

මහ බැංකු හොරු සහ බහාලුම් හොරු මාතෘකාව යටතේ රටේ රාළ නමින් අනුවර්ථ නාමයකින් පෙනී සිටින ලියුම් කරුවෙකු විසින් සමාජ මාධ්‍ය වෙත යොමුකර ඇති ලිපියක් එහි ඇති වැදගත්කම සලකා පහතින් පළ කරන්නෙමු.


ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.