ඉන්දු ලංකා ගිවිසුමෙන් උපන් 13 වැනි සංශෝධන මර උගුලේ සුලමුල මෙන්න..(වීඩියෝ)
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරළියට පැමිණෙන්නේ 1987 වසරේ වුවද 13 වැනි සංශෝධනයට මුලපුරණ සිදුවීම් මාලාව ආරම්භ වූයේ 1983 වසරේ දී බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවසයි.
1977 දී අතිවිශාල ජනවරමකින් බලයට පත්වූ ජෙ.ආර් ජයවර්ධන 1983 වන විට ජනයා අතර ඉතා අප්‍රසාදයට ලක්වූ රාජ්‍ය නායකයකු බවට පත්වී සිටි බවත්, ඔහු ලංකාවේ පළමුවැනි විධායක ජනාධිපති බවට පත්වූයේ ජනාධිපතිවරණයකින් හෝ මහමැතිවරණයකින් හෝ ජනවරමකින් හෝ නොවන බවත් ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවසයි.
ජේ.ආර්. ජයවර්ධන විසින් සකස්කරගත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඔහුම විධායක ජනාධිපති ලෙස කිරුළු පැළඳූ බවද පවසන ඒ මහතා, 1982 වසරේ ඉතාම දූෂිත ජනාධිපතිවරණයක් පවත්වා නැවත වතාවක් ජේ.ආර්. ජයවර්ධන බලයට පත්වූ බවද සඳහන් කරයි.
එම කාලසීමාවේදී ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය ඉතා පහළ බැස තිබූ බවත් 1983 දී පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණයෙන් ආණ්ඩුව පරාජයට පත්වන බවට කිසිඳු සැකයක් නොතිබූ බවත්, මේ නිසා ජේ.ආර්. ජයවර්ධන ඉතා සටකපට ලෙස ඊළඟ අවුරුද්දේ පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය වෙනුවට ඊට පෙර අවුරුද්දේ ජනමත විචාරණයක් පැවත්වූ බවත්, එය ලංකාවේ ඉතා දූෂිතම මැතිවරණය වූ බවත් ඒ මහතා පවසයි.
මෙම මැතිවරණයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා අදිකරණයට ගිය බවත්, මෙම නඩුවෙන් ආණ්ඩුව පරාජය වන ලකුණු පෙනෙමින් තිබියදී 1983 කළු ජූලිය කරලියට පැමිණි බවත් ඒ මහතා සඳහන් කරයි.
කළු ජූලිය ආරම් කිරීම පිටුපස ඇති ජේ.ආර්. ජයවර්ධනගේ භූමිකාව සහ කළු ජූලිය නිසා සරණාගත තත්ත්වයට ඇද වැටුණු ලංකාවේ දමිළ ජනයා දඩමීමා කරගනිමින් ඉන්දියාව මෙයට මැදිහත් වූ ආකාර සම්බන්ධවෙන් ද ධර්ම ශ්‍රී කාරියවසම් මහතා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..