
ඉන්දු ලංකා ගිවිසුමෙන් උපන් 13 වැනි සංශෝධන මර උගුලේ සුලමුල මෙන්න..(වීඩියෝ)
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරළියට පැමිණෙන්නේ 1987 වසරේ වුවද 13 වැනි සංශෝධනයට මුලපුරණ සිදුවීම් මාලාව ආරම්භ වූයේ 1983 වසරේ දී බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවසයි.
1977 දී අතිවිශාල ජනවරමකින් බලයට පත්වූ ජෙ.ආර් ජයවර්ධන 1983 වන විට ජනයා අතර ඉතා අප්‍රසාදයට ලක්වූ රාජ්‍ය නායකයකු බවට පත්වී සිටි බවත්, ඔහු ලංකාවේ පළමුවැනි විධායක ජනාධිපති බවට පත්වූයේ ජනාධිපතිවරණයකින් හෝ මහමැතිවරණයකින් හෝ ජනවරමකින් හෝ නොවන බවත් ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවසයි.
ජේ.ආර්. ජයවර්ධන විසින් සකස්කරගත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඔහුම විධායක ජනාධිපති ලෙස කිරුළු පැළඳූ බවද පවසන ඒ මහතා, 1982 වසරේ ඉතාම දූෂිත ජනාධිපතිවරණයක් පවත්වා නැවත වතාවක් ජේ.ආර්. ජයවර්ධන බලයට පත්වූ බවද සඳහන් කරයි.
එම කාලසීමාවේදී ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය ඉතා පහළ බැස තිබූ බවත් 1983 දී පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණයෙන් ආණ්ඩුව පරාජයට පත්වන බවට කිසිඳු සැකයක් නොතිබූ බවත්, මේ නිසා ජේ.ආර්. ජයවර්ධන ඉතා සටකපට ලෙස ඊළඟ අවුරුද්දේ පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය වෙනුවට ඊට පෙර අවුරුද්දේ ජනමත විචාරණයක් පැවත්වූ බවත්, එය ලංකාවේ ඉතා දූෂිතම මැතිවරණය වූ බවත් ඒ මහතා පවසයි.
මෙම මැතිවරණයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා අදිකරණයට ගිය බවත්, මෙම නඩුවෙන් ආණ්ඩුව පරාජය වන ලකුණු පෙනෙමින් තිබියදී 1983 කළු ජූලිය කරලියට පැමිණි බවත් ඒ මහතා සඳහන් කරයි.
කළු ජූලිය ආරම් කිරීම පිටුපස ඇති ජේ.ආර්. ජයවර්ධනගේ භූමිකාව සහ කළු ජූලිය නිසා සරණාගත තත්ත්වයට ඇද වැටුණු ලංකාවේ දමිළ ජනයා දඩමීමා කරගනිමින් ඉන්දියාව මෙයට මැදිහත් වූ ආකාර සම්බන්ධවෙන් ද ධර්ම ශ්‍රී කාරියවසම් මහතා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
