News Category
From Date
To Date
Maximum Number of Result

ඉස්සර කන්තෝරු නෝනලා මහත්තුරු රස කර කෑ ‘බයිසිකලේ බත්’

Mar 21, 2025 at 01:42 PM
|

බයිසිකල් බත්කරුවන් අද දකින්නට නැති තරම්…
ඒ වෙනුවට සුපිරි අවන්හල්වලින් කෑම බෙදාහරින යතුරුපැදි
නවකතා හා කෙටි කතාවලටත් මාතෘකාවක් වෙලා
ඒ කාලයේ කෑඹ පිඟානක් රුපියල් පහයි
හැට, හැත්තෑව දශකයේ කොළඹ නගරය හෝ වෙනත් ප්‍රධාන නගරයක දහවල් දර්ශනය පිළිබඳ මතකය ඇත්තෙකුට, දහවල් දහයට එකොළහට පමණ නගරයේ වීදි ඔස්සේ ඊයක වේගයෙන් බයිසිකල් පැද ගිය පිරිසක් පිළිබඳව මතක තිබෙන්නට පුළුවන.
සාමාන්‍ය පාපැදියක පිටුපස සවිකළ ශක්තිමත් පුළුල් ලැගේජයක අඟල් දෙකෙන් දෙකට පරතරය ඇතිව ලෑලි පටි ගැසූ උස පෙට්ටියක් එහි සවිකර තිබිණි.
සමහරුන් ඔවුන් හැඳින්වූයේ ‘බයිසිකල් බත්කාරයා’ යනුවෙනි. තවත් එවැනි නම් කීපයක් ඔවුනට පටබැඳී තිබිණි.
බොහෝවිට මෙවැනි පුද්ගලයකුගේ උඩුකය වැසුණේ අත් දිග සුදු මේස් බැනියමකිනි. සමහරු සුදු හෝ පාට සරමක් ඇන්දාහ. තවත් සමහරුනගේ ඇඳුම වූයේ කොට කලිසමකි.
සමහරු තනි තනිව මෙම වෘත්තියෙහි නිරත විය. සමහර මුදලාලිලා යටතේ බයිසිකල්කරුවන් හත්අට දෙනෙක් සේවය කළහ.
එකල මෙම බත්කාරයන්ගේ සේවය ආරම්භ වන්නේ දහවල් දහයට දහයමාරට පමණය. තම සේවා වපසරියේ අවසානම නිවස වෙත යන ඔහු නිවසේ ගේට්ටුව අසල නතර වී බයිසිකලයේ සීනුව හඬවයි. ඒ වනවිට නිවසේ බිරිඳ තම සැමියා, පුතා හෝ සහෝදරයා වෙනුවෙන් දවල් බත උයා අවසන්ය. බොකුටු බෙලෙක් පිඟානකට බත් සහ ව්‍යාංජන බෙදා එම බෙලෙක් පිඟාන තවත් බොකුටු බෙලෙක් පිඟානකින් වසා පිරිසිදු සුදු පැහැ රෙදි කඩකින් ඔතා එහි සතර කොන්, කොන් දෙක බැගින් එකට අල්ලා තදින් ගැටගසනු ලැබේ.
ඒ සමගම ආහාර බඳුන ලැබිය යුත්තාගේ නම සහ සේවා ස්ථානය ලියූ ඝන කඩදාසි කැබැල්ලක් ආයා කටුවකින් රෙදිකඩෙහි රඳවනු ලැබේ. මෙසේ නිවසින් නිවසින් ලැබෙන ආහාර බඳුන් ලෑලි පෙට්ටියෙහි පරිස්සමට රඳවාගනු ලැබේ. එහිදී ආහාර බඳුන් පෙට්ටියේ මුලින්ම භාරදිය යුතු කෑම බඳුන පිහිටනසේ තබාගැනීමට බයිසිකල්කරුවන් පරිස්සම් වෙති.
එකල මෙම බයිසිකල් බත්කරුවන්ගේ අපූරු සහයෝගිතාවයක් ද විය.
කොටහේන, අලුත් මාවත, මෝදර, ප්‍රදේශයේ බත් පිඟන් එකතුකරගෙන එන බයිසිකල්කරුවන් බත් පිඟාන වැඩිපුර බෙදීමට ඇත්තේ කොල්ලුපිටිය ප්‍රදේශයෙහි නම්, බොරැල්ල, මරදාන ප්‍රදේශයේ බෙදීමට ඇති බත් පිඟන් ඒ ප්‍රදේශයට යන බයිසිකල්කරුවකුට භාරදෙයි. ඔහු ළඟ ඇති කොල්ලුපිටිය ප්‍රදේශයේ භාර දීමට ඇති ආහාර බඳුන් ඔහු ලබාගනී.
මෙම අපූරු වෘත්තීය සහයෝගීතාවය දෙදෙනාටම වාසි ගෙන එන ලදී. එමෙන්ම අන් බයිසිකල්කරුවකුගෙන් ලබාගන්නා බත් පිඟාන ද තමන්ගේ එකක් මෙන් වගකීමෙන් බෙදාහැරීම එකම ඔවුන්ගේ සිරිත විය.
ඉස්සර කන්තෝරු නෝනලා මහත්තුරු රස කර කෑ 'බයිසිකලේ බත්'
මෙලෙස කොළඹ විවිධ මාර්ග ඔස්සේ පැමිණෙන බයිසිකල්කරුවන් නිශ්චිත එක් එක් ස්ථානවලදී මුණගැසී තමන් ගමන් ගන්නා මාර්ගවල බෙදීමට ඇති වෙනත් බයිසිකල්කරුවන්ගේ ආහාර භාජන ලබාගෙන, තමන් සතුව ඇති ආහාර භාජන වෙනත් මාර්ගයක් ඔස්සේ ගමන් ගන්නා බයිසිකල්කරුවකුට භාරදෙන සිරිතක් විය. බොහෝවිට ඔවුන් මේ සඳහා තෝරා ගත්තේ වැඩිපුර වාහන තදබදයක් නැති ගස් හෙවනක් ඇති පාරක් අද්දරය. විහාරමහාදේවි උද්‍යානය අසල පාරවල් එවැනි එක් තැනක් විය.
මෙලෙස ලබාගන්නා ආහාර බඳුන් එහි සඳහන් කර ඇති සේවා ස්ථානයේ කෑම ගන්නා ස්ථානයේ තැන්පත් කිරීම ඔවුන්ගේ සිරිතය. දහවල් කෑම වේලාව එළඹි විට එක් එක් පුද්ගලයා පැමිණ තමන්ට නියමිත ආහාර බඳුන ගෙන ලිහා අනුභව කර නැවත ගැටගසා කෑම කාමරයෙම තැන්පත් කරති. දහවල් දෙක පමණ වනවිට, නැවත එන බයිසිකල්කරුවෝ හිස් බඳුන් ගෙන, උදෑසන සිදුවූ ආකාරයට නැවත ඒ ඒ නිවෙස්වලට භාරදෙති. සමහරවිටක බත් භාජනය අයිතිකරුවාට බයිසිකල්කරුවා ආපසු එන වෙලාවට ආහාර ගැනීමට නොහැකිවී නම් පසුව ආහාර ගෙන කාර්යාලයේ වැඩකටයුතු අවසන්වී ආපසු යනවිට හිස් භාජනය නිවසට ගෙන යෑම සිදු කරයි. මෙලෙස නිවසේ සිට කාර්යාලය දක්වා කෑම භාජනය ගෙන යෑම සහ ආපසු නිවස දක්වා ගෙන ඒමට එක ආහාර බඳුනකින් මාසයකට අයකරන ලද්දේ රුපියල් පහක් වැනි සුළු මුදලකි. නමුත් රුපියල් පහක් යනු ඒ කාලයේ හැටියට සැළකිය යුතු මුදලකි.
කාර්යාල ආපනශාලා මෙන්ම කාර්යාල සමීපයෙහි හෝටල් නොතිබූ සමයක බයිසිකල් බත්කාරයන්ගෙන් සුවිශේෂ සේවයක් සිදුවිය. මෙනිසා නිවසේම පිළියෙළ කළ ආහාරය තරමක් උණුසුමක් ද ඇතිව භුක්ති විඳීමේ වාසනාව කාර්යාලවල ලිපිකරු පන්තියේ අයට හිමි විය.
සම්මානනීය නවකතාකරුවකු සහ අතිදක්‍ෂ රූපවාහිනි තිර කතා රචකයකු වූ සෝමවීර සේනානායක මහතා කලකට පෙර මෙම බත් බයිසිකල්කරුවන් පිළිබඳ මෙවැනි විස්තරයක් කළේය.
ඒ කාලෙ ලේක් හවුසියටත් ඔය වගේ බත් අරගෙන බයිසිකල්කාරයෝ ආවා. ලේක් හවුසියේ සුබ සාධක අංශයෙන් පොඩි කාර්ඩ් එකක් දීලා තිබුණා. එම කාර්ඩ් එකේ සේවකයා සේවය කරන අංශයයි. සේවකයාගේ නමයි සටහන් කරලා තිබුණා. ඒ කාඩ් එක තමයි කෑම එවන තමන්ගෙ ගෙදරින්, එහෙම නැතිනම් බෝඩිමෙන් නැතිනම් බත් අම්මගෙ ගෙදරින් කෑම පිඟාන එවන රෙද්දෙ දවටන්නෙ සෝමවීර සේනානායක මහතා එදා පැවසුවේ ලේක්හවුසියේ සුබ සාධක අංශය, සේවකයන්ගේ ආහාර බඳුන් මාරු නොවීමට කටයුතු කළ ආකාරය පිළිබඳවය.
දහවල් දහයට එකොළහට ගෙවල්වලින් කෑම භාජන ඉල්ලගෙන ඔවුන් එක එක පාරවල්වලින් ඇවිල්ල නියමිත එක් තැනකදී එකතුවෙනවා. එතැන හරියට මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානය වගේ. මධ්‍යම තැපැල් හුවමාරු ස්ථානයට විවිධ ප්‍රදේශවලින් එන ලියුම්, නැවත එක් එක් ප්‍රදේශයට තෝරලා යවනවා වගේ. මෙතැනදි එක එක පාරට බෙදන්න තියෙන කෑම භාජන හුවමාරු කරගන්නවා. මේ වගේ බත් භාජන හුවමාරු කරගන්නා ස්ථාන කොළඹ නගරයේ කීප තැනකම තිබුණ දශක කීපයකට එහා ක්‍රියාත්මක වූ බයිසිකල්කරුවන්ගේ බෙදාහැරීමේ යාන්ත්‍රණය සෝමවීර සේනානායක මහතා විස්තර කළේ එසේය.
වෙනත් කාර්යාලවල ඇතුළට ගොස් කෑම භාජන තබා ආපසු පැමිණියත් ලේක් හවුසියේ එවැනි ඉඩක් නොවීය.
බත්කාරයන්ට ලේක් හවුසියේ ඇතුළට එන්න ඉඩක් තිබුණෙ නැහැ. ලේක් හවුසියේ පිටුපස්සෙ වාහන නවත්වන පැත්තෙන් ඇවිල්ලා නතර වෙන්න ඕනෙ. එතකොට පියන්ලා දෙන්නෙක් ඇවිල්ලා කෑම භාජන බයිසිකල්කරුවන්ගෙන් අරගෙන ගිහිල්ලා කෑම කාමරයේ තියෙන රාක්කවල තියනවා. කෑම අයිතිකාරයා කෑම කාලා ආපහු රාක්කෙම තියෙනවා හවස බයිසිකල්කාරයා ආවම ආපහු අර භාජන ගිහින් දෙනවා. බයිසිකල්කාරයා ඒ හිස් භාජන ලියුම් බෙදනවා වගේ ආපහු නියමිත ගෙවල්වලට භාරදෙනවා. බත්කාරයන්ගේ ක්‍රියා පිළිවෙත එසේ සවිස්තරව දැන සිටියත් සෝමවීර සේනානායක මහතා එවැනි බයිසිකල් බත්කරුවන්ගෙන් ගෙනා බත් අනුභව කළ අයකු නොවීය.
ඔය කියන කාලවල මම තනිකඩයනේ. ඒක නිසා මට බත් එවන්න කෙනෙක් හිටියෙ නැහැ. සත පනහේ බත් එක තමයි කඩවලින් කෑවෙ. සෝමවීර සේනානායක මහතා පැවසුවේ සිනහසෙමිනි.
කොළඹ නගරයේ නිවෙස්වල නේවාසිකව සිටි කාර්යාල ලිපිකාර මහත්වරුන්ට එලෙස බත් සැපයූ බත් අම්මා කෙනකු පිළිබඳ ලියූ ‘භවතු සබ්බ මංගලම්’ යන කෙටි කතාවක් සෝමවීර සේනානායක මහතාගේ ‘සුද්දා පරාදයි’ කෙටිකතා සංග්‍රහයෙහි ඇතුළත්ව ඇත.
වැඩිවියට පත්වූ දියණිවරුන් ලවා නේවාසිකයන්ගේ කාමරවලට ආහාර බඳුන් යවා ඔවුන් කාර්යාල ලිපිකරුවකුට විවාහ කර දීම පිළිබඳව එම කෙටි කතාවෙහි විස්තර වෙයි.
එවකට කොළඹ නගරයේ බෙහෙවින් ව්‍යාප්තව පැවතුන මෙම බයිසිකල් බත්කරුවන් පිළිබඳව එම කාලයේ අපූරු චිත්‍රපටයක් ද ප්‍රදර්ශනය විය.
ඒ ‘බයිසිල් හොරා’ ය.
චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළේ එවකට බොක්ස් ඔපීස් වාර්තා තැබූ චිත්‍රපට කීපයක්ම අධ්‍යක්‍ෂණය කළ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාය. ඔස්වල්ඩ් ජයසිංහ, ජීවරාණි කුරුකුලසූරිය, ඩී. ආර්. නානායක්කාර, ඩේවිඩ් ධර්මකීර්ති, දොන් සිරිසේන වැනි නළු නිළියන් ‘බයිසිකල් හොරා’ චිත්‍රපටයේ රඟපෑවෝය.
විවිධ වංචාකර ජීවත් වෙන පියකුගේ චරිතය ඩී. ආර්. නානායක්කාර එම චිත්‍රපටයේ රඟපෑවේය. එම චිත්‍රපටයේ ඔහුගේ දියණිය ලෙස රඟපෑ ජීවරාණිගේ උපදෙස් අනුව එම ජීවිතය අතහැර බයිසිකලයකින් බත් බෙදා දෙන පුද්ගලයකු ලෙස ජීවිතය ගොඩනගා ගන්නා අන්දම ‘බයිසිකල් හොරා’ චිත්‍රපටයේ විස්තර වෙයි.
හැටේ දශකයේදී කොළඹ නගරයේ කාර්යාලවලට පමණක් නොව, ප්‍රධාන පෙලේ පාසල්වලට ද මෙම බයිසිකල් බත්කරුවන්ගේ සේවාව සැපයුන බව ප්‍රවීණ ගමන් විස්තර සාහිත්‍ය නිර්මාපකයකු වූ නීල් විජේරත්න පවසයි.
ඒ කාලෙ හුඟාක් පාසල් උදෑසන අටේ සිට හවස තුන වෙනකම් පැවැත්තුවා. දහවල් දොළහේ ඉඳල එක වෙනකම් කෑම විවේකයක් තිබුණා. මම කොළඹ මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ, මෝදර, කොටහේන පැත්ත ඉඳල පැමිණෙන ළමයින්ට ඔය බයිසිකල්කැවන් බත් ගෙනැත් දුන්නා මතකයි නීල් විජේරත්න තම පාසල් සමය සිහිපත් කරමින් පැවසීය.
නීල් විජේරත්න පවසන ලෙස මෙලෙස බත් ප්‍රවාහනය කිරීමේ ක්‍රමය ඉන්දියාවේ ඉතාමත් ප්‍රචලිතය. ටිපින් කැරියර් සේවය කරන අය ඉන්දියාවේ හැඳින්වෙන්නේ ‘දබ්බවාලා’ යනුවෙනි.
ඉන්දියාවේ මෙම දබ්බවාලා සේවය හා සබැඳුන අපූරු හින්දි චිත්‍රපටයක් කලකට ඉහත නැරඹීමට මෙම ලියුම්කරුට හැකි විය.
චිත්‍රපටයේ නම ‘ලන්ච් බොක්ස්’ය.
එහි මෙම ලියුම්කරු ඇතුළු බොහෝ දෙනකු ප්‍රිය කරන ඉතාමත් දක්‍ෂ නළුවකු වූ ඉර්ෆා ඛාන් (මියගිය) එහි රඟපාන ලදී. එම චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය රඟපෑවේ නිම්රත් කොවුර්ය. රිතේෂ් බත්‍රා අධ්‍යක්‍ෂණය කළ ‘ලන්ච් බොක්ස්’ හින්දි චිත්‍රපටය නිෂ්පාදනය කළේ සභානම් අල් අත්ය.
ඉන්ෆාන් ඛාන් බිරිඳ මියගිය විශ්‍රාම යෑමට ආසන්න කාර්යාල නිලධාරියකුගේ චරිතය රඟපායි. සැමියා විසින් ගණන් නොගන්නා වූ බිරිඳගේ චරිතය නිම්රත් කොවුර් රඟපායි.
දිනක් ඇය රසවත් කෑමක් පිළියෙළ කර එම ආහාර බඳුන සමග ලිපියක් ද එකතුකර ‘දබ්බවාලා’ කෙනකුට භාරදෙයි. නමුත් වැරදීමක් නිසා එය ලැබෙන්නේ ඇයගේ සැමියාට නොව ඉර්ෆාන් ඛාන්ටය. ඔහු එම ආහාර බඳුන අනුභව කර පිළිතුරු ලිපියක් ද යවයි. මෙලෙස ටික කාලයක් ආහාර බඳුන් සමග දෙදෙනා ලිපි ද හුවමාරු කර ගනිති. අවසානයේ ඇය, මෙම ලිපිය ලියන්නේ තම සැමියාට නොවන බව වටහා ගනී. ඔහුගේ කාර්යාලයේදී දෙදෙනා මුණගැසීමට තීරණය කර ගනිති. ඇය ඔහු මුණගැසීමට පැමිණි විට ඔහු ඇය දෙස බලා සිට ඇය මුණනොගැසී ආපසු යයි.
ඉර්ෆාන් ඛාන් රඟපෑ ‘ලන්ච් බොක්ස්’ චිත්‍රපටයේ ආහාර බඳුන් සමග හුවමාරු වන ලිපි පිළිබඳව වූ කතාව රසවිඳි පසු මට සිහි වූයේ මා කලකට පෙර කියවූ නවකතාවක්මය. ඒ ටී. බී. ඉලංගරත්නගේ ‘තිලක හා තිලකා’ය. තිලක විවාහයෙන් පසු රැකියාවට ගිය පළමු දිනයේ තිලකා, දහවල් බත් බඳුන සමග ආදර ලිපියක් යවන සිද්ධියක් එම නවකතාවේ ඇතුළත්ව ඇත.
divaina.
පීටර් කැනියුට් පෙරේරා

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.