News Category
From Date
To Date
Maximum Number of Result

ඉස්සර කන්තෝරු නෝනලා මහත්තුරු රස කර කෑ ‘බයිසිකලේ බත්’

Mar 21, 2025 at 01:42 PM
|

බයිසිකල් බත්කරුවන් අද දකින්නට නැති තරම්…
ඒ වෙනුවට සුපිරි අවන්හල්වලින් කෑම බෙදාහරින යතුරුපැදි
නවකතා හා කෙටි කතාවලටත් මාතෘකාවක් වෙලා
ඒ කාලයේ කෑඹ පිඟානක් රුපියල් පහයි
හැට, හැත්තෑව දශකයේ කොළඹ නගරය හෝ වෙනත් ප්රධාන නගරයක දහවල් දර්ශනය පිළිබඳ මතකය ඇත්තෙකුට, දහවල් දහයට එකොළහට පමණ නගරයේ වීදි ඔස්සේ ඊයක වේගයෙන් බයිසිකල් පැද ගිය පිරිසක් පිළිබඳව මතක තිබෙන්නට පුළුවන.
සාමාන්ය පාපැදියක පිටුපස සවිකළ ශක්තිමත් පුළුල් ලැගේජයක අඟල් දෙකෙන් දෙකට පරතරය ඇතිව ලෑලි පටි ගැසූ උස පෙට්ටියක් එහි සවිකර තිබිණි.
සමහරුන් ඔවුන් හැඳින්වූයේ ‘බයිසිකල් බත්කාරයා’ යනුවෙනි. තවත් එවැනි නම් කීපයක් ඔවුනට පටබැඳී තිබිණි.
බොහෝවිට මෙවැනි පුද්ගලයකුගේ උඩුකය වැසුණේ අත් දිග සුදු මේස් බැනියමකිනි. සමහරු සුදු හෝ පාට සරමක් ඇන්දාහ. තවත් සමහරුනගේ ඇඳුම වූයේ කොට කලිසමකි.
සමහරු තනි තනිව මෙම වෘත්තියෙහි නිරත විය. සමහර මුදලාලිලා යටතේ බයිසිකල්කරුවන් හත්අට දෙනෙක් සේවය කළහ.
එකල මෙම බත්කාරයන්ගේ සේවය ආරම්භ වන්නේ දහවල් දහයට දහයමාරට පමණය. තම සේවා වපසරියේ අවසානම නිවස වෙත යන ඔහු නිවසේ ගේට්ටුව අසල නතර වී බයිසිකලයේ සීනුව හඬවයි. ඒ වනවිට නිවසේ බිරිඳ තම සැමියා, පුතා හෝ සහෝදරයා වෙනුවෙන් දවල් බත උයා අවසන්ය. බොකුටු බෙලෙක් පිඟානකට බත් සහ ව්යාංජන බෙදා එම බෙලෙක් පිඟාන තවත් බොකුටු බෙලෙක් පිඟානකින් වසා පිරිසිදු සුදු පැහැ රෙදි කඩකින් ඔතා එහි සතර කොන්, කොන් දෙක බැගින් එකට අල්ලා තදින් ගැටගසනු ලැබේ.
ඒ සමගම ආහාර බඳුන ලැබිය යුත්තාගේ නම සහ සේවා ස්ථානය ලියූ ඝන කඩදාසි කැබැල්ලක් ආයා කටුවකින් රෙදිකඩෙහි රඳවනු ලැබේ. මෙසේ නිවසින් නිවසින් ලැබෙන ආහාර බඳුන් ලෑලි පෙට්ටියෙහි පරිස්සමට රඳවාගනු ලැබේ. එහිදී ආහාර බඳුන් පෙට්ටියේ මුලින්ම භාරදිය යුතු කෑම බඳුන පිහිටනසේ තබාගැනීමට බයිසිකල්කරුවන් පරිස්සම් වෙති.
එකල මෙම බයිසිකල් බත්කරුවන්ගේ අපූරු සහයෝගිතාවයක් ද විය.
කොටහේන, අලුත් මාවත, මෝදර, ප්රදේශයේ බත් පිඟන් එකතුකරගෙන එන බයිසිකල්කරුවන් බත් පිඟාන වැඩිපුර බෙදීමට ඇත්තේ කොල්ලුපිටිය ප්රදේශයෙහි නම්, බොරැල්ල, මරදාන ප්රදේශයේ බෙදීමට ඇති බත් පිඟන් ඒ ප්රදේශයට යන බයිසිකල්කරුවකුට භාරදෙයි. ඔහු ළඟ ඇති කොල්ලුපිටිය ප්රදේශයේ භාර දීමට ඇති ආහාර බඳුන් ඔහු ලබාගනී.
මෙම අපූරු වෘත්තීය සහයෝගීතාවය දෙදෙනාටම වාසි ගෙන එන ලදී. එමෙන්ම අන් බයිසිකල්කරුවකුගෙන් ලබාගන්නා බත් පිඟාන ද තමන්ගේ එකක් මෙන් වගකීමෙන් බෙදාහැරීම එකම ඔවුන්ගේ සිරිත විය.
ඉස්සර කන්තෝරු නෝනලා මහත්තුරු රස කර කෑ 'බයිසිකලේ බත්'
මෙලෙස කොළඹ විවිධ මාර්ග ඔස්සේ පැමිණෙන බයිසිකල්කරුවන් නිශ්චිත එක් එක් ස්ථානවලදී මුණගැසී තමන් ගමන් ගන්නා මාර්ගවල බෙදීමට ඇති වෙනත් බයිසිකල්කරුවන්ගේ ආහාර භාජන ලබාගෙන, තමන් සතුව ඇති ආහාර භාජන වෙනත් මාර්ගයක් ඔස්සේ ගමන් ගන්නා බයිසිකල්කරුවකුට භාරදෙන සිරිතක් විය. බොහෝවිට ඔවුන් මේ සඳහා තෝරා ගත්තේ වැඩිපුර වාහන තදබදයක් නැති ගස් හෙවනක් ඇති පාරක් අද්දරය. විහාරමහාදේවි උද්යානය අසල පාරවල් එවැනි එක් තැනක් විය.
මෙලෙස ලබාගන්නා ආහාර බඳුන් එහි සඳහන් කර ඇති සේවා ස්ථානයේ කෑම ගන්නා ස්ථානයේ තැන්පත් කිරීම ඔවුන්ගේ සිරිතය. දහවල් කෑම වේලාව එළඹි විට එක් එක් පුද්ගලයා පැමිණ තමන්ට නියමිත ආහාර බඳුන ගෙන ලිහා අනුභව කර නැවත ගැටගසා කෑම කාමරයෙම තැන්පත් කරති. දහවල් දෙක පමණ වනවිට, නැවත එන බයිසිකල්කරුවෝ හිස් බඳුන් ගෙන, උදෑසන සිදුවූ ආකාරයට නැවත ඒ ඒ නිවෙස්වලට භාරදෙති. සමහරවිටක බත් භාජනය අයිතිකරුවාට බයිසිකල්කරුවා ආපසු එන වෙලාවට ආහාර ගැනීමට නොහැකිවී නම් පසුව ආහාර ගෙන කාර්යාලයේ වැඩකටයුතු අවසන්වී ආපසු යනවිට හිස් භාජනය නිවසට ගෙන යෑම සිදු කරයි. මෙලෙස නිවසේ සිට කාර්යාලය දක්වා කෑම භාජනය ගෙන යෑම සහ ආපසු නිවස දක්වා ගෙන ඒමට එක ආහාර බඳුනකින් මාසයකට අයකරන ලද්දේ රුපියල් පහක් වැනි සුළු මුදලකි. නමුත් රුපියල් පහක් යනු ඒ කාලයේ හැටියට සැළකිය යුතු මුදලකි.
කාර්යාල ආපනශාලා මෙන්ම කාර්යාල සමීපයෙහි හෝටල් නොතිබූ සමයක බයිසිකල් බත්කාරයන්ගෙන් සුවිශේෂ සේවයක් සිදුවිය. මෙනිසා නිවසේම පිළියෙළ කළ ආහාරය තරමක් උණුසුමක් ද ඇතිව භුක්ති විඳීමේ වාසනාව කාර්යාලවල ලිපිකරු පන්තියේ අයට හිමි විය.
සම්මානනීය නවකතාකරුවකු සහ අතිදක්ෂ රූපවාහිනි තිර කතා රචකයකු වූ සෝමවීර සේනානායක මහතා කලකට පෙර මෙම බත් බයිසිකල්කරුවන් පිළිබඳ මෙවැනි විස්තරයක් කළේය.
ඒ කාලෙ ලේක් හවුසියටත් ඔය වගේ බත් අරගෙන බයිසිකල්කාරයෝ ආවා. ලේක් හවුසියේ සුබ සාධක අංශයෙන් පොඩි කාර්ඩ් එකක් දීලා තිබුණා. එම කාර්ඩ් එකේ සේවකයා සේවය කරන අංශයයි. සේවකයාගේ නමයි සටහන් කරලා තිබුණා. ඒ කාඩ් එක තමයි කෑම එවන තමන්ගෙ ගෙදරින්, එහෙම නැතිනම් බෝඩිමෙන් නැතිනම් බත් අම්මගෙ ගෙදරින් කෑම පිඟාන එවන රෙද්දෙ දවටන්නෙ සෝමවීර සේනානායක මහතා එදා පැවසුවේ ලේක්හවුසියේ සුබ සාධක අංශය, සේවකයන්ගේ ආහාර බඳුන් මාරු නොවීමට කටයුතු කළ ආකාරය පිළිබඳවය.
දහවල් දහයට එකොළහට ගෙවල්වලින් කෑම භාජන ඉල්ලගෙන ඔවුන් එක එක පාරවල්වලින් ඇවිල්ල නියමිත එක් තැනකදී එකතුවෙනවා. එතැන හරියට මධ්යම තැපැල් හුවමාරු මධ්යස්ථානය වගේ. මධ්යම තැපැල් හුවමාරු ස්ථානයට විවිධ ප්රදේශවලින් එන ලියුම්, නැවත එක් එක් ප්රදේශයට තෝරලා යවනවා වගේ. මෙතැනදි එක එක පාරට බෙදන්න තියෙන කෑම භාජන හුවමාරු කරගන්නවා. මේ වගේ බත් භාජන හුවමාරු කරගන්නා ස්ථාන කොළඹ නගරයේ කීප තැනකම තිබුණ දශක කීපයකට එහා ක්රියාත්මක වූ බයිසිකල්කරුවන්ගේ බෙදාහැරීමේ යාන්ත්රණය සෝමවීර සේනානායක මහතා විස්තර කළේ එසේය.
වෙනත් කාර්යාලවල ඇතුළට ගොස් කෑම භාජන තබා ආපසු පැමිණියත් ලේක් හවුසියේ එවැනි ඉඩක් නොවීය.
බත්කාරයන්ට ලේක් හවුසියේ ඇතුළට එන්න ඉඩක් තිබුණෙ නැහැ. ලේක් හවුසියේ පිටුපස්සෙ වාහන නවත්වන පැත්තෙන් ඇවිල්ලා නතර වෙන්න ඕනෙ. එතකොට පියන්ලා දෙන්නෙක් ඇවිල්ලා කෑම භාජන බයිසිකල්කරුවන්ගෙන් අරගෙන ගිහිල්ලා කෑම කාමරයේ තියෙන රාක්කවල තියනවා. කෑම අයිතිකාරයා කෑම කාලා ආපහු රාක්කෙම තියෙනවා හවස බයිසිකල්කාරයා ආවම ආපහු අර භාජන ගිහින් දෙනවා. බයිසිකල්කාරයා ඒ හිස් භාජන ලියුම් බෙදනවා වගේ ආපහු නියමිත ගෙවල්වලට භාරදෙනවා. බත්කාරයන්ගේ ක්රියා පිළිවෙත එසේ සවිස්තරව දැන සිටියත් සෝමවීර සේනානායක මහතා එවැනි බයිසිකල් බත්කරුවන්ගෙන් ගෙනා බත් අනුභව කළ අයකු නොවීය.
ඔය කියන කාලවල මම තනිකඩයනේ. ඒක නිසා මට බත් එවන්න කෙනෙක් හිටියෙ නැහැ. සත පනහේ බත් එක තමයි කඩවලින් කෑවෙ. සෝමවීර සේනානායක මහතා පැවසුවේ සිනහසෙමිනි.
කොළඹ නගරයේ නිවෙස්වල නේවාසිකව සිටි කාර්යාල ලිපිකාර මහත්වරුන්ට එලෙස බත් සැපයූ බත් අම්මා කෙනකු පිළිබඳ ලියූ ‘භවතු සබ්බ මංගලම්’ යන කෙටි කතාවක් සෝමවීර සේනානායක මහතාගේ ‘සුද්දා පරාදයි’ කෙටිකතා සංග්රහයෙහි ඇතුළත්ව ඇත.
වැඩිවියට පත්වූ දියණිවරුන් ලවා නේවාසිකයන්ගේ කාමරවලට ආහාර බඳුන් යවා ඔවුන් කාර්යාල ලිපිකරුවකුට විවාහ කර දීම පිළිබඳව එම කෙටි කතාවෙහි විස්තර වෙයි.
එවකට කොළඹ නගරයේ බෙහෙවින් ව්යාප්තව පැවතුන මෙම බයිසිකල් බත්කරුවන් පිළිබඳව එම කාලයේ අපූරු චිත්රපටයක් ද ප්රදර්ශනය විය.
ඒ ‘බයිසිල් හොරා’ ය.
චිත්රපට අධ්යක්ෂණය කළේ එවකට බොක්ස් ඔපීස් වාර්තා තැබූ චිත්රපට කීපයක්ම අධ්යක්ෂණය කළ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාය. ඔස්වල්ඩ් ජයසිංහ, ජීවරාණි කුරුකුලසූරිය, ඩී. ආර්. නානායක්කාර, ඩේවිඩ් ධර්මකීර්ති, දොන් සිරිසේන වැනි නළු නිළියන් ‘බයිසිකල් හොරා’ චිත්රපටයේ රඟපෑවෝය.
විවිධ වංචාකර ජීවත් වෙන පියකුගේ චරිතය ඩී. ආර්. නානායක්කාර එම චිත්රපටයේ රඟපෑවේය. එම චිත්රපටයේ ඔහුගේ දියණිය ලෙස රඟපෑ ජීවරාණිගේ උපදෙස් අනුව එම ජීවිතය අතහැර බයිසිකලයකින් බත් බෙදා දෙන පුද්ගලයකු ලෙස ජීවිතය ගොඩනගා ගන්නා අන්දම ‘බයිසිකල් හොරා’ චිත්රපටයේ විස්තර වෙයි.
හැටේ දශකයේදී කොළඹ නගරයේ කාර්යාලවලට පමණක් නොව, ප්රධාන පෙලේ පාසල්වලට ද මෙම බයිසිකල් බත්කරුවන්ගේ සේවාව සැපයුන බව ප්රවීණ ගමන් විස්තර සාහිත්ය නිර්මාපකයකු වූ නීල් විජේරත්න පවසයි.
ඒ කාලෙ හුඟාක් පාසල් උදෑසන අටේ සිට හවස තුන වෙනකම් පැවැත්තුවා. දහවල් දොළහේ ඉඳල එක වෙනකම් කෑම විවේකයක් තිබුණා. මම කොළඹ මරදාන ශාන්ත ජෝශප් විද්යාලයේ ඉගෙන ගන්නා කාලයේ, මෝදර, කොටහේන පැත්ත ඉඳල පැමිණෙන ළමයින්ට ඔය බයිසිකල්කැවන් බත් ගෙනැත් දුන්නා මතකයි නීල් විජේරත්න තම පාසල් සමය සිහිපත් කරමින් පැවසීය.
නීල් විජේරත්න පවසන ලෙස මෙලෙස බත් ප්රවාහනය කිරීමේ ක්රමය ඉන්දියාවේ ඉතාමත් ප්රචලිතය. ටිපින් කැරියර් සේවය කරන අය ඉන්දියාවේ හැඳින්වෙන්නේ ‘දබ්බවාලා’ යනුවෙනි.
ඉන්දියාවේ මෙම දබ්බවාලා සේවය හා සබැඳුන අපූරු හින්දි චිත්රපටයක් කලකට ඉහත නැරඹීමට මෙම ලියුම්කරුට හැකි විය.
චිත්රපටයේ නම ‘ලන්ච් බොක්ස්’ය.
එහි මෙම ලියුම්කරු ඇතුළු බොහෝ දෙනකු ප්රිය කරන ඉතාමත් දක්ෂ නළුවකු වූ ඉර්ෆා ඛාන් (මියගිය) එහි රඟපාන ලදී. එම චිත්රපටයේ ප්රධාන නිළි චරිතය රඟපෑවේ නිම්රත් කොවුර්ය. රිතේෂ් බත්රා අධ්යක්ෂණය කළ ‘ලන්ච් බොක්ස්’ හින්දි චිත්රපටය නිෂ්පාදනය කළේ සභානම් අල් අත්ය.
ඉන්ෆාන් ඛාන් බිරිඳ මියගිය විශ්රාම යෑමට ආසන්න කාර්යාල නිලධාරියකුගේ චරිතය රඟපායි. සැමියා විසින් ගණන් නොගන්නා වූ බිරිඳගේ චරිතය නිම්රත් කොවුර් රඟපායි.
දිනක් ඇය රසවත් කෑමක් පිළියෙළ කර එම ආහාර බඳුන සමග ලිපියක් ද එකතුකර ‘දබ්බවාලා’ කෙනකුට භාරදෙයි. නමුත් වැරදීමක් නිසා එය ලැබෙන්නේ ඇයගේ සැමියාට නොව ඉර්ෆාන් ඛාන්ටය. ඔහු එම ආහාර බඳුන අනුභව කර පිළිතුරු ලිපියක් ද යවයි. මෙලෙස ටික කාලයක් ආහාර බඳුන් සමග දෙදෙනා ලිපි ද හුවමාරු කර ගනිති. අවසානයේ ඇය, මෙම ලිපිය ලියන්නේ තම සැමියාට නොවන බව වටහා ගනී. ඔහුගේ කාර්යාලයේදී දෙදෙනා මුණගැසීමට තීරණය කර ගනිති. ඇය ඔහු මුණගැසීමට පැමිණි විට ඔහු ඇය දෙස බලා සිට ඇය මුණනොගැසී ආපසු යයි.
ඉර්ෆාන් ඛාන් රඟපෑ ‘ලන්ච් බොක්ස්’ චිත්රපටයේ ආහාර බඳුන් සමග හුවමාරු වන ලිපි පිළිබඳව වූ කතාව රසවිඳි පසු මට සිහි වූයේ මා කලකට පෙර කියවූ නවකතාවක්මය. ඒ ටී. බී. ඉලංගරත්නගේ ‘තිලක හා තිලකා’ය. තිලක විවාහයෙන් පසු රැකියාවට ගිය පළමු දිනයේ තිලකා, දහවල් බත් බඳුන සමග ආදර ලිපියක් යවන සිද්ධියක් එම නවකතාවේ ඇතුළත්ව ඇත.
divaina.
පීටර් කැනියුට් පෙරේරා

සම්බන්ධිත පුවත් | Related News

"සීනි" කියන්නේ අපේ ජීවිතේට කොච්චර සමීප දෙයක්ද කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවද? උදේට බොන තේ එකේ ඉඳන්, දවල්ට කන බත් එකට දාන සෝස් එක, අතුරුපස, සහ රෑට බොන කිරි එක වෙනකම් හැමදේකම සීනි තියෙනවා.
කොළඹ කොටුවේ චැතම් වීදියේ තියෙන 'New Chinese Shop' එකට කවදාහරි ගිහින් තියෙනවද? එතන ඉන්නවා වින්ග්ලී චෙං මහත්මයා. ඔහුගේ පවුල ලංකාවට ඇවිත් තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ. එදා ඉඳන් ඔවුන් මේ රටේ මිනිස්සු. කොළඹ ඉස්කෝල කීපයකටම නිල ඇඳුම් මහන්නේ ඔහු. මේ වගේ කතා ලංකාව පුරාම හැංගිලා තියෙනවා.
නව ප්‍රභූ පන්තියේ වත්කම් හෙළිදරව් වීම වැළැක්වීම සඳහා රජය විසින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය කරයි.
ලෝනි විලිසන් (Loni Willison) කියන්නේ "තවත් එක්කෙනෙක්" විතරක් නෙවෙයි.
මීගමුව බන්ධනාගාර ගැටුමට පළිගැනීමක් ලෙස බන්ධනාගාර පොලිස් නිලධාරීන් දිගින් දිගටම රැඳවියන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කළ බව නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි.
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න. අසමා රූපණ සරසවියට එන්න..
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න.
සිංහල භාෂාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ලියැවී ඇති පැරණි ලේඛන පිළිබඳව අවධානය යොමු කරමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ.
ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) මඟින් නිකුත් කරන ලද 2026 නවතම වාර්තාවට අනුව, ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය (Investor Relations and Debt Transparency) යන අංශවලින් ලොව වේගයෙන්ම ප්‍රගතියක් අත්කරගන්නා (Fastest-Improving) රටවල් අතර හතරවැනි ස්ථානය (4th) ශ්‍රී ලංකාවට හිමිව තිබේ...

ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.