News Category
From Date
To Date
Maximum Number of Result

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මුලස්ථානය ඉදිකිරීමේදී ඒ සඳහා අවශ්‍ය ටයිල් ලබා දීම සිදුකරන ලද්දේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් බව සිවිල් ජනතා අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු දර්ශන තන්තිරිගේ මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අද සමාජ ජාලා පසුපස දුවන බවත්, පුහුණුකරුවන්ගේ උපදෙස් පිළිගැනීමට මැලිකමක් දක්වන බවත්, එම හේතුවෙන් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිරිහීමට පත්වෙමින් ඇති බවත් ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි.

‍05 වසර ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වීමට නියමිත ව තිබේ.

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවදුරටත් ප්‍රමාද වනු ඇති බව විජේදාස රාජපක්ෂ මහතා පවසා තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ චීන පර්යේෂණ නෞකාවක් වන ෂි යෑන් සික්ස් නෞකාව මේ වනවිට ශ්‍රී ලංකාවේ වාණිජ මුහුදු කලාපයට ඇතුළු වී ඇති අතර, එම නෞකාවට මෙරටට පැමිණීමට ආරක්ෂක අමාත්‍යාංශය අවසර ලබා දී ඇති බවයි.

පසුගිය දිනවල බුදධසාසන කර්ය සාධක මණ්ඩලය විසින් සමාජගත කරන්නට යෙදුනු ගෝඨාභය රාජපක්ෂ පත්කළ ව්‍යවස්ථා සම්පාදක කමිටුව විසින් සකස් කළ ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කර සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ පරිපාලනය කැලි‍ෆෝනියා සහ බීජිං විශ්වවිද්‍යාල ක්‍රමවේදය අනුව සකස් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු මඟී යාත්‍රා සේවය අද සිට ආරම්භ වන අතර, එහි පළමු මඟී යාත්‍රාව ඉන්දියවේ සිට අද (14) පෙරවරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව වාරය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයන් සම්බන්ධ කිරීම සඳහා වන ස්ථානයන් හඳුනා ගෙන ඇති බවත්, ඒ සඳහා දකුණු ඉන්දියාවේ මදුරෙයි හා ශ්‍රී ලංකාවේ මන්නාරම ප්‍රදේශයෙන් පද්ධති දෙක එක් කිරීමට නියමිත බවත් වාර්තා වේ.


ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.