News Category
From Date
To Date
Maximum Number of Result

පොලිස්පති ධුරයේ වැඩබැලීම සඳහා සී.ඩී වික්‍රමරත්න මහතාට ලබාදී ඇති සේවා දිගුව අදින් (09) අවසන් වීමට නියමිතව ඇති අතර, ජූලි මස 09 වනදා සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම සේවා දිගුව ලබාදී තිබුණි.

නවසීලන්තයෙන් මිලදී ගත් ඇන්කර් කිරි පැකට්ටුවක් සහ ශ්‍රී ලංකාවෙන් මිලදී ගත් ඇන්කර් කිරිපැකට්ටුවක් අතර ඇති වෙනස පිළිබඳව හෙළිකෙරෙන එක්තරා වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

‍1823 දී ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබූ කඳුකර දෙමළ ප්‍රජාව මෙරටට පැමිණ වසර 200ක් ගතවී ඇතත්, ලංකාවේ වැඩියෙන්ම පීඩාවට පත්ව සිටින ජන ප්‍රජාව වන්නේ ඔවුන් බව ජාතික ජන බලවේගයේ සභික විජිත හේරත් මහතා පවසයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ චෙන්කලඩි මහා විද්‍යාලයේ සාංවත්සරික උත්සවයකට ප්‍රධාන අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

"අපේ දේ බලාගන්න අපට පුළුවන්" යැයි පසුගියදා ජාත්‍යන්තරය හමුවේ පාරම්බෑ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එසේ කරන්නේ අපේ මිල්කෝ සමාගම ඉන්දියාවේ අමූල් සමාගමට විකුණා දමා දැයි ජාතික ගොවි ව්‍යාපාරය ප්‍රශ්න කර සිටියි.

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ආර්. සර්වනරාජා ඉල්ලා අස්වීමට කුරුන්දි විහාරය සම්බන්ධ නඩුවත්, භික්ෂූන් වහන්සේ නමක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සම්බන්ධ බවට සමාජ මාධ්‍යයේ වාර්ථා පළ වූ බවත්, ඇතැම් නීතිඥවරු ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරින් මෙම සිදුවීම දඩමීමා කරගනිමින් රාජ්‍ය අපහසුතාවට පත්කිරීමට උත්සාහ දරන බවත් ජාතික උරුමය සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.

ගාසා තීරයේ දී ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 232ක් පමණ මිය ගොස් ඇති බව වාර්තා වේ.

පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් දින දෙකක් වසා තැබීමට තීරණය කර තිබේ.

ඉදිරියේ දී රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යම ක්ෂේත්‍රවලට හැර වෙනත් රාජ්‍ය ක්ෂේත්‍රයේ කිසිදු රැකියාවක් සඳහා නව බඳවා ගැනීම් සිදු නොවනු ඇති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.


ප්‍රධාන පුවත්

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.