News Category
From Date
To Date
Maximum Number of Result

2022 වසරේදී ලෝකයේ වැඩිම අලි ඇතුන් ප්‍රමාණයක් ඝාතනය කරනු ලැබූ රට ලෙස ශ්‍රී ලංකාව වාර්තාවක් තබා ඇති බව නිදහස් ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව කතෝලික රදගුරු සංගමය විසින් අධ්‍යයනය කිරීමෙන් පසුව ඒ පිළිබඳ එම සංගමයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බවයි.

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ජාතික යන්ත්‍රා්පකරණ ආයතනයේ සේවකයන් 1,417ක ස්වේච්ඡා විශ්‍රාම වන්දි යෝජනා ක්‍රමය සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 376 (මිලියන 3,764)ක මුදලක් ලැබුණු බව ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති නීතිඥා රත්නසිරි කළුපහන මහතා පවසයි.

කොළඹ ප්‍රධාන මර්මස්ථාන හතකට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමේ ISIS සැලසුම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳව රට දැනුවත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (6) ඉල්ලීමක් කළේය.

ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත මහතාව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගයේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තම තීරණය ප්‍රකාශයට පත් කර තිබේ.

මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යුතු ගැසට් පත්‍රයක් පමා කිරීම මගින් බහුජාතික සමාගමකට රු. මිලියන 2000 ක වාසියක් ලබාදීමට ක්‍රියාකිරීම වළක්වන ලෙස ඉල්ලා මව්බිම ලංකා පදනම කථානායකවරයාට ලිපියක් යොමුකර තිබේ.

2015 දී රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල කරමින් බටහිරයන් විසින් ඉදිරිපත් කළ චෝදනා පත්‍රය සහ 30/1 ඊනියා විසඳුම් යෝජනාවලිය දණගසා හිස්මුදුනින් පිළිගත් රනිල් වික්‍රමසිංහ මහතා හදිසියේ ම බටහිර විරෝධයක් පෙන්වීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.


ප්‍රධාන පුවත්

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.