ආණ්ඩුව හිතාගෙන ඉන්නවනං පොලීසි අධිකරණ ඕන නෑ අපි තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ කියලා ඒක බරපතළ තත්වයක් - පුබුදු ජයගොඩ
ආණ්ඩුවේ මර්දනයට එරෙහිව පියවර ගැනීමට සූදානම් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අවධාරණය කරනවා.
ඊයේ දිනයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන කාර්‍යාලයට එල්ල කළ මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් අද ( 03) දින වෘත්තීය සමිති, කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්, සිවිල් පුරවැසියන් ඇතුළු පිරිසක් එකතුව ඒකාබද්ධ මාධ්‍යය හමුවක් කොළඹ මහජන පුස්තාලයේදී පැවැත්වුවා.
එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ.
"සමහරු හිතනවා ඊයේ යක්කල වුණු සිදුවීම පක්ෂ දෙකක් අතර දේපළ ප්‍රශ්නයක් ඒ නිසා ජාතික ප්‍රශ්නයක් විදිහට ගන්න එපා කියලා.
නමුත් අපි කියනවා මේක එහෙම පටු විදිහට ගන්න පුලුවන් දෙයක් නෙවෙයි.
අපිත් දන්නවා මේ සිදුවීමේ දේපළ ප්‍රශ්නය විසඳගන්න ඕන අධිකරණයක් ඉදිරියේදී. නමුත් මේ සිදුවීම පිටුපස හැගිලා තියෙන දේශපානලන සංඥා අපි අඳුරගන්න ඕන.
මොකද මේ ආණ්ඩුවෙ ගමන් මාර්ගය පිළිබඳව පූර්ව ඉඟියක් තමයි ඊයේ යක්කලදි දකින්නට ලැබුණේ.
ආණ්ඩුවේ ඇමතිවරු මේ සම්බන්ධයෙන් කරන පැහැදිලි කිරීම තමයි අධිකරණ තීන්දුවකින් නීත්‍යානුකූලව කාර්‍යායාලය ලබාගැනීමක් තමයි වුණේ කියන එක. නමුත් අපි ආණ්ඩුවෙන් අහන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂ සාමාජිකයන්ට මේ ස්ථානයෙන් ඉවත් වෙන්න කියලා එහෙම අධිකරණ තීන්දුවක් දීලා තියනවද ? සහ එහෙම තීන්දුවක් තියනවනං ඒ තීන්දුව ක්‍රියාත්මක කරන්න ඇයි අධිකරණයේ පිස්කල් නිළධාරියා ආවෙ නැත්තේ ? දැන් මේ ආණ්ඩුව පොලිස් බලතලයි අධිකරණ බලතලයි සියල්ලම පවරගෙන වගේ තමයි කටයුතු කරමින් ඉන්නේ.
ආණ්ඩුව හිතාගෙන ඉන්නවනං පොලීසි අධිකරණ ඕන නෑ අපි තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ කියලා ඒක බරපතළ තත්වයක්.
ආණ්ඩුවේ මේ මැර ක්‍රියා මෙතනින් නතර වෙන්නේ නෑ. ආණ්ඩුව අපිට අද දික් කරපු ඇඟිල්ල ඉස්සරහට මේ රටේ ජනතාවටත් අත් වෙන්න නියමිතයි.
එදා යක්කලට ආව මැර කණ්ඩායම වැඩිහිටියන්ගේ ඉඳලා උසස්පෙළ විභාගයට පාඩම් කරමින් හිටපු ශිෂ්‍යයන් දක්වා සියල්ලන්ටම මෙලෙච්ඡ විදිහට පහර දුන්නේ.
අපි සදාචාරය නීතිය කිසි දෙයක් සලකන්නේ නෑ.
අපිට ඕන දෙයක් අපි කරනවා කියන සඥාව තමයි ආණ්ඩුව මේ සමාජයට දෙමින් ඉන්නේ.
හැබැයි කලින් ආණ්ඩු මේ වගේ මැර වැඩ කලේ හොර රහසේ. නමුත් මේ ආණ්ඩුව මේ මැර ක්‍රියා ප්‍රසිද්ධියේම කරන්න පටන් අරගෙන. පාර්ලිමේන්තු මත්‍රීවරු පවා ඇවිල්ලා ප්‍රසිද්ධියේ බලහත්කාරයෙන් දේපළකට ඇතුල්වෙලා පහරදෙමින් දේපළ විනාශ කරමින් නින්දිත විදිහට තමයි හැසිරුණේ.
දැන් ජනතාව තේරුම් ගන්න ඕන කාරණය තමයි ආණ්ඩුවේ මේ හැසිරීම මෙතනින් නවත්තන්න මැදිහත් නොවුනොත් ඉස්සරහට මේක පොරවෙන්වත් කපන්න බැරි පිළිලයක් බවට පත් වෙනවා.
මොකද ආණ්ඩුව මේ යන IMF විනාශකාරී මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ කියන්නෙම බලහත්කාරයෙන් මර්දනයෙන් යන්න වෙන පාරක්.
ඒ නිසා තමයි ජේ ආර්ගේ ඉඳලා රාජපක්ෂලා වෙනකල් සියලු ආණ්ඩු මැර බලය සහ පාවිච්චි කරගෙන ආණ්ඩු ගෙනිච්චේ.
මේ ආණ්ඩුවත් ප්‍රසිද්ධියේ කියලා තියෙන්නේ අපි වෙනස් නොකර IMF කොන්දේසි ඉටු කරන පාරේ යනවා කියලා. අන්න ඒ ගමනට මූලාරම්භයක් තමයි ආණ්ඩුව ඊයේ යක්කලින් පටන් ගත්තේ.
අද මේ නින්දිත ක්‍රියාවට එරෙහිව විශාල පිරිසක් අපි එක්ක එකතුවෙලා ඉන්නවා. වෘත්තීය සමිති නියෝජිතයෝ, කලාකරුවෝ, සිවිල් පුරවැසියන්, දේශපානලන පක්ෂ වගේම රටේ ජනතාවත් ආණ්ඩුවේ මේ හැසිරීම අනුමත කරන්නේ නෑ. ඒ නිසා ඒ සියලු බලවේග එකතුකරගෙන ආණ්ඩුවේ මර්දනයකට එරෙහිව කටයුතු කරන්න අපි සූදානම්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..