News Category
From Date
To Date
Maximum Number of Result

මුලතිව් මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු ටී. සරවනරාජා මහතා සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සහ ඊට අදාළ සියළු ලේඛන තම ඒකකයේ භාරයට ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරය අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.

ඉන්දියාවේ අගවිනිසුරු ඩී වයි චන්ද්‍රාචුඩ් ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් සමරිසි විවාහ සම්බන්ධයෙන් නීති තර්ක පසුගිය අප්‍රේල් සහ මැයි මාසවලදී සැලකිල්ලට භාජනය කළ අතර එහි තීන්දුව ඊයේ (17) ප්‍රකාශයට පත්කර තිබේ.

ගාසා තීරයේ මතු වී ඇති ගැටලු පිළිබඳව ශ්‍රී ලංකාව සහ පකිස්ථානය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථාන අගමැති අන්වාර්-උල්-හක් කකාර් (Anwaar-ul-Haq Kakar) මහතා එකඟතාවයකට එළඹ ඇති බන වාර්තා වේ.

අතුරුදන්ව සිටි අනුලා ජයතිලක මහත්මිය පසුගිය 7 වැනිදා හමාස් ඉස්ලාමීය සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී මිය ගොස් ඇති බව අද (17) තහවුරු වූ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ ව්‍යවස්ථා සම්පාදක කමිටුව මගින් ඉදිරිපත් කළ නව ව්‍යවස්ථා කෙටුම්පතට අදාළව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් දීර්ඝ විග්‍රහයක් ඉදිරිපත් කර ඇත.

නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රීධූරය සඳහා පත් කෙරුණු අලි සහීර් මවුලානා මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද(17) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර ඇරඹී ඇති යුද ගැටුම් අවසන් කරමින් දේශපාලන විසඳුමකට යෑමට තමන් සහාය ලබා දීමට සුදානම් යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර විභාගයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැරීමට ක්‍රියාකළ කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජනාධිපති ධුරය අහෝසි කළහොත් ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බවත්, එසේ වුවහොත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන්නේ 2025 අගෝස්තු මාසයේදී බවත් නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.


ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.