News Category
From Date
To Date
Maximum Number of Result

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ජනක රත්නායක මහතා ඝාතනය නොකිරීම සඳහා සංවිධානාත්මක අපරාධ කල්ලියක් රුපියල් ලක්ෂ 15 ක කප්පම් මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කොළඹ ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් පවසයි.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව පිළිබඳව සාකච්ඡා කිරීමට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂනායක රැස්වීමක් කැඳවා තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ දැමීමට යොමුකළ තොරතුරු මේ වන විට පවතින තත්වය සමග නොගැලපෙන බවත් යාවත්කාලීන කළ තොරතුරු මේ මස 18 වැනිදාට පෙර යොමු කළ යුතු බවත් මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල විදුලිබල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරියවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.

මැදපෙරදිග යුද ගැටුමේ බරත් ජනතාව මත පටවා ජනතාව ජනතාව තවදුරටත් අමාරුවේ නොදමන ලෙස ජාතික නිදහස් පෙරමුණේ මා‍ධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ආණ්ඩුවට අවධාරණය කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කර පාර්ලිමේන්තුවට පැමිණ පසුව පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායම් ලෙස කටයුතු කරන මන්ත්‍රීවරුන් 19 දෙනකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායලය හා හමාස් ගැටුම මුල්කර ගනිමින් ඊශ්‍රායලයට එරෙහිව කොළඹ දී සංවිධානය කර තිබූ විරෝධතාවකට මුස්ලිම් ආගමික නායකයන් පිරිසක් හා සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක් එක්ව සිටි අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

ඓතිහාසික කුරන්දි විහාරය ප්‍රතිසංස්කරණයට එරෙහිව අන්තවාදීන් පිරිසක් විසින් මුලතිව් මහේස්ත්‍රාත්වරයා යොදාගනිමින් සිදුකරන ලද අනීතික ක්‍රියාමාර්ග නැවැත්වීමට තම සංවිධානය ක්‍රියාකළ බවත්, එය සාර්ථක වීමත් සමග එම විනිසුරුවරයා වගකිව යුතු කිසිඳු පාර්ශ්වයකට නොදන්වා හොර රහසේ විදෙස් ගත වූ බවත් ජාතික උරුමයන් සුරැකීම සඳහා වූ නීතිඥ එකමුතුව පවසයි.

දකුණු ගාසා තීරය සඳහා සටන් විරාමයකට එකඟතාව පළකර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.


ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.