News Category
From Date
To Date
Maximum Number of Result

රුක්මණී දේවිගේ පළමු ගීතය වන,රූපසිංහ මාස්ටර් සමග ගැයූ 'සිරි බුද්ධගයා විහාරේ'ඇතුළු ගීත රාශියක් ලියා ජීවිතයේ අවසාන කාලයේ මහමඟ යදියකු වන්නට තරම් අවාසනාවන්ත ලෙස දෛවය සරදම් කළ ප්‍රවීණ ගීත රචක සී.වීරසේකර හෙවත් චන්ද්‍රසේන වීරසේකර සූරීන් තමයි මේ සේයාරුවෙහි ඉන්නේ.

අනුර ජනාධිපති වී අදට වසරකි.‼️ එදා ඔහු පත්වෙන විට හිතුවේ වසරක් ගතවෙන විට නාස්තිකාර වියදම් අඩුවී වසරක්, යනවිට රනිල් වික්‍රමසිංහ ඩොලර්,බිලියන 06 කරලා තිබ්බ සංචිතය ඩොලර් බිලියන 08 ක් වත් කරයි කියලාය

පීනෂේගේ මර්දනය චිලී රටට විතරක් සීමාවුණේ නෑ. දකුණු ඇමෙරිකාවේ රටවල් මහ ගොඩකත් ඇමෙරිකාවේත් මේ දඩයම සිද්දවුණා. ඇත්තෙන්ම, ඒක චිලියේ හමුදා ජුන්ටාව විතරක් මූලිකවෙලා ක්‍රියාත්මක කරපු මෙහෙයමකුත් නෙවෙයි.

ජවිපෙ නායකයින්ගේ වත්කම් ප්‍රසිද්ධවීමත් එක්ක සමස්ථ ජවිපෙ අභ්‍යන්තර ගිනි අරන්.හත් දෙයියනේ.....අපේ දෙයිපනහෙන් නඩත්තු කරලා තියෙන්නේ කෝටිපතියෝ ටිකක්ද කියන ප්‍රශ්නය ජවිපෙ සහෝදරවරුන්ගේ හිතට වධ දෙන්න පටන් අරන්.ජවිපෙ සංවිධාන යාන්ත්‍රණය ඇතුලේ තිබුණ විශ්වාසනීයභාවය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. ලොක්කෝ එකිනෙකාට හොරෙන් රහසේම ගේමක් ගහගෙන කියලා පහල බලවේග අතර සංවාදයක් හැදිලා.

2025 වසර සඳහා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ලබා දුන් වත්කම් බැරකම් ප්‍රකාශය.

ලෝකයේ දියුණු රටක් වන එක්සත් රාජධානිය (UK) හා සසඳන විට ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු (Road Traffic Accidents - RTA) අනුපාතය ඉතා ඉහළයි.

වර්ෂ 1597 වසරේදී ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ මල්වාන ගිවිසුම, පෘතුගීසි බලය ශක්තිමත් කිරීමේ සහ කෝට්ටේ රාජධානියේ අවසානය තහවුරු කිරීමේ ප්‍රධානතම ලියවිල්ලක් ලෙස සැලකෙනවා.

මේ පිළිබඳව ලං.ග.ම. ආරම්භක සාමාජිකයෙක් වන එම්. සී. ආර්. කුරේ මහතා 1994 දෙසැම්බර් මස 04 වන දින පළවූ ලක්බිම පුවත්පතේ විනී හෙට්ටිගොඩ මහතා සම්පාදනය කර තිබුණු ලිපියකට අදහස් දකවා තිබුනේ මෙසේය.

ඔය කරේ තියාගෙන ගහන ආර්පීජී අවිය යුද්ධ හමුදාවට කලින් එල්ටීටීඊය සතුව තිබුනා කියලා හමුදා නිලධාරියෙක් කියනවා මම රූපවාහිනී වැඩසටහනක දැකලා තියනවා..බොහෝ අවස්ථාවල හමුදාවට වඩා හොඳ ආයුධ තාක්ෂණය එල්ටීටීඊය සතුව තිබුනා..ඔය ආර්පීජී කතාව ඒකට උදාහරණයක්..


ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.