News Category
From Date
To Date
Maximum Number of Result

හම්බ කරන තැපෑලක්..

Nov 3, 2025 at 07:46 AM
|

2024 අවුරුද්දේ චීන තැපෑල ඩොලර් බිලියන 239 කට වැඩි ආදායමක් ලැබුවා. ඒ අවුරුද්දේ අපේ රටේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන 99 කටත් අඩුයි. ඒ අවුරුද්දේ අපේ ආණ්ඩුවේ ආදායම ඩොලර් බිලියන 12 ක් විතර ඇති. ඒ කියන්නේ, අපේ ආණ්ඩුව උපයනවා වගේ 20 ගුණයක ආදායමක් උපායගන්න චීන තැපෑලට පුළුවන් වෙලා. ඉතින් රටක් විදිහට අපි ඉන්නේ කොච්චර පස්සෙන් ද කියන එක මේ කාරණයෙන් වුනත් හිතාගන්න පුළුවන්.

ලෝකයේ වැඩි ම ආදායම් ලබන සමාගම් ගැන කියන ෆෝර්චූන් ග්ලෝබල් 500 ලැයිස්තුවේ චීන තැපෑලට හිමිවෙලා තියෙන්නේ 83 වැනි තැන. චීනයේ මූලික ජාතික සන්නාම 10 න් 1 ක් බවටත් චීන තැපෑල පත්වෙලා. පාරිසරික සහ සමාජ වගකීම් ඉටු කරන සමාගම් අතර ඉහළ ම ආදාර්ශ සමාගම විදිහටත් චීන තැපෑල සම්මාන ලැබුවා. තව තවත් සම්මාන මහ ගොඩක් මේ සමාගම විසින් දිනාගෙන තියෙනවා. චීන තැපෑල මේ හැම හපන්කමක් ම කරන්නේ රාජ්‍ය සමාගමක් විදිහට වීමත් විශේෂ කාරණයක්. ආණ්ඩුවට බිස්නස් කරන්න බෑ කියන මන්තරය අහන අපිට මේ හරහා හොඳ පාඩමක් ඉගෙනගන්න පුළුවන්.

1998 දී තමයි චීනයේ තැපැල් සහ විදුලි සංදේශ අංශ එකිනෙකින් වෙන් කළේ. මෙහෙම තනි ව්‍යාපාරයක් විදිහට ඉස්සරහට ආපු චීන තැපෑල 2005 දී කාර්යාංශයක් වුණා. ඒ එක්ක ම, තැපෑලට අලුත් කළමනාකරණ ව්‍යුහයක් හඳුන්වලා දෙන්නත් චීන ආණ්ඩුව කටයුතු කළා. ඉතින් ජාතික මට්ටමේ ඉඳලා බිම් දක්වා ඉතාමත් ශක්තිමත් විදිහට පාලනය කෙරෙන ආයතනයක් බවට චීන තැපෑල පත්වුණා. 2006 දී, චීන තැපැල් සමූහ සංස්ථාව කියන විදිහට මේ ආයතනය ප්‍රතිසංවිධානය කළා.

මෙහෙම ඇති කරපු චීන තැපැල් සමූහ සංස්ථාවට 2007 අවුරුද්ද විශේෂ එකක්. ඒ අවුරුද්දේ මාර්තු 20 වැනි දා, තැපැල් ඉතිරිකිරීමේ බැංකුව ආරම්භ කළා. මේ බැංකුවේ වර්ධනයෙන් වුනත් චීන තැපෑලේ ලොකු මහත්වීම තේරුම්ගන්න පුළුවන්. මේ බැංකුව පළාත්, කෝරළ සහ ගම් මට්ටමින් ව්‍යාප්ත කළා. ඒ විදිහට ප්‍රමුඛ නගර මට්ටමේ ශාඛා 300 කට වැඩි ප්‍රමාණයක්, කෝරළ මට්ටමේ ශාඛා 3700 කට වැඩි ප්‍රමාණයක් සහ ගම් මට්ටමේ ශාඛා 2495 ක් ඇති කළා. ඒවා හරහා මිනිස්සුන්ගේ තැන්පතු ලබාගැනීමත් බිම් මට්ටමේ කර්මාන්තවලට ණය දීමත් සිද්ද කරනවා.

2012 දී, තැපැල් ඉතිරිකිරීමේ බැංකුව කොටස් වෙළෙඳපොළේ ලියංපදිංචි සමාගමක් බවට පත් කළා. තවත් අවුරුදු පහක් ඇතුළත හොංකොං කොටස් වෙළෙඳපොළේ ඩොලර් බිලියන 7 කට වැඩි කොටස් ප්‍රමාණයක් නිකුත් කරන්න ඒ බැංකුව කටයුතු කළා.

2008 අවුරුද්දේ පෙයි-චිං නගරයේ පවත්වපු ඔලිම්පික් උළෙලේ වගකීම් මහ ගොඩකුත් චීන තැපෑලට පැවැරුණා. චීන තැපෑල විසින් තමයි ඒ දැවැන්ත වැඩේට අවශ්‍ය මෘදුකාංග සහ දෘඩාංග විශාල ප්‍රමාණයක් ලබාදුන්නේ. ඒ වැඩේ හරියට කරපු හින්දා තවත් එහෙම අවස්ථා ගණනාවක වගකීම් චීන තැපෑලට පැවැරුණා.

ඊ ළඟ අවුරුද්දේ දී, චීන තැපෑල රක්‍ෂණ ව්‍යාපාරයටත් අත ගැහුවා. ඒ, 2009 සැප්තැම්බර් මාසයේ දී චීන තැපැල් ජීවිත රක්‍ෂණ සමාගම පිහිටුවීමෙන්. මාස තුනක් ඇතුළත ඒ සමාගමේ කටයුතු පළාත් හයක් පුරා ව්‍යාප්ත කරන්නත් චීන තැපෑලට පුළුවන් වුණා. ඊට අමතරව, භූමිකම්පා වගේ මහා ව්‍යසන මැද්දේ පවා ඉස්සරහට ඇවිල්ලා පීඩාවට පත්වෙච්ච ජනතාවට අවශ්‍ය සේවා ලබාදෙමින් චීන තැපෑල තව තවත් ලොකු මහත්වුණා. උදාහරණයක් විදිහට, 2010 අප්‍රේල් 14 වැනි දා ඡිං-හයි පළාතේ ය්‍යු-ෂු නගරයේ ඇතිවෙච්ච භූමිකම්පාවත් එක්ක ම චීන තැපෑල කරපු සේවය ඉතාමත් ඉහළින් ඇගැයීමට ලක්වීම දක්වන්න පුළුවන්. ඒ අවුරුද්දේ ජුනි මාසයේ දී චීන තැපෑල තවත් අලුත් වැඩකට මුලපිරුවා. ඒ, චීන තැපැල් සීඝ්‍රගාමී ව්‍යාපාර ප්‍රවාහ පහසුකම් සමාගම ඇතිකිරීමෙන්. තවත් මාසයක් ඇතුළත චීන තැපැල් මංගත පුහුණු ඇකඩමිය ආරම්භ කෙරුණා. ඒ දෙසැම්බර් මාසයේ දී, නැගෙනහිර චීනයේ ෆූ-චෝ නගරය සහ තායිවානයේ තැයි-පේ නගරය අතර තමන්ගේ ම තැපැල් ගුවන් සේවාවක් ආරම්භ කරන්නත් චීන තැපෑල කටයුතු කළා. මේ වෙද්දි, චීන තැපෑලට තමන්ගේ ම ගුවන්යානා 40 කට වැඩි ප්‍රමාණයකුත් දුම්රිය 174 කුත් තියෙනවා.

මෙහෙම වැඩ කරද්දි චීන තැපෑලේ ව්‍යාපාර ප්‍රාග්ධනය පුදුමාකාර විදිහට වර්ධනය වුණා. 2015 මැයි මාසයේ දී, අලුත් වර්ධනයන්ට ගැලැපෙන විදිහට චීන තැපැල් සමූහ සංස්ථාව ප්‍රතිසංවිධානය කෙරුණා. ඒ එක්ක ම, මේ සංස්ථාව මූලස්ථානයක් සහ ශාඛා සමාගම් ඇති තනි මට්ටමක ආයතනයක් බවට පත්වුණා. පළාත් මට්ටමින් තිබුණු ආයතන අදාළ ශාඛා සමාගම්වලට අනුබද්ධ ආයතන බවට පත් කෙරුණා.

2015 දෙසැම්බර් වෙද්දි, චීන තැපැල් ඉතිරිකිරීමේ බැංකුව වෙනත් ජාතික සහ ජාත්‍යන්තර සමාගම් එක්ක එකතුවෙලා හවුල් බිස්නස් කරන්නත් පටන්ගත්තා. මේ හවුල් බිස්නස් වැඩේට ඇමෙරිකාවේ, කැනඩාවේ මූල්‍ය සමාගම් පවා එකතුවුණා. ඉතින් 2016 වෙද්දි, හොං-කොං කොටස් වෙළෙඳපොළේ ලැයිස්තු ගත කරපු ප්‍රධාන ම සමාගමක් බවට පත්වෙන්නත් චීන තැපෑලට පුළුවන් වුණා. මෙහෙම ඉස්සරහට ආපු චීන තැපෑල 2017 ජුලි මාසය වෙද්දි වෙනත් සමාගම් අත්පත් කරගන්න වැඩෙත් පටන්ගත්තා.

චීන තැපෑලේ ජාත්‍යන්තර ප්‍රවාහන කටයුත්තත් එන්න එන්න ම වර්ධනය වුණා. 2018 නොවැම්බර් 26 වැනි දා, ජර්මනියේ ඩ්‍යුස්බර්ක් නගරයෙන් ප්‍රවාහනය කරපු මහා පරිමාණ භාණ්ඩ තොගයක් චීනයේ ඡුං-ඡිං නගරයට ළඟාවුණා. මේ මහා ප්‍රවාහන කාර්යය චීන තැපැල් ඉතිහාසයේ විශේෂ සිදුවීමක්.

2019 දී, තමන්ගේ ව්‍යාපාරික කටයුතුවලට අවශ්‍ය විවිධ උපාංග, යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරන කාර්යයටත් චීන තැපෑල යොමුවුණා. ඒ වෙනුවෙන් ඇති කරපු චීන තැපැල් තාක්‍ෂණ සමාගමට විදේශ ආයෝජනත් ලබාගත්තා. ඉතින් 2022 ශීත කාල ඔලිම්පික් උළෙලේ ප්‍රධාන සැපැයුම්කාරයෙක් බවට පත්වෙන්නත් මේ අලුත් තාක්‍ෂණ සමාගමට පුළුවන් වුණා.

මෙහෙම ලොකු මහත්වෙච්ච චීන තැපෑල 2019 දෙසැම්බර් 28 වැනි දා නැවත වතාවක් ප්‍රතිසංවිධානය කෙරුණා. ඒත් එක්ක ම, චීන තැපෑල තවදුරටත් රජයට හිමි සංස්ථාවක් කියන සීමාව ඉක්මවලා පූර්ණ රාජ්‍ය හිමිකාරිත්වය තියෙන සමාගමක් බවට පත්වුණා.

මේ විදිහට හොඳින් හම්බ කරපු චීන තැපෑල තමන්ගේ මඩිය තර කරගෙන නිකම් බලාගෙන හිටියෙත් නෑ. 2020 අප්‍රේල් මාසයේ දී, ග්‍රාමීය දිළිඳුකම දුරුකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන්නත් චීන තැපෑල කටයුතු කළා. ඒ අවුරුද්දේ මැයි 21 වැනි දා, චීන තැපැල් ඉතිරිකිරීමේ බැංකුව ඩිජිටල් යුවාන් ගනුදෙනු කිරීමත් ආරම්භ කළා. මේ මාර්ගයෙන් ඒ කාර්යයට සම්බන්ධවෙච්ච චීනයේ පස්වැනි ප්‍රධාන රාජ්‍ය බැංකුව බවට චීන තැපැල් ඉතිරිකිරීමේ බැංකුව පත්වුණා.

2021 දී, ලෝකයේ වැඩියෙන් ම ලාභ උපයන තැපැල් සේවාව බවට චීන තැපෑල පත්වුණා. මේ එක්ක ම, තමන්ගේ සේවා වේගය වැඩි කරන්නත් චීන තැපෑල යොමුවුණා. ඒ අනුව, 2021 ජුනි මාසය වෙද්දි දවස් දෙකක් ඇතුළත නගර 1000 කට බෙදාහැරීම් සේවා සපයන්න චීන තැපෑලට පුළුවන් වුණා. මේ වැඩවලට රොබෝවරුන්ගේ සහායත් ලබාගත්තා. මේ වෙද්දි, චීන තැපෑල කෘත්‍රිම බුද්ධියෙනුත් සෑහෙන්න වැඩගන්නවා.

කාර්යාලවලින් බාහිර වැඩ කරන කසල සෝධකයින්, කුරියර් සේවා ලබාදෙන්නන්, ආහාර බෙදන්නන්, ටැක්සි රියැදුරන්, ප්‍රවාහන පොලිස් නිලධාරීන් වෙනුවෙන් අවශ්‍ය සේවා සපයන මධ්‍යස්ථාන 10,000 ක් ඇති කරන්නත් චීන තැපෑල කටයුතු කළා. ඒවා හරහා ඒ සේවකයන්ට අවශ්‍ය ආහාර පාන සහ විවේක පහසුකම් ලබාදෙනවා. චීන තැපෑල මේ වැඩේ කරන්නේ සමස්ත චීන වෘත්තිය සමිති සම්මේලනයත් එක්ක එකතුවෙලා වීමත් විශේෂයක්.

චීන තැපෑලේ කතාව මහ විශාල එකක්. මේ මුළු කතාව ම කියන්න ඉඩක් නෑ. ඒත් 2022 දී ආරම්භ කරපු තැපැල් කන්තෝරුු කෝපි සාප්පු ජාලය ගැන නම් නොකියා බෑ. මේ වෙද්දි ඒ සේවාවත් ඉතාමත් ජනප්‍රිය, ලාබ උපයන බිස්නස් එකක් බවට පත්වෙලා ඉවරයි.

(2025 නොවැම්බර් 2 වැනි දා ඉරිදා “ඇත්ත” පුවත්පතේ පළ කරන ලද “චීන පෙරැළිය” ලිපි මාලාවේ 20 වැනි කොටස)

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති


සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.