News Category
From Date
To Date
Maximum Number of Result

අරගලය කුමණ්ත්‍රණයක්ම පමණී.. ඉතිහාසය හරියට ලියන්න..

Oct 31, 2025 at 04:50 PM
|

වළඳන එක බත් ඇටයකටවත් ණය නොවන, සිල්වත්, ගුණවත්, ප්‍රතිපත්තිගරුක ඉතාම සුන්දර පැවිදි ජීවිතයක් අපි ගෙවමින් සිටින්නෙමු. කුඩා කළ පැවිදිව, ගිහි පැවිදි අධ්‍යාපනයන් ඉතා උසස් ලෙස ලබාගෙන, ජීවිතය පුස්තකාළයක් කරගෙන, ගිහි ජීවිතයක නිවස තුළ, රැකියා තුළ, ගිහි බැඳීම් අතරේ සිදුවන සියළුම ක්‍රියාකාරකාම් වල සිට, ගිහි ජීවිතය ගැන ගිහියන්ට වඩා හොඳට අධ්‍යනය කර, ඒ ගැන හොඳින් ඉගෙන ගෙන, ඇස් දෙකෙන් දැක, කන් වලින් අසා, නුවණින් විමසා එහි ඇති හිස් කම නිසාම එයට නොඇලී,  හුඳකළාව වනගතව බවුන් වඩමින් අප ජීවත් වෙමු.

එම නිසා මෙම මාතෘකාව ගැන කථා කරද්දි “නොදන්න දේවල් කථා කරන්න එපා හාමුදුරුවනේ.” කියා ඔබට කීමට නොහැක. නොදන්නේ අප නොව කරුණු අධ්‍යනය නොකළ ඔබ ය. අප මේ දේ කථා කරන්නේ හොඳටම දැනගෙන ය. හොඳටම අධ්‍යනය කර ය. අපට ඇති දෙස් විදෙස් සම්බන්ධතා හරහා කරුණු කාරණා හොඳින්ම විමසා බලා ය. නොපෙනෙන ගුප්ත බලවේග ඔස්සේ නොව, ඇසට පෙනෙන්නට තිබෙන, කණට ඇසෙන්නට තිබෙන දේවල් මෙන්ම, ඇසට නොපෙනෙන්න, කණට නොඇසෙන්න සඟවාගෙන කුමණ්ත්‍රණය කරන අයගේ ඒ කුමණ්ත්‍රණ්ත්‍රණයන් ඉතාමත්ම හොඳින් අධ්‍යනය කර දැනගෙනම මේ බව කියන්නෙමු. 

ගිහි ජීවිතය ගත කරමින්  සිටින ඔබ පෙරහැරේ නටන පිරිසකි. එම පෙරහැරට නටන්න එන්නේ නැතිව, එය හොඳින් බලමින් සිටින අපට පෙනෙන්නේ සම්පූර්ණ පෙරහැරම ය. නටන්නන්ට කිසිදා සම්පූර්ණ පෙරහැර බැලිය නොහැක. පෙරහැර බලන්නට නම් නටන එක නවතා අප වගේ ඇවිත් බැලිය යුතු ය. 

අපි ගෝල්ෆේස් අරගල භූමියට වැඩම කළෙමු. කරුණු දෑසින් දැක හොඳින්ම අධ්‍යනය කළෙමු. මෙය මහා කුමණ්ත්‍රණයක් බව අරගලයේ මුල සිටම අපි ඔබට කීවෙමු. ලීවෙමු. අද ද කියන්නේ මෙය ජන අරගලයක් නොවන බවයි. මෙය මහා කුමණ්ත්‍රණයක් බවයි.

ඌරාගේ මාළු ඌරාගේ පිට තබා කපන න්‍යාය මෙහිදී ක්‍රියාත්මක විය. සිංහල බෞද්ධයින් උසි ගන්වා ඔවුන් ලවාම සිංහල බෞද්ධ ජන සංහාරයක් කර බලය ගන්නට සැළසුම තිබුණත්, බුද්ධිමත්, ඉවසිලිවන්ත ගෝඨාභය රාජපක්ෂ නිසා ඒ කුමණ්ත්‍රණ කරුවන්ට අරමුණ බලාපොරොත්තු වූ ආකාරයටම ඉටු කර ගන්නට නොහැකි වූ බවද කිව යුතුම ය. ඒ ගැන ගෝඨාභය රාජපක්ෂට ස්තූති කළ යුතු ය.

මෙම අරගලයට සම්පූර්ණයෙන්ම නායකත්වය දෙන ලද්දේ කාදිනල්තුමා විසිනි. ද්‍රවිඩ ඩයස්පෝරාව, මුස්ලිම් දේශපාලනය, ජේවීපී, පෙරටුගාමීන්, සහ අන්තවාදී දේශපාලන ක්‍රියාකාරිකයන් සහ ධනවත් රාජ්‍ය නොවන සංවිධානවල කල් වේලා ඇතිව කළ බලවත් කුමණ්ත්‍රණයක් බව මේ අරගලය අධ්‍යනය කරන නුවණැති අයට හොඳින් පෙනේ.

කරුණු කාරණා අධ්‍යනය නොකරන තරුණ ආවේගයට සුළඟට හසුවී සිටින තරුණ මෝඩයින්ටනම් මෙය අරගලයක් විය හැකි ය. නමුත් මුල මැද අග හොඳින් ගලපා කරුණු විමසා බලා, අවබෝධයෙන්, නිසි අධ්‍යනයකින් සිටින අයටනම් මෙය මහා දැවැන්ත බෞද්ධ විරෝධී කුමණ්ත්‍රණයක්ම පමණී. සත්‍ය එයමය. 

පහත පෙළගැස්වීම් ඔස්සේ කෙටියෙන් ඉතිහාසය මතකයට ගන්න.

1. වසර පන්සියයක පමණ ඈත සිට සිංහල කාන්තාවන් දූෂණය කරමින්, ගම්මාන පෙති ගසමින්, දරුවන් කෑලි කෑලිවලට පෙති ගසමින්, වෙහෙර විහාර කොල්ලකමින්, මේ රට සූරා කමින්, ධනවත්ව බලවත්ව සිටි බෞද්ධයිනට නැගී සිටින්නට ඉඩ නොදී සිටියේ, බටහිර ආක්‍රමණිකයන් සහ කතෝලික බලවතුන් ය.

2. මීට පෙර 1956 දී බණ්ඩාරනායක මහතා සිංහල බෞද්ධ ඡන්දයෙන් ආණ්ඩු බලය ලබා ගත්තේය. ඔහු සිංහල පමණක් රාජ්‍ය භාෂාව කළ අතර, ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුධ රැසකට මුහුණ දීමට සිදු විය.  ඔහු අගමැති වීමේ සිට ඝාතනයට ලක් කරන තෙක්ම, ලංකාවේ වැඩිම හර්තාල් සහ උද්ඝෝෂණ ජන අරගල ව්‍යාපාර පැවතුනු කාළයක් විය. අවසානයේදී බටහිර කුමණ්ත්‍රණකරුවන් 1959 සැප්තැම්බර් 25 වැනිදා ඌරාගේ මාලු ඌරාගේ පිට තබා කපන න්‍යාය ඔස්සේ බණ්ඩාරණායක මහතාව ඝාතනයට ලක් කළේ ය. හසු කළේ තල්දූවේ සෝමාරාම නම් ශ්‍රමණ වේශධාරියෙකි. මාපිටිගම බුද්ධරක්ඛිත නම් ශ්‍රමණ වේශධාරියා ඝාතන කුමන්ත්‍රණයේ ප්‍රධාන සැකකරු ලෙස නම් කරනු ලැබී ය.

3. බණ්ඩාරනායක රජයේ ජන සතු ව්‍යාපාරයත්, 1970 – 1977 මැතිනියගේ ආණ්ඩුවත් එහිදී ඇති වූ තරුණ කුමණ්ත්‍රණකාරීන්ගේ කැරැල්ලත්, ජේ ආර්ගේ විධායක බලය සහිත ආණ්ඩුවත්, 88 – 89 ජේවීපී කැරැල්ල සහ ප්‍රේමදාස භීෂණයත්, චන්ද්‍රිකා මහින්ද රනිල්, මෛත්‍රී ගෝඨාභය දක්වා ලංකා ඉතිහාසය හොඳින් අධයනය  කරන්න.

දැන් ගෝඨාභයගේ ආණ්ඩුව ගැන අවධානය යොමු කරන්න.

1. ලංකාවේ වෙළද බලය සහ ව්‍යාපාරික බලය ඇත්තේ මුස්ලිම් සහ ද්‍රවිඩ පිරිස් වෙතය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් මෙය සිංහලයින් දෙසට හරවන ලදී. විවිධ සංවර්ධන ව්‍යාපෘති සමඟ යාන වාහන දේපල ඉඩ කඩම්වලින් සිංහලයා සන්නද්ධ විය. වර්තමානයේ බොහෝ සිංහල ධනවතුන් මෙම පෙරළියේ ප්‍රතිඵල වේ. යුද්ධය අවසන් කර, රාජ්‍ය සංවර්ධනයන්ද සිදු වී, ණය ගෙවීම් සහ තිරසාර අනාගත දියුණුවකට රට යොමුවෙමින් තිබියදී, 2015 ආණ්ඩු පෙරලිය සිදු විය. මෛත්‍රීපාල ආණ්ඩුවේ මහ බැංකු කොල්ලයේ සිට රට වේගයෙන් ආපස්සට හැරෙන්නට විය. මුළු රටේම සාරය සූරා දමන ලදී. එහි අවසන් කාළය පාස්කු ප්‍රහාරය නිසා රටම ගිනි තිබ්බේ ය. සියළුම බෞද්ධයින් කතෝලිකයන් සමඟ අත්වැල් බැදගෙන ඔවුනට තනිවන්නට ඉඩ නොදුන් අතර මෙතෙක් කල් එල් ටී ටී ත්‍රස්ත්‍රවාදීන්ට උදවු කරමින්, බෞද්ධ විරෝධීව හැසිරෙමින් සිටි කාදිනල්තුමා බුදුදහමට ලැදි බවක් අගවා තමන්ගේ යටි අරමුණු වලට යෑම කරගෙන ගියේ ය.

2. සියළුම බෞද්ධ බලවේග එකතු වී, ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපතිවරයා කර ගත්තේ මුළු රටම මහා ආර්ථික අගාධයකට වැටී තිබියදී ය. ලෝකයම ගිලගත් කෝවිඩ් වසංගතයට ඔහු සාර්ථකව විසදුම් ලබා දුන්නේ  ය. සියළුම ආගමිකයන් සහ ජාතීන් රැක ගත්තේ ය. බහුතර සිංහලයින් විරුද්ධ වූවත් මුස්ලිම් නීතිය අනුව කෝවිඩ් මරණ ආදාහනය නොකර භූමිදානය කරන්නට ඉඩදීමද එම ජාතීන්ගේ ඉල්ලීමට කන් දෙමින් ගත් විශිෂ්ඨ තීරණයකි. එය සියළුම ජාතිකයන්ගේ නිදහසට ඉඩ දීමකි.

3. ගෝඨාභය රාජපක්ෂ සියළුම ජාතීන්ට සහ ආගමිකයන්ට නිදහසේ තම තමන්ගේ ආගම් අදහන්නට ඉඩ දුන්නේ ය. රටේ කිසිදු ජාතිවාදී ආගම්වාදී කෝළාහලයක් ඇතිවන්නට ඉඩ දුන්නේ නැත. ඔහු පත් වූ බෞද්ධ ඡන්ද පදනමට සාධාරණය ඉටු කරමින්, බුදු දහම නිරන්තරයෙන්ම පෝෂණය කළේ ය. බහුතර සිංහලයින් විරුද්ධ වූවත් මුස්ලිම් ජනතාවගේ විශ්වාසය දිනා ගන්නට අධිකරණ අමාත්‍ය ධූරයට සහ පසුව මුදල් අමාත්‍ය ධූරයට අලි සබ්‍රි පත් කළේ ය. නීතියට එපිටින් කිසිවක් නොකළ ගෝඨාභය නීත්‍යානුකූලව රාජ්‍ය පාලනය කළේ, කිසිදු දේශපාලන ඝාතනයක් නොකරය.

දැන් ජන අරගල කුමණ්ත්‍රණයට අවධානය යොමු කරන්න.

1. කෝවිඩ් වසංගතය පාලනයේදී ලොව හොඳම ජනාධිපතිවරයා වූයේ ගෝඨාභය රාජපක්ෂයි. ඔහුට සහ හමුදාවට රට තුළ ඉමහත් කීර්තියක් ඇති විය. ඔහු එම සටන ජයගෙන නැවතත් රට ගොඩ නගන්නට යොමු වූවත් කුමණ්ත්‍රණකරුවන් වැඩ ආරම්භ කළේය.

2. ගෝඨාභය උද්ඝෝෂණ කරුවන්ට ගෝල්ෆේස් භූමියේ උද්ඝෝෂණ කරන්නට වෙනම තැනක් නිර්මාණය කළේ ය. එහි උද්ඝෝෂණ ආරම්භ කළේම සංඝරත්නය විවේචනය කරමින් සංඝරත්නයට කථා කරන්නට තිබෙන අවශ්ථාව අහිමි කරමිනි. පළමුව ඝරත්නය සහ මහජනතාව බිඳවන්නට විය.

3. ගෝල්ෆේස් පිටියේදී බෞද්ධයින් අන්‍යාගමික කරනය සහ නිරාගමික කරනය කළ අතර, පාස්කු ප්‍රහාරය, සහරාන් ඇතුළු පිරිසම කළ බවට සාක්ෂි කොපමණ තිබුණත්,  කාදිනල් තුමා එය ගෝඨාභය ආණ්ඩුව පිටට හරවමින් තමන්ගේ යටි අරමුණ ක්‍රියාත්මක කරන්නට විය. ඔහු බොරුව සමාජ ගත කළ අතර, මේ මහා කුමණ්ත්‍රණයේ නායකයා විය.

4. මේ වන විට අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස සඳහිරු සෑයේ නිධන් කළ රත්තරං පිළිමය වැනි තවත් පිළිමයක් තනා ඇති බවත්, ඇත්ත පිළිමය සොරකම් කර ඇති බවටත්, බොරුව සමාජ ගත කරන ඔහුගේ කටින් එම බොරුවද සමාජ ගත කළේ ය. එයද ශ්‍රීපාදස්ථානයේ ඝණ්ඨාරය, පහන මෙන් මහා බොරුවකි. ඔහු සදහිරු සෑය නැවත විවෘත නොකරන බව දනී. බෞද්ධයින් තුළ ගෝඨාභය ආණ්ඩුව ගැන තිබූ විශ්වාසය එයාකාරයෙන් පළුදු කිරීම ආරම්භ කළේය. (හැකි ඉක්මණ් දිනකදී සඳහිරු සෑය විවෘත කර එම  ප්‍රතිමාව ගැන සත්‍ය ලෝකයාට පෙන්වා දිය යුතුයම ය. ශ්‍රීපාදස්ථානයේ පහන සහ ඝණ්ඨාරය ගැන පුරාවිද්‍යා පර්‍යේෂණක් කළ යුතුම ය. අනුර කුමාර දිසානායකට බෞද්ධ විශ්වාස සමඟ දේශපාලනය කිරීමට ඉඩ නොදිය යුතුය.)

5. කාදිනල්තුමා ප්‍රමුඛ ද්‍රවිඩ ඩයස්පෝරාව, ජේවීපී, පෙරටුගාමීන්, නිරාගමිකයන්, මුස්ලිම් අන්තවාදීන් ආදී මහා කුමණ්ත්‍රණ කරුවන්, මනාව සංවිධානය වී රටට පිටරටින් තෙල්, ගෑස්, සහ ආහාර ද්‍රව්‍ය ගෙන ඒමට තිබූ ඩොලර් ලැබෙන මාර්ගය අවහිර කරන්නට විය. සංචාරක ව්‍යාපාරය විනාශ කර දැමී ය. විදෙශ්ගත ශ්‍රමිකයන්ට ඩොලර් එවන්නට එපා යැයි කීය. රට තුළ උන්ඩියල් වැනි අයථා ක්‍රම සමාජ ගත කර රාජ්‍ය ආර්ථික රටාව සම්පූර්ණයෙන්ම කණපිට පෙරළී ය. 

6. කාදිනල්තුමා ඇතුළු කුමණ්ත්‍රණ කරුවන් රටට ඩොලර් ලැබෙන මාර්ගය අවහිර කරමින්, රට වැසියන් බඩ ගින්නේ තබමින්, තෙල් ගෑස් පෝලිම් නිර්මාණ කරමින් බෙහෙත් හේත්, අධ්‍යාපනය,  ආදී අත්‍යාවශ්‍ය සේවාද, සියල්ලම අඩපණ කරමින්, මුළු රටම දැඩි පීඩණයකට ලක් කරමින් මහජන මහා උද්ඝෝෂණයක් නිර්මාණය කළේය.

7. පුදගලිකව අපද, රටට ආදරය කරන අනෙක් පිරිසද ඩොලර් එවන්න ඩොලර් එවන්න යැයි කීවත්, සුළුපිරිසක් හැර බහුතරයක් එයට කන් දුන්නේ නැත. බොහෝ දෙනා කාදිනල්තුමා ඇතුළු කුමණ්ත්‍රණ කරුවන්ට රැවටුනි. ඒ බෞද්ධ කිසිවෙකු රට ජාතිය ගැන සිතුවේ නැත. නමුත් කතෝලිකයින්, ද්‍ර්විඩයින්, මුසල්මානුවන් ආදී පිරිස් තමන්ගේ ස්ථාවරය වෙනස් කළේ නැත. ඔවුන් අරමෞණටම ගියේය.

8. මෙම කුමණ්ත්‍රණකරුවන්ට අවශ්‍ය වූයේ සමූල ඝාතනයක් කර ‍රාජ්‍ය බලය ගන්නටයි. බෞද්ධයින් ලවා වෙහෙර විහාරස්ථාන විනාශ කරවා, කථා කරන මහනායක හිමිවරුන් සහ ගලගොඩ අත්තේ හිමියන් වැනි රට ජාතිය වෙනුවෙන් ජීවිතය කැප කර ඇති හිමිවරුන් ඝාතනය කර, දළදා මාළිගාව වැනි පූජණීය ස්ථාන කොල්ල කා, විරුද්ධ දේශපාලන පක්ෂ ක්‍රියාකාරිකයන් ඝාතනය කර, රටම අමු සොහොනක් කරන්නට තිබූ ඔවුන්ගේ පිඹුරුපත් සියල්ලම, රුවන්වැලි සෑය ළඟ දිවුරුම් දුන්, බෞද්ධ නායකයෙකු වූ ගෝටාභය රාජපක්ෂගේ ඉවසිලිවන්ත දූරදර්ශී ප්‍රඤ්ඤාගෝචර පාලන ක්‍රමය නිසා වළක්වා ගන්නට හැකියාව ලැබුණි.

9. ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ දැඩි හිතමිතුරු කිසිදු ජෙනරාල්වරයෙක් මිණිමරුවෙක් නොකර, කිසිදු මනුෂ්‍ය ඝාතනයක් නොකර, සියළුම නින්දා අපහාස විඳ දරා ගනිමින්, සියළුම ආගමිකයන්ට සහ ජාතීන්ට නිදහසේ කටයුතු කරන්නට ඉඩ ලබා දීම ප්‍රසංසනීය ය. ඔහු තමන් පිස්සෙකු නොවන බවත්, කිසිදු සත්ව ඝාතනයක් නොකරන මානව දයාවෙන් පිරුණු සැබෑ බෞද්ධ නායකයෙකු බවත්, ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්නුවේ ය. ඔහු, රුවන්වැලි සෑය ළඟ දිවුරුම් දුන් නායකයෙකු ලෙස මේ තරම් කුමණ්ත්‍රණ හමුවේත් ලෝකයා ඉදිරියේ බෞද්ධයින්ගේ ගෞරවය ආරක්ෂා කරදීම ඇත්තෙන්ම ප්‍රසංසනීය ය.

10. කාදිනල් තුමා, ද්‍රවිඩ ඩයස්පෝරාව, මුස්ලිම් දේශපාලකයින්, ජේවීපී සහ පෙරටුගාමීන් මේ තරම් භයානක සමූලඝාතන කුමණ්ත්‍රණයක් ක්‍රියාත්මක කළත්, එය සාර්ථක කර ගන්නට නොහැකි වූයේ, යුධ හමුදා නිළධාරියෙකු වූ කුමණ්ත්‍රණයේ හැඩරුව හොඳින්ම අවබෝධ කරගෙන සිටි ගෝඨාභය රාජපක්ෂ නිසා ය. 

11. බැසිල් රාජපක්ෂ, වැනි රාජපක්ෂ පවුලේ සමහර උන්මත්තකයින්ගේ අල්ලස් දූෂණාදියෙන් පීඩාවට පත්ව සිටි මහ ජනතාව රාජපක්ෂ පවුල ප්‍රතික්ෂේප කළේ ය.

12. ගෝඨාභය රාජපක්ෂගේ පාලනය ඉදිරි වසර තුනත් තිබුණානම් තමන්ගේ අරමුණට යෑමට නොහැකි වන බව දන්නා කාදිනල් තුමා ඇතුළු සමස්ත කුමණ්ත්‍රණ කරුවන් රටට ඩොලර් එවන්න එපා යැයි I M F එකට සහ විදෙස් රටවලට බලපෑම් කළේය. එහි ප්‍රමුඛයෝ කාදිනල් තුමා සහ ජේ වී පී එකයි. ඩොලර් හිඟයකින් රට සාගතයකට හරවා මහා ජන සංහාරයකින් බලය ගන්නට කළ මහා කුමණ්ත්‍රණයක් තාවකාලිකව එසේ නතර විය. අදූර දර්ශී තරුණ පිරිස මිනීමරු කුමණ්ත්‍රණ කරුවන්ගේ ඇම ගිල්ලේ ය. ඔවුන් රටේ තාරුණ්‍ය නොමඟ යැවුවේ ය.

ඉතිහාසයේ මෙම සත්‍ය කථාව හොඳින් අධ්‍යනය කරන්න. මෙය මෙසේ නොවේනම් අපට කියන්න. ලිඳේ ගෙම්බන් මෙන් ලංකාවට පමණක් සීමා නොවී ලෝකයත් සමඟ සම්බන්ධ වෙන්න. එවිට ඔබ නොදකින, ඔබට නොපෙන්වුව පැත්ත හොඳින් දකින්නට ලැබේවි. 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජය තුළ ඔනෑම කෙනෙකුට තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට අයිතිය තිබේ. ඊයේ දින ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස් වූ ගෝඨාභය රාජපක්ෂද එම අයිතිය සියළුම රට වැසියන්ට දී තිබුණි. වර්තමානයේදීද ජන අරගලකරුවන් එම කථා කිරීමේ නිදහස එයාකාරයෙන්ම අපට දී ඇතැයි සිතමි.

ගෝඨාභයගේ ආණ්ඩුවේ තිබූ, සියළුම ආගම් නිදහසේ ඇදහිය හැකි, ඕනෑම මතවාදයක් නිදහසේ දැරිය හැකි, මධ්‍යස්ථ මතධාරීන්ට මධ්‍යස්ථව සිටිය හැකි, නිදහස් අදහස් ප්‍රකාශ කළ හැකි රට, ජන අරගලකරුවන් තලේබාන් පන්නයේ අන්තවාදයට තවම ගෙනගොස් නැතැයි සිතමි.

මෙය කාදිනල්තුමා, ද්‍රවිඩ ඩයස්පෝරාව, මුස්ලිම් අන්තවාදීන්, ජේවීපී, පෙරටුගාමීන්, සහ අන්තවාදී දේශපාලකයින් තමන්ගේ මවු රටවල් වන බටහිර ජාතීන්ගේ උදවු ඇතිව කළ මහා ජන සංහාර කුමණ්ත්‍රනයකි. මහා සංඝරත්නය ඝාතනය කරමින්, රාජ්‍ය දේශපාලන විරුද්ධ පක්ෂ නායකයින් ඝාතනය කරමින්, තල්දූවේ සෝමාරාම ලවා බණ්ඩාරණායක මහතා ඝාතනය කරවන්නට කටයුතු කළාක් මෙන්, සිංහල බෞද්ධයින් ලවාම සියල්ලම විනාශ කරවන්නට කළ මහා භයානක කුමණ්ත්‍රණයකි.

දූරදර්ශී පාලකයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ විසින්, මහා සංඝරත්නය රැක් ගනිමින්, යුධ සෙන්පතියන් වූ සියළුම ජෙනරාල් වරුන් රැක ගනිමින්, තමන් කුමණ්ත්‍රණයකට හසුව සිටිනා බව නොදන්නා තරුණ පිරිසේ ජීවිතද රැක ගනිමින්,  සාර්ථකව පාලනය කර දෙන ලදී. ඔහුට බලය අත් හැරීමට සිදු වූවත්, ඔහු බෞද්ධයින්ව සැබෑවටම සමඟිව තබන ලදී. 

කුමණ්ත්‍රණ කරුවා නුදුරු අනාගතයේදී මහා විනාශයක් අනිවාර්‍ය්‍යෙන්ම කරනු ලැබේ. නමුත් බුද්ධිමත් සිංහල බෞද්ධයින් සිහි නුවණින් ඒ දෙස බලා සිටී.

අරගලය කුමණ්ත්‍රණයක්ම පමණී. ඉතිහාසය හරියට ලියන්න. 

ගෝඨාභය බෞද්ධයින්ගේ ගෞරවය රැක්කාට ස්තූතියි.

සියළුම බෞද්ධයෝ වහා සමගි වෙත්වා!

තෙරුවන් සරණයි!

- පූජ්‍ය. තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ

(ත්‍රිපිටක වාගීශ්වර, සද්ධර්ම ශිරෝමණී, විපස්සනා කම්මට්ඨානාචරිය, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, පණ්ඩිත, මිණිපුර අමා ශාන්ති ත්පෝවනය ප්‍රධාන ශාඛා මධ්‍යස්ථානයන්හී විහාරාධිපති.)

(මුහුණු පොතෙන්)

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.