2014 පමණ සුදු කිලිටු සරමක් සහ කමිසයක් ඇදගෙන දෙපාවලට පාවහන් නොපලදන ගැමියෙකු මගේ කාර්යාලයට එන්නෙ බේරුම්කරණ නඩුවක නොතීසියක් අතින් දරාගෙන. ඔහු කන්න ණයක් ප්‍රසිද්ධ මූල්‍ය සමාගමකින් අරගෙන වගා කරපු කුඹුරු කෑල්ල ගංවතුරට යටවෙලා ණය ගෙවා ගන්න බැරිවුන ගොවියෙක් බව උපදෙස් මගින් වැටහී ගියා. දැන් තවත් ගිණිගොඩක් හිත මතට පාත්වෙලා. සාමාන්‍ය නඩුවකටත් වඩා මුදල් වැයවන බේරුම්කරණ නඩුවක් අර බිලියන ගණන් ලාභ උපයන සමාගම මේ ගොවියට කොළඹදී ගොනුකරලා.
පසුගිය සැප්තැම්බර් 24 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දණ්ඩනීති සංග්‍රහය සංශෝධන පනත දෙවනවර කියවීමෙන් පසුව ඊට අදාළ ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල්දමා ඇත. එම විවාදයේදි විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් එම සංශෝධන මගින් අනාගතයේදී අධ්‍යාපන පද්ධතියට සහ දරුවන්ට සිදුවන අනර්ථය පිළිබඳව සාධනීය අදහස් ඉදිරිපත් කිරීම අගය කළ යුතු වේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ එම පනත් කෙටුම්පතේ සැබෑ හෙවත් යටි අරමුණ පිළිබඳව ආණ්ඩුවේ යම් පාර්ශ්වවලට ඉඟියක් හෝ ලැබීම නිසා එසේ විවාදය සහ ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දැමූ බවට සමාජයේ මතයක් ගොඩනැගී ඇත.
අල්ලස් හෝ දූෂණ කොමිෂමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක සම්බන්ධව ජවිපෙ හිටපූ දේශපාලන මණ්‌ඩල සහික නන්දන ගුණතිලක කරපු ප්‍රකාශයක් අල්ලගෙන නන්දන ගුණතිලක හිරේ දැමීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව පැලවත්ත ජවිපෙ මූලස්ථානය පැත්තෙන් ආරංචි වෙනවා. දැනට ජවිපෙ නායකයන් පහලට කරන පැහැදිලි කිරීම්වලත් එහෙම කතාවක් තියනවා. නන්දන ගුණතිලක ජවිපෙ නීති කමිටුව කැඳවපු බව ඇත්ත. සුනිල් වටගල ඒකේ ලේකම් විදිහට හිටපු බවත් ඇත්ත.
මුහම්මද් යුනුස් කියන බටහිර ඒජන්තයා ඉපැදුණේ බංග්ලාදේශයේ චිතගොං ප්‍රදේශයේ. බංග්ලාදේශයේ දුප්පත් මිනිස්සුන්ට නෝර්වේ රටේ විශ්‍රාම අරමුදල් ගිනි පොලියට දෙන ක්‍රමයක් “හඳුන්වලා දීපු” හින්දා නෝර්විජියානු නොබෙල් කමිටුව විසින් ඒ ඒජන්තයාට නොබෙල් සාම තෑග්ග පිරිනැමුවා. ගිය අවුරුද්දේ (2024) අගෝස්තු මාසයේ ඉඳලා ප්‍රජාතන්ත්‍ර-විරෝධී සෙප්පඩ විජ්ජාවකින් මේ මයික්‍රෝ ෆිනෑන්ස්කාරයා බංග්ලාදේශයේ රාජ්‍ය නායක තනතුරටත් පත් කෙරුණා.
රටවල් විනාශ කිරීම සඳහා යම් යම් බලවත් රාජ්‍යයන් ක්‍රියාත්මක වන ආකාරය සියුම්ව හැදෑරීම අප වැනි තර්ජිත රාජ්‍යයකට ඉතා වටී. හයිටිය යනු ධනවත් කුඩා රාජ්‍යයකි. හයිටියේ රට වැසියෝ වයසින් අවුරුදු සියයකට ආසන්න නිරෝගි ශරීර සෞඛ්‍ය සම්පන්න ව විසූවෝ වූහ. ආරෝහ පරිණාහ දේහ ලක්‌ෂණයන්ගෙන් ද පුෂ්ටිමත් හස්‌තපාදාදියෙන් ද යුත් ඔවුහු සතුට නඩත්තු කළ ජාතියක් වූහ.
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල