News Category
From Date
To Date
Maximum Number of Result

එල්ටීටීඊ සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූ ඉංග්‍රීසි ගුරුවරියක් වූ "ශලනි " ගේ කථාව..

Nov 4, 2025 at 09:03 AM
|

පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ඉඳපු තරුණියන්ට අධ්‍යාපනය ලබා දෙද්දි අපි මුහුණ දීපු ගැටලුවක් තමයි  එතන හිටපු සමහර ලමයින්ට තමන් ගේ මව් භාෂාව  ඒ කියන්නේ දෙමළ භාෂාව ගැන මූලික දැනුමක්වත් නොතිබුණු එක . මොකද සමහර ලමයි එක එක හේතු මත පාසැල් යන්නේ නැතුව ඉඳලා කරන්නම දෙයක් නැතුව එල්ටීටීඊ සංවිධානයට බැඳිලා. අකුරු බැරි නිසා අපිට මුලින්ම කරන්න සිද්ධ උනේ එයාලට දෙමළ අකුරු කියලා දෙන එක. ඒ සඳහා හිටපු නිළධාරීන් ප්‍රමානවත් උනේ නෑ .

ඒ වන විට අඹේපුස්ස පුනරුත්ථාපන මධ්‍යස්ථානය භාර නිළධාරී ලෙස කටයුතු කල කර්නල් " හර්මන් ප්‍රනාන්දු  "  ඒ ගැටළුවට විසදුමක් සොයමින් සිටියේය . ඉන්පසු මෙම ගැටලුව විසදීමට ඉදිරිපත් වූයේ  කොළඹ පිහිටි  " ලක්ෂමන් කදිර්ගාමර් අනුස්මරණ පදනමයි  " ( කොටි සංවිධානය විසින් ඝාතනය කරන ලද එවකට විදේශ අමාත්‍ය ලක්‍ෂමන් කදිරගාමර් මහතා අනුස්මරණය සඳහා පිහිටුවන ලද්දෙකි  ) කොටි ප්‍රහාරයකින් මියගිය ලුතිනන් ජනරාල් " ඩෙන්සිල් කොබ්බෑකඩුව ගේ " දියණියකද එහි සේවය කරන ලදී .එල්ටීටීඊ තරුණියන් සඳහා අධ්‍යාපනය ලබාදීමට බාහිර සේවය සපයාගන්නා ගුරුවරුන් සඳහා වැටුප් ගෙවීමට ලක්‍ෂමන් කදිරගාමර් පදනම ඉදිරිපත් විය .

ඒ අනුව වරකාපොල ප්‍රදේශයේ පාසලක රාජකාරී කළ " නසීරා " නම් විදුහල්පතිනියක ඇතුළු කීපදෙනෙකු  පැමිණ එහි සිටි තරුණියන්ට අධ්‍යාපන කටයුතු සදහා  සහාය දෙන ලදී  . එහිදී ඉංග්‍රීසි භාෂාව උගන්වන ලද්දේ  * ශාලිනී * ( අන්වර්ථ නාමයකි ) නැමැති කොටි සාමාජිකාවයි . ඇය ගැන කපිතාන්  ජයනිට ඇත්තේ මෙවැනි මතකයකි .

" ශාලනී " යුදහමුදාට භාරවෙද්දී ඉංග්‍රීසි ගුරුවරියක් උනත් අපි ලගට ඇවිත් ඒ කථාව කීවේ නැහැ . අපිත් එයා පුහුණු ඉංග්‍රීසි ගුරුවරියක් කියලා දැන ගත්තේ ටික දවසකින්  . ඊට පස්සේ තමයි   ඉංග්‍රීසි උගන්වන රාජකාරිය " ශාලනීට " බාර දුන්නේ  .එයා ඒක හොඳට කළා . එනිසා ළමයින්ගේ කණ්ඩායමේ නායකත්වයටත් එයාටම දුන්නා  . " ශාලිනී  " අපේ උපදෙස් අනුව හොඳට වැඩ කළා  .එයා මැදිහත් වෙලා වෙලාවට ළමයින්ව පෝලිම් කරන එක ,කාලසටහනකට අනුව වැඩ කරන එක වගේ ඔක්කොම දේවල්  මූලිකත්වය අරගෙන කළා. එතන ඉඳපු නිළධාරීන් වැඩි පිරිසක් ගුරු සේවයේ ඉඳලා හමුදා සේවයට ආපු අය නිසා අපිත් එක්ක " ශාලිනී " හිතවත් වුණා. මට කීප අවස්ථාවකදීම " ශාලිනී " එක්ක වැඩිපුර කථා කරන්න අවස්ථාව ලැබුණා. එතකොට තමයි එයාගේ විස්තරය දැනගන්න ලැබුණේ. 

"ශාලිනී " හොඳ වැදගත් පව්ලක කෙනෙක්.  එයා කෝපායි අධ්‍යාපන විද්‍යා පීඨයෙන් පුහුණු වෙලා තමයි ගුරු සේවයට එකතු වෙලා තිබුණේ. මුල්ම පත්වීම ලැබිලා තිබුණේ කිළිනොච්චිය මහවිදුහලට . එතන ගුරුවරියක් විදිහට වැඩ කරද්දී තමයි කොටින්ගේ අනිවාර්ය යුධ සේවය කියන නීතිය ඇවිත් තිබුණේ. මගේ මතකයේ හැටියට ශාලිනී ගේ පව්ලේ තුන්දෙනයි . මල්ලි හෙද විදුහලේ පුහුණු වෙමින් ඉඳලා තියෙන්නෙ.  නංගි උසස් පෙල පන්තිවල ඉඳලා තියෙන්නෙ .

මෙයා නංගිවයි , මල්ලිවයි, බේරන්න ඕනෑ නිසා මම එන්නම් කියලා බැඳිලා තියෙනවා.  ' නංගිගෙයි මල්ලි ගෙයි ජීවිතය අඳුරු කරන්නේ මොකටද කියලා මම ඉදිරිපත් වුණා' කියලා තමයි කීවේ. 

සංවිධානයට බැඳුනට පස්සේ මාස කීපයක ගරිල්ලා පුහුණුවක් ලබලා තියෙනවා.  පුහුණුවෙන් පස්සේ කෙළින්ම සටන් බිමට තමයි යවලා තියෙන්නේ . මාස ගාණක් මේ විදිහට සටනෙම ඉඳලා තියෙනවා.  හැබැයි මෙයා කොටි සාමාජිකාවක් විදිහට හිටියට ස්කෝලෙ වැටුප ලැබිලා තියෙනවා.  කොටි , ඒ පාසැලේ විදුහල්පතිට නියෝග කරලා තියෙනවා රාජකාරී කරන විදිහට සටහන් දාන්න කියලා. 2008 වෙද්දි කිලිනොච්චිය පුනරීන් ප්‍රදේශයේ ඉදිරි ආරක්ෂක වලල්ලේ රාජකාරිය කරලා තියෙන්නෙ.  යුධ හමුදාවට කොහොමටත් ඉදිරියට එන්න ඉඩ තියන්නෙ නැතිව ප්‍රහාර එල්ල කරන්න කියලා තමයි නියෝග ලැබිලා තියෙන්නෙ. "

ඒ වන විට වන්නි මානුෂීය මෙහෙයුමේ නිරත යුධ හමුදාවේ 58 සේනාංකය මන්නාරමේ සිට වයඹ වෙරළ තීරය ඔස්සේ පැමිණ පුනරින් ප්‍රදේශය අත් පත් කරගැනීම සඳහා සිය ප්‍රහාර එල්ල කරමින් සිටියෝය. 58 සේනාංකයේ ප්‍රධාන අනදෙන නිළධාරී වූයේ එවකට බ්‍රිගේඩියර් " ශවේන්දා සිල්වා " ( වත්මන් යුද හමුදාපති ) ය. එම මෙහයුමේදී "ශාලිනී " අත් වූ ඉරණම විස්තර කල  කපිතාන් "  ජයනි ;

" ශාලිනී " ඉඳපු බංකරයේ හයදෙනක් ඉඳලා තියෙනවා.  කොහොම හරි හමුදාවේ ප්‍රහාරය දරුණු වෙද්දී බංකරයේ හිටපු එක්කෙනෙක් වෙඩි වැදිලා මැරිලා. තවත් දෙන්නෙක් තුවාල වෙලා. යුදහමුදාව ප්‍රහාර එල්ල කරමින් ලගටම එද්දි එතන හිටපු එක්කෙනෙක් තමන්ලග තිබුනු අත්බෝම්බයක් පුපුරුවාගෙන මැරිලා.  ඒ පිපිරුමෙන් තවත් කෙනෙක් මැරිලා. බෝම්බ කෑලි වැදිලා " ශාලිනීටත් " තුවාල වෙලා. කොහොම හරි අවසානයට ඉතුරු වෙලා තියෙන්නෙ තුන්දෙනයි. මෙයාගේ පතුරම් එහෙමත් ඉවර වෙලා.  යුදහමුදාවේ විශේෂ බලකායේ  ( S F ) භටයින් බංකරය ලගටම ඇවිත් වටකරනකම් මේ අය දන්නේ නෑලු . ඊට පස්සේ යටත් වෙන්න කියලා. ඒ වෙලාවේ තුන්දෙනාම සයනයිඩ් කාල සිය දිවි නසාගන්න හදලා  . අවසාන තප්පරයේදී  ඒ අදහස වෙනස් කරලා යුදහමුදාවට යටත් වෙලා තිබුණා. " ශාලිනී " තවත් විශේස දෙයක් කිව්වා.  හමුදාවට යටත් වුනාට එයාලට ජීවිතය ගැන විස්වාසයක් තිබිලා නෑ. යුදහමුදාවෙන් වදදීලා මරයි කියලා  සැකයකුත් හිතේ තිබිලා තියෙනවා. කොහොම හරි තුන්දෙනාම බ්‍රිගේඩියර් ශවේන්දා සිල්වා සර් ලගට එක්කරගෙන ගිහින්. "ශාලිනී " කිව්වා එයා කොටි සාමාජිකාවක් විදිහට ඉද්දී එයාල යුදහමුදාවේ ප්‍රධානින් ගැන කථා කරනවා ලූ .

එතකොට සමහරු කියනවලු " ශවේන්දා සිල්වා " කියන්නේ නපුරු හමුදා නායකයෙක් නෙමෙයි කියලා . ඒ නිසා "  ශවේන්දා සිල්වා "  සර්ව දැක්කහම මරණ එකක් නැහැ , ජීවිතය බේරුණා කියලා හිතුනලු. 

"ශාලිනී " අඹේපුස්ස කඳවුරේ හිටියේ බොහොම කැමැත්තෙන්. මේජර් ජනරාල් " දයා රත්නායක  " සර් කාලයක් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් විදිහට හිටියා. " දයා රත්නායක " සර් ආවහම එයා තීරණය කලා පාලනය පහසුවට අඹේපුස්ස කඳවුර එතනින් ඉවත් කරලා වව්නියාවට ගෙනියන්න.  ඒ වෙලාවේ "ශාලිනී " වව්නියාවේ යන්නබැහැ කියලා, බලෙන් යැව්වොත් සියදිවි හානිකරගන්නවා කීවා.  

ඒත් කොහොම හරි කැමති කරවාගෙන වව්නියාවට යැව්වා. වව්නියාවට යවලා සති කීපයකින් " ශාලිනීව" නිදහස් කළා.   එහෙම නිදහස් කරද්දි අඹේපුස්ස මධ්‍යස්ථානයේ ඉංග්‍රීසි උගන්වනපු නිසා ඒ මාස කීපයම ගුරු වැටුප හදලා දුන්නා.  " දයා රත්නායක " සර් ගේ අතින් තමයි වැටුප් චෙක් එක දුන්නේ. දැන් "ශාලිනී " විවාහවෙලා දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා.  මීගමුව ප්‍රදේශයේ පාසලක තමයි රාජකාරි කරන්නේ. එයත් එක්කම යටත් වුණු කාර්ණිකා , සොබනා  , කියලා ලමයි දෙන්නත් අපි ලඟ ඉඳලා නිදහස් උනා.  එක්කෙනෙක් විදේශ ගත වුණා." 

" ඔයත් මාධ්‍යවේදියෙක් නිසා ඔයාටත් වැදගත් වෙන දෙයක් මෙතැනදී කියන්නම් " යනුවෙන් කී කපිතන් " ජයනි " එකල සිදුවීමක් ගැන මතකය ආවර්ජනය කළාය. 

' අපි අඹේපුස්ස මධ්‍යස්ථානයේ ඉද්දී "ශාලිනී " ගේ මාධ්‍යවේදියෙක් ආවා. මේ අය හමුවෙන්න සිමා තිබුනත් මේ මාධ්‍යවේදිය ආරක්ෂක අමාත්‍යංශයේ අදාළා ස්ථානවලින් අවසර අරගෙන ආවේය. ඒ මාධ්‍යවේදියා "ශාලිනී " කථාව ඇහුවා. "ශාලිනී " එයා ගේ කථාව කියද්දී 'සයනයිඩ් කන්නේ නැතුව යුදහමුදාවට යටත් වුණේ ඇයි ?' කියලා ප්‍රශ්නයක් ඇහුවා.  ඒ ප්‍රශ්නය අහද්දී "ශාලිනීට" කඳුළු ඇවිත් ඇඬණා .

'මරණය තෝරගන්නෙ නැතුව ජීවත් වීම තෝරා ගත්තේ ඇයි කියලා අහද්දී කෙනෙක්ට ඇඬෙන්නේ නැතිද ?.' කියලා "ශාලිනී කිව්වා. "

මෙය කපිතාන් ජයනි මහත්මිය විසින් " ධරනි " කාන්තා පුවත්පතේ මාධ්‍යවේදී ༄  සනත් ප්‍රියන්ත  ༄ මහතාගේ ලිපියක් ඇසුරින් සකස් කල ලිපියක්.

(උපුටා ගැනීමක්.)



සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.