එල්ටීටීඊ සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූ ඉංග්‍රීසි ගුරුවරියක් වූ "ශලනි " ගේ කථාව..
පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ඉඳපු තරුණියන්ට අධ්‍යාපනය ලබා දෙද්දි අපි මුහුණ දීපු ගැටලුවක් තමයි එතන හිටපු සමහර ලමයින්ට තමන් ගේ මව් භාෂාව ඒ කියන්නේ දෙමළ භාෂාව ගැන මූලික දැනුමක්වත් නොතිබුණු එක . මොකද සමහර ලමයි එක එක හේතු මත පාසැල් යන්නේ නැතුව ඉඳලා කරන්නම දෙයක් නැතුව එල්ටීටීඊ සංවිධානයට බැඳිලා. අකුරු බැරි නිසා අපිට මුලින්ම කරන්න සිද්ධ උනේ එයාලට දෙමළ අකුරු කියලා දෙන එක. ඒ සඳහා හිටපු නිළධාරීන් ප්‍රමානවත් උනේ නෑ .
ඒ වන විට අඹේපුස්ස පුනරුත්ථාපන මධ්‍යස්ථානය භාර නිළධාරී ලෙස කටයුතු කල කර්නල් " හර්මන් ප්‍රනාන්දු " ඒ ගැටළුවට විසදුමක් සොයමින් සිටියේය . ඉන්පසු මෙම ගැටලුව විසදීමට ඉදිරිපත් වූයේ කොළඹ පිහිටි " ලක්ෂමන් කදිර්ගාමර් අනුස්මරණ පදනමයි " ( කොටි සංවිධානය විසින් ඝාතනය කරන ලද එවකට විදේශ අමාත්‍ය ලක්‍ෂමන් කදිරගාමර් මහතා අනුස්මරණය සඳහා පිහිටුවන ලද්දෙකි ) කොටි ප්‍රහාරයකින් මියගිය ලුතිනන් ජනරාල් " ඩෙන්සිල් කොබ්බෑකඩුව ගේ " දියණියකද එහි සේවය කරන ලදී .එල්ටීටීඊ තරුණියන් සඳහා අධ්‍යාපනය ලබාදීමට බාහිර සේවය සපයාගන්නා ගුරුවරුන් සඳහා වැටුප් ගෙවීමට ලක්‍ෂමන් කදිරගාමර් පදනම ඉදිරිපත් විය .
ඒ අනුව වරකාපොල ප්‍රදේශයේ පාසලක රාජකාරී කළ " නසීරා " නම් විදුහල්පතිනියක ඇතුළු කීපදෙනෙකු පැමිණ එහි සිටි තරුණියන්ට අධ්‍යාපන කටයුතු සදහා සහාය දෙන ලදී . එහිදී ඉංග්‍රීසි භාෂාව උගන්වන ලද්දේ * ශාලිනී * ( අන්වර්ථ නාමයකි ) නැමැති කොටි සාමාජිකාවයි . ඇය ගැන කපිතාන් ජයනිට ඇත්තේ මෙවැනි මතකයකි .
" ශාලනී " යුදහමුදාට භාරවෙද්දී ඉංග්‍රීසි ගුරුවරියක් උනත් අපි ලගට ඇවිත් ඒ කථාව කීවේ නැහැ . අපිත් එයා පුහුණු ඉංග්‍රීසි ගුරුවරියක් කියලා දැන ගත්තේ ටික දවසකින් . ඊට පස්සේ තමයි ඉංග්‍රීසි උගන්වන රාජකාරිය " ශාලනීට " බාර දුන්නේ .එයා ඒක හොඳට කළා . එනිසා ළමයින්ගේ කණ්ඩායමේ නායකත්වයටත් එයාටම දුන්නා . " ශාලිනී " අපේ උපදෙස් අනුව හොඳට වැඩ කළා .එයා මැදිහත් වෙලා වෙලාවට ළමයින්ව පෝලිම් කරන එක ,කාලසටහනකට අනුව වැඩ කරන එක වගේ ඔක්කොම දේවල් මූලිකත්වය අරගෙන කළා. එතන ඉඳපු නිළධාරීන් වැඩි පිරිසක් ගුරු සේවයේ ඉඳලා හමුදා සේවයට ආපු අය නිසා අපිත් එක්ක " ශාලිනී " හිතවත් වුණා. මට කීප අවස්ථාවකදීම " ශාලිනී " එක්ක වැඩිපුර කථා කරන්න අවස්ථාව ලැබුණා. එතකොට තමයි එයාගේ විස්තරය දැනගන්න ලැබුණේ.
"ශාලිනී " හොඳ වැදගත් පව්ලක කෙනෙක්. එයා කෝපායි අධ්‍යාපන විද්‍යා පීඨයෙන් පුහුණු වෙලා තමයි ගුරු සේවයට එකතු වෙලා තිබුණේ. මුල්ම පත්වීම ලැබිලා තිබුණේ කිළිනොච්චිය මහවිදුහලට . එතන ගුරුවරියක් විදිහට වැඩ කරද්දී තමයි කොටින්ගේ අනිවාර්ය යුධ සේවය කියන නීතිය ඇවිත් තිබුණේ. මගේ මතකයේ හැටියට ශාලිනී ගේ පව්ලේ තුන්දෙනයි . මල්ලි හෙද විදුහලේ පුහුණු වෙමින් ඉඳලා තියෙන්නෙ. නංගි උසස් පෙල පන්තිවල ඉඳලා තියෙන්නෙ .
මෙයා නංගිවයි , මල්ලිවයි, බේරන්න ඕනෑ නිසා මම එන්නම් කියලා බැඳිලා තියෙනවා. ' නංගිගෙයි මල්ලි ගෙයි ජීවිතය අඳුරු කරන්නේ මොකටද කියලා මම ඉදිරිපත් වුණා' කියලා තමයි කීවේ.
සංවිධානයට බැඳුනට පස්සේ මාස කීපයක ගරිල්ලා පුහුණුවක් ලබලා තියෙනවා. පුහුණුවෙන් පස්සේ කෙළින්ම සටන් බිමට තමයි යවලා තියෙන්නේ . මාස ගාණක් මේ විදිහට සටනෙම ඉඳලා තියෙනවා. හැබැයි මෙයා කොටි සාමාජිකාවක් විදිහට හිටියට ස්කෝලෙ වැටුප ලැබිලා තියෙනවා. කොටි , ඒ පාසැලේ විදුහල්පතිට නියෝග කරලා තියෙනවා රාජකාරී කරන විදිහට සටහන් දාන්න කියලා. 2008 වෙද්දි කිලිනොච්චිය පුනරීන් ප්‍රදේශයේ ඉදිරි ආරක්ෂක වලල්ලේ රාජකාරිය කරලා තියෙන්නෙ. යුධ හමුදාවට කොහොමටත් ඉදිරියට එන්න ඉඩ තියන්නෙ නැතිව ප්‍රහාර එල්ල කරන්න කියලා තමයි නියෝග ලැබිලා තියෙන්නෙ. "
ඒ වන විට වන්නි මානුෂීය මෙහෙයුමේ නිරත යුධ හමුදාවේ 58 සේනාංකය මන්නාරමේ සිට වයඹ වෙරළ තීරය ඔස්සේ පැමිණ පුනරින් ප්‍රදේශය අත් පත් කරගැනීම සඳහා සිය ප්‍රහාර එල්ල කරමින් සිටියෝය. 58 සේනාංකයේ ප්‍රධාන අනදෙන නිළධාරී වූයේ එවකට බ්‍රිගේඩියර් " ශවේන්දා සිල්වා " ( වත්මන් යුද හමුදාපති ) ය. එම මෙහයුමේදී "ශාලිනී " අත් වූ ඉරණම විස්තර කල කපිතාන් " ජයනි ;
" ශාලිනී " ඉඳපු බංකරයේ හයදෙනක් ඉඳලා තියෙනවා. කොහොම හරි හමුදාවේ ප්‍රහාරය දරුණු වෙද්දී බංකරයේ හිටපු එක්කෙනෙක් වෙඩි වැදිලා මැරිලා. තවත් දෙන්නෙක් තුවාල වෙලා. යුදහමුදාව ප්‍රහාර එල්ල කරමින් ලගටම එද්දි එතන හිටපු එක්කෙනෙක් තමන්ලග තිබුනු අත්බෝම්බයක් පුපුරුවාගෙන මැරිලා. ඒ පිපිරුමෙන් තවත් කෙනෙක් මැරිලා. බෝම්බ කෑලි වැදිලා " ශාලිනීටත් " තුවාල වෙලා. කොහොම හරි අවසානයට ඉතුරු වෙලා තියෙන්නෙ තුන්දෙනයි. මෙයාගේ පතුරම් එහෙමත් ඉවර වෙලා. යුදහමුදාවේ විශේෂ බලකායේ ( S F ) භටයින් බංකරය ලගටම ඇවිත් වටකරනකම් මේ අය දන්නේ නෑලු . ඊට පස්සේ යටත් වෙන්න කියලා. ඒ වෙලාවේ තුන්දෙනාම සයනයිඩ් කාල සිය දිවි නසාගන්න හදලා . අවසාන තප්පරයේදී ඒ අදහස වෙනස් කරලා යුදහමුදාවට යටත් වෙලා තිබුණා. " ශාලිනී " තවත් විශේස දෙයක් කිව්වා. හමුදාවට යටත් වුනාට එයාලට ජීවිතය ගැන විස්වාසයක් තිබිලා නෑ. යුදහමුදාවෙන් වදදීලා මරයි කියලා සැකයකුත් හිතේ තිබිලා තියෙනවා. කොහොම හරි තුන්දෙනාම බ්‍රිගේඩියර් ශවේන්දා සිල්වා සර් ලගට එක්කරගෙන ගිහින්. "ශාලිනී " කිව්වා එයා කොටි සාමාජිකාවක් විදිහට ඉද්දී එයාල යුදහමුදාවේ ප්‍රධානින් ගැන කථා කරනවා ලූ .
එතකොට සමහරු කියනවලු " ශවේන්දා සිල්වා " කියන්නේ නපුරු හමුදා නායකයෙක් නෙමෙයි කියලා . ඒ නිසා " ශවේන්දා සිල්වා " සර්ව දැක්කහම මරණ එකක් නැහැ , ජීවිතය බේරුණා කියලා හිතුනලු.
"ශාලිනී " අඹේපුස්ස කඳවුරේ හිටියේ බොහොම කැමැත්තෙන්. මේජර් ජනරාල් " දයා රත්නායක " සර් කාලයක් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් විදිහට හිටියා. " දයා රත්නායක " සර් ආවහම එයා තීරණය කලා පාලනය පහසුවට අඹේපුස්ස කඳවුර එතනින් ඉවත් කරලා වව්නියාවට ගෙනියන්න. ඒ වෙලාවේ "ශාලිනී " වව්නියාවේ යන්නබැහැ කියලා, බලෙන් යැව්වොත් සියදිවි හානිකරගන්නවා කීවා.
ඒත් කොහොම හරි කැමති කරවාගෙන වව්නියාවට යැව්වා. වව්නියාවට යවලා සති කීපයකින් " ශාලිනීව" නිදහස් කළා. එහෙම නිදහස් කරද්දි අඹේපුස්ස මධ්‍යස්ථානයේ ඉංග්‍රීසි උගන්වනපු නිසා ඒ මාස කීපයම ගුරු වැටුප හදලා දුන්නා. " දයා රත්නායක " සර් ගේ අතින් තමයි වැටුප් චෙක් එක දුන්නේ. දැන් "ශාලිනී " විවාහවෙලා දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. මීගමුව ප්‍රදේශයේ පාසලක තමයි රාජකාරි කරන්නේ. එයත් එක්කම යටත් වුණු කාර්ණිකා , සොබනා , කියලා ලමයි දෙන්නත් අපි ලඟ ඉඳලා නිදහස් උනා. එක්කෙනෙක් විදේශ ගත වුණා."
" ඔයත් මාධ්‍යවේදියෙක් නිසා ඔයාටත් වැදගත් වෙන දෙයක් මෙතැනදී කියන්නම් " යනුවෙන් කී කපිතන් " ජයනි " එකල සිදුවීමක් ගැන මතකය ආවර්ජනය කළාය.
' අපි අඹේපුස්ස මධ්‍යස්ථානයේ ඉද්දී "ශාලිනී " ගේ මාධ්‍යවේදියෙක් ආවා. මේ අය හමුවෙන්න සිමා තිබුනත් මේ මාධ්‍යවේදිය ආරක්ෂක අමාත්‍යංශයේ අදාළා ස්ථානවලින් අවසර අරගෙන ආවේය. ඒ මාධ්‍යවේදියා "ශාලිනී " කථාව ඇහුවා. "ශාලිනී " එයා ගේ කථාව කියද්දී 'සයනයිඩ් කන්නේ නැතුව යුදහමුදාවට යටත් වුණේ ඇයි ?' කියලා ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නය අහද්දී "ශාලිනීට" කඳුළු ඇවිත් ඇඬණා .
'මරණය තෝරගන්නෙ නැතුව ජීවත් වීම තෝරා ගත්තේ ඇයි කියලා අහද්දී කෙනෙක්ට ඇඬෙන්නේ නැතිද ?.' කියලා "ශාලිනී කිව්වා. "
මෙය කපිතාන් ජයනි මහත්මිය විසින් " ධරනි " කාන්තා පුවත්පතේ මාධ්‍යවේදී ༄ සනත් ප්‍රියන්ත ༄ මහතාගේ ලිපියක් ඇසුරින් සකස් කල ලිපියක්.
(උපුටා ගැනීමක්.)


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..