News Category
From Date
To Date
Maximum Number of Result

බොහෝ ගුරුවරු ළමුන්ට සැරවැර කරන්නෙ ඔවුන්ව පාලනය කර ගන්න. ඊට වෙනත් ක්‍රමයක් නැති නිසා. දඬුවම් දීම තහනම් කරපු යුරෝපයේ පාසැල්වල තියෙන විශාලතම ප්‍රශ්නය තමා, සිසුන් විනයවත් කරන්නෙ කොහොමද කියන එක.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය 23 වෙනි දා Lotte New York Palace හෝටලයේදී පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගී වී තිබිණි.

ජීවිත ආරක්ෂාව උදෙසා රාජවංශිකයෝ විවිධ වෘත්තිකයින් වෙත භාර කළ බවත් ඉන් ඔවුනගේ ජීවිත ආරක්ෂා වූ බවත් අපි ඉතිහාස කතා ඔස්සේ අසා ඇත්තෙමු. කුඹල්කරුවන්, බෙරකරුවන්, රෙදි අපුල්ලන්නන්, කම්මල්කරුවන් ඇසුරෙහි ආරක්ෂාවට තැබූ බොහෝ රාජවංශිකයන් පසුකාලීනව එම වෘත්තීන් හි ම නියැලි එය සිය ජීවන වෘත්තිය කර ගත් අයුරුත් ඇතැම් විට එයින් සමාජ වියවුල් ඇති වූ අයුරුත් අප දැක ඇත්තෙමු. මෙය ද එවන් කතාවකි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ සහ ඔහුගේ පවුලේ නිශ්චල දේපළ සහ ඒවායේ වටිනාකම පහත පරිදි ය.

ලාංකික දේශපාලකයන් විසින් ඔවුන්ම අර්බුදයක් නිර්මාණය කරගනිමින් දේශපාන අර්බුදයකටද රට ගෙන ගෙනයමින් ඇත. මෙම තත්ත්වය ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට නම් කොහෙත්ම ගැලපෙන්නේ නැත. මෙවැනි විසඳුම් නැති මඩගොහොරුවක එරී සිටින ශ්‍රී ලංකාව ඉදිරියේ කුමන තත්ත්වයකට පත්වේදැයි සිතාගන්නටවත් නොහැකි තත්ත්වයක පවතියි.

විදර්ශන ඉනිමංකඩ මහතා පොත් ප්‍රදර්ශන භූමියෙන් පන්නා ඇතැයි ගෙන යන කතාවල සත්‍යතාවක් නැහැ. ඔහු සහ ඔහුගේ මිත්‍ර සන්ථවයේ ඇතැම් හැඟවුම් සමාජය නොමග යවන සුළුයි. සංගමය පවසා ඇත්තේ ජනකට සුපුරුදු B- Hall එකෙන් කුටි 02 ක් පමණක් ලබාදිය හැකි බවයි.

චතුර අලවිස් .. විලි සංගේ නැතිව..මේ කියන්නේ මොකක්ද . මේ ප්‍රශ්නය අහන්නේ මක් නිසාද .

අයථා ආකාරයෙන් මුදල් ඉපයීම් ගැන ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය මගින් හා දේශපාලන වේදිකාවේ කෙරෙන චෝදනාවලින් වැඩිපුරම චෝදනා එල්ල වී ඇත්තේ රාජපක්ෂවරුන්ට බව රහසක් නොවේ. එම චෝදනා නීතිමය වශයෙන් සනාථ වී ඔප්පු වී නැතත් පසුගිය කාලය මුළුල්ලේම රාජපක්ෂවරුන්ගේ දේශපාලනමය පිරිහීම සඳහා ඒවා ඉවහල් වී ඇති බව අපි දනිමු.

බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනු බව මෙන්ම ඊළාම් මතවාදය ප්‍රචලිත කරන බවට චෝදනා එල්ලවන කලප්පේ අරියමග්ග නමින් පෙනීසිටින චීවරධාරියා පිළිබඳව පසුගිය සමයේ පුවත්පත් මගින් බොහෝ තොරතුරු අනාවරණය කර තිබිණි.


ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.