News Category
From Date
To Date
Maximum Number of Result

ජපානය කොන්දේසි විරහිතව මිත්‍ර පාර්ශවයේ හමුදාවලට යටත්වෙන බව මීට අවුරුදු 80 කට කලින් අද වගේ දවසක (1945 අගෝස්තු 15 වැනි දා) හිරෝහිතෝ අධිරාජයා විසින් නිල වශයෙන් නිවේදනය කළා.

2025 අප්‍රේල් 05 දා ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්දියාව සමඟ අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම ඇතුළු ගිවිසුම් 07ට එරෙහි ව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 02 විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ‍ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 04 වැනි දා තීරණය කළේ ය.

ඉන්දියාව සහ ලංකාව අතර රහසිගත ගිවිසුම් 7ක් අත්සන් කළ බවට පසුගිය කාලයේ මහත් අන්දෝලනයකට ලක්වූ අතර, මෙම ගිවිසුම් 7 සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබූනද එම පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබීය.

මතුගම ප්‍රදේශයේ “ගස්තර” ලෙස හැඳින්වෙන කුලය මූලිකව දෙමළ සමාජයේ Kasthiriyar (கஸ்திரியர்) නම් කුලයෙන් උරුමයක් ලබනවා.

පිරිවෙන් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ලැබූ ශික්ෂණයක් සහිතව සිංහල සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ සංස්කරණයේ යෙදුණු සාහිත්‍යධරයකු වශයෙන්ද දශක හයක පමණ කාලයක් මුළුල්ලේ අවසන් කිරීමට නොහැකිව තිබුණු සිංහල ශබ්දකෝෂ සම්පාදන ව්‍යාපෘතිය නිමා කිරීම වෙනුවෙන් නායකත්වය දුන් ශබ්දකෝෂ කර්තෘවරයකු වශයෙන්ද විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස සිංහල භාෂා සාහිත්‍ය කටයුතුවල ප්‍රවර්ධනය වෙනුවෙන් විශිෂ්ට ශාස්ත්‍රීය මෙහෙවරක් ඉටු කළ පඬිවරයකු වශයෙන්ද මහාචාර්ය පුඤ්චිබණ්ඩාර සන්නස්ගල ඉටු කළ සේවාව පිළිබඳ සැකෙවි විවරණයක් සැපයීම අපගේ අරමුණයි.

බංකොලොත් යැයි කියන රටක ඩොලර් බිලියනපතියෙකු බිහි වී තිබේ.

නිදහස යනු මිලකින් තොර දෙයක් නොවේ. එය ලැබෙන්නේ මිනිසුන්ගේ ජීවිත හා රුධිරය ගෙවාය. අද අප භුක්තිවිඳින නිදහස සහ සන්සුන්භාවය සඳහා ගෙවූ අධික මිල, අප විසින් අමතක කර ඇත්ද යන්න අප සිතිය යුතුය.

ඔයා විශිෂ්ට කවි හිතක් තියන මිනිහෙක්. අනික ඔයා දකුණු පළාතේ... ඔයා මොකටද මේ කෙහෙල්මල් වෛද්‍ය උපාධියක් වෙනුවෙන් නැහෙන්නේ... විසි කරන්න ඔය උපාධි පැත්තකට... යන්න දකුණේ ධීවර ජනතාවගේ සුවඳ විඳින්න... ගිහින් කවි ලියන්න.

අනුර ජනාධිනති ධූරය බාරගත්තම අගමැතිධූරය බාරදුන්නේ හරිනිට.ඒ වෙලාවේ අනුරට ඕනි නං ඒක විජිත හේරත්ටත් දෙන්නත් පුළුවන්කම තිබුණා.හැබැයි ඒ වෙලාවේ ජවිපෙ සහ මාලිමා පාර්ශවවල ඒකමතික තීරණය උනේ හරිනි.ඒ වෙන විකල්පයක් නොතිබුණ හින්දා සහ මහ මැතිවරණය ජයග්‍රහණය වෙනුවෙන් හරිනිගේ මාලිමා පාර්ශවයේ සහය අත්‍යවශ්‍ය වෙලා තිබුණ නිසයි.මහ මැතිවරණ කැම්පේන් එකට අනුර ජනාධිනති විදිහට එකතු වෙද්දී හරි ආවේ අගමැති විදිහට.ඒ මැතිවරණ කැම්පේන් එක ඇතුලේ හරිනි දෙවෙනි උනේ අනුරට විතරයි.


ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.