News Category
From Date
To Date
Maximum Number of Result

ජවිපෙ මහජන නියෝජිතයන්ගේ පිරිහීම සහ කුණුවීම..

Oct 27, 2025 at 09:24 PM
|

මහජන නියෝජිතයා කියන පුද්ගලයා සලකන්නේ ජනතාවගේ සේවකයයා විදිහටයි.එහෙම හදුන්වපු අපේ රටේ දේශපාලනය කොයි තරම් මජර ජරාජීරණ තැනකට වැටුනාද කියනවා නං අන්තිමට ජනතාව මහජන නියෝජිතයාගේ සේවකයෝ බවට පත්වුනා.පහුගිය පාලන කාලවලදී අපි ඒක ලොකුවටම දැක්කා.හැබැයි ඒ අතරත් මහජන නියෝජිත භූමිකාවට සාධාරණය ඉෂ්ඨ කරපු ජනතා නියෝජිතයෝ හිටියා.එක පක්ෂයක නෙවෙයි හැම පක්ෂයකම හිටියා,එජාපය, ශ්‍රීලනිපය සහ වමේ ව්‍යාපාරය ඇතුලේ එහෙම චරිත හදුනා ගන්න පුළුවන්.

මෙතනදී ඇත්තටම පැරණි වමේ ව්‍යාපාරයට හිමිවෙන්නේ ඉතාමත් සුවිශේෂී තැනක් බව කුහක නෙවී කියන්න ඕනි.ඒ කියන්නේ සමසමාජ,සහ කොමියුනිස්ට් පක්ෂවලට.ඇත්තටම මෑතක් වෙන තුරුම වමේ පක්ෂවල හිටපු අයගේ ජීවිත ගොඩක් චාම් සහ සරල ඒවා වුනා.අදත් ජීවතුන් අතර ඉන්න ඩිව්,තිස්ස විතාරණ,වාසු වගේ අය ගත්තත් ඒ ලක්ෂණය බලා ගන්න පුළුවන්.මේ පැරණි වමේ ව්‍යාපාරයට හිටිය ප්‍රධාන ප්‍රතිවාදියා තමයි ජවිපෙ. ජවිපෙ සහ පැරණි වම අතර අති උන සටනෙන් පැරණි වමේ ව්‍යාපාරය පරාජයට පත්වුනා.

පැරණි වම වටේට තිබුණ මහජන බලය ගැලවිලා ජවිපෙ වටේට එකතු වුනා.එතනදී පැරණි වමට පරාජය බාරගන්න උන එක හේතූවක් තමයි ජවිපෙ විසින් පෙන්නපු විප්ලවීය ජීව ගුණය.එහෙම නැතිව මාක්ස්වාදී අධ්‍යාපනය පැත්තෙන් ගත්තට පස්සේ පැරණි වමත් තියරියෙන් සන්නද්ධ කරපු ව්‍යාපාරයක්.ඒ කාලේ CPකාරයෝ එක්ක කතා කරන එක ලේසි නෑ.ජාතික වශයෙන් වගේම ප්‍රාදේශීය මට්ටම දක්වාම දේශපාලන වශයෙන් දැවැන්තයෝ පැරණි වමට හිටියා.උදාරණයක් ගත්තොත් කළවානට සරත් මුත්තට්ටුවගම ඉදිද්දී අයගමට ලැම්බට් බණ්ඩාර හිටියා.

ජවිපෙ පැරණි වම අභිබවා යන්න එක ප්‍රධාන හේතුවක් උනේ ජවිපෙ නිර්මාණය වෙන්නේ පැරණි වමට විකල්පයක් විදිහටයි.ඒක නිසා ජවිපෙ අනෙකා බවට මුල් මොහොතේම පත්වුනේ සමසමාජ,කොමියුනිස්ට් පක්ෂ දෙක.ඒක නිසා හැම අතින්ම සමාජ සමජයට වඩා කොමියුනිස්ට් පක්ෂයට වඩා උඩින් ඉන්න ජවිපෙ කල්පනා කළා.ඒ වගේම හැම ක්ෂේත්‍රයකදීම එයාලා අභිබවා යන්න ජවිපෙට පුළුවන් වුනා.මහජන බලය අතින් ගත්තත් ජවිපෙ අද රාජ්‍ය බලයට දක්වා ඇවිත් තීයනවා.

සටන්කාමිත්වය අතින් ගත්තත් ජවිපෙට දැවැන්ත සටන්කාමී ඉතිහාසයක් තියනවා.ජවිපෙ පැරණි වමට එක එක කාලවලදී එක එක නම් පටබැන්දා.පොතේ ගුරුවාදීන් කිව්වා,හාන්සි විප්ලවවාදින් කිව්වා.මෙන්ෂෙවික්වාදීන්,අවස්ථාවාදීන් කිව්වා.බත්ගොට්ටෝ කිව්වා,පවාදෙන්නෝ කියන චෝදනාවෙන් නිතර දමලා ගැහුවා.ජවිපෙ දිගමට කිව්වේ සමසමාජ,කොමියුනිස්ට් පක්ෂ වම කියලා අටවගත්ත සංවිධානයක් වටේට අපේ රටේ ජනතාව එකතු කරගෙන ලාංකීය විප්ලවයේ ගමන් මඟ අහුරනවා කියලයි.ඒ චෝදනාව ජවිපෙ විසින් ශ්‍රීලනිපයටත් එල්ල කළා.

ඒක නිසා ශ්‍රීලනිපයට සහ වමේ පක්ෂවලට යූඑන්පියට තරම්ම හෝ ඊට වැඩි වෛරයක් ජවිපෙ ඇතුලේ තියනවා.සාපේක්ෂව ගත්තොත් පැරණි වමේ නායකයන් සරල චාම් මිනිස්සු.එයාලා ජනතාවක් එක්ක හිටියා.එයාලටම වෙන්වුන පදනම් ආසන තිබුණා.වාසුට ඇහැලියගොඩ,සරත් මූත්තෙට්ටුවගමට කළවාන.ඔය වගේ හැම වමේ නායකයෙකුටම brand වෙච්චි ආසනයක් තිබුණා.

ඒක නිසා ජවිපෙත් විශේෂයෙන්ම සෝමවංශගේ නායකත්වය යටතේ වඩා හොඳ ප්‍රමිතියේ මහජන නියෝජිතයෙක් ජවිපෙ ඇතුලේ හදන්න උත්සාහ කළා.ඇත්තටම එහෙම අය ජවිපෙ ඇතුලේ හිටියා. අද ජවිපෙ ඉන්න ඇමති මැතිවරුන් පවා විපක්ෂයේ ඉන්දැද්දී ඒ ලක්ෂණ දරුවා.ප්‍රශ්න තියෙන්නේ එහෙම හිටපු පක්ෂයක මහජන නියෝජිතයෝ කොහොමද මෙච්චරයි මජරයෝ උනේ කියන එකයි.බලය තියන කාලේ අපි දැක්ක වාසුලා,ඩිව්ලා ,තිස්ස විතාරණලාම තමයි තවමත් ඉන්නේ.බලය තිබුණා හෝ නැතිවුනා කියලා එයලගේ life style එක වෙනස් වෙලා නෑ.

මේකට හේතුව මොකද්ද?එකක් මේ වෙනසට එයාලගේ සමාජ තත්වයත් බලපාන්න ඇති.පැරණි වමේ ගොඩක් නායකයින්ට තිබුණේ මැද පන්තික සමභවයක්.ගොඩක් අය නියෝජනය කළේ ඉහල මැද පන්තිය.ඒක නිසා එයාලා ලඟ දක්ෂිණාංෂික ආකල්ප ගොඩක් තිබුණා.හැබැයි ජවිපෙ නායකයින් අති බහුතරය එක්කෝ මැද පන්තියේ පහල ස්ථාරවලින් ආපු අය.එහෙමත් නැත්තං පීඩිත පන්තියෙන් ආපු අය.ගොඩක් අය ගම් ඇතුලේ තිබුණ කුල පීඩනවලින් බැට කාපු අය.

අද ඔය ඉන්න ජවිපෙ මහත්තුරු මහ ලොකු බූදල් කාරයෝ වෙන්න හැදුවට ඔය ගොඩක් අය ගැනයි එයාලගේ බුදල් ගැනයි අපි දන්නවා.මේ පීඩනය නිසා එයාලා දේශපාලනයට එන්නේ සමාජයත් එක්ක වෛරයෙන්.එයාලට ජීවිතය කියන එක ගොඩක් ඈතක තිබුණ දෙයක්.එයාලාට ජවිතය විදින්ඩ අඩු අවස්ථාවක් හම්බ වෙච්චි අය.ඒක නිසා ඔය හැම පැත්තකම ඇරියස් එකක්  එයාලට තියනවා.සෝමවංශ කරපු දේ  තමයි ජවිපෙ සාමාජිකයා තුල වර්ධනය වෙමින් ආපු ඒ සතා පක්ෂ අධ්‍යාපන ක්‍රියාවලිය ඇතුලේ මෙල්ල කිරීමයි.

ස්වයංවිවේචන විවේචනය ඇතුලේ නැවත අලූත් වෙන මිනිස්සු හැදුවා.වරද පිලිගන්න නිහතමානි මිනිස්සු හැදුවා.සෝමවංශයෙන් නායකත්වය ගිලිහිලා හතර දෙනාගේ කල්ලිය අතට බලය යනකොට ටිල්වින්ලා ඇතුලේ හැංගිලා හිටිය සතා අතපය දිගෑරලා නැගිටලා තියනවා.දැන් රාජ්‍ය බලය ලැබිලත් තියනවා.දැන් මෙයාලා බලන්නේ අර ඇරියස් වට්ටෝරුව කවර් කරගන්න.මෙයලා මුල ඉඳන් අරගෙන ආපු සමාජ වෛරයත් එතෙන්ට වැටුනම දැන් ජේවීපීකාරයා කියලා ඉන්නේ අමුතු ජීවියෙක්.

එයා කරන්නේ තමන්ට අහිමි වුන ජීවිතය අසාමාන්‍ය විදිහට විදින ගමන් මෙච්චර කල් ජීවිතය විදපු එකාට ජීවිතය විඳවීමට සැලැස්වීමයි.ඒකයි ජවිපෙ හිතන්නේ අපිට ආරක්ෂාව තියෙන්න ඕනි ප්‍රතිවාදියාට ආරක්ෂාව ඕනි නෑ කියලා.ප්‍රතිවාදියා මැරුණට කමක් නෑ.අපි විතරක් කෑවම අති ප්‍රතිවාදියා බඩගින්නේ තියන්න ඕනි කියලා.ජවිපෙට විතරයි ප්‍රජාතන්ත්‍රවාදය ඕනි වෙන කාටවත් ඕනි නෑ කියලා.ඇත්තටම මේ කුහකකමකම තමයි ජවිපෙට මෙච්චර ඉක්මනට විනාශ ගෙනාවේ.

ඔයලා හිතයි මොකද්ද වෙලා තියන විනාශය දැන් රාජ්‍ය බලයත් තියනවනේ කියලා.මේ වගේ අපරිණත ව්‍යාපාරයකට රාජ්‍ය බලය දීම තමයි විනාශය.ප්‍රශ්න තියෙන්නේ ජවිපෙ විසින්ම ඒ විනාශය එයාලට කැන්දාගෙන තියෙන්නේ.හැබැයි එයාලා විනාශ වෙන්නේ තවත් දැවැන්ත විනාශයක් මේ රටට කරලා.ඒක දැකලා නිවැරදි වෙන්න බැරි තරමට දැන් ජවිපෙ ඇතුලෙන් කුණුවෙලා.

හරි එහෙනම් ගීහින් එන්නම්.

ජයවේවා.

මීට

රටේ රාළ

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.