News Category
From Date
To Date
Maximum Number of Result

සෘජු මිලිටරි ප්‍රහාරයකට ලක්ව සිටියදී ඉස්ලාමීය ජනරජයට ස්ථාවරත්වය ප්‍රක්ෂේපණය කළ හැකිද යන්න පිළිබඳව ඉරානයේ නව නායකයා නිකුත් කළ නිවේදනය සැමවිටම පරීක්ෂණයට ලක් වනු ඇත.

මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් සුභාශිංසන එක්කරමින් සිංහල සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දුලාර ගුණතිලක විසින් සිය සමාජ මාධ්‍ය ගිනුමේ තැබූ සටහන් පහළින්..

පසුගිය දා "ප්‍රහාරයකට" ලක්ව විනාශ වූ ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාව මෙන් ම, ඉන් පසුව භාරයට ගත් IRIS Bushehr නෞකාවේ සිටි ඉරාන ජාතිකයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කටයුතු කළේ කුමන නෛතික පදනමකින් ද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබේ.

පසුගිය 08 වනදා, චීන මහජන විමුක්ති හමුදා නාවික හමුදාවේ නව වර්ගයේ 055 මාර්ගෝපදේශක මිසයිල නාශක දෙකක් වන ඩොන්ග්ගුවාන් සහ අන්කිං නිල වශයෙන් සිය මංගල දර්ශනය ආරම්භ කළහ.

ෆිට්ස් එයා (Fits Air) ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික ගුවන් සේවය බවත්, එහි සම හිමිකරුවන් දෙදෙනෙක් සිටින බවත් ෆිට්ස් එයා ආරම්භ කළේ එක්ස්පො එයා නමින් බව සහ එය ආරම්භ කළේ ඕමාර් කසීම් සහ හනීෆ් යුසූෆ් විසින් පවත් සමාජ මාධ්‍යයේ තොරතුරු අනාවරණය කරයි.

1956 ඔක්තෝබර් 29 වන දින, ඊශ්‍රායල පැරෂුට් භට කණ්ඩායමක් සිනායි අර්ධද්වීපයේ මිට්ලා දුර්ගය වෙත ගොඩ බැස්සේය. පැය දෙකකට පසු, එවකට ඊශ්‍රායල හමුදා ප්‍රකාශක ජයග්‍රාහී නිවේදනයක් නිකුත් කළේය.

බටහිර මාධ්‍ය කොතරම් වර්ණනා කළත්, යුධ පිටියේ සැබෑ තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. ලෝකයේ දියුණුම මිසයිල නාශක පද්ධතියක් ලෙස සැලකෙන "THAAD" පද්ධතියේ රේඩාර් යන්ත්‍ර ඉරාන ප්‍රහාර හමුවේ විනාශ වී ඇති බව වාර්තා වේ.

මැදපෙරදිග දේශපාලන සිතියම වෙනස් කරමින් රහසිගත උපායමාර්ගයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, මෙහි වඩාත්ම තීරණාත්මක සාධකය වී ඇත්තේ "කුර්දිස්ථානයක්" ගොඩනැගීම පිළිබඳ සිහිනය බවත් සමාජ මාධ්‍ය හරහා තොරතුරු අනාවරණය වෙමින් පවතී.

1943 මාර්තු 06 වෙනිදා උපන් සේන තෝරදෙනිය මහතාට පෙරේදාට අවුරුදු 83 ක් සම්පුර්ණ විය.


ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.