News Category
From Date
To Date
Maximum Number of Result

සුරේෂ් සලේගේ බිරිඳ ජනාධිපති අනුරට යැවූ සංවේදී ලිපිය..

Jun 5, 2026 at 09:02 AM
|

රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියාව සිටි මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාගේ බිරිඳ  අනුර දිසානායක ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ලිඛිතව ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

රැඳවුම් නියෝග මත රඳවා සිටින සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඔහු හට වධහිංසා පැමිණවීම ඇතුළු චෝදනා කිහිපයක් එමගින් එල්ල කර ඇත.‍

සුරේෂ් සලේ මහතාගේ බිරිඳ විසින් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපිය පහළින් පළවේ..

2026 මැයි 18 වැනි දින.

අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා,

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය,

ජනාධිපති ලේකම් කාර්යාලය,

ගාලු මුවදොර,

කොළඹ 01.

අතිගරු ජනාධිපතිතුමනි,

මාගේ ස්වාමිපුරුෂයා වන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා රැදවුම් නියෝග මතරඳවා තබා ගැනීම / එකී රඳවා තබා ගැනීමේ කාලය තවදුරටත් දීර්ඝ නොකිරීමට කඩිනමින් මැදිහත් වන ලෙසට කරන කාරුණික ආයාචනයයි

මේ වන විට, ගරු ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ඔබතුමාගේ නිල බලයෙන් නිකුත් කරන ලද රැඳවුම් නියෝගයක් යටතේ රඳවා තබා සිටින, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂක සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්,විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ බිරිඳ ලෙස, මම දැඩි කණගාටුවෙන් යුතුව ඔබතුමා වෙත මෙම ලිපිය ඉදිරිපත් කර සිටිමි.

මාගේ ස්වාමිපුරුෂයා විවිධ දේශපාලන පාලන තන්ත්‍රයන් යටතේ වසර 30 කට වැඩි කාලයක්, මාගේ මාතෘ භූමියට නොසැලෙන පක්ෂපාතීත්වයකින් සහ වෘත්තීය භාවයකින් යුතුව සේවය කර ඇත. ඔහුගේ මෙම කීර්තිමත් වෘත්තීය ජීවිතය තුළ, කිසිදු අවස්ථාවක ඔහු කිසිදු විෂමාචාරයක් හෝ වැරදි ක්‍රියාවක් සම්බන්ධයෙන් චෝදනාවකට ලක් වී නොමැත. ඔහුගේ සේවා වාර්ථා වලින් පිළිබිඹු වන්නේ, ඔහු රටේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජීවිත කාලය පුරාවටම අසීමිත කැපවීමක් සිදු කොට ඇති බවයි.

ඔහුට එරෙහිව නිකුත් කර ඇති රැඳවුම් නියෝගය මගින් චෝදනා කරන්නේ, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව ඔහුට පෙර දැනුමක් තිබූ බවත්, එම තොරතුරු හෙළි නොකර හිතාමතාම මඟහරිමින් එම සාහසික අපරාධ සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීම, ආධාර කිරීම සහ අනුබල දීම සිදු කළ බවටයි. ප්‍රහාරයෙන් පසුව ඔහු දැනුවත්වම අපරාධකරුවන්ගේ අනන්‍යතාවන් වසන් කළ බවටද එහි වැඩිදුරටත් චෝදනා කර ඇත. කෙසේ වෙතත්, මේ මොහොත වනතුරුත් මෙම බරපතළ චෝදනා නිසි අධිකරණයක් ඉදිරියේ සනාථ කිරීම සඳහා කිසිදු කරුණක් නඩු වාර්තාවේ අනාවරණය වී නොමැත. කිසිදු විශ්වසනීය සාක්ෂියක් නොමැති තත්ත්වයක් තුළ, මෙම රැඳවුම් නියෝගය මුල සිටම නීති විරෝධී සහ මුලුමනින්ම අසාධාරණ එකක් බව පෙනී යයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) වත්මන් අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, කතෝලික පල්ලියේ ඇතැම් පූජකවරුන් සමග එක්ව මාගේ ස්වාමිපුරුෂයාගෙන් පෞද්ගලික පළිගැනීමක් සිදු කරමින් සිටින බව ඉතා පැහැදිලිය. ශානි අබේසේකර මහතා, තම හිටපු සිර මැදිරි සගයෙකු වූ රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස් මහතා (මෙම නඩුවේ විමර්ශන නිලධාරී) යොදාගනිමින් මාගේ ස්වාමිපුරුෂයාට එරෙහිව සාක්ෂි ගෙතීම සඳහා පක්ෂපාතී විමර්ශනයක් පවත්වන බවද පැහැදිලි කරුණකි.

මෙකී රඳවා තබා ගැනීමේ කාලය තුළ මාගේ ස්වාමිපුරුෂයාට සලකන ආකාරය පිළිබඳව ද මගේ දැඩි කනස්සල්ලක් පවතී. දින 80කට ආසන්න කාලයක් අඛණ්ඩව පවතින මෙම රැඳවුම් භාරයේදී ඔහුව ප්‍රශ්න කර ඇත්තේ ඉතා සීමිත අවස්ථා කිහිපයකදී පමණක් වන අතර, මෙවැනි පහත්, අමානුෂික සහ කුරිරු තත්ත්වයන් යටතේ ඔහුව අඛණ්ඩව රඳවා තබා ගැනීමේ අවශ්‍යතාවය සහ අරමුණ පිළිබඳව බරපතළ ගැටලු මතු කරයි. පසුගිය මාසය තුළ ඔහුව ප්‍රශ්න කර ඇත්තේ අවස්ථා දෙකකදී පමණක් වන අතර එය ද ඉතා සුළු කාලයක් සඳහා බව මට දැන ගන්නට ලැබී ඇත. වත්මන් අධ්‍යක්ෂවරයාගේ එකම අරමුණ ඔහුව පීඩාවට පත් කිරීම සහ ඔහුගේ ජීවිතයට අනතුරක් විය හැකි අමානුෂික තත්ත්වයන්ට ඔහුව යටත් කිරීම පමණක් බව මින් පැහැදිලිව පෙනී යයි.

එසේම මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඔහුව කුරිරු, අමානුෂික සහ පහත් සැලකිලි වලට ලක් කර ඇති බවට මට විශ්වාසදායක මාර්ග ඔස්සේ දැනගන්නට ලැබී ඇත. දළ වශයෙන් අඩි 6.5 x 4.4 ප්‍රමාණයේ සිර මැදිරියක ඔහුව සිරකර ඇති අතර වැසිකිලි සහ නාන කාමර පහසුකම් භාවිතා කිරීමට අවසර ලබා දී ඇත්තේ පෙරවරු 6:00 සිට පස්වරු 10:00 දක්වා කාලය තුළ පමණි. ඔහුට සිර මැදිරියෙන් පිටවීමට අවසර ලබා දී ඇත්තේ නීතිඥවරුන් හෝ පවුලේ සාමාජිකයන් සමග සතිපතා හමුවීම් සඳහා හෝ ප්‍රශ්න කිරීම් වලදී පමණි.

මීයන්ගෙන් ගහන වූ සිර මැදිරියක ඔහුව රඳවා ඇති අතර, ඇතැම් රැඳවියන්ට මීයන් සපාකෑම හේතුවෙන් එන්නත් ලබාදී ඇති බවද මට දැන ගන්නට ලැබී තිබේ. මීයන් සපාකෑමට ඇති බිය නිසා, මාගේ ස්වාමිපුරුෂයාට රාත්‍රියේදී නිදාගැනීමට පවා නොහැකි වී ඇති බව වාර්තා වේ. මෙලෙස නින්ද අහිමි කිරීම ශාරීරික මෙන්ම මානසික වධහිංසාවක් ද වේ. තවද ඔහුගේ නඩුවට අදාළ කියවීම් ලේඛන පරිශීලනය කිරීමට පවා ඔහු හට ඉඩ ලබා නොදෙන අතර කිසිදු සටහන් ලබා ගැනීම ද තහනම් කර ඇත.

වඩාත් කනගාටුදායක කරුණ නම්, ඔහු රඳවාගෙන දින කිහිපයකට පසු, රත්‍රී කාලයේදී නිලධාරීන් පිරිසක් ඔහුගේ සිර මැදිරියට ඇතුළු වී, නිලධාරීන් සහ අනෙකුත් රැඳවියන් ඉදිරිපිටදී බලහත්කාරයෙන් ඔහුගේ ඇඳුම් ඉවත් කර නිරුවත් කොට, ඔහුට මාංචු දමා, නින්දා සහගත, අමානුෂික සහ පහත් සැලකිලි වලට ඔහුව ලක් කර තිබීමයි. මෙම ක්‍රියාවන් ඔබතුමාද දන්නා පරිදි 1994 අංක 22 දරන වධහිංසා පමුණුවීමට සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලි වලට හෝ දඬුවම්වලට එරෙහි සම්මුති පනතයටතේ වන බරපතළ උල්ලංඝනය කිරීම් වේ.

2026 මාර්තු 7 වන දින මෙවන් නින්දා සහගත සහ අමානුශික සැලකිලි වලට අදාලව පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි. ඉහත සදහන් කල අමනුශික නින්දා සහගත සිදුවීමට අදාළ CCTV දර්ශන මගින් මෙම වැරදි ක්‍රියාව පිළිබඳ ස්වාධීන සාක්ෂි පැහැදිලිව සපයනු ඇති බැවින් එම දර්ශන සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා වෙතපැමිණිල්ලක්/ ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී. කෙසේ වෙතත්, පොලිස්පතිවරයා වෙත කළ පැමිණිල්ල සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැති වීමත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් මේ දක්වා කිසිදු පිළිතුරක් ලැබී නොමැති වීමත් දැඩි කනගාටුවට කරුණකි.

(පොලිස්පතිවරයාට ඉදිරිපත් කළ පැමිණිල්ලේ පිටපතක් A ලෙසද, CCTV දර්ශන සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාට කරන ලද ඉල්ලීමේ පිටපතක් B ලෙස ද ලකුණු කොට මේ සමග අමුණා ඔබතුමන්ගේ අවධානයට යොමු කොට ඇත)

වෙනත් සහන අපේක්ෂා කරමින් කරන ලද ඉල්ලීම් අතරතුර, මෙම කරුණු 2026 මාර්තු 11 වන දින සහ නැවත 2026 අප්‍රේල් 22 වන දින මහේස්ත්‍රාත්තුමන්ගේ අවධානයට යොමු කරන ලදී. ඒ අනුව 2026 අප්‍රේල් 22 වන දින මහේස්ත්‍රාත්තුමන් විසින් මාගේ ස්වාමිපුරුෂයාව වහාම අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු සහ අධිකරණ වෛද්‍ය මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙස නියෝග කළේය. මහේස්ත්‍රාත්තුමන්ගේ අදාළ නියෝගය ලැබීමෙන් පසු, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ (JMO) නිගමන වලට බලපෑම් කිරීමට හෝ ඒවා සමනය කිරීමේ අරමුණින් යැයි විය හැකි පරිදි, දින 10කට වැඩි කාලයක් පුරාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාගේ ස්වාමිපුරුෂයාව ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බව මා හට දැනගන්නට ලැබී ඇත.

(2026 මාර්තු 11 වන දින ගරු අධිකරණයේ ගොනු කල මෝසමේ පිටපතක් C ලෙසද, එදිනට අදාල ජ'නල් සටහන්වල පිටපතක් D ලෙසද, 2026 අප්‍රේල් 22 වන දින සහන කිහිපයක් ඉල්ලා ගරු අධිකරණයේ ගොනු කරන ලද ලිඛිත දේශනයේ පිටපතක් E, එදිනට අදාල එකී සහන සම්බන්ධයෙන් වන ගරු අධිකරණයේ සටහන් වල පිටපතක් F ලෙසද ලකුණු කොට මේ සමග අමුණා ඔබතුමන්ගේ අවධානයට යොමු කොට ඇත)

ඉහත සඳහන් කළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් මම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද පැමිණිලි කර ඇත්තෙමි.

(එකී පැමිණිල්ලේ පිටපතක් G ලෙස ලකුණු කොට,මේ සමග අමුණා ඔබතුමන්ගේ අවධානයට යොමු කොට ඇත)

2026 මාර්තු 7 වැනි දින මාගේ පුතා සහ මාගේ ස්වාමිපුරුෂයාගේ සහෝදරයා ඔහුව බැලීමට ගිය අවස්ථාවේදී මෙම සිද්ධිය මුලින්ම මාගේ ස්වාමිපුරුෂයා විසින් මාගේ පුතාට දන්වා ඇත. එහෙත් සියලු සංවාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කරමින් සිටි බැවින්, ඔහුගේ ජීවිතයට ඇති බිය නිසා තමා මෙම අමානුෂික, අවමන් සහගත සහ වධ හිංසා පැමිණවීමේ සැලකිලිවලට ලක් වූ නිශ්චිත ආකාරය එදින මාගේ ස්වාමිපුරුෂයා විසින් හෙළි කර නොතිබුණි. එබැවින්, මාර්තු 7 වන දින අප පොලිස්පතිවරයා වෙත මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කරන විට, මාගේ ස්වාමිපුරුෂයාගෙන් සවිස්තරාත්මක ප්‍රකාශයක් සටහන් කර ගත යුතු බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතට නොගැනෙන වෙනත් විමර්ශන අංශයක් මගින් මෙම කරුණ විමර්ශනය කළ යුතු බවත් අපි එහිදී විශේෂයෙන් ඉල්ලා සිටියෙමු.

මාගේ ස්වාමිපුරුෂයාට මෙම තොරතුරු සිය නීතිඥවරුන්ට සම්පූර්ණයෙන්ම දැනුම් දීමට හැකි වූයේ 2026 මාර්තු 26 න් පසුව පමණි. ඊට හේතුව එම දිනය දක්වා ඔහු සහ ඔහුගේ නීතිඥවරුන් අතර වූ සියලු සන්නිවේදනයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කිරීමයි. 2026 මාර්තු 26 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත්තුමා විසින්, නීතිඥ සහ සේවාදායක අතර වන අදහස් හුවමාරුව වරප්‍රසාදිත සන්නිවේදනයක් ලෙස සලකමින්, ඊට බාධාවකින් තොරව පහසුකම් සලසන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට නියෝග කරන ලදි.

මෙම තත්ත්වයන්ගේ ප්‍රතිඵලයක් ලෙස, මේ වන විට මාගේ ස්වාමිපුරුෂයාගේ ශාරීරික හා මානසික තත්ත්වය වේගයෙන් පිරිහෙමින් පවතින බව පැහැදිලිය. ඔහුගේ ජීවිතය දැන් බරපතළ අවදානමක පවතී. ඔහුට කිසියම් හෝ අනතුරක් සිදු වුවහොත්, එහි වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිපාලනය, විශේෂයෙන්ම වත්මන් අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු ඔහුගේ රැඳවුම් භාරය සෘජුවම අධීක්ෂණය කරන අය වෙත පැවරෙනු ඇත.

මෙකී කරුණු සම්බන්ධයෙන්, කොන්ත්‍රාත් පදනම මත සේවයේ නිරත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා මාගේ ස්වාමිපුරුෂයාගේ භාරකාරත්වය, සුබ සාධනය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සෘජුවම වගකිව යුතු බව ඔබතුමාගේ අවධානයට යොමු කිරීම වැදගත් වේ. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම, ආධාර කිරීම සහ අනුබල දීම යන චෝදනා මත මාගේ ස්වාමිපුරුෂයා මේ වන විට සැකකරුවෙකු ලෙස නම් කර ඇති විමර්ශනය භාරව සිටින්නේ ද මෙකී අධ්‍යක්ෂවරයාමය.

පාස්කු ඉරිදා ප්‍රහාරයට තුඩු දුන් සිදුවීම් වළක්වා ගැනීමට කාලෝචිත පියවර නොගැනීම සම්බන්ධයෙන් ස්වාධීන ජනාධිපති පරීක්ෂණ කමිටුවක් විසින් දණ්ඩ නීති සංග්‍රහයේ අදාළ ප්‍රතිපාදන යටතේ මෙකී අධ්‍යක්ෂවරයාට එරෙහිව අපරාධ නඩු පැවරීම සඳහා නිර්දේශ කර ඇති බව මා හට දැන ගැනීමට ලැබී ඇති අතර එය මා දැඩි කනස්සල්ලට ලක් කරන කරුණක් වන්නේ, එකී චෝදනා ලද අධ්‍යක්ෂ කවරයකු ඒ සම්බන්ධයෙන් වන විමර්ශනයක් සිදු කිරීමම බරපතළ බැඳියාවන් අතර ගැටුමක් (conflict of interest) නිර්මාණය කිරීමයි.

එම පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළව රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් ඔහු ද විමර්ශන වලට ලක්ව ඇති බවත්, වර්තමානයේ ඔහුගේම අණ යටතේ පවතින විමර්ශන අංශය වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින්ම, එහි වත්මන් අධ්‍යක්ෂ ශානි අබේසේකරට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්නට එරෙහිව බරපතළ චෝදනා එල්ල කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ බී 34097 දරන නඩුව යටතේ කරුණු වාර්තා කර ඇති බවත් මට විශ්වාසදායක මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබී ඇත.

එවැනි තත්ත්වයන් යටතේ, එවන් පුද්ගලයකුගේ අධිකාරිය යටතේ මාගේ ස්වාමිපුරුෂයා අඛණ්ඩව රඳවා තබා ගැනීම, ඔහුට සලකන ආකාරය, විමර්ශන වල අපක්ෂපාතීත්වය සහ සාධාරණත්වය යන කරුණු ඔස්සේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතු කරයි.

තවද, මා විසින් ඉහල අධිකාරීන් වලට මේ සම්බන්ධයෙන් කරන ලද පැමිණිලි මත මේ දක්වා ක්‍රියාත්මක වීමට අපොහොසත් වීමම, ඉහළ මට්ටමේ අධිකාරින් වෙත ද මේ සම්බන්ධයෙන් වක්‍ර වගකීමක් (vicarious liability) ඇති කිරීමට හේතු වේ.

හිටපු මහාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයක සොයා ගැනීම් ද ඇතුළුව (එහි නිර්දේශ අභියෝගයට ලක් නොවී වලංගුව පවතී), පෙර විමර්ශන වලදී හඳුනාගත් වෙනත් පාර්ශ්වයන් වෙත, මෙකී විමශිත කාරණාව සම්බන්ධයෙන් එල්ල වී ඇති වගකීම බැහැර කිරීම සඳහා මාගේ ස්වාමිපුරුෂයාව බිල්ලක් බවට පත් කරමින් සිටින බව මා හට හැගී යන අතර එය ඔබතුමන් වෙත දැඩි සංවේගයෙන් යුතුව දන්වා සිටිමි.

(එකී හිටපු මහාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ අදාල නිර්දේශයන් H ලෙස ලකුණු කර මේ සමග අමුණා ඔබතුමන්ගේ අවධානයට යොමු කොට ඇත)

අතිගරු ජනාධිපතිතුමනි,

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන වල ඇති අත්තනෝමතික සහ පීඩාකාරී ස්වභාවය හේතුවෙන් එම පනත අහෝසි කරන බවට, වත්මන් රජයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් සිය කැපවීම ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබුණි. එබැවින් වත්මන් පරිපාලනය තුළ සිටින බලවත් පුද්ගලයින් විසින් සිය පෞද්ගලික සහ ද්වේශ සහගත අරමුණු ඉටු කර ගැනීම සඳහා දැන් එම ප්‍රතිපාදනම භාවිතා කරනු ලැබීම දැඩි සේ කනගාටුවට කරුණකි. වඩ වඩාත් අසාධාරණ බව පෙනී යන ක්‍රියාවලියක් සඳහා ඔබතුමාගේ ගෞරවනීය කාර්යාලය සහ අධිකාරි බලය යොදා ගනු ලැබීමට දැකීම ඊටත් වඩා බරපතළ කනස්සල්ලට තුඩු දෙන කරුණකි. අන් අය විසින් තම පෞද්ගලික වාසි තකා සිදු කරනු ලබන ක්‍රියාවන්හිදී ඔබතුමාව ඉත්තෙකු බවට පත් කර ගැනීමට ඉඩ නොතබන ලෙස, මම ඉමහත් ගෞරවයෙන් යුතුව ඉතා යටහත් පහත්ව ප්‍රකාශ කර සිටිමි.

ඒ අනුව, ඉහත කරුණු සැලකිල්ලට ගනිමින්, මම ඔබතුමාගෙන් ගෞරවයෙන් සහ කඩිනමින් ඉල්ලා සිටින්නේ:

අ) මාගේ ස්වාමිපුරුෂයාව රැඳවුම් භාරයෙන් නිදහස් කිරීම සහතික කිරීමට වහාම මැදිහත් වන ලෙසත්, නැතහොත් අවම වශයෙන් ඔහුව අධිකරණ අධීක්ෂණය යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කරන ලෙසත්,

ආ) වධහිංසා පමුණුවීම් සහ අයුතු ලෙස සැලකීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කරන ලෙසත්,

ඇ) නීතියට අනුකූලව ඔහුගේ මූලික අයිතිවාසිකම්, ගෞරවය සහ ආරක්ෂාව සුරක්ෂිත වන බවට සහතික වන ලෙසත් ය.

සාධාරණත්වය සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සම්බන්ධයෙන් මා ඔබතුමන්ව දැඩිව විශ්වාස කරන අතර මෙම කාරණයේදී ඔබතුමාගේ කඩිනම් සහ කාරුණික මැදිහත්වීම මම ඉතා ඕනෑකමින් අපේක්ෂා කර සිටිමි.

ස්තූතියි.

මෙයට විශ්වාසී,

එස්. බී. එම්. එස්. බී. සලේ

(විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ බිරිඳ)

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.