ෆාර්සි භාෂාව සහ සිංහල භාෂාව එක පවුලේ නෑදෑයන් බව දන්නවාද?.. ආක්‍රමණ හමුවේ විනාශ නොවූ ඉරානයේ පර්සියානු භාෂා උරුමය..
👉 ඉරානය ඉස්ලාම් රටක් වුණත් ඉරානයේ භාෂාව අරාබි භාෂාව නෙමෙයි. ඔවුන්ගේ භාෂාව තමයි ෆාර්සි (Farsi) කියන භාෂාව. භාෂාව කියන්නේ සංස්කෘතියක තිබෙන වැදගත්ම හා ප්‍රබලම අංගයක්. ඉස්ලාම් බලපෑම නිසා ඔවුන්ගේ භාෂා උරුමය විනාශ වුණේ නැහැ. ඒ අනුව ඉරානයේ භාවිත වන භාෂාව පුරාණ පර්සියානු සංස්කෘතියෙන් ඔවුන්ට ලැබුණු දායාදයක්.
👉 ෆාර්සි කියන්නේ අවුරුදු 2500කට වැඩි දීර්ඝ ඉතිහාසයක් සහිත ලෝකේ පැරණිම භාෂාවක්. සිංහල කියන්නෙත් අවුරුදු 2500කට වැඩි ඉතිහාසයක් සහිත ලෝකයේ පැරණිම භාෂාවක්.
👉 මවුභාෂාව හා දෙවැනි භාෂාව ලෙස ෆාර්සි භාෂාව කතා කරන මිලියන 127ක පමණ ජනගහනයක් ලෝකයේ ඉන්නවා. ලෝකයේ මිලියන 18ක පමණ ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරනවා. ඒත් ලෝකයේ ඇති 7000ක් පමණ වූ භාෂාවන්ට සාපේක්ෂව බැලීමේදී මිලියන 18 කියන්නේ කුඩා අගයක් නොවෙයි.
👉 එතකොට ෆාර්සි භාෂාව අයිති වෙන්නේ ඉන්දු යුරෝපීය භාෂා පවුලට. සිංහල භාෂාවත් ඉන්දු යුරෝපීය භාෂා පවුලට අයිති භාෂාවක්. ඒ අනුව සිංහල සහ ෆාර්සි භාෂා දෙක එක පවුලේ නෑදෑයෝ. මේ නිසාම අර්ථයෙන් හා ශබ්දයෙන් ආසන්න ලක්ෂණ පෙන්වන වචන ගණනාවක් මේ භාෂා දෙකේ තිබෙනවා. හැබැයි අරාබි භාෂාව ඉන්දු යුරෝපීය භාෂාවක් නොවෙයි.
👉 බෙහිස්ටූන් කියන සෙල්ලිපිය (Behistun Inscription) තමයි ඉරාන භාෂාව පිළිබඳ දැනට හමුවන පැරණිම ලිඛිත සාධකය විදිහට සැලකෙන්නේ. මේක ක්‍රි. පූ හය වැනි සියවසට පමණ අයිති සෙල්ලිපියක්. සිංහල භාෂාව පිළිබඳ පැරණිම ලිඛිත සාධක අයිති වෙන්නෙත් ක්‍රි. පූ හය වැනි සියවසට. ඒ තමයි අනුරාධපුර සල්ගහවත්ත කැණීමෙන් හමුවුණු සිංහල අකුරු කීපය. මෙය බෙහිස්ටූන් සෙල් ලිපිය තරම් දීර්ඝ එකක් නොවෙයි කෙටි අකුරු කීපයක් පමණයි.
👉 දැනට හමුවන පැරණිම පර්සියානු කාව්‍ය කෘතිය විදිහට සැලකෙන්නේ ෆර්ඩෝසි විසින් රචනා කරපු ෂානා මේ කියන කෘතිය. මේක ක්‍රි. ව. 1010 දි විතර ඒ කියන්නේ 11 වන සියවසේ ලියවුණු කෘතියක්. මේ කාලේ ලංකාවේ ලියවුණ කාව්‍ය කෘති අද වෙද්දි ඉතුරු වෙලා නැතත්, අපේ රටේ සීගිරි කවි ලියවුණේ මේ ආසන්න සියවස් කිහිපය තුළ.
👉 ඒ වගේම ඊට කලින් ලියවුණු කාව්‍ය විචාරය සම්බන්ධ කෘතියක් අපේ රටේ තියනවා. ඒ තමයි අට වන සියවසේ ලියවුණු සියබස්ලකර කියන පොත. ඊට අමතරව අනුරාධපුර යුගයේ දියුණු සිංහල පද්‍ය සාහිත්‍යයක් පැවති බවට තව සාධක බොහොමයක් ඉතිරි වී තිබෙනවා. ඒ අනුව සිංහල කවිය පිළිබඳ සාධක ෆාර්සි කවිය පිළිබඳ සාධකවලට වඩා පැරණියි.
👉 එතකොට ෆාර්සි භාෂාව විතරක් නෙමෙයි ෆාර්සි භාෂාව හා සම්බන්ධ දීර්ඝ ඉතිහාසයක් සහිත අද දක්වාම පැවතෙන සාහිත්‍ය සම්ප්‍රදායක් ඉරානයේ තිබෙනවා. ෆාර්සි භාෂාවෙන් ලේඛනයේ නිරත වන ලොව පිළිගත් ලේඛක ලේඛිකාවන් විශාල පිරිසක් ඉන්නවා. සිංහල භාෂාවටත් අනුරාධපුර යුගයේ සිට අද දක්වා අඛණ්ඩව පැවතෙන සාහිත්‍ය සම්ප්‍රදායක් තිබෙනවා.
👉 ඉරානයට ඉතිහාසයේ සිට විවිධ ආක්‍රමණ එල්ල වුණත් ඒ කිසිවකින් ඔවුන්ගේ භාෂා උරුමය විනාශ වුණේ නැහැ. සිංහල භාෂාවත් නොයෙක් ආක්‍රමණ මැද අද දක්වාම තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න සමත් වෙලා තිබෙනවා.
👉 ඊළගට අක්ෂර මාලාව ගැන කතා කළොත් නම් අපේ භාෂාව සහ පර්සියානු භාෂාව අතර තිබෙන්නේ සමානකමක් නෙමෙයි වෙනස්කමක්. සිංහල භාෂාවට ක්‍රිස්තු පූර්ව යුගවල සිට පරිණාමය වූ අපටම ආවේණික අක්ෂර මාලාවක් තිබෙනවා. හැබැයි පර්සියානු භාෂාව කාලයෙන් කාලයට විවිධ අක්ෂර මාලා භාවිතා කළා. අද ඔවුන් භාවිතා කරන්නේ අරාබි අක්ෂර මාලාව.
👉 මෙතන මම සඳහන් කළේ ෆාර්සි භාෂාව සහ සිංහල භාෂාව අතර සමානකම් සහ වෙනසකම් ගැන මූලික කරුණු කීපයක්.
👉 වැදගත්ම කාරණය තමයි ඉරානය යනු අන්තවාදී ඉස්ලාම් රටක් පමණක් යැයි සිතා සිටින බොහෝ දෙනාට ඉරානයේ සංස්කෘතිය තුළ ඇති පර්සියානු උරුමයන් පිළිබඳ අදහසක් නොතිබීම. ඒත් සංස්කෘතියක වැදගත්ම හා ප්‍රබලම අංගය වන භාෂාව සලකා බැලුවත් එය ඉරානය තුළ තවමත් නොනැසී පවතින පර්සියානු උරුමයන් පිළිබඳ වැදගත් හා ප්‍රබල උදාහරණයක්.
- ඉසුරු ප්‍රසංග
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..