අධ්‍යාපනඥයෙකු සහ කරුණුවාදී, මූලධර්මවාදී-න්‍යායිකවාදී විමර්ශකයකු ලෙස මා සැමවිටම උත්සාහ කරන්නේ සිදුවීමක මතුපිටින් පෙනෙන කතාවට එහා ගිය ගැඹුරු සහ විමර්ශනාත්මක යථාර්ථය සමාජගත කිරීමටයි. අද මම ඔබ හමුවට රැගෙන එන්නේ 2022 වසරේ අපේ රටේ ඇති වූ අතිශය තීරණාත්මක දේශපාලන සහ ආරක්ෂක සංධිස්ථානයක් පිළිබඳව මා විසින් සිදු කරන ලද නෛතික සහ උපායමාර්ගික විශ්ලේෂණයයි.
ඉදිරියේදී ඇතිවෙන්න නියමිත අර්බුදය සහ අරගලය ගැන සමාජය සංවාදයක් නිර්මාණය වෙලා තියනවා.ඒ අරගලයත් 2022ක පන්නයේ බල පෙරලියක් දක්වා යයිද කියන සාකච්ඡාවත් ඒ අතර තියනවා.ඒ ගැන විවිධ පුරෝකථනයන් තියනවා.රටේ රාළ දිගටම කිව්වේ 2026 අධි අර්බුදකාරී අවුරද්දක් සහ 2027 පලවෙනි කාර්තුව පෙරලිකාරී කාලපරිච්ඡේදයක් කියලයි.බල පෙරලියක් සම්බන්ධව සළකුණක් දැනට නැති උනත් දැවැන්ත අර්බුදයක් සහ අරගලයක් ගැන නං පෙරනිමිති හතර වටෙන් පහල වේගෙන එනවා.
මේ දිනවල කොළඹ ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ඉන්දියාවේ දෙවුණිමෝරි (Devnimori) සර්වඥ ධාතු ප්‍රදර්ශනය දෙස බැලූ විට ඇතිවන්නේ අමුතුම ආකාරයේ දෙගිඩියාවකි. එක් පැත්තකින් එය අතිශය ශ්‍රද්ධාවන්ත ආගමික කටයුත්තකි. නමුත් අනෙක් පැත්තෙන්, ලංකාවේ මෑතකාලීන දේශපාලන ඉතිහාසය සියුම්ව කියවන අයෙකුට මෙය හුදෙක් ආගමික කටයුත්තක් පමණක්මද යන්න පිළිබඳව සාධාරණ සැකයක් මතු වේ.
අපේ ථෙරවාදී සම්ප්‍රදාය ඇතුළේ බුද්ධඝෝෂ හාමුදුරුවන්ට තියෙන්නේ ඉතාමත් ඉහළ පිළිගැනීමක්. විසුද්ධිමග්ගය කියන විශිෂ්ට ග්‍රන්ථය සම්පාදනයත් අටුවා ලිවීමත් නිසා තමයි මේ පිළිගැනීම උන්වහන්සේට ලැබිලා තියෙන්නේ. ඒත් උන්වහන්සේවත් උන්වහන්සේ විසින් සිදු කළ කටයුතුත් විවේචනය කරන පිරිසක් මෑත කාලයේ ඉස්සරහට ඇවිල්ලා. පෙර පැවැති හෙළ අටුවා පාලියට පරිවර්තනය කිරීම බුද්ධ ධර්මයට කරපු විශාල හානියක් කියලා කියන ඒ පිරිස බුද්ධඝෝෂ හිමියන්ව විදේශ ඔත්තුකාරයෙක් කියලා හඳුන්වන තරමට ම සාහසික වෙලා.
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල