රනිල්ට රැවටිලා අනුරට රැවටිලා පා.චටත් අහුවෙමු..
ලංකාවේ මිනිස්සු රනිල්ට රැවටෙන එක නවත්ත ගන්න පුලුවන්. රටේ පැත්තෙන් ගත්තොත් මිනිස්සුන්ට හැමතිස්සෙම රනිල් ගැන පොඩි හරි සැකයක් තියෙනවා. අනුර ගැන උනත් එහෙමයි. දූෂණය වංචාව ගැන මොනවා කිවුවත් අනුරට ජාතිය ආගම ප්‍රශ්නයක් ආවොත් මිනිහා හිට ගන්නේ අනිත් පැත්තේ කියලා මේ අවුරුදු දෙකට චන්දේ දිපු 68 ලක්ෂෙන් අඩුම ගානේ 40 ලක්ෂයකට දැන් ප්‍රත්‍යක්ෂයි.
අපේ මිනිස්සු ඊළගට සැරටම රැවටෙන්නේ පා.ච රණවකට. චම්පික මොන වටේ ගියත් තාම හෙළ උරුමය විසුරුවා හැරියේ නෑ. චම්පිකගේ යට ඉන්න වෘර්කයා ත්‍රස්තවිරොධි ව්‍යාපාරය , හෙළ උරුමය කාලයේ පොරව ගත්ත සිංහ හමින් තාම වගගෙන ඉන්නේ. අපි එදා අනුර ගැන කිවුවා වගේම චම්පිකත් රනිල්ගේ ඩමියක් තමයි. චම්පික වටේ ඉන්න චම්පික උස්සන ශිරාල් ලක්තිලකලා, රසික ජයකොඩිලා වගේ ලිබරල් සෙට් එක නිසා විතරක් නෙමේ ඩේවිඩ් රිකාඩෝ ගෙ ඉඳලා මෙගා පොලිස් හරහා MCC දක්වා ගලාගෙන එන්නේ රනිල්ගේ IMF ධනවාදි සුත්‍රයම තමා. අපිට එන්න තියෙන නිගමනය නම්, ප්‍රාග්ධනය එහාට මෙහාට නිස්කලංකව ගලාගෙන යන IMF මොඩල් එකෙන් එහාට හිතන්න පුලුවන් ගට්ස් තියෙන නායකයෝ අපිට නෑ. මගේ මතකය නිවරැදි නම්,ෆොන්සේකාව වගේම චම්පිකවත් ඇමරිකාවට ගියා. ගිය ෆොන්සේකා නෙමේ ආවේ.කියලා අපි හැමෝම දන්නවා. චම්පිකගේ වේගය සහ පාවාදීම් එක්ක , ඔහු ඉතා පහසුවෙන් ඉන්දියාවේ හා/හෝ ඇමරිකාවේ ඉත්තෙක් වෙන්න පුළුවන්.
චම්පිකගේ පරණ සිංහල බෞද්ධකම ඇරුණම තවත් රැවටිල්ලක් තියෙනවා.
ඒ තමයි සිංගප්පුරුව හැදුවේ වෘත්තිකයෝ නිසා අපෙ රට හදන්න පුලුවනුත් වෘත්තිකයන්ට කියන එක. චම්පික වෘත්තිකයන්ට බලය දෙන්න කියල වහෙන් ඔරෝ කියන්නේ මට දෙන්න කියන එකයි. වෘත්තිකයෝ නම්, රොත්තක් ගෝඨාභයටත් හිටියා. අනුරටත් ඉන්නවා. මහා භාන්ඩාගාරයට හැකරා විදලා යන කන් ඒ වෘත්තිකයෝ දැනන් හිටියේ නැ. ඒ නිසා රට හදන්න තීරණාත්මක වෙන්නේ වෘත්තිකත්වයම නෙමේ.
අපේ රටේ කපටි දේශපාලඥයෝ මැත කාලයේදි මිනිස්සු රවට්ටන දේශපාලඥයන් තොර ගන්න ප්‍රබලතම ආයුධය තමයි මෙරට මධ්‍යම පන්තිය. විශේෂයෙන් 1977 ජේ.ආර්ගේ විවෘත ආර්ථිකය ඇතුලේ බිහි වුන ජාතික සහ මධ්‍ය විද්‍යාල වල සිංහලෙන් අධ්‍යාපනය ලබලා ආයාසයෙන් ඉංග්‍රිසි දැනුම ගත්ත පුද්ගලික අංශයට වැඩි බරක් තියෙන තමන්ගේ දරුවෝ කොහොම හරි ජාත්‍යන්තර පාසලකට යවන කොටස. මේ අයට තමා සිංගප්පුරු වේදනාව ගොඩක්ම තියෙන්නෙ. නූතනත්වයට ආස කරන සහනාධාර වලට වඩා දෙපයින් නැගි සිටිමට කැමති සංඛ්‍යා දත්ත, ප්‍රස්තාර, ජාත්‍යන්තර උදාහරණ, ඉංග්‍රිසි උපහැරණ එක්ක අඹරලා ඕන ගුලියක් තර්කානුකූලව දුන්නම රස නොබලා ගිලින යටත් විජිත අධ්‍යාපනයෙන් හදපු පිරිසක් මේ මධ්‍යම පන්තියේ ඉන්නේ. ඒ අධ්‍යාපනයේ අච්චුව හදල තියෙන්නේම, ඒ වගේ ලණු කන ආකෘතියකින්. එ නිසා ඒක මේ මධ්‍යම පන්තියෙ මිනිසුන්ගේ වරදක් නෙමේ.
විශේෂයෙන් බස්නාහිර, දකුණ,නුවර, කුරුණගල වගේ ඉන්න මේ උගත්තු මොනවා හරි කිවුවම ඒක අපේ සමාජ දේහයේ ගම් නියම් ගම් වලට කිඳා බහිනවා. ගොඨාගේ වියත්මගත් අනුරගේ වෘත්තීය සහ විශ්ව විද්‍යාල පරපුරත් කලේ ඕක තමයි. ඩිජිටල් ආර්ථිකය, single window BOI, ලක්ෂ 12 witz කාර් ලණු කෑව බහුතරයක් මේ මධ්‍යම පන්තියේ. අනිත් අතට සජිත් 2020දිත් 2024දිත් පරදින්න ප්‍රධාන හේතුවක් උනේ මේ මධ්‍යම පාන්තික නිලය අල්ලන්න අසමත් වුන නිසා. සජිත් ආමණ්ත්‍රණය කලේ ග්‍රාමීය දුප්පත් ජනතාවට. ජවිපේ සන්නද ව්‍යාපාරය සහ එල්ට්ටීඊ ත්‍රස්තවාදය නිසා 1990 ට කලින් හැකිලිලා තිබුන ආර්ථිකයට සහ සමාජයට ඇඟළුම්, ජනසවිය සහ දුප්පතාගේ හිතවතා වීම ආකර්ශනයක් වුනාට යුද්ධයෙන් පස්සේ රාජපක්ෂලාගේ ප්‍රදර්ශනකාමි විලම්භිත ධනවාදයේ ආශ්වාදය ලබපු මධ්‍යම පන්තිය සජිත් කිවුවත් තමන් දුප්පත් උනත් දුප්පත් බව දන්නේ නෑ. ඒක පිළිගන්න කැමතිත් නැ. චම්පික මේ මධ්‍යම පන්තියේ නිලය උපරිමයෙන් අල්ලන්න දන්නවා. අලි ශබ්‍රි, ජී.ඇල් වගේ අය වේදිකාවට ගේන්නේ ඒක නිසයි.
චම්පිකගේ එකට ගැටුම පොත එළිදක්වන වෙලාවේ චම්පිකගේ කතාවයි ශබ්‍රිගේ කතාවයි විතරයි මට අහන්න ලැබුනේ. චම්පික ඇතුලේ ඉන්න රනිල් කියව ගන්න ඒ ටික ප්‍රමාණවත්. පොතත් කියවලා උදාහරණ එක්ක ආයෙත් ලියන්නම්.
- නීතීඥ නුවන් බැල්ලන්තුඩාව
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..