හෙට එළියට බහින්නෙ සාම්ප්‍රදායිකව බැරියර් එක හොල්ලල ගෙදර ගිය අරගලකරුවන් නෙමෙයි.. ඒව බිදගෙන ගිහින් අරමුණ ජයග්‍රහණය කරපු සෙට් එක..
උත්තර දෙන්නෙ නැද්ද දෙන්න උත්තරයක් නැද්ද අපි දන්නෙ නෑ අයියේ.. ඒත් අරගලකරුවන් නිදහස් කරන්න සත්භාවයෙන් පියවරක් හරි ගත්තනම් තරුණ කටයුතු අමාත්‍යාංශය යටතේ කමිටුවක් හැදෙන්න තිබුණ. අරගලය සම්බන්ධ නඩු පිළිබඳව සියලු තොරතුරු එකතු කරගන්න තිබුණ. නිශ්චිත විසදුමක් ලැබෙනකන් නඩු ටික ෆලෝ කරන එක, පක්ෂයේ උන්ට විතරක් නැතුව අනිත් උන්ටත් එක්ක ලෝයර්ස්ල ලබා දෙන එක වගේ දේවල් ඒ කමිටුවක් හරහාම කරන්න තිබුණ. පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනල්ල ඒක තුනෙන් දෙකෙන් සම්මත කරල අරගලකරුවන්ව නිදොස් කොට නිදහස් කරන්න තිබුණ. ඒ එකක් වත් කරනව තියා අඩුම තරමෙ මේ එක නඩුවක් ගැනවත් උඹල හොයලවත් බැලුවද අයියෙ..?
අන්න ඒක නිසයි මේව එළියේ කතාකරන්න වුණේ කියන එක විතරක් මතක තියගනින් අයියේ. ඒ වගේම හෙට එළියට බහින්නෙ සාම්ප්‍රදායික ව බැරියර් එක හොල්ලල ගෙදර ගිය අරගලකරුවන් නෙමෙයි ඒව බිදගෙන ගිහින් අරමුණ ජයග්‍රහණය කරපු සෙට් එක (උඹලත් ඇතිලුව ) කියල මතක තියාගනිල්ල. උන් එළියට බැස්සම මිනිස්සුත් මේව ගැන කතාකරාවි.
විපක්ෂයත් අරගලකරුවන්ව නිදහස් කරන්න කියාවී. අර්චනා, චාමර සම්පත් එහෙම රෙදි ගැලවෙන්නම කියාවි. එතකොට අපිව නිදහස් කරන්නෙ නැත්තෙ විපක්ෂය විරෝධයක් නිසා නෙමෙයි ඔයාලගෙම ලොකු සහෝදරයොම තමයි කියල නඩු තියෙන ඔයාලට ඡ්න්දෙ දීපු අයත් දැනගනීවි.
අරගලකරුවො පාරට බැස්සම දැනට ආණ්ඩුවට විරෝධය දක්වන බොහෝ අය ඒවි අපිට සහාය දෙන්න. ඊට පස්සෙ ඉතින් නැති ප්‍රශ්න ඇතිවේවි.
ඉස්සරත් ගෝනි බිල්ලොවෙලා තමන්ගේම උන්ව පාවල දුන්න කියාවි. විජේවීරගෙ පවුලටවත් සලකපු නැති එවුන් අරගලකරුවන් ගැන බලයිද කියාවි.
ලේ වගුරුවන මට්ටමේ අරගල කරල පැරදිලත් අවස්ථා දෙකකදීම සමාව හම්බවෙලා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ආපු ඔයාල මේ කෙල්ලො කොල්ලො එකතුවෙලා සින්දු කියල, නටල, චිත්‍ර ඇඳලා, පුස්තකාල හදල, චිත්‍රපට බල බල, ඉඳලා මාස තුනෙන් ජයග්‍රහණය කරපු ආදරයේ අරගලයටවත් නිදහස දෙන්න බැරි තරම් ඔයාල කුහකයි කියාවි.
ප්‍රතිපත්ති ප්‍රකාශනයට වචන දාලා අරගලකරුවන්ගේ චන්දෙ කොල්ල කාලා අන්තිමට ඒ මිනිසුන්ට පිටු පෑවා කියලා කියන්න පටන් ගනීවි.
එකී මෙකී නොකී තව බොහෝ දේ වේවි..
ඉතින් අයියෙ ඒව වෙන්න කලින් ඔයාල නිදහස දුන්නොත් ඔයාල ගැන ගෞරවයක් හරි හිතේ තියේවි.
එහෙම නැතුව ඉතින් ආණ්ඩුව බිත්තියට හේත්තු කරල අපි ඒක කරගත්තොත් තේරුමක් නෑ නේද..?
යමක් කරන්න කලින් මතක් කලේ යුතුකමක් විදිහට.
එහෙනං අයියෙ අපි ලියල ඉවරයි. ආයෙත් මෙහෙම ඔයාලට ලියන්නෙ නෑ.
අයියලට දෙවි පිහිටයි අයියෙ.!!
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..