ලෝකයේ හොඳම ඔත්තුකරුවා කොටුකරගත් සුපිරිම බුද්ධි මෙහෙයුම - ලෝකයේ දරුණුම Cheka බුද්ධි අංශය විසින් දියත් කල Operation Trust
ලෝක ඉතිහාසයේ විවිධ ඔත්තු සේවා ගැන අපි අහලා තියෙනවා CIA, MI6, මොසාඩ් වගේම සෝවියට් දේශයේ KGB ගැනත් අපි දන්නවා. හැබැයි මේ හැමෝම හොල්මන් කරපු, ලෝකයේ දරුණුතම සහ කපටිම බුද්ධි මෙහෙයුමක් ගැන ඔබ අහලා තියෙනවද? ඒ තමයි සෝවියට් රුසියාවේ මුල් යුගයේ ක්‍රියාත්මක වුණු Cheka බුද්දි අංශය විසින් දියත් කල Operation Trust මෙහෙයුම, (Cheka 1917–1922 - විප්ලවයෙන් පස්සේ මුලින්ම හැදුණු බුද්දි අංශය)
මේක මාස්ටර් ප්ලෑන් එකක්, තමන්ගේ දරුණුතම සතුරන්ව තමන් ළඟටම ගෙන්වාගෙන පස්සේ ඒ අයව විනාශ කරපු සුපිරිම ගේමක්... අමුතු අපි අද ඔයාලට කියන්න යන්නේ මේ මෙහෙයුම ගැන,
හිතන්න ඔබ ඉන්නේ රුසියාවේ පාලනය පෙරළන්න හීන දකින දරුණු විප්ලවවාදියෙක් විදියට. එකපාරම රුසියාව ඇතුළෙන් ඔබට රහස් පණිවිඩයක් එනවා "අපි ලෑස්තියි බෝල්ෂෙවික්වරුන්ව, පන්නන්න රහස් සංවිධානයක් ඇතුළේ හැදිලා තියෙනවා. අපිට උදව් කරන්න රුසියාවට එන්න" කියලා.
ඔබත් ඔබේ පිරිසත් එක්ක බොහොම රහසිගතව, ජීවිත අවදානම අරගෙන දේශසීමා පැනලා රුසියාවට ඇතුළු වෙනවා, එහේ ඉන්න රහස් නියෝජිතයෝ ඔබව බොහොම ගෞරවයෙන් පිළිගන්නවා, හැබැයි... ඔබ සෝවියට් දේශයේ පස් පාගපු මොහොතේ ඉඳන් ඔබ ඉන්නේ ඔබේ සතුරා අටවපු මාරක දැලක කියලා ඔබ දන්නේ නැහැ.
ඔබව පිළිගන්න ආපු විප්ලවවාදියෝ විදියට පෙනී ඉන්න අය ඇත්තටම සෝවියට් රහස් පොලිසියේ දක්ෂතම ඝාතකයෝ...💀
සිදුවීම වෙන්නේ මෙහෙමයි...
🎭 1920 ගණන්වල මුල් භාගය සෝවියට් දේශයේ පාලකයා වුණු ලෙනින්ට ලොකුම හිසරදය වුණේ රටින් පිටුවහල් වෙලා හිටපු ධවල රුසියානුවන් මේ අය යුරෝපයේ රටවල් එක්ක එකතු වෙලා සෝවියට් දේශය ඇතුළේ බෝම්බ පිපිරවීම්, මිනීමැරුම් සැලසුම් කළා
සෝවියට් රහස් පොලිසියේ ප්‍රධානියා වුණු ෆීලික්ස් ඩෙසර්ජින්ස්කි ට ඕන වුණේ මේ හැමෝවම එක තැනකට ගෙනල්ලා ඉවරයක් කරලා දාන්න. එයා ගැහුවා සුපිරිම මාස්ටර් ප්ලෑනක්.
ඔවුන් රුසියාව ඇතුළේ ව්‍යාජ සංවිධානයක් හැදුවා එකේ නම MUCR ඔවුන් බටහිර රටවලට පණිවිඩ යැව්වා "අපි සෝවියට් පාලනයට විරුද්ධයි, අපිව විශ්වාස කරන්න, අපිට උදව් කරන්න" කියලා. මේක කොච්චර සාර්ථක රංගනයක්ද කියනවා නම්, බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ බුද්ධි අංශ පවා හිතුවේ මේක ඇත්තම කැරැල්ලක් කියලා...
🎯 මේ කතාවේ සුපිරිම කොටස පටන් ගන්නේ ලෝකයේ ඒ කාලේ හිටපු භයානකම ඔත්තුකරුවෙක් මේ දැලට අහුවුණාමයි. ඒ තමයි සිඩ්නි රේලි (Sidney Reilly) ඔහුව හැඳින්වූවේ Ace of Spies කියලා. (ජේම්ස් බොන්ඩ් චරිතය ලියන්න Ian Fleming ට පදනම වුණෙත් මොහුයි).
රේලි හිතුවේ තමන්ට වඩා වැඩ්ඩෙක් ලෝකේ නැහැ කියලා 1925 සැප්තැම්බර් මාසයේ රේලි රුසියාවට ආවා මේ විප්ලවවාදීන් හමුවෙන්න ඔහු හිතුවේ ඔහු ලෙනින්ගේ පාලනය පෙරළන මහා වීරයෙක් වෙයි කියලා.
හැබැයි ඔහු රුසියානු දේශසීමාව පනිනකොටම චෙකා නිලධාරීන් ඔහුව සෙවනැල්ල වගේ ලුහුබැන්දා ඔවුන් රේලිව එක්කගෙන ගියේ රහස් ආරක්ෂිත නිවසකට රේලි හිතුවේ ඔහු ඉන්නේ තමන්ගේ මිතුරෝ එක්ක කියලා හැබැයි එක මොහොතකදී හැම දෙයක්ම වෙනස් වුණා. හිනාවෙලා හිටපු මිනිස්සු එකපාරම තුවක්කු එළියට ගත්තා.
"Welcome to Moscow, Mr. Reilly You are under arrest"
ලෝකයේ සුපිරිම ඔත්තුකරුවා, සෝවියට්වරුන්ගේ Acting වලට රැවටිලා තමන්ගේම මරණය හොයාගෙන ඇවිත් තිබුණා. ඔහුව ප්‍රශ්න කරලා අන්තිමේදී මොස්කව් වනාන්තරයකදී වෙඩි තබා අවසන් ගමන් යැවුවා.
💰මේ මෙහෙයුමේ තිබුණු දරුණුම සහ හාස්‍යජනකම පැත්ත තමයි බ්‍රිතාන්‍යය සහ අනෙකුත් රටවල් මේ MUCR සංවිධානය ශක්තිමත් කරන්න විශාල වශයෙන් සල්ලි සහ රහස් තොරතුරු එව්වා.
සෝවියට් බුද්ධි අංශ කළේ ඒ සල්ලි අරගෙන තමන්ගේම රහස් පොලිසිය ශක්තිමත් කරන එක ඒ කියන්නේ සතුරන්ගේ සල්ලිවලින්ම සතුරන්ව විනාශ කරන්න සෝවියට් දේශය සමත් වුණා. ඔවුන් වසර 6ක් තිස්සේ මේ නාට්‍යය රඟපෑවා. සමහර වෙලාවට ඔවුන් බොරු පිපිරීම් පවා කළා මොකද ඔවුන්ට ඕන කළා ලෝකෙට පෙන්වන්න සෝවියට් පාලනය දුර්වලයි කියලා.
සමහර නිලධාරීන් රටින් පැනලා යනවා වගේ රඟපෑවා එහෙම කලේ බටහිර රටවල විශ්වාසය දිනාගන්න.
🏚️ 1927 වෙනකොට සෝවියට් දේශයට තර්ජනයක් වෙන්න හිටපු ප්‍රධාන සතුරන් හැමෝම වගේ මරා දාලා හෝ හිරේ දාලා ඉවරයි මෙතනින් එහාට මේ නාට්‍යය රඟපාන්න අවශ්‍ය වුණේ නැහැ.
සෝවියට් දේශය ලෝකෙටම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා Operation Trust කියන්නේ ඔවුන්ගේම නිර්මාණයක් කියලා. බටහිර ඔත්තු සේවා ගල් ගැහුණා වසර ගණනාවක් තිස්සේ තමන් රවටනු ලැබූ බවත්, තමන්ගේම සල්ලිවලින් සතුරා පෝෂණය කළ බවත් දැනගත් බ්‍රිතාන්‍ය බුද්ධි අංශ ලෝකය ඉදිරියේ අන්ත අසරණ වුණා.
🔥 Operation Trust කියන්නේ ඉතිහාස කතාවක් විතරක් නෙවෙයි ඒක අදටත් ලෝකයේ බුද්ධි අංශ පාවිච්චි කරන Counter-Intelligence (ප්‍රති-බුද්ධි) කලාවේ බයිබලය වගේ.
ඔබ යම් දෙයක් විශ්වාස කරනවා නම්, ඒක ඔබ දකින නිසාම විශ්වාස කරන්න එපා මොකද, ඔබේ සතුරා ඔබට පෙන්වන්නේ ඔබ දකින්නට කැමති දේ විතරක් වෙන්න පුළුවන් සෝවියට් දේශය ලෝකෙටම ඉගැන්වූ පාඩම ඒකයි.
ඔයාලට මේ වගේ ලෝකය හොල්ලපු රහසිගත මෙහෙයුම් ගැන තවත් කතා දැනගන්න ඕනෙද?
(මුහුණුපොතෙන්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..