ජේ. ආර්. ජයවර්ධනගේ සැන් ෆ්‍රැන්සිස්කෝ කතාව භූ-දේශපාලනික ඩීලක්ද?
දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක බලතුලනය නැවත සකස් වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර නිර්මාණය වූ ශීතල යුද්ධයේ පදනම මත ය. මෙම ගෝලීය දේශපාලන පසුබිම තුළ 1951 වසරේ පැවැත්වුණු සැන් ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුව සහ එහිදී ශ්‍රී ලංකාවේ (එවකට ලංකාව) නියෝජිත ජේ. ආර්. ජයවර්ධන මහතා කළ කතාව, හුදෙක් උදාර හැඟීම් මත පදනම් වූවකට වඩා ඉතා සූක්ෂම භූ-දේශපාලනික සැලසුමක ප්‍රතිඵලයක් ලෙස විය හැක.
ජේ. ආර්. ජයවර්ධන මහතා තරුණ කාලයේ සිටම බටහිර ලැදි, විශේෂයෙන්ම ඇමෙරිකානු ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කළා විය හැක. ඊට උදාහරණ වන්නේ ඔහුට "යැංකි ඩිකී" (Yankee Dickey) යන අන්වර්ථ නාමය පටබැඳුණේ මෙම බටහිර අනුකාරක සහ ඇමෙරිකානු හිතවාදී ආකල්ප නිසාවිය යුතියි. දෙවන ලෝක යුද්ධයටත් පෙර සිටම ඇමෙරිකානු බුද්ධි අංශ සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් ලංකාවේ මේ නැගී එන නායකයාගේ මතවාදී නැඹුරුව පිළිබඳව හොඳින් දැනුවත්ව සිටින්නට ඇත. ඇමෙරිකාවටද ආසියාතික කලාපය තුළ තම මතය ප්‍රකාශ කිරීම සඳහා විශ්වාසදායක සහ නම්‍යශීලී නායකයෙකුගේ අවශ්‍යතාව තිබෙන්නට ඇත.
1951 සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී ජපානයට එරෙහිව යුද වන්දි අය කර නොගත යුතු බවටත්, "වෛරයෙන් වෛරය නොසංසිඳේ" යන බෞද්ධ දර්ශනය පදනම් කරගනිමින් ජපානයට නිදහස දිය යුතු බවටත් ජේ. ආර්. ජයවර්ධන මහතා කළ කතාව ලෝක අවධානයට ලක් විය. කෙසේ වෙතත්, මෙය හුදෙක් ලංකාවේ ස්වාධීන තීරණයකට වඩා ඇමෙරිකානු උපායමාර්ගික අවශ්‍යතාවයට අනුකූලව සිදුවූවක් බව සිතන්නට කරුණු ඇත. යුද්ධයෙන් පසු ජපානය තමන්ගේ අනුගාමික රාජ්‍යයක් ලෙස පවත්වා ගැනීමටත්, ආසියාව තුළ කොමියුනිස්ට්වාදය පැතිරීම වැළැක්වීමටත් ඇමෙරිකාවට අවශ්‍ය විය. එවැනි ප්‍රකාශයක් ඇමෙරිකාව හෝ බටහිර බලවතෙකු විසින් කෙළින්ම සිදු කිරීමට වඩා, ආසියාතික සහ බෞද්ධ රටක් ලවා කරවීම ජාත්‍යන්තරය හමුවේ වඩාත් වැදගත් සංසිද්ධියක් ලෙස පෙනී ගියේය. ඒ සඳහා සුදුසුම රාජ්‍ය තාන්ත්‍රික මෙවලම වූයේ ජේ. ආර්. ය.
මෙම ක්‍රියාපටිපාටිය පිටුපස වූ තවත් ප්‍රධාන හා වැදගත් රහසිගත සාධකයක් වන්නේ ඇමෙරිකාව සහ ජපානය අතර සිදුවූ තාක්ෂණික හා බුද්ධිමය හුවමාරුවයි. ජපානයේ ද්වේෂසහගත රහස්‍ය පර්යේෂණ ඒකක (විශේෂයෙන්ම 731 බලකාය වැනි ජෛව විද්‍යාත්මක හා නාවික පර්යේෂණ ඒකක, සහ U-531 වැනි සබ්මැරීන තාක්ෂණික පරීක්ෂණ වාර්තා) සතුව පැවැති සියලුම විද්‍යාත්මක දත්ත ඇමෙරිකාව වෙත ලබා දීමට ජපානය එකඟ වීම මෙහි "කුප්‍රකට ඩීල්" එක විය හැක. මෙම මූලෝපායික දත්ත හුවමාරුව වෙනුවෙන් ජපාන අධිරාජ්‍යයා සහ යුද අපරාධකරුවන් ආරක්ෂා කිරීමටත්, ජපානයට බරපතල යුද වන්දි ගෙවීමෙන් නිදහස් වීමටත් ඇමෙරිකාව පසුබිම සකස් කළේය.
සංක්ෂිප්තව දක්වන්නේ නම්, සැන් ෆ්‍රැන්සිස්කෝ හිදී ජේ. ආර්. ජයවර්ධන මහතා කළ ඓතිහාසික කතාව යනු හුදෙක් ආචාරධර්මීය ප්‍රකාශයක් පමණක් නොවේ. එය "යැංකි ඩිකී" ලෙස ඇමෙරිකාව හඳුනාගෙන සිටි පුද්ගලයා ලවා, ඇමෙරිකානු-ජපාන රහසිගත ගිවිසුම්වලට සහ ඇමෙරිකාවේ ආසියානු බලතුලන උපායමාර්ගයට ජාත්‍යන්තර මට්ටමේ නීත්‍යානුකූල භාවයක් ලබා දීම සඳහා සූක්ෂම ලෙස යොදාගත් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක ප්‍රතිඵලයක් විය හැක.
- යසස් ධර්මදාස
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්