News Category
From Date
To Date
Maximum Number of Result

රාජ්‍ය නායකයෙකු ජනතාව අමතන විට අනුගමනය කළ යුතු ජාත්‍යන්තරව පිළිගත් මූලධර්ම

Sep 15, 2026 at 04:53 AM
|

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක රාජ්‍ය නායකයකු විසින් ජනතාව ඇමතීම හුදෙක් දේශපාලන කථාවක් කිරීමක් ලෙස සැලකිය නොහැක. රාජ්‍ය නායකයාගේ නිල ප්‍රකාශයක් හෝ ජාතිය අමතා කරන කථාවක් රාජ්‍යයේ ප්‍රතිපත්ති පැහැදිලි කිරීම, ජනතාවට තොරතුරු සැපයීම, අර්බුදකාරී අවස්ථාවක ජනතාවට මඟපෙන්වීම සහ රාජ්‍යය කෙරෙහි මහජන විශ්වාසය පවත්වාගෙන යාම යන කාර්යයන් ඉටු කරයි.

රාජ්‍ය නායකයන්ගේ සෑම ජනතා ඇමතුමකටම අදාළ වන, නීතිමය වශයෙන් බැඳී ඇති එක් විශ්වීය ජාත්‍යන්තර සංග්‍රහයක් නොපවතී. එහෙත් ආර්ථික සංවර්ධනය සහ සහයෝගීතාවය   සඳහා වන සංවිධානය- Organization for Economic Cooperation and Development - OECD-  සහ ලෝක සෞඛ්‍ය සංවිධානය-WHO -වැනි ජාත්‍යන්තර ආයතන විසින් රාජ්‍ය හා මහජන සන්නිවේදනය සම්බන්ධයෙන් වර්ධනය කර ඇති මූලධර්ම එකට සලකා බැලීමෙන් රාජ්‍ය නායකයෙකුගේ වගකීම් සහගත ජනතා සන්නිවේදනය සඳහා පැහැදිලි ජාත්‍යන්තර ප්‍රමිතියක් හඳුනාගත හැකිය. 

විශේෂයෙන්ම මහජන සන්නිවේදනය - public communication- යනු පොදු යහපත වෙනුවෙන් තොරතුරු ලබාදීම පමණක් නොව ජනතාවට සවන් දීම හා ඔවුන්ට ප්‍රතිචාර දැක්වීමද ඇතුළත් රාජ්‍ය කාර්යයක් ලෙස හඳුනාගනී. 

 ඒ අනුව මහජන සන්නිවේදනය සඳහා බලපානු ලබන ප්‍රධාන මූලධර්ම මෙසේය.

1. සත්‍යතාව හා නිරවද්‍යතාව — Truthfulness and Accuracy

රාජ්‍ය නායකයෙකුගේ කථාවේ මූලිකම ගුණාංගයක් විය යුත්තේ ඉදිරිපත් කරන කරුණු සත්‍ය හා නිරවද්‍ය වීමයි. ආර්ථික සංඛ්‍යා, රැකියා දත්ත, අපරාධ සංඛ්‍යා, රාජ්‍ය ආදායම් හා වියදම්, ජාතික ආරක්ෂාව හෝ වෙනත් කරුණු සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවන ආකාරයේ තොරතුරු ඉදිරිපත් කිරීම රාජ්‍යය කෙරෙහි ඇති විශ්වාසයට හානි කරයි.

WHO සන්නිවේදන රාමුවේ technical accuracy විශ්වසනීය සන්නිවේදනයේ ප්‍රධාන අංගයක් ලෙස හඳුනාගෙන ඇත.

එබැවින් රාජ්‍ය නායකයෙකුගේ කථාවක වැදගත් ප්‍රකාශ  හැකි තරම් සත්‍ය අසත්‍යතාවය සොයා බැලිය හැකි කරුණු මත පදනම් - verifiable factual basis- විය යුතුය.

2. විනිවිදභාවය — Transparency

සත්‍යය පැවසීම පමණක් ප්‍රමාණවත් නොවේ. රාජ්‍යය ගන්නා තීරණවල හේතු සහ ඒවාට පදනම් වූ තොරතුරු ජනතාවට තේරුම්ගත හැකි ආකාරයෙන් පැහැදිලි කිරීමද අවශ්‍යය.

විශේෂයෙන්ම තොරතුරු සම්පූර්ණ නොවන අවස්ථාවක,

“අප දැනට දන්නා කරුණු මෙසේය; තවමත් අප නොදන්නා හෝ තහවුරු නොවූ කරුණු මෙසේය”

යන ප්‍රවේශය වඩාත් වගකීම් සහගත වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව විවෘතභාවය සහ අවංක භාවය-openness and honesty- යනු තමන් දන්නා දේ මෙන්ම නොදන්නා දේ පිළිබඳවත් අවංක වීමයි.

3. වගවීම — Accountability

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේදී රාජ්‍ය නායකයා ජනතාවට වගකිව යුතුය. එබැවින් නිල ජනතා ඇමතුමකදී රජයේ සාර්ථකත්වයන් පමණක් ප්‍රකාශ කර අසාර්ථකත්වයන් සඟවා තැබීම සුදුසු රාජ්‍ය සන්නිවේදනයක් නොවේ.

OECD විසින් රාජ්‍ය සන්නිවේදනය යනු විනිවිද භාවය, අභිමානවත්භාවය,වගවීම සහ  සියලු පාෂාගේ සහභාගිත්වය- transparency, integrity, accountability and stakeholder participation- යන විවෘත රාජ්‍ය පාලනයේ මූලධර්ම ප්‍රවර්ධනය කිරීමේ මෙවලමක් ලෙස හඳුන්වයි. 

ඒ අනුව, වැරදි සිදුවී ඇත්නම් ඒවා පිළිගැනීම, ඒවා නිවැරදි කිරීමට ගන්නා පියවර පැහැදිලි කිරීම සහ ඒවායේ ප්‍රතිඵල පිළිබඳව නැවත ජනතාවට වාර්තා කිරීම වගවීමේ සන්නිවේදනයේ කොටසකි.

4. රාජ්‍ය සන්නිවේදනය සහ පක්ෂ දේශපාලන ප්‍රචාරණය වෙන් කිරීම

මෙය ඉතා වැදගත් මූලධර්මයකි.

රාජ්‍ය නායකයෙකුට දේශපාලන පක්ෂයක නායකයෙකු හෝ සාමාජිකයෙකු විය හැකිය. එහෙත් ඔහු හෝ ඇය රාජ්‍ය නායකයා ලෙස ජනතාව අමතන අවස්ථාව සහ දේශපාලන පක්ෂ නායකයා ලෙස පක්ෂිකයන් අමතන අවස්ථාව සංකල්පීය වශයෙන් වෙනස් වේ.

OECD මෙම වෙනස පැහැදිලිව දක්වයි. පොදු ජනතාව ආමන්ත්‍රණය කිරීම යනු- Public communication- යනු පොදු යහපත වෙනුවෙන් ජනතාවට තොරතුරු සැපයීම, ඔවුන්ට සවන්දීම සහ ප්‍රතිචාර දැක්වීමයි. දේශපාලන සන්නිවේදනය- Political communication- යනු පක්ෂ, මැතිවරණ, දේශපාලන පුද්ගලයන්  සමඟ පවත්වන සන්නිවේදනයයි. 

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් රාජ්‍ය සම්පත්, රාජ්‍ය මාධ්‍ය සහ නිල රාජ්‍ය වේදිකා පෞද්ගලික හෝ පක්ෂ ප්‍රතිරූප ගොඩනැගීම සඳහා භාවිත කිරීමෙන් වැළකීම යහපත් ප්‍රජාතන්ත්‍රවාදී සන්නිවේදනයේ වැදගත් අරමුණකි.

5. ගෞරවය සහ එකමුතුභාවය — Respect and Social Cohesion

රාජ්‍ය නායකයා තමන්ට ඡන්දය දුන් පිරිස පමණක් නොව සමස්ත රාජ්‍යයේ ජනතාව නියෝජනය කරන නිල තනතුරක් දරයි.

එබැවින් ජනතාව අමතන විට දේශපාලන විරුද්ධවාදීන්, විවේචකයන් හෝ විවිධ සමාජ කණ්ඩායම් පිළිබඳ අවමානාත්මක, වෛරී හෝ අනවශ්‍ය ලෙස සමාජය බෙදන භාෂාව භාවිත කිරීමෙන් වැළකීම වැදගත්ය.

රාජ්‍ය නායකයාගේ කථාව “අපි සහ ඔවුන්” (us versus them) යන බෙදීම්කාරී ආකෘතියට වඩා පොදු පුරවැසිභාවය හා ජාතික එකමුතුව ශක්තිමත් කරන ආකාරයෙන් පැවතිය යුතුය.

6. පැහැදිලි හා සරල භාෂාව — Clarity and Plain Language

රාජ්‍ය නායකයාගේ පණිවිඩය උගතුන්ට පමණක් නොව සාමාන්‍ය පුරවැසියාටද තේරුම්ගත හැකි විය යුතුය.

WHO මාර්ගෝපදේශ අනුව තාක්ෂණික තොරතුරු- technical information-, විශේෂඥයන් නොවන ප්‍රේක්ෂකයන්ට-non-expert audience-  තේරුම්ගත හැකි පණිවිඩ බවට පරිවර්තනය කළ යුතුය. තොරතුරු සංවිධානය කිරීමේදී වැදගත්ම කරුණු මුලින් ඉදිරිපත් කළ යුතුය.

එබැවින් අනවශ්‍ය තාක්ෂණික වචන, දිගු වාක්‍ය සහ අපැහැදිලි සංඛ්‍යාලේඛන වෙනුවට  සරල භාෂාවක් -plain language- භාවිත කිරීම යෝග්‍ය වේ.

7. කාලෝචිත බව — Timeliness

නිවැරදි තොරතුරු වැරදි වේලාවක ලබාදීමෙන්ද ඒවායේ වටිනාකම අඩුවිය හැකිය.

ජාතික ආරක්ෂක තත්ත්වයක්, ස්වාභාවික විපතක්, වසංගතයක්, ආර්ථික අර්බුදයක් හෝ වෙනත් හදිසි තත්ත්වයක් ඇති විට ජනතාවට තොරතුරු ලබාදීම අනවශ්‍ය ලෙස ප්‍රමාද නොකළ යුතුය යන්න WHO සන්නිවේදන රාමුව “communicate early” සහ “communicate at the right time” යන මූලධර්ම මගින් අවධාරණය කරයි. 

8. සංවේදීභාවය — Empathy

රාජ්‍ය නායකයෙකු කථා කරන්නේ සංඛ්‍යා හා ප්‍රතිපත්ති පිළිබඳව පමණක් නොවේ. එම ප්‍රතිපත්තිවල බලපෑමට ලක්වන මිනිසුන් පිළිබඳවද ඔහු හෝ ඇය අවධානය යොමු කළ යුතුය.

උදාහරණයක් ලෙස ආර්ථික අර්බුදයකදී,

“ජනතාව කැපකිරීම් කළ යුතුය”

යනුවෙන් පමණක් ප්‍රකාශ කිරීම සහ,

“ජීවන වියදම ඉහළ යාමෙන් පවුල් මුහුණ දෙන දුෂ්කරතාව අප හඳුනාගෙන ඇති අතර, එහි බලපෑම අවම කිරීමට මෙම පියවර ගනිමු”

යනුවෙන් ප්‍රකාශ කිරීම අතර සැලකිය යුතු සන්නිවේදනමය වෙනසක් ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය-WHO-  විශ්වසනීය සන්නිවේදනයේ පදනම ලෙස ප්‍රවීණතාවය- competence- හා අවංක භාවය - honesty-  සමඟ කැපකිරීම සහ සොයා බැලීම- commitment- and caring -  දක්වා ඇත.

9. ජනතාවට සවන්දීම සහ ද්විපාර්ශක සන්නිවේදනය— Listening and Two-Way Communication

නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය සන්නිවේදනය එක් දිශාවකට පමණක් ගලා යන ක්‍රියාවලියක් නොවේ.

ආණ්ඩුවෙන් මිනිසුන්ට-Government → People

යන සම්ප්‍රදායික ආකෘතිය වෙනුවට, ආණ්ඩුවෙන් මිනිසුන්ට සහ මිනිසුන්ගෙන් ආණ්ඩුවට- Government ⇄ People-

යන දෙපාර්ශ්වික සන්නිවේදන ආකෘතිය වඩාත් සුදුසුය.

OECD අනුව නිවැරදි හා කාලෝචිත තොරතුරු සැපයීම සමඟ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වය- stakeholder participation- සහ ප්‍රතිපෝෂණය- feedback- සඳහා අවස්ථාව ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති සෑදීමේ policy-making- ක්‍රියාවලියට අත්‍යවශ්‍ය වේ. 

එබැවින් ජනතාවගේ විවේචනය පාලනය කිරීමට උත්සාහ කිරීම වෙනුවට එය ප්‍රතිපෝෂණයක්- feedback- ලෙස සැලකීම ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයට වඩාත් ගැළපේ.

10. ප්‍රවේශ විය හැකි බව සහ ඇතුළත්කම — Accessibility and Inclusiveness

රාජ්‍ය නායකයාගේ පණිවිඩය සමාජයේ විවිධ කණ්ඩායම් වෙත ළඟා විය යුතුය.

භාෂාමය සුළුතරයන්, ආබාධ සහිත පුද්ගලයන්, තාක්ෂණික පහසුකම් අඩු ප්‍රදේශවල ජනතාව සහ විවිධ සමාජ කණ්ඩායම් පිළිබඳවද අවධානය යොමු කළ යුතුය.

ලෝක සෞඛ්‍ය සන්ධානය-WHO- විසින් ගුණාත්මක සන්නිවේදනයක- effective communication- තිබිය යුතු  ගුණාංග හයක් ලෙස, ප්‍රවේශය තිබීම, ක්‍රියාමාර්ග ගත හැකිවීම, විශ්වාස කළ හැකි වීම, කාලෝචිත වීම සහ අවබෝධ කරගැනීමට හැකිවීම- accessible, actionable, credible and trusted, relevant, timely සහ understandable- යන කරුණු හඳුනාගෙන ඇත.

ආබාධ සහිත පුද්ගලයන්ටද තොරතුරු ප්‍රවේශ විය හැකි ලෙස සැලසුම් කිරීමේ වැදගත්කම ලෝක සෞඛ්‍ය සංවිධානය- WHO 

World Health Organization- අවධාරණය කරයි.

රාජ්‍ය නායකයකුගේ කථාවක්  ඔබටද පහත දැක්වෙන සරල පරීක්ෂණය පදනම් කරගෙන  විශ්ලේෂණය කළ හැකිය:

1. ප්‍රකාශ කළ කරුණු සත්‍ය සහ තහවුරු කළ හැකිද?

2. අදාළ තොරතුරු විනිවිදභාවයෙන් ඉදිරිපත් කර තිබේද?

3. රජයේ ක්‍රියා සම්බන්ධයෙන් වගවීමක් පෙන්නුම් කරන්නේද?

4. එය රාජ්‍ය සන්නිවේදනයක්ද, පක්ෂ ප්‍රචාරණයක්ද?

5. විරුද්ධ මත දරන්නන්ටද ගෞරවයෙන් කථා කරන්නේද?

6.ජනතාව අතර බෙදීම් ඇති කරනවාද, නැතහොත් සමාජ එකමුතුව වර්ධනය කරනවාද?

7. භාෂාව සාමාන්‍ය ජනතාවට පැහැදිලි හා තේරුම්ගත හැකිද?

8. අර්බුදයකදී ජනතාවගේ දුෂ්කරතා පිළිබඳ සංවේදීභාවයක් පෙන්වනවාද?

9. ජනතා විවේචන හා අදහස් සඳහා සවන්දීමේ ඉඩක් තිබේද?

10. පණිවිඩය සියලු වැදගත් ජන කණ්ඩායම් වෙත කාලෝචිතව හා ප්‍රවේශ විය හැකි ආකාරයෙන් ලබාදී තිබේද?

නිගමනය

රාජ්‍ය නායකයෙකුගේ ජනතා ඇමතුම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ වැදගත් අංගයකි. එහි අරමුණ නායකයාගේ පෞද්ගලික හෝ පක්ෂ දේශපාලන ප්‍රතිරූපය ගොඩනැගීම පමණක් නොවිය යුතුය. එය ජනතාවට සත්‍ය හා කාලෝචිත තොරතුරු සැපයීම, රාජ්‍ය තීරණ පැහැදිලි කිරීම, වගවීම තහවුරු කිරීම, ජනතා විශ්වාසය ගොඩනැගීම සහ ජනතාව හා රාජ්‍යය අතර ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයක් ඇති කිරීම සඳහා භාවිත කළ යුතුය.

OECD විසින් මහජන සන්නිවේදනය- public communication- විවෘත පාලනයක්- open government- සහ ප්‍රජාතන්ත්‍රවාදය- democracy- ශක්තිමත් කිරීමේ මෙවලමක් ලෙස සලකන අතර, එහි මූලික පදනම ලෙස විනිවිද භාවය- transparency-, අභිමානවත් භාවය-integrity, වග වීමට හැකිවීම- accountability සහ සියලු පාර්ශ්වගේ සහභාගිත්වය- stakeholder participation-;;යන ගුණාංග දක්වා ඇත. 

එබැවින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ගේ සාරය එක් වාක්‍යයකින් දැක්විය හැක්කේ:

“රාජ්‍ය නායකයා ජනතාව අමතන්නේ ජනතාව පාලනය කිරීම සඳහා නොව, ජනතාවට තොරතුරු ලබාදීමට, ඔවුන්ට වගවීමට, ඔවුන්ට සවන්දීමට සහ පොදු යහපත වෙනුවෙන් ඔවුන් සමඟ සන්නිවේදනය කිරීමටය.”

ප්‍රධාන මූලාශ්‍ර

1. OECD (2021), OECD Report on Public Communication: The Global Context and the Way Forward, OECD Publishing, Paris. මෙය රටවල් 46ක සහ ආයතන 63ක public communication practices පදනම් කරගත් පුළුල් අධ්‍යයනයකි. 

2. World Health Organization, WHO Strategic Communications Framework for Effective Communications. එය accessible, actionable, credible, relevant, timely සහ understandable යන මූලධර්ම හය ඉදිරිපත් කරයි.

WHO Principles for Effective Communications⁠,

3. OECD, Recommendation of the Council on Open Government සහ ඒ මත පදනම් වූ Public Communication Framework. මෙහි transparency, integrity, accountability සහ stakeholder participation විවෘත රාජ්‍ය පාලනයේ මූලධර්ම ලෙස සලකා ඇත. 

ආචාර්ය නීතිඥ රාජා ගුණරත්න,

ජෙෂ්ඨ කථිකාචාර්ය, 

නීති අධ්‍යවන දෙපාර්තමේන්තුව.

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය.

සම්බන්ධිත පුවත් | Related News

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.
සරණාගතයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රෝහින්ග්‍යා අන්තවාදී මුලධර්මවාදීන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර තිබේ.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.