කැලෑ පත්තර ඇමති... ?
භාණ්ඩාගාරයෙ ඩොලර් 2,500,000 ක් නැති වීම පුදුමයක් නෙවේ...‼️
RDA එකෙන් ඔවුන්ගෙ කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් 380,000,000 වැඩිපුර ගෙවලා කියලා ඊයෙ බුකිය පුරා නිවුස් එකක් සංසරණය වෙනවා...
මේ තියෙන්නෙ ඒ ප්‍රවෘත්තිය අසත්‍යයක් කියලා ප්‍රවාහන ඇමති බිමල් රත්නායකගෙ ෆේස්බුක් ගිණුමේ දාලා තියෙන ලිපියක්...
මේක කාර්යාලීය ලිපියක්ද...? කැලෑ පත්තරයක්ද...?
කෝ දිනයක්...? කෝ වගකිවයුතු නිලධාරියෙක්ගෙ නමක්..? කෝ අත්සනක්...?
මේ ලියුම ගහන්නෙ ඇමතිවරයා නෙවේ වෙන්න පුළුවන් ඒත් තමන් විෂය බාර ඇමති විදියට මේ වගෙ ලිපියක් සමාජගත කරන්න කලින් කියවන්න ඕන නැද්ද...?
ඒ ප්‍රවෘත්තිය අසත්‍යයක් නම් අඩුම ගානෙ ඇමතිට කොන්දක් තියෙන්න ඕන වගකීම බාර අරගෙන තමන්ගෙ අත්සනින් ලිපිය නිකුත් කරන්න..
නෑ මේ ආණ්ඩුව එහෙම වගකීමක් ගන්නෙ නෑ. සෑමවිටම වගකීම පහළ නිලධාරීන්ට විතැන් කරනවා.
ඒකට කාරණා කීපයක් බලපානවා..
🔴 මේ ආණ්ඩුවට අත්දැකීම් නෑ..
🔴 මේ ආණ්ඩුවට වැඩ බෑ..
🔴 මේ ආණ්ඩුවට නව්‍යකරණයෙන් යුතු නිර්මාණශීලී චින්තනයක් නෑ..
🔴 මේ ආණ්ඩුවට කැපෑසිටි නෑ..
ඒ නිසා වගකීමක් ගන්න බයයි..
ඔෆීසියල් ලිපියක් හරි දැන්වීමක් හරි ලියනකොට දිනයක්, ලිපිනයක්, අත්සනක් ඕන කියලා උගන්නන්නෙ තුන හතර පන්තිවලදි..
රටේ කැබිනට් ඇමති කෙනෙග්ගෙත් වගකීම මෙහෙමනම් භාණ්ඩාගාරයෙ ක්ලැරිකල් ස්ටාෆ් කෙනෙක්ගෙ අතින් වැරදි ඊමේල් ඇඩ්‍රස් එහෙකටද ඩොලර් මිලියන 2.5 ක් ට්‍රාන්සර් වීම පුදුමයක් නෙවේ..
ජනාධිපති ඉඳන් කැබිනට් මණ්ඩලයෙ ඉඳන් පහළටම දශක ගානක් තිස්සේ තාප්පෙක පෝස්ටරයක් ගහගෙන හිටියා මිසක ඊට වඩා වැදගත් ලිපියක්වත් ලියන්න ඉගෙන ගත්තෙ නෑනෙ..
මේක විහිළුවක් නෙවේ. මේකෙ තියෙන භයානකත්වය තමයි සිංහල ලිපියක්වත් හරියට ලියාගන්න බැරි මේ වැඩ බැරි ආණ්ඩුව ඉන්දියාව එක්ක, ඇමරිකාව එක්ක ඉංග්‍රීසියෙන් ගහපු ගිවිසුම් වල මොනවා තියෙන්න ඇද්ද...?
මම හිතාගෙන හිටියෙ මුන් ප්‍රායෝගිකව වැඩ කරන්නෙ දන්නෙ නැතත් අඩුම තරමෙ පොතේ උගත්තු කියලා. අන්තිමට මුන්ට ඔෆීසියල් ලෙටර් එකක්, නෝටිස් එකක් ගහගන්න දන්නෙ නෑනෙ.
ඔය පරණ බිල්ඩිමක තීන්ත ටිකක් ගාගෙන, පීලි පැනපු රේල් පාරක් හදාගෙන වගෙ සූපිං වැඩ ටිකක් කරගෙන ඉන්නවා ඇරෙන්න අළුත් ව්‍යවස්ථා, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේ ලොකු ලොකු වැඩ වලට අත නොගහා හිටියා නම් ඇති..
කරන්න වැඩක් නැත්නම් ඔය කුරුම්බැට්ටි මැෂිමක් හදාගෙන , සිගරට් පෙට්ටි වලින් පුටු සෙට් එකක් හදාගෙන, කොලේක හාවෙක් ඇඳලා පුළුන් වලින් අලවගෙන, මලක් ඇඳලා ඒකෙ පරිප්පු ඇට අලවලා වගේ වැඩක් කරගෙන ඉන්න..
අඩුම ගානෙ වෙසක් එකට බැටරි දෙකක් මෝටරේකට අල්ලලා බුදූ රැස් වළල්ල කරකවන්නවත් යන්න එපා. උඹලාට ඒවා බර වැඩියි..
මොකද ඔයාලා හරි පුංචි මොළ තියන පුංචි කැපෑසිටි එකක් තියෙන හරිම පුංචි මිනිස්සු ඉන්න ආණ්ඩුවක්.. එච්චරයි..
- නිලන්ත සත්සර ගමගේ
(සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්