News Category
From Date
To Date
Maximum Number of Result

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

Jun 5, 2026 at 12:34 PM
|

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත  වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

එලෙසම දේශසීමා හරහා සිදුවන සූදු පිළිබඳ චීන රජයේ ස්ථාවරය පැහැදිලි හා ස්ථිර එකක් බව පවසන එම නිවේදනය චීන ප්‍රාග්ධනය විදේශීය කැසිනෝ සඳහා ආයෝජනය කිරීම තහනම් කර ඇති බව අවධාරණය කරයි. චීන පුරවැසියන්ට විදේශීය කැසිනෝවල මෙහෙයුම්වලට සහභාගී වීමද තහනම් කර ඇති බව පවසන එම නිවේදනය විදේශීය කැසිනෝ ක්‍රීඩාව පවත්වාගෙන ආයතන වලට චීන පුරවැසියන් සූදුවට ආකර්ෂණය කිරීමද තහනම්  බව අවධාරණය කරයි.  චීන තානාපති කාර්යාලය නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්...


චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරමින්, නීති ක්‍රියාත්මක කිරීමේ හා ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරයි

පසුගිය වසර කිහිපය තුළ දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා ලොව පුරා නිරන්තරයෙන් වර්ධනය වී ඇති අතර, ඒවා ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධවල සාමාන්‍ය තත්වයක් බවට පත්ව තිබේ. මෙවැනි අපරාධවල අපරාධකරුවන්, ගොදුරු කණ්ඩායම් සහ මෙහෙයුම් ප්‍රදේශ සියල්ලම ජාත්‍යන්තර වශයෙන් දැඩිව බැඳී ඇති ස්වභාවයක් පෙන්වයි. එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දී ඇත්තේ මෙම වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින අතරම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවයි. චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබේ.

දේශසීමා හරහා සිදුවන සූදු පිළිබඳ චීන රජයේ ස්ථාවරය පැහැදිලි හා ස්ථිර එකකි. චීන ප්‍රාග්ධනය විදේශීය කැසිනෝ සඳහා ආයෝජනය කිරීම තහනම් කර ඇත. චීන පුරවැසියන්ට විදේශීය කැසිනෝවල මෙහෙයුම්වලට සහභාගී වීමද තහනම් කර ඇත. එමෙන්ම විදේශීය කැසිනෝ ක්‍රීඩාව පවත්වාගෙන ආයතන වලට චීන පුරවැසියන් සූදුවට ආකර්ෂණය කිරීමද තහනම්ය. සූදුව බොහෝ විට මූල්‍ය විනාශයකට මඟ පාදයි. දේශසීමා හරහා සිදුවන සූදු ක්‍රියාකාරකම් හේතුවෙන් දස දහස් ගණනක් චීන පුරවැසියන්ට දේපළ හානි මෙන්ම ශාරීරික හානි ද සිදුව ඇත. එවැනි ක්‍රියාකාරකම් වංචා, මුදල් විශුද්ධිකරණය, පැහැර ගැනීම්, නීති විරෝධී රඳවා තැබීම්, මිනිස් ජාවාරම්, නීති විරෝධී දේශසීමා තරණය කිරීම වැනි අනෙකුත් අපරාධ හා නීති විරෝධී ක්‍රියා සඳහා ද හේතු විය හැකිය. මේ වන චීන අපරාධ නීතියේ නව සංශෝධන මගින් දේශසීමා හරහා සිදුවන සූදු ක්‍රියාකාරකම් අපරාධ ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

අපරාධ ක්‍රියාකාරකම්වල ව්‍යුහය ගැඹුරු වෙනස්කම්වලට ලක්වෙමින් පවතින අතර, සාම්ප්‍රදායික අපරාධ වේගයෙන් අන්තර්ජාලය හරහා ව්‍යාප්ත වෙමින් නව ආකාරයන් ගනිමින් තිබේ. විදුලි සංදේශ හා මාර්ගගත වංචා මූලික කරගත් නව අපරාධ ලෝක ජනයාට හිසරදයක් මෙන්ම ජාත්‍යන්තර නීති ක්‍රියාත්මක කිරීමේ හා පාලන පද්ධතිවලට ඇති විශාල අභියෝගයක් බවටද පත්ව තිබේ. මානව වර්ගයාගේ හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමේ දැක්ම යටතේ, චීනය අන්තර්ජාතික විදුලි සංදේශ හා මාර්ගගත වංචා මර්දනය කිරීමේදී අදාළ පාර්ශ්ව සමඟ සැලකිය යුතු ප්‍රතිඵල අත් පත් කරගෙන ඇත.

පසුගිය වසරවලදී චීනය ස්පාඤ්ඤය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මියන්මාරය සහ කාම්බෝජය ඇතුළු රටවල් සමඟ නීති ක්‍රියාත්මක කිරීමේ සහයෝගිතාව ක්‍රියාත්මක කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ රටවල සිටි වංචා සැකකරුවන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ආපසු ගෙන්වාගෙන ඇත. තවද, විදුලි සංදේශ හා මාර්ගගත වංචා මර්දනය සඳහා ජාත්‍යන්තර සන්ධානයක් පිහිටුවීමේ යෝජනාවද චීනය විසින් ඉදිරිපත් කර ඇති අතර, එමගින් සියලු පාර්ශ්ව සහ ජාත්‍යන්තර ප්‍රජාව එක්ව මෙම අපරාධ නිසා ඇතිවන පාලන අභියෝගවලට මුහුණ දීම හා සම්බන්ධීකරණය, පුළුල් සහභාගීත්වය සහ ඒකාබද්ධ ක්‍රියාමාර්ග මත පදනම් වූ නව ගෝලීය රාමුවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරයි.

මෙම වසර ආරම්භයේ සිට, මාර්ගගත සූදු, විදුලි සංදේශ වංචා සහ ඒවාට සම්බන්ධ අපරාධ කර්මාන්තවල නිරත පුද්ගලයන් වෙනත් රටවලින් ශ්‍රී ලංකාව වෙත සංක්‍රමණය වීමේ ප්‍රවණතාව ඉහළ යාමට ප්‍රතිචාර වශයෙන්, චීනය සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධ නීති ක්‍රියාත්මක කිරීමේ උත්සාහයන් තීව්‍ර කර ඇත.ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, මුදල් හා මහජන ආරක්ෂක අමාත්‍යාංශ ඇතුළු අදාළ ආයතන සමඟ සන්නිවේදනය හා සම්බන්ධීකරණය ශක්තිමත් කර ඇති අතර, දෙරටේ නීති ක්‍රියාත්මක කිරීමේ ආයතන ප්‍රායෝගික සහයෝගිතාව තවදුරටත් ගැඹුරු කරමින් සිටී.

ශ්‍රී ලංකාවේ නීති ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් විසින් විමර්ශන සහ වැටලීම් රැසක් සිදු කර ඇති අතර, සූදු හා වංචා මධ්‍යස්ථාන ගණනාවක් විනාශ කර, රටවල් කිහිපයක පුරවැසියන් ඇතුළු විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත. වංචා සම්බන්ධ අපරාධවලට සම්බන්ධ චීන ජාතිකයන් කිහිප දෙනෙකු චීන පාර්ශ්වයට භාර දී තිබේ. එමගින් මෙවැනි ක්‍රියා වලට දැඩි වැළැක්වීමේ බලපෑමක් ඇති කර තිබේ. චීන මහජන ආරක්ෂක බලධාරීන් අදාළ නඩු විමර්ශනය හා නීතිමය කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා උපරිම උත්සාහ දරමින් සිටී.

විශේෂයෙන්ම ආගමන බලධාරීන් සහ පොලීසිය ඇතුළු ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, මුදල් සහ මහජන ආරක්ෂක අංශ විසින් ගෙන ඇති වෙහෙසකර හා ඵලදායී ක්‍රියාමාර්ග චීන පාර්ශ්වය ඉතා ඉහළින් අගය කරයි.

ශ්‍රී ලංකාවේ මෑතකදී සූදු හා වංචා සම්බන්ධ අපරාධ ඉහළ යාම කලාපීය අපරාධ ජාලයන්ගේ ව්‍යාප්තියේ සෘජු ප්‍රතිඵලයකි. නැගෙනහිර හා අග්නිදිග ආසියාවේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් “වඩාත් දුරස්ථ සහ අවදානම් සහිත” කලාප වෙත මෙන්ම කලාපයෙන් පිටතටද ව්‍යාප්ත වෙමින් සිටී. වංචා මධ්‍යස්ථාන, භූගත බැංකු මෙහෙයුම් සහ නීති විරෝධී මාර්ගගත වෙළඳපොළවල් වැනි අපරාධ ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය වූ ආකාරයෙන් ව්‍යාප්ත වීමේ ලක්ෂණ පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකාවේ නීති විරෝධී සූදු, මාර්ගගත සූදු, විදුලි සංදේශ වංචා සහ ඒවාට සම්බන්ධ අපරාධ ව්‍යාප්තිය වහාම මැඩපැවැත්වීමට දැඩි පියවර නොගතහොත්, එම ක්‍රියාකාරකම් රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට දැඩි හානි සිදු කරනු ඇත. එමෙන්ම මහජන ආරක්ෂාව සහ සමාජ ස්ථාවරත්වය අඩපණ කරමින්, ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව, අවශ්‍යතා සහ සුරක්ෂිතභාවය පිළිබඳ හැඟීම බරපතළ ලෙස හානි කරනු ඇත.

ශ්‍රී ලංකාවේ සූදු හා වංචා සම්බන්ධ අපරාධ මර්දනය කිරීම, අදාළ සැකකරුවන් කඩිනමින් ආපසු භාර දීම සහ නීතිය අනුව වගකීමට ලක් කිරීම, එම අපරාධවලට පිටුපසින් සිටින අපරාධ, සංවිධාන හා මූල්‍ය ජාල විනාශ කිරීම සඳහා චීනය හා ශ්‍රී ලංකාව එක්ව කටයුතු කිරීම මගින් මෙම අපරාධවලට එරෙහිව වඩා ශක්තිමත් ආරක්ෂක පවුරක් ගොඩනැගිය හැකිය. එම සහයෝගිතාව දෙරටේ ජනතාවගේ ජීවිත, දේපළ හා නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට, මූල්‍ය ආරක්ෂාව හා සමාජ ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමට, ශ්‍රී ලංකාවේ නීති ක්‍රියාත්මක කිරීමේ සහ අධිකරණ සම්පත් අනවශ්‍ය ලෙස වැය වීම වැළැක්වීමට, සූදු හා වංචා ජාලයන්ගේ ව්‍යාප්තිය පාලනය කිරීමට සහ පිරිසිදු, ආරක්ෂිත හා සුන්දර ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට දායක වනු ඇත.

දේශසීමා හරහා සිදුවන සූදු හා වංචා සම්බන්ධ අපරාධ මර්දනය සහ පාලනය කිරීම ජාත්‍යන්තර ප්‍රජාව මුහුණ දෙන පොදු අභියෝගයකි. එය දිගුකාලීන හා දුෂ්කර කාර්යයක් ලෙස පවතී. ඉදිරියේදී චීන රජය ගෝලීය ආරක්ෂක මුලපිරීම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීම ක්‍රියාත්මක කිරීමත්, විදුලි සංදේශ හා මාර්ගගත වංචා මර්දනය සඳහා ජාත්‍යන්තර සන්ධානයක් පිහිටුවීම ප්‍රවර්ධනය කිරීමත් සිදු කරනු ඇත.

චීනය ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල් සමඟ ප්‍රායෝගික හා කාර්යක්ෂම නීති ක්‍රියාත්මක කිරීමේ සහ ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින්, විදුලි සංදේශ හා මාර්ගගත වංචා අපරාධවලට දැඩිව එරෙහිව කටයුතු කරනු ඇත. එමෙන්ම දේශසීමා හරහා සිදුවන අපරාධ මර්දනය සඳහා නව රාමුවක් ගොඩනැගීමට ද එක්ව කටයුතු කරනු ඇත. එවැනි උත්සාහයන් දෙරටේ ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම, ආර්ථික හා සමාජීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ චීනය හා ශ්‍රී ලංකාව අතර විස්තීර්ණ ප්‍රායෝගික සහයෝගිතාව තවදුරටත් ගැඹුරු කිරීම සඳහා ආරක්ෂිත, ස්ථාවර සහ නීතිය මත පදනම් වූ පරිසරයක් නිර්මාණය කිරීමට උපකාරී වනු ඇත.

සම්බන්ධිත පුවත් | Related News

ගුරුවරුන්ගේ ඉල්ලීම් බලන්න වෙන්නේ 2028 දී. එල්ල වන චෝදනා තඹ සතේකටවත් ගණන් ගන්නේ නෑ යයි නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා පවසයි.
තමන්ට අවශ්‍ය ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මෙරට අධිකරණ පද්ධතියේ විනිසුරු මඬුලු සැලසුම්සහගතව සකස් කිරීමේ (Bench Fixing) ක්‍රියාවලියක් සිදුවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
30 වැනිදා රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහාය දක්වන්නේ ද යන්න පිළිබඳ තීරණය අද (29) ගැනීමට නියමිත බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.
වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයේ ප්‍රමාණය හා එහි නඩත්තු වියදම් සම්බන්ධයෙන් විවාදාත්මක අදහසක් පළ කර තිබේ.
යාපනය ප්‍රදේශයේ පසුගියදා පැවති මහවිරු සැමරුම් සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සර්වජන බලය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථන් සිය අදහස් පළ කර තිබේ.
අමාත්‍යාංශ නිල නිවාස ලබා නොගන්නා බවට ප්‍රකාශ කළ අමාත්‍යවරුන් දස දෙනෙකු මේ වන විට නිල නිවාස ලබාගෙන සිටින බව සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.
හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.

ප්‍රධාන පුවත්

මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර

වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..

හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.

හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..

හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.

අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි

ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..

මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..

යාපනය ප්‍රධාන වීදියේ (Main Street) වසර නවයක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය 'මාතර ඇඹුල හෝටලය' නම් ආපනශාලාවේ ඉදිරිපස කොටස යාපනය මහ නගර සභාව මගින් කඩා බිඳ දැමීමත් සමඟ, එම නගරයේ නීති ක්‍රියාත්මක කිරීමේ සමානාත්මතාවය සහ සංහිඳියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහක් මතු වී තිබේ.

නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..

එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් ඒකාබද්ධව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..

ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට සහ 2024 ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (USAID) කටයුතු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද නවතම ලේඛන මඟින් අනාවරණය වී තිබේ.

ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් වී ගොවිතැන අධෛර්යමත් කිරීම සඳහා ගොවීන්ට බලපෑම් කරමින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන වලින් මතය විමසන ලදී.

චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..

1990 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ගොඩනැඟුණු ඇමරිකානු නායකත්වයෙන් යුත් ඒකධ්‍රැව ලෝක රටාව නිල වශයෙන් අවසන් වීමේ සන්ධිස්ථානයක් ලෙස චීනයේ ෂෙන්ෂෙන් නගරයේ පැවති 33 වැනි APEC සමුළුවට සමගාමීව සිදු වූ ඇමරිකානු, චීන සහ රුසියානු නායකයන්ගේ හමුව හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි.

යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..

මෙරට යුද සමයේදී සහ ඉන් අනතුරුව මානුෂීය සහ වෛද්‍ය සේවකයින්, පහසුකම් සහ මෙහෙයුම් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල මැදිහත්වීම පිළිගෙන, රජය විසින් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් හරහා නිර්දේශ කර තිබේ.

රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්

රුසියානු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියාගේ කොළඹ සංචාරයේ වැඩසටහන ආරම්භ කරමින් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා හමුවිය.

සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන

මෑතකදී අභාවප්‍රාප්ත වූ සිවාජලිංගම්ගේ අවසන් කටයුතුවලට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරටට පැමිණි බව සඳහන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ (තිරුවාමාවලන්) හැසිරීම සහ එම සංචාරය හමුවේ රජය දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා දැඩි විවේචන එල්ල කරයි.

ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉන්දීය මූල්‍ය ආධාර මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නොමැති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.