News Category
From Date
To Date
Maximum Number of Result

ඊශ්‍රායලය බේරුණේ ඇමෙරිකානු ආයුධ නිසා.. - එක්සත් ජනපද උප ජනපතිගෙන් ඊශ්‍රායල් අමාත්‍යවරුන්ට විවේචනයක්

Jun 20, 2026 at 07:41 AM
|

"මම ඊශ්‍රායල රජයේ කැබිනට් මණ්ඩලයේ සිටියා නම්, මට මුළු ලෝකයෙන් ම ඉතිරි වෙලා ඉන්න බලවත් ම සගයාට පහර ගහන්න යන්නේ නෑ... පසුගිය මාස තුන තුළ ඔබේ රට බේරාගත්ත අවිවලින් තුනෙන් දෙකක් ම ඇමෙරිකාවේ නිෂ්පාදනය කරපු ඒවා වගේ ම, ඒවාට මුදල් වියදම් කරලා තියෙන්නේ ඇමෙරිකාවේ බදු ගෙවන ජනතාව."

ඇමෙරිකා එක්සත් ජනපදය හා ඉරානය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමෙන් පසු ඇතැම් ඊශ්‍රායල අමාත්‍යවරුන් සිදුකරන ඇමෙරිකානු පරිපාලනය විවේචනය කිරීම්වලට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් එම ප්‍රකාශය සිදු කළේ ය.

වෑන්ස්ගේ ස්විට්සර්ලන්ත සංචාරය අවලංගු වීමත් සමග ඇමරිකා එක්සත් ජනපද-ඉරාන සාකච්ඡා කල් දැමෙයි

තමන්ට අනුකම්පා කරන රටක සහ ලෝකයේ සුපිරි බලවතෙකු වන රටක රාජ්‍ය නායකයා ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල අමාත්‍යවරුන් කළ ප්‍රකාශ දැකීමෙන් තමා කලකිරීමට පත් වූ බව ජේ.ඩී. වෑන්ස් වැඩිදුරටත් පැවසීය.

"ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය නෙතන්යාහු මෙම මාර්ගය අනුගමනය නොකළත්, ජනාධිපති ට්‍රම්ප්ව ඉලක්ක කරමින් කටයුතු කරන එම අමාත්‍යවරුන්ට මං පණිවිඩයක් දෙන්න කැමතියි—ඔවුන් තමන්ගේ සිහිබුද්ධියට පැමිණ, ජනාධිපති ට්‍රම්ප්ව විවේචනය කිරීම වෙනුවට භූමියේ පවතින සැබෑ තත්ත්වයන් සලකා බැලිය යුතුයි." එක්සත් ජනපද උප ජනාධිපතිවරයා පැවසීය.

"අපගේ ජාතික ආරක්ෂාව සහතික නොකරන ට්‍රම්ප්ගේ ගිවිසුමට අපි බැඳී නැහැ," යනුවෙන් පවසමින්, ඊශ්‍රායල රජයේ සමහර අමාත්‍යවරු ඇමෙරිකා-ඉරාන අවබෝධතා ගිවිසුම විවේචනය කළහ.

ගිවිසුමට පෙර බේරූට්හි සිදු කරන ඊශ්‍රායල මෙහෙයුමට අප්‍රසාදය පළ කරමින් ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ, "ඔබට එක් පුද්ගලයෙකු සොයා ගන්න අවශ්‍ය කරන හැම වෙලාවකම සම්පූර්ණ ගොඩනැගිල්ලක් ම බිමට සමතලා කරලා දාන්න ඕනේ නෑ," යනුවෙනි.

"ලෙබනනය තුළ ඊශ්‍රායලයේ හැසිරීම ගැන ඔහු සතුටු නැහැ. ඊශ්‍රායලයට හැමෝම මරලා මිසක් මේක ඉවර කරන්න බැරි නම්, වෙන කෙනෙක් කරයි, සිරියාව ඒක කරයි" ඔහු පැවසීය.

වෑන්ස්ගේ ප්‍රකාශයට පෙර පවා, ඇමෙරිකානු ජනාධිපතිවරයා සිය ප්‍රකාශවල ඊශ්‍රායලය ඇමෙරිකාවට කෘතඥ විය යුතු බව පවසා තිබිණි.

ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ පසුව ඇමෙරිකානු උප ජනාධිපතිවරයා විසින් ඊශ්‍රායලය විවේචනය කිරීම, දෙරට අතර වර්ධනය වන විරසකයක් ලෙස සමහර විශේෂඥයෝ විස්තර කරති.

පෙබරවාරි 28 වන දින ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට පහර දී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන තෙක් දෙරට අතර සමගිය පැවතිණි. කෙසේ වෙතත්, අප්‍රේල් මාසයේ සටන් විරාමයත්, ඉන් පසුව ඇති වූ සාකච්ඡා සහ කරුණු 14කින් යුත් වත්මන් අවබෝධතා ගිවිසුම පිළිබඳවත් ඊශ්‍රායලය කනස්සල්ල පළ කළේ ය.

ඊශ්‍රායල රජය දැනටමත් පැහැදිලි කර ඇත්තේ තමන් ගිවිසුමේ පාර්ශවකරුවෙකු නොවන බවයි.

'අපි ප්‍රඥාවෙන් සහ හොඳ විනිශ්චයකින් යුතුව අපගේ මාවතේ ඉදිරියට යනවා'

එක්සත් ජනපදය සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුම සහ එහි කොන්දේසි සම්බන්ධයෙන් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායලය තුළ දේශපාලන පීඩනයකට ලක්ව සිටී.

"මම අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ ඊශ්‍රායල ජනතාව ඉදිරියට පැමිණ , ලෝකයේ සෙසු රටවලටත් අපි මෙම ගිවිසුමේ කොටස්කරුවන් නොවන බව පැහැදිලි කරන්න කියලා," විපක්ෂ දේශපාලන පක්ෂයක ප්‍රධානියෙකු වන අවිග්ඩෝර් ලිබර්මන් පැවසීය.

"ඉරාන යුද පෙරමුණ සහ ලෙබනන් යුද පෙරමුණ අතර කිසිදු සම්බන්ධයක් අපි පිළිගන්නේ නැහැ."

"අපි ක්‍රියා කරන්නේ ඊශ්‍රායල් අභිලාශයන් වෙනුවෙන් විතරයි, ගෝලීය කොටස් වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් අනුව නෙවෙයි" ඔහු තවදුරටත් පැවසීය.

"අපි ට්‍රම්ප්ගේ ගනුදෙනුවට බැඳිලා නෑ. අපේ ආරක්ෂාව සහතික නොකරන ගිවිසුමකට අපි පාර්ශවකරුවන් වෙන්නේ නෑ," ඊශ්‍රායලයේ අන්ත දක්ෂිණාංශික ජාතික ආරක්ෂක අමාත්‍ය Iඉටමාර් බෙන් ග්වීර්, සඳුදා [ජූනි 15] සමාජ මාධ්‍යවල සටහනක සඳහන් කළේ ය.

අවබෝධතා ගිවිසුම පිළිබඳව ඊශ්‍රායල අගමැති නෙතන්යාහු සෘජුව අදහස් දැක්වූයේ නැත. කෙසේ වෙතත්, බ්‍රහස්පතින්දා [ජූනි 18] සවස පැවති උත්සවයක් අමතමින් නෙතන්යාහු පැවසුවේ, ඊශ්‍රායලය ගාසා තීරය ආසන්න ප්‍රදේශවල ආරක්ෂාව සහ සමෘද්ධිය යථා තත්ත්වයට පත් කර ඇති ආකාරයට, උතුරු ඊශ්‍රායලයේ නගර සහ ගම්මානවලද සාමය සහතික කරන බවත් ය.

දකුණු ලෙබනනයේ ස්වාරක්ෂක කලාපයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් පවතින බවත්, ඔවුන් එයින් පසු නොබසින බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

"අපගේ අරගලය තවමත් අවසන් වී නැහැ. අප ඉදිරියේ තවත් අභියෝග තිබෙනවා. අපගේ ආරක්ෂාව සහතික කළ යුතු අතර ඒ සමඟම අප සමඟ උරෙන් උර ගැටී සටන් කළ අපගේ ඇමෙරිකානු මිතුරන් සමඟ අපගේ සම්බන්ධතාවය ආරක්ෂා කර ගත යුතු අතර, ඒ සඳහා අපි ඔවුන්ට කෘතඥ වෙමු," ඊශ්‍රායල අගමැති පැවසීය.

"අපි ප්‍රඥාවෙන් සහ හොඳ විනිශ්චයකින් යුතුව අපගේ මාවතේ ඉදිරියට යන අතර රජයේ ජයග්‍රහණ ආරක්ෂා කරගන්නවා, යුද්ධයේ ජයග්‍රහණ අපි ආරක්ෂා කරගන්නවා. මේ ජයග්‍රහණ සියලුම ඊශ්‍රායල් ජනතාවට අයිතියි," ඔහු පැවසීය.

ඊශ්‍රායලය පිළිබඳ ඇමෙරිකානු උප ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සමාජ මාධ්‍ය තුළ ද සාකච්ඡා වෙමින් පවතින අතර, සමාජ මාධ්‍ය පරිශීලකයින් එය හඳුන්වන්නේ දෙරට අතර වර්ධනය වන වෙනස්කම්වල ලකුණක් ලෙස යි.

ජේ.ඩී. වෑන්ස්ගේ විවේචනයෙන් ඊශ්‍රායල රජය සහ හමුදාව පුදුමයට පත් වූ බව ඇමෙරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල සබඳතා විශේෂඥ ෂෙල් බෙන් එෆ්‍රයිම් Xහි ලිවීය. ජනාධිපති ට්‍රම්ප්ගේ ඉල්ලීම පරිදි මෙම විවේචනය සිදු කර ඇති බවට ඔවුන් සැක කරන බව ද ඔහු එහි පවසා තිබේ.

ඔහුට අනුව, නෙතන්යාහු විසින්ම මෙම ගැටලුවට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටිය ද, සමහර ඊශ්‍රායල ඇමතිවරු තම සැකයන් ප්‍රකාශ කරමින් සිටිති.

මේ සියල්ල හුදෙක් වචන හුවමාරුවක් බවත්, එයින් බරපතල ඇඟවුමක් නොමැති බවත් ඊශ්‍රායලය කෙරෙහි වොෂින්ටනයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදු නොවන බවත් පවසමින් මැද පෙරදිග විශේෂඥ මොයින් රබ්බානි Xහි සටහනක් තබා තිබේ.

නමුත් ඇමෙරිකානු නායකත්වය ඊශ්‍රායලය සමග කෝපයෙන් සිටින බවට මීට පෙර වාර්තා පළ වූ නමුත් දැන් එය විවෘතව ප්‍රකාශ වන බව ඔහු පැවසීය.

නෙතන්යාහු ලෙබනනයෙන් හමුදා ඉවත් කර නොගතහොත්, ජනාධිපති ට්‍රම්ප් අනාගතයේදී ආයුධ බෙදා හැරීම ප්‍රමාද කිරීමට හෝ, ඊශ්‍රායලයට ආයුධ සම්බාධක පැනවීමට ඉඩ ඇති බවට ඊශ්‍රායල නිලධාරීන් විශ්වාස කරන්නේ යැයි, විශ්ලේෂකයෙකු වන ඩොමිනික් මයිකල් Xහි සටහනක් තබා තිබේ.

- BBC සිංහල

සම්බන්ධිත පුවත් | Related News

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.
ඉරානයේ සහාය ලබන හූති සටන්කාමීන් සෞදි අරාබියේ ගුවන් තොටුපොළ දෙකක් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 36 දෙනෙකු තුවාල ලබා තිබේ.
සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විවේචනවලට චීනයෙන් දැඩි ප්‍රතිචාරයක් – චීනය පිළිබඳ “බොරු නිර්මාණය කර ප්‍රචාරය කිරීම” නවත්වන ලෙස ඉල්ලයි.
යේමනයේ හූති ව්‍යාපාරය හෙවත් අන්සාර් අල්ලාහ් (Ansar Allah) සංවිධානය, සෞදි අරාබියේ ප්‍රධානතම ගුවන් තොටුපොළක් වන රියාද්හි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සෘජු හා නිවැරදි මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ප්‍රකාශ කර තිබේ.
සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.
පළමු වරට පර්සියානු බොක්ක, හෝමුස් සමුද්‍ර සන්ධිය, ඕමාන් මුහුද හෝ උතුරු ඉන්දියානු සාගරය තුළ කිසිදු ඇමරිකානු නෞකාවක් නොමැති බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ප්‍රකාශ කර තිබේ.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.