ලංකාව තුළ සිදුවන සයිබර් වංචා චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගීතාව බිඳ දැමීමට ක්‍රියාත්මක වන මෙහෙයුමක් ද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්
මියන්මාර සහ තායිලන්ත දේශසීමා ආශ්‍රිතව ක්‍රියාත්මක වූ චීන ජාතිකයන් මෙහෙයවූ "ඔන්ලයින්" මූල්‍ය වංචා සහ විදුලි සංදේශ ජාලයන් මැඩලීමට චීන රජය දැඩි පියවර ගැනීමත් සමඟ, එම වංචාකරුවන් ශ්‍රී ලංකාව දෙසට සංක්‍රමණය වීමේ ප්‍රවණතාවක් මතුව ඇතැයි කරුණු වාර්තා වන අතර, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ මෙම වංචාවන් සඳහා චීන ජාතිකයන් පමණක් වගකිව යුතු බවට සමාජය තුළ පවතින මතය සාධාරණ නොවන බවයි.
එමෙන්ම ලංකාව තුළ සිදුවන සයිබර් වංචා චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගීතාව බිඳ දැමීමට ක්‍රියාත්මක වන සියුම් මෙහෙයුමක් විය හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.
මෙරටදී සිදුවූ මාර්ගගත වංචා වැටලීම්වලදී ඉන්දියානු ජාතිකයන් 137 දෙනෙකු සහ චීන ජාතිකයන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මාර්තු මාසයේදී අනුරාධපුර මිහින්තලේ ප්‍රදේශයේදී විදේශිකයන් 134 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් 126 දෙනෙකුම චීන ජාතිකයන් වේ. ඉතිරි පිරිස මියන්මාර සහ තායිවාන වැසියන් බව තහවුරු වී තිබේ.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) පවසන පරිදි මෙම ජාත්‍යන්තර අපරාධ ජාලයන්හි ප්‍රධාන ගොදුරු බවට පත්ව ඇත්තේ ද චීන පුරවැසියන් වන බවයි.
දේශසීමා හරහා සිදුවන සූදු ක්‍රියාකාරකම් අපරාධ වරදක් ලෙස චීනය සිය අපරාධ නීතිය සංශෝධනය කර ඇති අතර, ස්පාඤ්ඤය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මියන්මාරය සහ කාම්බෝජය වැනි රටවල් සමඟ එක්ව සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකාව සමඟ ද දේශසීමා හරහා සිදුවන මෙම වංචා මර්දනය කිරීමට සහ ආරක්ෂක සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන බලධාරීන් සමීපව කටයුතු කරමින් සිටියද, ඉන්දීය පාර්ශවයෙන් මෙතෙක් එවැනි පැහැදිලි රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයක් දක්නට නොමැති බව ඒ මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ඒ මහතා පළකළ අදහස් ඇතුළත් සවිස්තරාත්මක ලිපිය පහළින්..
චීන විරෝධී ආඛ්‍යානය සහ සයිබර් වංචා: ශ්‍රී ලංකාවේ ඇත්තටම සිදුවන්නේ කුමක්ද?

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..