කටු පොල් සහ ඉඩම් මංකොල්ලය නිසා ලයිබීරියාවේ එළවා දැමූ ‘කැපිටල් මෙටල්ස්’ ලංකාවේ ඛනිජ සම්පත් මංකොල්ලයට බැහැලා..
ලන්ඩන් කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි ‘කැපිටල් මෙටල්ස්’ (Capital Metals PLC) සමාගම විසින් දේශීය සමාගම් කිහිපයක් හා එක්ව ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මහා පරිමාණ බර ඛනිජ වැලි (Heavy Mineral Sands) කැණීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් පරිසරවේදීන් සහ ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය එල්ල වෙමින් පවතී.
අම්පාර දිස්ත්‍රික්කයේ ඔලුවිල් සිට පානම දක්වා වර්ග කිලෝමීටර් 700කට වඩා වැඩි වෙරළ සහ මුහුදු කලාපයක් පුරා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. වසර 10ක් ඇතුළත මෙරටින් ඉල්මනයිට්, රුටයිල් සහ සර්කෝන් වැනි වටිනා ඛනිජ වැලි මෙට්‍රික් ටොන් මිලියන 17.2ක් ඉවත් කර ඩොලර් බිලියනයකට වඩා වැඩි ආදායමක් උපයා ගැනීම සමාගමේ සැලසුමයි. කෙසේ වෙතත්, මේ හරහා රජයට බදු සහ රෝයල්ටි ලෙස වසරකට ලැබෙන්නේ ඩොලර් මිලියන 10ක් වැනි සුළු මුදලක් සහ සෘජු රැකියා 300ක් පමණක් බව වාර්තා වේ.
මීට පෙර බටහිර අප්‍රිකාවේ ලයිබීරියාවේ ‘Equatorial Palm Oil Company’ ලෙස කටයුතු කරමින්, එහි බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම් සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලබා එරටින් ඉවත් වූ ව්‍යාපාරික ජාලය, 2021 වසරේදී ‘Capital Metals’ ලෙස නම වෙනස් කරමින් මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වී ඇති බව සඳහන් වේ.
මෙම ව්‍යාපෘතිය හේතුවෙන් මඩකලපුව සහ පොතුවිල් වැනි සංවේදී කලාපවල ධීවර කර්මාන්තය විනාශ වීම, භූගත ජලයට ලුණු ජලය කාන්දු වීම නිසා අම්පාරේ කෘෂිකර්මාන්තයට හානි වීම සහ ආරුගම්බේ වැනි ලෝක ප්‍රසිද්ධ සංචාරක කලාපවල වෙරළ ඛාදනය වීම වැනි බරපතළ පාරිසරික හා ආර්ථික අර්බුද රැසක් නිර්මාණය විය හැකි බවට පරිසර විද්‍යාඥයෝ අනතුරු අඟවති.
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා හෙළිකර ඇති තොරතුරු පහළින්..
කටු පොල් සහ ඉඩම් මංකොල්ලය නිසා ලයිබීරියාවේ එළවා දැමූ ලංකාවේ ඛනිජ සම්පතට කෙලින්න බලාගෙන පාසල් වලට TV බෙදන Capital Metals..
ඔබ දන්නවාද? 2013 වසරේදී බටහිර අප්‍රිකාවේ පිහිටි ලයිබීරියාව කියන රටේ වැසියන් පිරිසක් එංගලන්තයෙන් ඒ රටට ආපු ප්‍රබල Palm Oil සමාගමකට එරෙහිව බරපතළ චෝදනා කිහිපයක්ම එල්ල කරනවා.
ඒ, තමන්ගේ පාරම්පරික ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම, වනාන්තර සහ ගොවිබිම් විනාශ කිරීම සහ ඊට එරෙහි වූවන් බියගැන්වීම් හා අත්අඩංගුවට පත්කිරීම්වලට ලක් කිරීම සම්බන්ධයෙන්. 'ග්ලෝබල් විට්නස්' (Global Witness) වැනි ජාත්‍යන්තර සංවිධාන පවා මෙහි සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන ලෝකයටම හෙළි කළා. අවසානයේදී ඇතිවූ දැඩි දෝෂාරෝපණ සහ මූල්‍ය අර්බුද හමුවේ එම සමාගමට ලයිබීරියාවෙන් ඉවත් වන්නට සිදු වෙනවා. ඒ සමාගමේ නම තමයි - Equatorial Palm Oil Company.
හැබැයි කතාව එතැනින් ඉවර වෙන්නේ නැහැ.
එලෙස අප්‍රිකානු කලාපයේ මතභේදයට තුඩුදුන් ව්‍යාපාරික ජාලයන්ට සම්බන්ධ පුද්ගලයින් සහ ආයෝජකයින්, වසර කිහිපයකට පසු තමන්ගේ මුහුණුවර වෙනස් කරගෙන දකුණු ආසියාවේ ඉතාමත් සංවේදී වෙරළ තීරයක් සහිත රටකට පැමිණෙනවා. ඒ වෙන කොහෙවත් නෙවෙයි, අපේ ශ්‍රී ලංකාවට!
අද වන විට "කැපිටල් මෙටල්ස්" (Capital Metals PLC) නමැති ලන්ඩන් කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි සමාගමක්, දේශීය සමාගම් (Damsila Exports) සහ මෙරට ප්‍රබල ව්‍යාපාරික ජාලයන් (Ambeon Capital වැනි) සමග අත්වැල් බැඳගෙන, ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි අතිශය වටිනා බර ඛනිජ වැලි (Heavy Mineral Sands) කැණීමේ ව්‍යාපෘතියකට සැරසෙනවා.
එම සමාගමේ වාර්තාවලට අනුව, අම්පාර දිස්ත්‍රික්කයේ ඔලුවිල් සිට පානම දක්වා වර්ග කිලෝමීටර් 700කට වඩා වැඩි (කොළඹ දිස්ත්‍රික්කයටත් වඩා විශාල) වෙරළ සහ මුහුදු කලාපයක් මෙම ව්‍යාපෘතියට අයත් වෙනවා. එහි ඇති ඉල්මනයිට්, රුටයිල්, සර්කෝන් සහ ගානට් වැනි වටිනා ඛනිජ වර්ග ලෝකයේ දියුණුම අභ්‍යවකාශ, ආරක්ෂක සහ පුනර්ජනනීය බලශක්ති කර්මාන්ත සඳහා අත්‍යවශ්‍යයි.
වසර 10ක් වැනි කෙටි කාලයක් ඇතුළත මෙරටින් ඛනිජ වැලි මෙට්‍රික් ටොන් මිලියන 17.2ක් ඉවත් කර, ඩොලර් බිලියනයකට වඩා වැඩි ආදායමක් සහ සියයට 98කට ආසන්න ලාභ ප්‍රතිශතයක් (IRR) උපයා ගැනීම තමයි ඔවුන්ගේ සැලසුම.
මෙහි ඇති තවත් බරපතළම ගැටළුවක් වන්නේ ආර්ථික වාසියට වඩා රටට සිදුවන පාරිසරික සහ සමාජයීය විනාශයයි.
වෙරළබඩ ඛනිජ වැලි යනු වසර මිලියන ගණනක් තිස්සේ ස්වභාවධර්මයෙන් නිර්මාණය වූ, නැවත උපද්දවිය නොහැකි (Non-renewable) සම්පතකි.
පරිසර විද්‍යාඥයන් සහ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මේවා මහා පරිමාණයෙන් හෑරීම නිසා සිදුවන හානිය කිසිදා යථා තත්ත්වයට පත් කළ නොහැකි බවයි:
- ධීවර කර්මාන්තය විනාශ වීම: මඩකලපුව, පොතුවිල් වැනි සංවේදී පරිසර පද්ධති සහ ධීවර කලාප විනාශ වීමෙන් දහස් ගණනකගේ ජීවනෝපාය අහිමි වේ.
- ගොවිතැනට මරු පහරක්: ලංකාවේ වැඩිම වී නිෂ්පාදනයක් කරන අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළබඩ කුඹුරු ඉඩම්වල භූගත ජල පද්ධතියට ලුණු ජලය කාන්දු වීම (Saltwater intrusion) නිසා කෘෂිකර්මාන්තය සහ බීමට ගන්නා පිරිසිදු ජලය සහමුලින්ම නැතිවී යා හැක.
- සංචාරක ව්‍යාපාරයට බලපෑම්: ආරුගම්බේ වැනි ලෝක ප්‍රසිද්ධ සංචාරක කලාප ආශ්‍රිතව සිදුවන වෙරළ ඛාදනය නිසා, වසරකට ඩොලර් බිලියන ගණනින් රටට ආදායම් දෙන සංචාරක කර්මාන්තය කඩා වැටිය හැක.
රාජ්‍යයට බදු සහ රෝයල්ටි ලෙස වසරකට ලැබෙන්නේ ඩොලර් මිලියන 10ක් වැනි සුළු මුදලක් සහ සෘජු රැකියා 300ක් පමණක් වන විට, සංචාරක ව්‍යාපාරයෙන් පමණක් 2025 වසරේදී ලංකාව ඩොලර් බිලියන 3ක් උපයා තිබෙනවා. එසේ නම් අප මේ කරන්නේ රත්තරන් බිත්තර දාන කිකිළියෙක් මරා දැමීමක් නොවේද?
අපේ රටේ රජයත් මේ වෙනකොට, “හා….කමක් නෑ. අපිට ඔයාලගේ ඉතිහාසය වැඩක් නෑ. ඕන දෙයක් කරගන්න, අපිට ඕනෙ ඩොලර්. මෙන්න ‘නීතියත්’ අපි වෙනස් කරලා දෙන්නම් - යනුවෙන් ක්‍රියා කිරීම තවත් බරපතල කාරණාවක්.
රජයට තවත් වරක් 2000 April 07 - එප්පාවල නඩු තීන්දුව මතක් කරන්නම්
"රජය යනු රටේ ස්වභාවික සම්පත් තමන්ට හිතුමනාපයට විකුණා දැමිය හැකි අයිතිකරුවෙකු නොව, එය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කළ යුතු භාරකරුවෙකු (Custodian) පමණි."
- (Bulankulama v. Ministry of Industrial Development) S.C. 884/99 (F.R.)



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..