News Category
From Date
To Date
Maximum Number of Result

ලංකාවේ ජනතාවගේ ඇඟිලි සලකුණු හා ඇස් අසාදු ලේඛනගත ඉන්දියානු සමාගමකට ලබාදීමේ ආණ්ඩුවේ සැලසුමක් ඇතැයි ජන අරගල ව්‍යාපරයේ වසන්ත මුදලිගේ මහතා පැවසීය.

ශ්‍රී ලංකාන් ගුවන් සමාගෙම් සභාපති තනතුර සඳහා අවුරුදු 84ක් වූ පීටර් හිල් නමැති සුදු ජාතිකයා පත්කිරීමට සූදානමක් ඇති බවට තොරතුරු පළ වන බවත් මේ වන විට එම ගුවන් සමාගමේ පුරප්පාඩුවී පවතින ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීම් අවසන් අදියරේ පවතින බවත් සමාජ මාධ්‍ය නාලිකාවක් තොරතුරු අනාවරණය කරමින් පවසයි.

ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය හමුවේ ඉදිරියේදී ඉන්ධන මිල සුළු ප්‍රමාණයකින් ඉහළ දැමීමට සිදුවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු පළමු වරට පසුගිය මාර්තු මස අවසානයේදී එක්සත් ජනපද ජාතික ණය පර්මානය සමස්ථ අමෙරිකානු ආර්ථිකයේ ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බව ආර්ථික විශ්ලේෂණ කාර්යාංශය විසින් නිකුත් කරන ලද දත්ත උපුටා දක්වමින් "ෆොක්ස් බිස්නස්" වාර්තා කළේය.

රුසියාවෙන් ඛනිජ තෙල් මිලදී නොගැනීම පිළිබඳව ආණ්ඩුවට චෝදනා කරමින් ජාතික සංවිධාන විසින් ජනාධිපතිවරයාට යොමුකළ ලිපියකට 'ද අයිලන්ඩ්' පුවත්පත විශාල ප්‍රචාරයක් ලබාදී තිබුන ද ඊට අදාළ විපක්ෂයේ භූමිකාව සාකච්ඡාවට ලක් නොවීම පිළිබඳව ලංකා ලීඩර් විසින් අදාළ ලිපියට අත්සන් තැබූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් විමසන ලදී.

අධි වෙසක් පුර පසළොස්වක පොහොය අද (01) දිනට යෙදී තිබේ.

රජයේ භාණ්ඩාගාරයට අයත් ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී අතිශය බරපතළ තොරතුරු රැසක් අනාවරණය වී ඇතැයි රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

වත්මන් "පුනරුද රජය" ජනතාවට පොරොන්දු වූ පරිදි වැඩ කරනවා වෙනුවට දිනපතා අලුත් පුවත් මවන රජයක් බවට පත්ව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික සඳුන් බණ්ඩාර බෝදරගම මහතා චෝදනා කරයි.

පසුගිය දින කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපස දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරය විසින් වර්තමානයේ පවතින බලශක්තිය අර්බුදයට විසඳුමක් ලෙස රුසියාවෙන් ලබාදුන් බොරතෙල් ලබාගන්නා ලෙස බල කරමින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.