සුරේෂ් සලේගේ ජීවිතය අනතුරේ.. වහාම මැදිහත් වන්නැයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් ජනපතිගෙන් ඉල්ලයි..
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන සිටින හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස පිරිහී ඇති බැවින්, ඒ පිළිබඳව වහාම අවධානය යොමු කර මානුෂීය පදනමක් මත මැදිහත් වන ලෙස ගෝලීය ශ්‍රී ලාංකික සංසදය (GSLF) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
එම සංසදය, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ රැඳවුම් භාරයේ සිටියදී ආරම්භ කරන ලද උපවාසය හේතුවෙන් සුරේෂ් සලේ මහතා මේ වන විට රෝහල්ගතව අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම රැඳවුම් නියෝගය නිකුත් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ සෘජු බලතල ප්‍රකාරව බැවින්, රැඳවියාගේ ආරක්ෂාව සහ ජීවිතය රැකගැනීමේ පරම වගකීම රජය සතු වන බවත්, 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කෙරෙන විමර්ශනවලට සංසදයේ පූර්ණ සහයෝගය හිමිවන නමුත්, පුද්ගලයෙකු දීර්ඝ කාලයක් චෝදනා පත්‍රයකින් තොරව පරිපාලනමය ලෙස රඳවා තබා නොගෙන, පවතින සාක්ෂි ස්වාධීන අධිකරණයක් හමුවට ඉදිරිපත් කර විනිවිදභාවයෙන් යුතුව කටයුතු කළ යුතු බවත් එම ලිපිය මඟින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය කරුණු අවධාරණය කර ඇත.
රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් දශක ගණනාවක් සේවය කළ ඉහළ පෙළේ හමුදා නිලධාරියෙකු සම්බන්ධයෙන් මෙවැනි හදිසි නීතිමය තත්ත්වයන් යටතේ කටයුතු කිරීමේදී මානුෂීය ප්‍රොටෝකෝල කඩවීමක් සිදු වුවහොත්, ඉන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාවට සහ ජාත්‍යන්තර ප්‍රතිරූපයට දැඩි හානියක් සිදුවිය හැකි බවද එම ලිපියෙන් පෙන්වා දී තිබේ.
මේ හේතුවෙන් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතාට අවශ්‍ය ඉහළම මට්ටමේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන ලෙසත්, ඔහුගේ නීතිමය ක්‍රියාවලිය සාමාන්‍ය අධිකරණ පද්ධතිය හරහා කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙසත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
අදාළ ලිපිය පහළින්..



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..