News Category
From Date
To Date
Maximum Number of Result

'රණවිරු උපහාර සතර මහා උත්තම පූජාව' 2026 මැයි 19 වැනි අඟහරුවාදා සවස 3.00 ට පැපිලියාන සුනේත්‍රාදේවි මහ පිරිවෙනේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

2022 ආර්ථික අර්බුදය හා “අරගලය” සම්බන්ධයෙන් සමාජයේ පවතින ජනප්‍රිය ආඛ්‍යානය සිදුරු, අතපසුවීම් සහ විකෘති කිරීම් වලින් පිරී ඇති බව සඳහන් කරමින්, එම අර්බුදය බලවත් ජාතීන් විසින් තම භූ-දේශපාලනික සහ භූ-ආර්ථික උපාය මාර්ග සඳහා භාවිතා කළ බව " ගාලු මුවදොර වර්ණ විප්ලවය හෙවත් Regime Change ව්‍යාපෘතිය 2022" කෘතිය එළි දැක්වූ උත්සවයේදී එහි කතෘ ජේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක පසුගිය මැයි 7 වනදා කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවසීය.

‍2022 මාර්තු සිට ජූලි 14 දක්වා “අරගලය” නමින් උත්කර්ෂයට නංවන ලද දේශපාලන ව්‍යාපාරය පිළිබඳව මාජගත ආක්‍යායනයක් ඇති බවත්, එම ජනප්‍රිය වූ ආඛ්‍යානයට අනුව, ආර්ථික අර්බුදයට හේතුව ලෙස පෙර රජයන්, විශේෂයෙන් රාජපක්ෂ පාලනය, මහජන මුදල් අවභාවිත කිරීම බව ප්‍රචාරය කළ බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

අස්වැසුම ප්‍රතිලාභීන් වෙත දෙවරක් මුදල් ගෙවීම සම්බන්ධයෙන් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිකුත් කළ නිවේදනය, රාජ්‍ය මූල්‍ය පාලනය බිඳවැටී ඇති බවට පැහැදිලි සංඥාවක් බව ‍ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි.

නැගෙනහිර පළාතේ මාදුරු ඔය කලාපයේ සිංහල ජනතාවට යුද්ධය නිසා අහිමි වූ ගොවිබිම් නැවත ලබාගැනීමට හැකිවීම පිළිබඳව අදහස් දක්වමින් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියෝ පවසන්නේ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු මහා සංඝරත්නයට සහ හිටපු නාගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට ඒ වෙනුවෙන් කෘතඥතාව පළ කරන බවය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ රටේ නීතිය පසිඳලීම නිවැරදිව හා සාධාරණව සිදුවන්නේ නම් කිසිවෙකුට මෙවැනි ඉරණමකට මුහුණ දීමට සිදු නොවන බවයි.

ඉතිහාසයේ ප්‍රථමවරට මහා භාණ්ඩාගාර සේප්පුවට අත පොවා මංකොල්ල කෑම් සිදුකරන තත්ත්වයක් ඇති වී තිබෙන බවත්, මෙහි ඇති ඇත්ත ප්‍රශ්නය සාකච්ඡාවට ලක්වී නොමැති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉරානයේ ප්‍රහාරයෙන් පසු “එක්සත් ජනපද හමුදාවට” අයත් ඇමරිකානු ඩිස්ට්‍රොයර් යුද නෞකා ඕමාන් මුහුද දෙසට පසුබසිමින් සිටින බව ඉරාන පුවත් සේවා පවසයි.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.