ඇමරිකා - ඉරාන සාකච්ඡා අඩාල වීමට හේතු ආචාර්ය ජගත් චන්ද්‍රවංශ පෙන්වා දෙයි..
ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවැත්වීමට නියමිතව තිබූ ද්වීපාර්ශ්වික සාකච්ඡා බිඳ වැටීමට බලපෑ සැබෑ දේශපාලන පසුබිම පිළිබඳව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා විශේෂ අනාවරණයක් සිදුකර තිබේ.
ඔහු පෙන්වා දෙන්නේ මෙම සාකච්ඡා වටය අඩාල වීම කෙරෙහි මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය සහ විශේෂයෙන්ම ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය සෘජුවම බලපා ඇති බවයි.
ඊශ්‍රායලය විසින් මෑතකදී ඇති කරගත් එකඟතාවන් සහ සටන් විරාම කොන්දේසි දිගින් දිගටම උල්ලංඝණය කිරීම හේතුවෙන් කලාපීය ස්ථාවරත්වය බිඳ වැටී ඇති බව ඒ මහතා පවසයි.
ඊශ්‍රායලයේ මෙම ක්‍රියාවන් හමුවේ ඇමරිකානු රජය දක්වන ද්විත්ව ප්‍රතිපත්තිය හේතුවෙන් ඉරානය සාකච්ඡා මේසයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.
මෙම දේශපාලන පීඩනයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ලෝක බොරතෙල් ප්‍රවාහනයේ ප්‍රධානතම මාර්ගය වන හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) යළි වසා දැමීමට ඉරානය ගත් තීරණයත් සමඟ සාකච්ඡා මාර්ග සම්පූර්ණයෙන්ම අහුරාලීමට කටයුතු යෙදී තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය වැසී යාම නිසා ඉදිරි දිනවලදී ගෝලීය වශයෙන් තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවත්, එයින් සමස්ත ලෝක ආර්ථිකයට මෙන්ම මැදපෙරදිග කලාපීය ආරක්ෂාවටත් දැඩි බලපෑමක් එල්ල වන බවත් ඒ මහතා අනාවරණය කරයි.
මෙම තත්ත්වය හමුවේ ඉදිරි කාලයේදී ජාත්‍යන්තර දේශපාලන බල තුලනය සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නව මුහුණුවරක් ගනු ඇතැයි ආචාර්ය චන්ද්‍රවංශ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..