මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් පසු ගාල්ල බන්ධනාගාරය ගැනත් දැඩි අනතුරු ඇඟවීමක්!
මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ දැඩි නොසන්සුන්කාරී තත්ත්වය සහ එහි ප්‍රතිඵලයක් ලෙස සිදු වූ ඛේදවාචකය පිළිබඳව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සිය කනගාටුව පළ කර සිටියි.
එම කමිටුවේ සභාපති, නීතිඥ සේනක පෙරේරා මහතා පෙන්වා දෙන්නේ බන්ධනාගාර පද්ධතිය තුළ දැනට පවතින දැඩි පීඩනකාරී වටපිටාව හේතුවෙන්, මීළඟ බන්ධනාගාර පිපිරීම ගාල්ල බන්ධනාගාරයෙන් වාර්තා වීමේ දැඩි අවදානමක් පවතින බවයි.
ටියුබ් නාලිකාව සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව අනාවරණය කළේය.
බන්ධනාගාර තුළ සිදුවන මෙවැනි ගැටුම් සහ සිරකරුවන් ඝාතනය වීම් විමර්ශනය කිරීම සඳහා රජය විසින් පත් කරනු ලබන කමිටු පිළිබඳව නීතිඥ සේනක පෙරේරා මහතා සිය දැඩි විවේචනය එල්ල කළේය. මීට පෙර මහර බන්ධනාගාරයේ සිදු වූ ඛේදවාචකයේදී පත්කළ කමිටුවල නිර්දේශ පවා මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවත්, වින්දිතයන්ට තවමත් යුක්තිය ඉටු වී නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
රජය මෙවැනි කමිටු පත් කරන්නේ සැබෑ ලෙසම ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට නොව, උද්ගත වන මහජන විරෝධය සහ ජනමතය තාවකාලිකව යටපත් කිරීමට පමණක් බව ඔහු අවධාරණය කරයි.
"ලෝකයේ කිසිදු පුද්ගලයෙකු උපතින්ම අපරාධකරුවෙකු ලෙස මෙලොවට බිහි නොවන" බව ප්‍රකාශ කළ සභාපතිවරයා, සාමාන්‍ය මිනිසෙකු අපරාධකරුවෙකු බවට පත් කරනු ලබන්නේ පවතින දූෂිත සමාජ ක්‍රමය විසින් බව පෙන්වා දුන්නේය.
එමෙන්ම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් හෝ වැරදිකරුවන් ඝාතනය කිරීම වරදක් නොවන බවට සමාජය තුළ මුල් බැසගෙන ඇති අමානුෂික මතවාදයන් පිළිබඳවද ඔහු සිය බලවත් කනගාටුව පළ කළේය. එවැනි ආකල්ප දරන සමාජයක් "අමනුස්ස සමාජයක්" ලෙස හැඳින්විය හැකි බවද ඔහු පැවසීය.
අවසාන වශයෙන් ඔහු අවධාරණය කළේ, පවතින බන්ධනාගාර පද්ධතියේ මූලික දෝෂ නිවැරදි නොකර සහ වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා නොදී, බන්ධනාගාර තුළ තිරසාර සාමයක් ඇති කිරීම කිසිසේත්ම කළ නොහැක්කක් බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..