News Category
From Date
To Date
Maximum Number of Result

වසර 30ක කුරිරු ත්‍රස්තවාදී යුද්ධයක් අවසන්කර වීරෝධාර රණවිරුවන් විසින් ශ්‍රී ලංකීය ජනතාවට දෙවන නිදහස ලබාදුන් දිනය 2009 මැයි 19 වැනි දින බවත්, එතැන් සිට වසර 17 ක් ගෙවී මේ මස 19 වැනිදාට එම රණවිරුවන්ට කෘතඥතාව දැක්වීම සිදුකෙරෙන බවත් විශ්‍රාමික රියාද් අද්මිරාල් ඩී.කේ.පී දසනායක මහතා පවසයි.

මෙරටට ඩොලර් සෙවීමට මේතරම් අවශ්‍ය වී ඇත්තේ ආනයන සඳහා ඩොලර් වියදම් කිරීමට සිදුවීම මත බවත්, රටේ නිෂ්පාදනය කිරීමට හැකි දේවල් ද පිටරටින් ආනයනය කිරීම නිසා මෙම අර්බුදය මතුවී ඇති බවත් මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි.

ඉන්ධන පරිභෝජනය අඩුකිරීම රජයේ ඉලක්කය වන බවත් ඒ අනුව ඉන්ධන මිල ඉහළ දැමීම ආදී තීන්දු තීරණවලට එළැඹුණු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

තාක්ෂණය භාවිත කරමින් ඩිජිටල් අධිරාජ්‍යයක් නිර්මාණය වෙමින් පවතින බවත්, එම අධිරාජ්‍යය පවත්වාගෙන යාමට මානසික වහලා නිර්මාණය කරන්නෙත් එම තාක්ෂණයෙන්ම බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් විසින් ශ්‍රී ලංකාවේ යුද්ධය නිමා වූ මැයි 18 වැනිදා ‘මුල්ලිවයික්කාල් ජනසංහාර අනුස්මරණ දිනය’ ලෙස නම් කරමින් තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ නිල යෝජනාවක් සම්මත කරන ලෙස තමිල්නාඩුවේ අභිනව මහ ඇමති ලෙස පත්වූ ජෝසප් විජේගෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා බලධාරීන් විසින් දැනට රඳවාගෙන සිටින ඉන්දීය ධීවරයින් 54 දෙනෙකු සහ ධීවර බෝට්ටු 264ක් නිදහස් කර ගැනීම සඳහා වහාම රාජ්‍ය තාන්ත්‍රික පියවර ගන්නා ලෙස තමිල්නාඩු නව මහ ඇමැති සී. ජෝසප් විජේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර්ගෙන් ඉල්ලා තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (13) චීනයේ දෙදින නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

බෙදුම්වාදී ඊළාම් යන සංකල්පය බිහිවන්නේ ලංකාවේ නොවන බවත්, එම වස්තු බීජය පැළ වන්නේ ඉන්දියාවේ බවත්, මෙය ලංකාවට පැමිණ මෙරට බෙදා වෙන්කරීමට උත්සාහ කළ බව සහ එහි වැඩි කාර්යභාරයක් ඉටුකළේ තමිල්නාඩුවේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (DMK - Dravida Munnetra Kazhagam) පක්ෂය බවත් දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.

වර්තමාන පුනරුද ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතාවට බොරු කියමින්, ඔවුන් තුළ දහසකුත් එකක් බලාපොරොත්තු මෝදු කරමින් ජනතාවට ලබා දුන් බොරු පොරොන්දු සියල්ල අද “බියකරු මායාකාරී සිහින” ලෙස බිඳවැටී ඇති බවත්, වැඩ බැරි “ජනාධිපති හා ආණ්ඩුව” අද වන විට හොරකමින්, අල්ලසෙන්, දූෂණයෙන් හා නාස්තියෙන් පිරි තම අසාර්ථක පාලන ක්‍රමය ගොඩ ගැනීමට විපක්ෂයේ සහාය යදිමින් සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.