රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.
RT පුවත් සේවය වාර්තා කරන ආකාරයට, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර පැවති විනාඩි 90 ක තීරණාත්මක දුරකථන සංවාදයකින් අනතුරුව මෙම ඩීසල් ගනුදෙනුව තහවුරු කරගෙන ඇත.
මෙම එකඟතාව යටතේ, රුසියාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඩීසල් මෙට්‍රික් ටොන් 300,000 කට අධික ප්‍රමාණයක් ඇමරිකාවට සහ ගෝලීය වෙළෙඳපොළට සැපයීමට නියමිතය.
මීට අමතරව, නොවැම්බර් මාසයේදී තවත් ටොන් 500,000 ක් සහ ඉන් අනතුරුව අතිරේක ටොන් මිලියනයක ප්‍රමාණයක් ලබා දීමට ද දෙරට එකඟ වී තිබේ.
මෙම ගනුදෙනුව පහසු කරවීම සඳහා රුසියානු ඩීසල් නැව්ගත කිරීම් මත පනවා තිබූ සම්බාධක 2027 අප්‍රේල් 7 වැනිදා දක්වා තාවකාලිකව ඉවත් කිරීමට ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විශේෂ බලපත්‍රයක් ද නිකුත් කර ඇත.
ගිවිසුම ප්‍රකාශයට පත්වීමත් සමඟ ඇමරිකානු වෙළෙඳපොළේ ඩීසල් අනාගත මිල ගණන් 5% කින් පමණ පහත වැටී ඇති අතර, එහි ගැලුමක මිල ඩොලර් 4.64 දක්වා පහත බැස තිබේ. ඉදිරි මාසයේ පැවැත්වෙන මධ්‍යවාර මැතිවරණයට මුහුණ දෙන රිපබ්ලිකන් පක්ෂයට මෙය දේශපාලනිකව ද විශාල ජයග්‍රහණයක් වී ඇතැයි විශේෂඥයෝ පෙන්වා දෙති.
කෙසේ වෙතත්, මෙම සාකච්ඡාවලදී යුක්රේන යුද ගැටුම් සම්බන්ධයෙන්ද දැඩි අවධානයක් යොමුව තිබේ. රුසියාව සමඟ සාම එකඟතාවලට නොපැමිණෙමින් සහ රුසියානු බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරමින් ගෝලීය ඩීසල් අර්බුදය තවදුරටත් උග්‍ර කිරීමට යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි කටයුතු කරන බවට ට්‍රම්ප් සහ පුටින් දැඩි ලෙස චෝදනා කර ඇත.
ධවල මන්දිරය ඉදිරිපිටදී මාධ්‍ය අමතමින් ජනාධිපති ට්‍රම්ප් අවධාර කර ඇත්තේ, යුද්ධය නිමා කර සාමය ඇති කිරීමට ඇති අවස්ථා ප්‍රතික්ෂේප කරන සෙලෙන්ස්කි වහාම ධුරයෙන් ඉවත් වී නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කරගත යුතු කාලය එළඹ ඇති බවයි.
රුසියාව, යුක්රේනය සහ ඇමරිකාව අතර පැවැත්වීමට සැලසුම් කර තිබූ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා යුක්රේනයේ ආක්‍රමණශීලී ක්‍රියාකලාපය නිසා මේ වන විට ඇණහිට ඇති බවත්, එම සාකච්ඡා යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් මොස්කව් පාලනය මේ වන විට සලකා බලමින් සිටින බවත් ක්‍රෙම්ලින් විදේශ ප්‍රතිපත්ති සහායක යූරි උෂාකොව් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..