අද හිරු නාලිකාව මර්දනය කළහොත්, හෙට දිනයේ අනෙකුත් සියලුම ස්වාධීන මාධ්‍ය ආයතනවලට ද අත්වන්නේ එම ඉරණමයි.. - පිවිතුරු හෙළ උරුමය
පිවිතුරු හෙළ උරුමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
හිරු නාලිකාවට එල්ල වන ෆැසිස්ට් මර්දනය වහා හකුලා ගනු !
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ අතිශය ජනප්‍රිය පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වන හිරු නාලිකාව ඉලක්ක කර ගනිමින්, මාලිමා ආණ්ඩුව පොලීසිය යොදා ගනිමින් ක්‍රියාත්මක කිරීමට වෙර දරණ මර්දනකාරී පිළිවෙත පිවිතුරු හෙළ උරුමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
1988 - 89 යුගයේදී ප්‍රේමකීර්ති ද අල්විස්, තේවිස් ගුරුගේ, සාගරිකා ගෝමස් වැනි මෙරට මාධ්‍යවේදීන් ඝාතන කළ, ගල්කටස් යුගයක් ලංකා දේශපාලන ඉතිහාසයට එක් කරමින් තමන්ට එරෙහිව අදහස් ප්‍රකාශ කරන්නන්ගේ කටවල් කපා දැමූ කුප්‍රකට ත්‍රස්තවාදී කණ්ඩායමකට ජනතාව අත් වැරදීමකින් බලය ලබා දී ඇත. ඔවුන් තමන්ට යළි කිසිදා නොලැබෙන එම රාජ්‍ය බලය අවභාවිතා කරමින් එදා සිදු කළ මාධ්‍ය මර්දනයම අදත් වෙනත් මුහුණුවරකින් සිදු කිරීමට සූදානම් වන බව පෙනේ.
වත්මන් රජයේ මෙම මාධ්‍ය මර්දනය ඉතිහාසයේ කුප්‍රකට ආඥාදායකයෙකු වූ ඇඩොල්ෆ් හිට්ලර් විසින් ගෙස්ටාපෝ පොලීසිය යොදාගෙන සිදු කළ මාධ්‍ය මර්දනයට නොදෙවැනි වේ. හිට්ලර් බලයට පත් වූ පසු තමන්ට අවනත නොවන සෑම නිදහස් මතධාරී මාධ්‍ය ආයතනයක්ම රාජ්‍ය බලය යොදා නිහඬ කළේය. එදා නාසි ජර්මනියේ සිදු වූයේ ද සත්‍යය පවසන මාධ්‍යවේදීන් ද්‍රෝහීන් ලෙස හංවඩු ගසා, පොලිස් බලකායන් යොදවා ඔවුන් බිය වැද්දීමයි. අද ශ්‍රී ලංකාව තුළ හිරු නාලිකාවට එරෙහිව සිදුවන්නේ ද එම ෆැසිස්ට්වාදී ක්‍රියාවලියම බව ඉතා පැහැදිලිය.
මාලිමා ආණ්ඩුවේ මෙම ෆැසිස්ට්වාදී තර්ජනයට සහ මර්දනයට ලක්ව ඇති හිරු නාලිකාව යනු දශකයකට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවගේ හෘද ස්පන්දනය හඳුනාගත් සැමවිටම සත්‍යය වෙනුවෙන් පෙනී සිටි නාලිකාවකි. ඔවුන් මෙරට පාලනය කළ සියලුම රජයන්හි වැරදි සහ අඩුපාඩු නිර්භයව විවේචනය කළහ. අතීතයේ සිටි රාජ්‍ය නායකයන් එම විවේචන දෙස බැලුවේ වෛරයෙන් නොව තම පාලනයේ අඩුපාඩු සකසා ගැනීමට ලැබුණු අවස්ථාවක් ලෙසිනි. එබැවින් ඔවුන් හිරු නාලිකාව තහනම් කිරීමට හෝ පොලීසිය යොදවා එය නිහඬ කිරීමට උත්සාහ කළේ නැත. රජයක සංවර්ධන ව්‍යාපෘති ජනතාව අතරට ගෙන යාමට මෙන්ම විපක්ෂයේ මතයට අවස්ථාව ලබා දීමටත් ඔවුන්ගේ වැරදි පෙන්වා දීමටත් හිරු නාලිකාව සැමවිටම කටයුතු කළේය. එමෙන්ම මෙරට මුහුණ පෑ සෑම ආපදා තත්වයකදීම ශුභසාධක කටයුතු අතිශය පුළුල් පරාසයක ඉටු කිරීමට හිරු නාලිකාව කටයුතු කලේය.
ආණ්ඩුවේ මෙම ෆැසිස්ට්වාදය අතිශය භයානක ඛේදවාචකයක පෙරනිමිති බව මෙරට ජනතාවට අවධාරණය කළ යුතුය. මන්ද මෙම මර්දනය හිරු නාලිකාවට පමණක් සීමා වන්නක් නොවේ. අද හිරු නාලිකාව මර්දනය කළහොත්, හෙට දිනයේ අනෙකුත් සියලුම ස්වාධීන මාධ්‍ය ආයතනවලට ද අත්වන්නේ එම ඉරණමය. ඉන් අනතුරුව ආණ්ඩුවේ මීළඟ ඉලක්කය වන්නේ ජනතාවගේ හඬ වන සමාජ මාධ්‍ය ජාලයන්ය.
අවසානයේ දී ඉතිරි වනුයේ අතපය බැඳ දැමූ, කටවල් වසා දැමූ, පාලකයන්ට අවශ්‍ය දේ පමණක් අසා සිටින බියගුළු මිනිසුන් පිරිසක් වෙසෙන සමාජයකි. නිදහස් මතධාරී සමාජයක් වෙනුවෙන් හිරු නාලිකාවට එල්ල වන මෙම මර්දනයට එරෙහිව පෙළගැසෙන ලෙස අපි සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
මාධ්‍ය නිදහස සුරකිමු! ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරවමු!
මීට
දේශප්‍රේමීත්වයෙන්පි
විතුරු හෙළ උරුමය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..