වෙරළේ මීටර් සිය ඈවරයි.. අනවසර ඉදිකිරීම්වලට ඉඩ දෙන නව නීති..
වෙරළ තිරයේ දැනට ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීම වෙනුවට රුපියල් මිලියන ගණනක දඩයක් රජයට අය කර ගැනීම සඳහා වෙරළ සංරක්ෂණ නීතිය සංශෝධනය කරමින් ඇත.
මෙම නව නීතියට 2026 වසරේ ජනවාරි සිට ක්‍රියාත්මත වීමට නියමිත අතර ඊට අදාළ කටයුතු නීතිපති දෙපාර්තමේන්තුව මගින් සිදුවෙමින් ඇතැයි වාර්තා වේ.
ඒ අනුව, සුනාමි ව්‍යසනයෙන් පසුව මීටර සියයේ සිට තුන්සියය දක්වා වෙරළ තීරයේ සිට කිරීම දක්වා ඉදිකිරීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ නීතියේ වෙනසක් එමගින් සිදුවේ.
යෝජිත නීති ප්‍රතිසංස්කරණය මගින් වාර්ෂික බලපතක් හිමි වන ක්‍රමයක් සැකසෙන බව මීට පෙර වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ජනමාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.
සංචාරක කර්මාන්තයේ ව්‍යාප්තිය හා අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් මෙතෙක් නීතිය නිසිආකාරයෙන් ක්‍රියාත්මක නොවීම මත මීටර් සියයේ සීමාව ආදිය ප්‍රායෝගික නොවන මට්ටමට පැමිණ ඇති බැවින් මෙම නීති සංශෝධන සිදුවන බව මේ සම්බන්ධයෙන් කළ වීපිසීමේදී වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනා කරණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය හි ප්‍රදීප් කුමාර ‘මව්බිමට’ පැවසීය.
පවතින නීතිය අනුව වෙරළේ තුරුලතා මායිමේ සිට ම ඉදිකිරීම නීතියෙන් තහනම් නමුත් එවැනි ඉදිකිරීම් 1,600ක් පමණ දැනටමත් පවතින බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේ ය.
සුනාමියෙන් පසු මිනිසුන්ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් නීති සම්පාදනය කළ ද ඒවා නොතකමින් දිනපතා ම අනවසර ඉදිකිරීම් සිදුවන බවට ඔහු චෝදනා කළේ ය.
සංචාරක කර්මාන්තයේ නිරත ධනවත් ව්‍යාපාරිකයන් රුපියල් දහ පහළොස් දහසේ දඩ පහසුවෙන් ගෙවමින් වැරුද්දට ආවරණයක් ගනිමින් තමන් සිටින නමුත් ඊට එරෙහිව ක්‍රියා කිරීමට පවතින නීතිය ප්‍රමාණවත් නැති බව ද මහාචාර්යවරයා කීවේය.
ඒ අනුව, දැනට ඉදිකර ඇති අනවසර ඉදිකිරිම්වලට වාර්ෂිකව රුපියල් ලක්ෂ විසි පහක් තිහක් වැනි විශාල දඩ මුදලක් ගෙවා තවදුරට ත් පවත්වා ගෙන යෑමට නීති සංශෝධනය වන බව ඔහු පැවසීය.
අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ, දැනට පවතින අනවසර ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ ගණනක වාර්ෂික දඩයක් අය කිරීමේ නීති සංශෝධනයකට ගොස් නව ඉදිකිරීමි නතර කිරීමට කටයුතු කරන බව ය.
මහාචාර්යවරයා මෙසේද කීය.
“දැනටත් පොලිස් පැමිණිලි මත වෙරළ තීරයේ ඉදිකර ඇති ගොඩනැගිලි අපි ඉවත් කිරීමේ සිදු කරනවා. ඒත් මේ දක්වා සාදන ලද 1,600කට අධික ගොඩනැගිලි කඩන්න ගියෝතින් ගල්කිස්ස, මොරටුව වගේ තැන්වල තියෙන ගොඩනැගිලි එකක් නෑර කඩන්න වෙනවා. සමහර ගොඩනැගිලි තියෙන තැන්වලට බැකෝ යෑමට නොහැකි නිසා කැඩීමේ අපහසුතාත් තියෙනවා. ඒක නිසා වෙරළ තීරයේ මේ දක්වා ඉදිකර තියෙන ගොඩනැගිලි මෙතරම් කාලයක් තිස්සේ තිබූ බවට ඔප්පු කරලා, ඊට නියමිත දැඩි දඩයක් ගෙවා හෝ නැත්නම් එම ගොඩනැගිලි ඉවත් කර ගත යුතු යි. කෙසේ වෙතත්, නැවත අලුතින් ඉදිකිරීම සිදු කිරීමට අපි ඉඩ දෙන්නේ නෑ. නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රමවේදය පිළිබඳ අපව දැනුවත් කරයි. අලුතින් ඉදිකිරීම් කරන්න දෙන්නේ නැහැ. කලින් හිටපු කට්ටියට අසාධාරණයක් නොවන්න ඔවුන් අප තියා ගැනීමට කටයුතු කරනවා. ඒ සඳහා වසරකට රුපියල් ලක්ෂ විසි පහක හෝ තිහක දඩයක් ගැසීමට අපි බලාපොරොත්තු වෙනවා.”
- බිඟුන් මේනක ගමගේ, ජනුදී ගෝමස්
Mawbima
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..