News Category
From Date
To Date
Maximum Number of Result

පාර්ලිමේන්තු මැතිවරණය කලින් පවත්වන්නැයි ඉල්ලන පොදු ජන පෙරමුණේ නියෝජිතයන්ට දින නියමයක් නැතුව කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය අමතක වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා රනිල් ජනාධිපතිවරයාගේ නම කියමින් නීතිවිරෝධී ක්‍රියා රැසක් සිදු කරනවා පමණක් නොව ජනාධිපති රනිල්ට එරෙහිවද කටයුතු කරන බව රාජනාදන් ප්‍රභාකරන් පවසයි.

පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින හරක් කටා සහ කුඩු සලිඳු ගේ මිත්‍රයන් 43ක් ගැන පසුගිය දා තොරතුරු අනාවරණය වූ බව මාධ්‍ය විසින් පළ කර තිබූ අතර, එම මිත්‍රයන් බොහෝමයක් පොලිසියේ ඉහළ සිට පහළට තනතුරු දරන නිලධාරීන් බව අනාවරණය විය.

ආදායම සාධාරණ ලෙස බෙදීයන දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආසියානු රටවලින් ඉල්ලා සිටියේ ය.

හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සියලු ම දෙනා එක කුඩයක් යටට ඒකරාශි කරන්නැයි එක්සත් දෙමළ නිදහස් පෙරමුණේ නායක කරුණා අම්මාන් හෙවත් විනයාගමුර්ති මුරලිදරන් තමන්ට නියෝග කර ඇතැයි එම පක්ෂයේ නියෝජ්‍ය නායක ජෙයා සරවනාන් සඳහන් කළේ ය.

රට ගොඩ ගැනීමට නම් පාර්ලිමේන්තු මැතිවරණයකට වඩා ජනාධිපතිවරණය පැවැත්වීම වඩා සුදුසු බවත් රට ගොඩගත හැක්කේ ස්ථාවර ආණ්ඩුවක් තුළින් පමණක් බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක දී සෙනෙට් සභාවක් පිහිටුවීම සඳහා ප්‍රතිපාදන සලසන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබේ.

කථානායකතුමා විසින් විශ්වාස භංගයට පසුව සිදුකළ ප්‍රකාශය අනුව ව්‍යවස්ථාවට පටහැනිව ජනාධිපතිකම භාරගන්නා ලෙස භික්ෂූන් වහන්සේනමක් සහ කතෝලික පූජකවරයෙක් මෙන්ම විදේශ බලවේගයක් බලපෑම්කර ඇත.


දේශීය පුවත්

හරක් කටා මාධ්‍ය අමතයි... ටිරාන් අලස්ට, දේශබන්දුට බරපතල චෝදනාවක්

පාතාල නායකයෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ තහනම් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉල්ලා සිටි බව කියන රුපියල් මිලියන 300 ක අල්ලසක් ගෙවීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමන් තංගල්ලේ රඳවාගෙන සිටින බවට චෝදනා කර තිබේ.

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකයක් ඉදිකිරීම ගැන ශ්‍රී ලංකා රජය විරෝධය පළ කරයි..

ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

අත්අඩංගුව ගන්න එපායැයි ඉල්ලා මහින්දානන්ද අපේක්ෂිත ඇප අයැදුම්පතක් ගොනුකරයි..

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සමඟ වෙසක් පොහෝ දින අට සිල් සමාදන් වූ උපකුලපතිවරයා..

යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලු පෙත්සම සලකා බලන්න දින දෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ඡන්දේ කාලේ කුඩු බෙදූ විපක්ෂයේ අය හෙළිකරන්නැයි චතුරංග අබේසිංහට කියයි..

නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ආනයන වියදම 11.1% කින් ඉහළට..

මේ වසරේ (2025) පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 11.1කින් ඉහළ ගොස් ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.