News Category
From Date
To Date
Maximum Number of Result

පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ අතින් අල්ලාගෙන තමන් ලංකාවේ දෙවැනි පුරවැසියෙක් ලෙස ලෝකෙට ප්‍රකාශ කිරීමට අකමැති බව වරක් පැවසූ බව අනුර කුමාර දිසානායක මහතා සිය කැනඩා සංචාරයේ දී පැවසූ කතාව පිළිබඳව උතුරේ සිවිල් සංවිධානවල දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් ඊයේ (27) බෙයිජිං හි ග්‍රේට් හෝල්හි දී පැවැත්විණි.

චීනය හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 9ක් අත්සන් තබා තිබේ.

ජනාධිපතිවරණය මේ වසරේ ඔක්තෝබර් මුල් සතියේ ව්‍යවස්ථානුකූලව පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දී ඇති බව වාර්තා වේ.

රුසියාවේ මොස්කව් නගරයට එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබු අයවෙනුවෙන් ඔවුන්ගේ පවුල් වලට සහ සමස්ත රුසියානු ජනතාවට ශෝකය පළ කිරිමට දේශප්‍රේමි ජනතා පෙරමුණ ඊයේ එක්විය.

ජාතික සංවිධාන එකමුතුවේ නායකයන් විසින් රුසියාවට එල්ලවූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරුවූවන්ට සිය ශෝකය පළකරීම අද සිදුකරන ලදී.

මේ වසරේ සැප්තුම්බර් මස 28 හෝ ඔක්තෝබර් මස 5 වැනිදා අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යෙන්ම මේ ජනාධිපතිවරණය පවත්වන බවත් ජාතික ජනබලෙව්ගෙය් නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

21 වතාවක් විවිධ ජාතීන් විසින් ආක්‍රමණ දියත්කර අල්ලා ගැනීමට උත්සාහ දැරූ මවුබිම 22 වැනි වතාවට එට්කා ගිවිසුම හරහා ඉන්දියාව විසින් තම ආධිපත්‍යයට නතුකර ගැනීමට සූදානම් බව බවත්, මෙම ගිවිසුම මගින් වෙන කවරදාකටත් වඩා රට බරපතළ අනතුරකට ලක්ව ඇති බවත් පෙන්වා දෙමින් දෙවන පරපුර සංවිධානය දේශපාලන පක්ෂ නායකයන් දැනුවත් කිරීම සඳහා නිවේදනයක් නිකුත්කර තිබේ.

ළමා අපචාර ප්‍රචලිත කිරීම සඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ පනත ජාතික සංවිධානවල විරෝධය නිසා මතුවූ ප්‍රබල සමාජ විරෝධය තුළ හකුලා ගැනීමට සිදුවුවද ඔහු විසින් ඉදිරිපත් කළ නිදහසට කරුණු ඉතා බොලඳ සහ වගකීම් විරහිත බවට සමාජයෙන් චෝදනා එල්ල වේ.


දේශීය පුවත්

හරක් කටා මාධ්‍ය අමතයි... ටිරාන් අලස්ට, දේශබන්දුට බරපතල චෝදනාවක්

පාතාල නායකයෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ තහනම් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉල්ලා සිටි බව කියන රුපියල් මිලියන 300 ක අල්ලසක් ගෙවීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමන් තංගල්ලේ රඳවාගෙන සිටින බවට චෝදනා කර තිබේ.

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකයක් ඉදිකිරීම ගැන ශ්‍රී ලංකා රජය විරෝධය පළ කරයි..

ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

අත්අඩංගුව ගන්න එපායැයි ඉල්ලා මහින්දානන්ද අපේක්ෂිත ඇප අයැදුම්පතක් ගොනුකරයි..

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සමඟ වෙසක් පොහෝ දින අට සිල් සමාදන් වූ උපකුලපතිවරයා..

යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලු පෙත්සම සලකා බලන්න දින දෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ඡන්දේ කාලේ කුඩු බෙදූ විපක්ෂයේ අය හෙළිකරන්නැයි චතුරංග අබේසිංහට කියයි..

නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ආනයන වියදම 11.1% කින් ඉහළට..

මේ වසරේ (2025) පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 11.1කින් ඉහළ ගොස් ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.