වෙනිසියුලාවේ අර්බුදය ගැන දේශපාලන පක්ෂවලට විවිධ ස්ථාවරයන් තිබිය හැකියි.. රජයේ ස්ථාවරය ඊට වඩා පුළුල් - ඇමති විජිත
ඇමරිකා එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ, ඕනෑම රටක ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තීන් හා ජාත්‍යන්තර නීතියට අනුකූලව කටයුතු කිරීම අනිවාර්ය බවයි.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම සාමාජික රටවල් මෙම මූලධර්මවලට බැඳී සිටින බවයි.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් කැඳවා ඇති අතර, එම ක්‍රියාවලිය ඉක්මන් කරන ලෙස ශ්‍රී ලංකාව ද යෝජනා කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුළ මූලික ප්‍රඥප්තීන් හා ප්‍රතිපත්තිවලට පටහැනිව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැහැදිලි කළේ දේශපාලන පක්ෂවලට විවිධ ස්ථාවරයන් තිබිය හැකි වුවද, රජයේ ස්ථාවරය ඊට වඩා පුළුල් වන බවයි.
ජනතා විමුක්ති පෙරමුණ මෙම ප්‍රහාරය දැඩිව හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබූ පසුබිමක, එම පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා ද වන අමාත්‍ය විජිත හේරත් මහතා පෙන්වා දුන්නේ "ආණ්ඩුව යනු රටේ පක්ෂ විපක්ෂ සියලු දෙනා නියෝජනය කරන ආයතනයක්" බවයි.
ඒ අනුව, දේශපාලන පක්ෂයකට වඩා වෙනස්ව, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ජාත්‍යන්තර ප්‍රඥප්තිවලට ගරු කරමින් රජය සිය ස්ථාවරය ඉදිරිපත් කරන බව ඔහු අවධාරණය කළේය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්