News Category
From Date
To Date
Maximum Number of Result

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරයේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ දෙවන රැස්වීම පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස්වූයේ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙනි.

ශ්‍රී ලංකා මහ බැංකුවට අධීක්ෂණය කළ හැකිව තිබියදී, සමුපකාර බැංකුවල මුදල් තැන්පත් කළ අයගේ එම තැන්පතු ආරක්ෂා කරදීමට ක්‍රියා නොකළ බව, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මහ බැංකු අධිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන්ට ඔවුන් ඉදිරිපිටම චෝදනා කර තිබේ.

විශ්මිත දැනුම් පද්ධතියක් හා විශ්මිත හෙළ වෙදකමක් උරුමව තිබූ රටේ දේශීය වෙදකමට විෂ කටුවක් ගසා සිසිර ජයකොඩි ඇමැතිවරයා විසින් පනතක් ගෙන ආ බවත්, ඔහු දැන හෝ නොදැන ගෙන ආ මෙම පනත මගින් කංසා නීතිගත කර ලිංගික සේවා වෙළෙඳපොලක් මෙරට නිර්මාණය වීම සිදු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

කොරෝනා වසංගතය පැවැති කාල සීමාව තුළ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය පිළිබදව මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටින බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොන්ඩමන් මහතා සඳහන් කරයි.

ඉදිරි මැතිවරණයකදී ජාතික ජන බල වේගය ඉදිරියෙන් සිටින බවට ඉන්දියානු සමීක්ෂණයකින් හෙළි වූ බවට සිදු කරන ප‍්‍රකාශ අසත්‍ය බව පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ජනතාවට අයිති සේවා සපයන හෝ වානිජමය රාජ්‍ය ආයතන විකිනිණීමේදි හා අන්සතු කිරිමේදි ඒ සදහා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතා නියෝජිතයන්ගේ අනුමැතිය ලබාගත යුතු බවත්, සදාචාර විරෝධී ලෙස රජයේ විධායක ඒකකයක් වන කැබිනට් මණ්ඩල අනුමැතියෙන් පමණක් පොදු දේපළ බැහැර කිරීම ජනතා පරමාධිපත්‍ය බලය පාවාදීමක් හා ජනතා පරමාධිපත්‍යය අවතක්සේරු කිරීමක් වනබවත්, එම ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී වන බවත් අර්බන් සිටිසන් සංවිධානය පවසයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට 2001 සිට 2004 දක්වා කරගැනීමට නොහැකි වූ හා 2015 පැමිණ 2019 දක්වා කරගැනීමට නොහැකි වූ දේ පොහොට්ටුවේ ජනවරමින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු වශයෙන් පැමිණ දැන් සිදුකරමින් සිටින බවත්, රාජ්‍ය ආයතන හා ජාතික සම්පත් කුණුකොල්ලයට විකිණීම සඳහා ඔහුට කිසිඳු ජනවරමක් හිමිවී නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා සහ පොහොට්ටුව යන දෙපාර්ශවයේම අවශ්‍යතාවය ඉටු වන පරිදි ජනපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනක පැවැත්වීමට ආණ්ඩුව තුල සාකච්ඡා සිදුවෙමින් පවතින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.


දේශීය පුවත්

හරක් කටා මාධ්‍ය අමතයි... ටිරාන් අලස්ට, දේශබන්දුට බරපතල චෝදනාවක්

පාතාල නායකයෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ තහනම් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉල්ලා සිටි බව කියන රුපියල් මිලියන 300 ක අල්ලසක් ගෙවීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමන් තංගල්ලේ රඳවාගෙන සිටින බවට චෝදනා කර තිබේ.

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකයක් ඉදිකිරීම ගැන ශ්‍රී ලංකා රජය විරෝධය පළ කරයි..

ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

අත්අඩංගුව ගන්න එපායැයි ඉල්ලා මහින්දානන්ද අපේක්ෂිත ඇප අයැදුම්පතක් ගොනුකරයි..

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සමඟ වෙසක් පොහෝ දින අට සිල් සමාදන් වූ උපකුලපතිවරයා..

යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලු පෙත්සම සලකා බලන්න දින දෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ඡන්දේ කාලේ කුඩු බෙදූ විපක්ෂයේ අය හෙළිකරන්නැයි චතුරංග අබේසිංහට කියයි..

නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ආනයන වියදම 11.1% කින් ඉහළට..

මේ වසරේ (2025) පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 11.1කින් ඉහළ ගොස් ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.