ජාතිය, ආගම විනාශ කිරීමේ අරමුණින්ද මේ කටයුතු කරන්නේ කියා සිතෙනවා.. - අස්ගිරි මහ නාහිමි
බදුල්ල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් බදුල්ල මුතියංගන රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට අනුශාසකත්වය ලබා දෙමින් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක, මුතියංගන රාජ මහා විහාරාධිපති අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා නාහිමියෝ මෙරට බුදුදහමට හා ජාතියට එල්ල වී ඇති අභියෝග පිළිබඳව සිය කනස්සල්ල පළ කළහ.
එහිදී අනුශාසනාව සිදු කළ මහානායක හිමියන් පෙන්වා දුන්නේ වර්තමානය වන විට අපේ ජාතිය, ආගම, සංස්කෘතිය සහ සභ්‍යත්වය විනාශ කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට ඇති බවයි.
මෙරට ජනතාවට සහ බුදුදහමට එල්ල වෙමින් පවතින මෙම තර්ජනය පිළිබඳව සියලු දෙනා දැඩි අවධානයෙන් පසුවිය යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ.
"බුදුදහම ඇතැම් පිරිසකට මහත් හිසරදයක් වී තිබෙනවා. ඒ මෙරට සිටින පිරිස්ද නැතිනම් විදේශිකයන්ද යන්න නොදන්නා නමුත්, ඔවුන් සිදුකරන විනාශකාරී කටයුතු තුළින් මෙතෙක් කල් ආරක්ෂා කරගත් බුද්ධ ධර්මය විනාශ කිරීමට කටයුතු යෙදෙන බව පෙනෙන්නට තිබෙනවා," යැයි මහානායක හිමියන් වැඩිදුරටත් පැවසූහ.
මෙම තත්ත්වය හමුවේ වැඩිහිටි සමාජය ඇතුළු සමස්ත ජනතාවම බුද්ධිමත්ව සහ කල්පනාකාරීව කටයුතු කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
විවිධ ආගම් සහ විවිධ ජාතීන් මෙරට ජීවත් වුවද, මෙම වටිනාකම් ආරක්ෂා කර ගැනීමට නම් සියලු දෙනාම එකමුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළහ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්