හදවත නිසලය.. මතකය සසලය.. - නන්දන ගුණතිලක ගැන විමල් තැබූ සංවේදී සටහන..
අභාවප‍්‍රාප්ත හිටපු ඇමති නන්දන ගුණතිලක මහතා සම්බන්ධයෙන් හිටපු ඇමති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් තබන ලද සටහනක් මෙහි දැක්වෙයි.
හදවත නිසලය...
මතකය සසලය...
නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම ගියේය,
මට ඔහු පළමුව මුණගැසුනේ, 1989 මුල් කාලයේ දී වාද්දුවේ පිහිටි ඔවුන්ගේ නිවසේදී ය. එකල ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. ජ.වි.පෙ. ශිෂ්‍ය දේශපාලනයේ ඉදිරි පෙළ ක්‍රියාධරයෙකි.
ඒ වන විට මා ජ.වි.පෙ. භූගත දේශපාලනයේ පූර්ණ කාලීන ක්‍රියාධරයෙකි. නන්දන සහෝදරයාගේ මල්ලි වූ දමිතට එකල මා පන්ති (ඉන්දියානුන් ව්‍යාප්තවාදය සහිත පන්ති 5) සාකච්ඡා සිදු කරමින් සිටිය බව මතක ය. මල්ලි මට කීවේ අයියා ගෙදර පැමිණ ඇති බවයි. මල්ලි තම අයියා ගැන මා වෙත පවසා තිබූ කරුණු අනුව ඔහු දැකීමේ උවමනාවක් මා තුළ ද විය. දමිත සමඟ ඔවුන්ගේ නිවසට යන විට නන්දන සිටියේ නිදාගෙන ය. නිදාගෙන සිටිය ඔහු දෙස බලා එදා මම නික්ම ආවෙමි.
පසුව මට ඔහු මුණගැසුනේ 1990 අගභාගයේ දී විය යුතුය. එවිට ජ.වි.පෙ. නිර්මාතෘ රෝහණ විජේවීරයන් ඇතුළු සමස්ත පක්ෂයම දරුණු රාජ්‍ය මර්ධනයක් හමුවේ බිඳ වට්ටවා අවසන් ය. ඉතිරි වූ අප සුළු පිරිස සිටියේ කුඩා කණ්ඩායම් ලෙස වෙන් වෙන්ව ය. මා සිටියේ කමල් දේශප්‍රිය හෙවත් ‘සෙනෙවි“ සහෝදරයාගේ මූලිකත්වය ගත් කුඩා කණ්ඩායම තුළය. නන්දන සහෝදරයා ද එබඳුම කුඩා කණ්ඩායමක් පවත්වාගෙන යන බව අපට දැන ගැනීමට ලැබුණේ මේ කාලයේ ය. ටික කලකින් කණ්ඩායම් දෙක අතර සබඳතා ගොඩ නැගුණි. වෙන වෙනම වුවත් අපි එක අරමුණක් වෙනුවෙන් ක්‍රියා කළෙමු.
විනාශයට ලක් වූ, විශ්වාසය සෘණ අගයක් දක්වා පහත වැටී තිබුණු, මරණ බිය හා රුදුරු වධ බන්ධන අප පසු පසින් පැමිණි එබඳු මොහොතක යළිත් පක්ෂයට පණ දෙනවායැයි සිතා ක්‍රියා කළ පිරිස ගණනින් ඉතා කුඩා ය. නන්දන ද ඒ අධිෂ්ඨානශිලී සුළු පිරිසේ ඉදිරියෙන්ම ක්‍රියා කළේය.
නන්දන සහෝදරයා සතුව වූයේ ජීවිතයකි. කකුලේ තිබුණේ රබර් සෙරෙප්පු කුට්ටමක් පමණි. බොහෝ විට එක ළඟ දින ගණනාවක් හැඳ සිටියේ එකම ‘ටී ෂර්ට්“ එකකි. කෑම වේල් කිහිපයක් අහිමි වුවද වතුර බඳුනකින් කුස පුරවා ගැනීම ප්‍රමාණවත් යයි සිතූ සුළු පිරිස අතර ඔහු ද විය.
1994 මහ මැතිවරණයට ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ නමින් ඉදිරිපත් වීමට ජ.වි.පෙ. ගත් තීරණය භාවිතාව තුළ සාර්ථක කිරීමට කැප වූ සුළු පිරිස අතර ඔහු ද විය. සෝමවංශ අමරසිංහ සහෝදරයා සිටියේ විදේශ ගතව ය. ඔහු සමග සබඳතා පැවැත්වූ සුළු පිරිස අතර නන්දනද විය.
1994 මහ මැතිවරණයට පෙර සිටම, ජ.වි.පෙ. නිල අයිතිය පිළිබඳ අර්බුදයක් නිර්මාණය වී තිබුණි. එහිදී සෝමවංශ අමරසිංහ සහේදරයා මූලිකව කළ සටන තුළ නන්දන ද වූයේ ය. පසුව නන්දන ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් තනතුරට ද පත් කෙරුණි, ටිල්වින් සිල්වා සිටියේ සිර ගෙදර ය.
ටිල්වින් සිල්වා දඬුවම් ලැබ සිරගෙදරින් නික්ම ආ විට සෝමවංශ සහෝදරයා යෝජනා කළේ ඔහුට ප්‍රධාන ලේකම් තනතුර ලබා දෙන මෙන් ය. කී සැණින් නන්දන එම ඉල්ලීමට අවනත විය.
1991 ජනාධිපතිවරණයට තරඟ වැදීමට නීත්‍යානුකූලව මට නොහැකි විය. ඒ වන විට මම එයට අවශ්‍ය වයස සපුරා නොමැති වීම ඊට හේතුව විය. දේශපාලන මණ්ඩලය ඊළඟ යෝජනාව ආවේ අනුර දිසානායකට ඒ සඳහා ඉදිරිපත් වන මෙන් ය. ඔහු එය දැඩිව ප්‍රතික්ෂේප කළේය. එසේ කිරීමට නිසි හේතුවක ද දේශපාලන මණ්ඩලය හමුවේ ඉදිරිපත් කෙරුණේ ද නැත. එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට බල පෑ හේතුව මම පසුව දැන ගත්තෙමි. නමුත්, එය මෙහි සටහන් නොකළ යුතු යැයි මම සිතමි.
අවසානයේදී තරග වැදීමට ඉල්ලීම ආවේ නන්දන වෙත ය. මුල දී ඔහු ද එය ප්‍රතික්ෂේප කළේ ය. ඔහු එසේ ප්‍රතික්ෂේප කිරීමට අතිශය මානුෂීය හේතු දැක්වීමක් ද සිදු කළේය. නමුත් පාන්දර 1 පමණ වන විට, ඔහු එම යෝජනාවට එකඟත්වය දැක්වූයේ ය. ඒ තම පෞද්ගලික කැමැත්ත හා ජීවිතය පිළිබඳ කරුණු පසෙක තබමින්ය.
මා ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් වන විට ඒ වැඩ කටයුතු සිදු කළේ නන්දන ය. මට එය පැවරෙන විට ඔහු එය සතුටින් බාර දුන්නේ ය. 2005 ජනාධිපතිවරණ ක්‍රියාමාර්ගය හා බැඳුණු බලවත් අභ්‍යන්තර සංවාදය තුළ දී මා සහ ඔහු සිටියේ එකම ස්ථාවරයේ ය. මට වඩා ජ්‍යේෂ්ඨයකු ඔහු ද සිටින පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා බවට මා පත් කරන විට ඔහු එය පිළිගත්තේ විවෘත හදවතින් ය.
ඔහු ජ.වි.පෙ.න් ඉවත් වූයේ 2005 ජනාධිපතිවරණය හා බැඳුණු බෙදීමේ කෙළවර ය. කුඩා ලිපියක් දේශපාලන මණ්ඩලයට එවූ ඔහු එතැන් සිට නිහඬ විය. මා ජ.වි.පෙ.න් පැමිණි පසු ජාතික නිදහස් පෙරමුණ බිහි කිරීමට කැප වූ සුළු පිරිස අතර ඔහු ද ඉදිරියෙන්ම සිටියේ ය. ජා.නි.පෙ පළමු ප්‍රධාන ලේකම්වරයා වූයේ ඔහු ය. එමෙන්ම, එකළ ඔහු සංචාරක අමාත්‍ය ධූරය ද දරන ලද බව සිහි කළ යුතුය.
පසුව අප වෙන් විය. එසේ වුවත් සතුරු මනෝභාවයකින් ක්‍රියා කිරීමක් අප අතර ඇති වූයේ නැත. ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහුව බලන්නට මා ගිය විට ඔහු කීවේ ‘‘මහත්තයෝ අපි අතර කවදාවත් පුද්ගලික කෝන්තර තිබුණෙ නෑ නේද“ කියා ය. ලෙඩ ඇඳේ සිටිය දී ඔහු බැලීමට පැමිණි බොහෝ දෙනකුට ඔහු කීවේ ‘‘විමල් සමග එකතු වී වැඩ කරන“ මෙන් ය.
රාගම වෛද්‍ය පීඨය බේරා ගැනීමේ සටනේ (පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට එරෙහි ශිෂ්‍ය සටනේ) නන්දන පුරෝගාමියෙකි. ජ.වි.පෙ. දේශපාලනය වෙනුවෙන් ඔහු සිය උපාධිය ද නොසලකා හැරියේ ය. ඒ, ‘‘පළමුව මව්බිම - දෙවනුව අධ්‍යාපනය“ යන පාඨයට අනුකූලව ය. අද ජ.වි.පෙ. තුළ සිටින බොහෝ කෙරුමන් උපාධිය සම්පූර්ණ කර ගැනීමෙන් පසු ජ.වි.පෙ. ට එක්වූවන් ය.
පානදුර නගරාධිපති ධූරය ද දරන ලද නන්දන සහෝදරයා ජීවිතයේ අවසන් සමයේ මුදල් අගහිඟ කමින් බොහෝ සේ පීඩා වින්දේ ය. ඇතැම් විට ඔහුට බස් රථයක නැගී ගමනක් යාමට තරම් ප්‍රමාණවත් මුදලක් නොතිබුණි. එහෙත් ඔහු තෘප්තිමත් මිනිසෙකු ලෙස ජීවිතය ගත කළේය. ජ.වි.පෙ.න් එල්ල විය හැකි මරණීය තර්ජනය ගැන නොසලකා හෝ ක්‍රියා කළේය. කාලය නිමා වූ පසු අප දිවි රඟ මඬලින් නික්ම යා යුතුය. මෙබඳු මිනිසකු නික්ම ගිය පසු දැනෙන හිස් තැන සුළු පටු නැත.
නන්දන ගුණතිලක සහෝදරයාණෙනි, අප එක්වී ඇරඹූ ගමනක් විය. පසුව කුමක් වුවත් වඩාත් යහපත් හෙට දිනයක් රටට උරුම කර දීම වෙනුවෙන් ඔබ එදා පෙන් වූ කැපවීම හා ධෛර්ය සුළු පටු නැත.
ඔබට නිවන් සුව ලැබේවා..!!!
විමල් වීරවංශ
2026.01.18
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම