News Category
From Date
To Date
Maximum Number of Result

හදවත නිසලය.. මතකය සසලය.. - නන්දන ගුණතිලක ගැන විමල් තැබූ සංවේදී සටහන..

Jan 18, 2026 at 05:49 PM
|

අභාවප‍්‍රාප්ත හිටපු ඇමති නන්දන ගුණතිලක මහතා සම්බන්ධයෙන් හිටපු ඇමති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් තබන ලද සටහනක් මෙහි දැක්වෙයි.

හදවත නිසලය...

මතකය සසලය...

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම ගියේය,

මට ඔහු පළමුව මුණගැසුනේ,  1989 මුල් කාලයේ දී වාද්දුවේ පි‍හිටි ඔවුන්ගේ නිවසේදී ය. එකල ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. ජ.වි.පෙ. ශිෂ්‍ය දේශපාලනයේ ඉදිරි පෙළ ක්‍රියාධරයෙකි.  

ඒ වන විට මා ජ.වි.පෙ. භූගත දේශපාලනයේ පූර්ණ කාලීන ක්‍රියාධරයෙකි. නන්දන සහෝදරයාගේ මල්ලි වූ දමිතට එකල මා පන්ති (ඉන්දියානුන් ව්‍යාප්තවාදය සහිත පන්ති 5) සාකච්ඡා සිදු කරමින් සිටිය බව මතක ය. මල්ලි මට කීවේ අයියා ගෙදර පැමිණ ඇති බවයි. මල්ලි තම අයියා ගැන මා වෙත පවසා තිබූ කරුණු අනුව ඔහු දැකීමේ උවමනාවක් මා තුළ ද විය. දමිත සමඟ ඔවුන්ගේ නිවසට යන විට නන්දන සිටියේ නිදාගෙන ය. නිදාගෙන සිටිය ඔහු දෙස බලා එදා මම නික්ම ආවෙමි.

පසුව මට ඔහු මුණගැසුනේ 1990 අගභාගයේ දී විය යුතුය. එවිට ජ.වි.පෙ. නිර්මාතෘ රෝහණ විජේවීරයන් ඇතුළු සමස්ත පක්ෂයම දරුණු රාජ්‍ය මර්ධනයක් හමුවේ බිඳ වට්ටවා අවසන් ය. ඉතිරි වූ අප සුළු පිරිස සිටියේ කුඩා කණ්ඩායම් ලෙස වෙන් වෙන්ව ය. මා සිටියේ කමල් දේශප්‍රිය හෙවත් ‘සෙනෙවි“ සහෝදරයාගේ මූලිකත්වය ගත් කුඩා කණ්ඩායම තුළය. නන්දන සහෝදරයා ද එබඳුම කුඩා කණ්ඩායමක් පවත්වාගෙන යන බව අපට දැන ගැනීමට ලැබුණේ මේ කාලයේ ය. ටික කලකින් කණ්ඩායම් දෙක අතර සබඳතා ගොඩ නැගුණි. වෙන වෙනම වුවත් අපි එක අරමුණක් වෙනුවෙන් ක්‍රියා කළෙමු.

විනාශයට ලක් වූ, විශ්වාසය සෘණ අගයක් දක්වා පහත වැටී තිබුණු, මරණ බිය හා රුදුරු වධ බන්ධන අප පසු පසින් පැමිණි එබඳු මොහොතක යළිත් පක්ෂයට පණ දෙනවායැයි සිතා ක්‍රියා කළ පිරිස ගණනින් ඉතා කුඩා ය. නන්දන ද ඒ අධිෂ්ඨානශිලී සුළු පිරිසේ ඉදිරියෙන්ම ක්‍රියා කළේය.

නන්දන සහෝදරයා සතුව වූයේ ජීවිතයකි. කකුලේ තිබුණේ රබර් සෙරෙප්පු කුට්ටමක් පමණි. බොහෝ විට එක ළඟ දින ගණනාවක් හැඳ සිටියේ එකම ‘ටී ෂර්ට්“ එකකි. කෑම වේල් කිහිපයක් අහිමි වුවද වතුර බඳුනකින් කුස පුරවා ගැනීම ප්‍රමාණවත් යයි සිතූ සුළු පිරිස අතර ඔහු ද විය.

1994 මහ මැතිවරණයට ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ නමින් ඉදිරිපත් වීමට ජ.වි.පෙ. ගත් තීරණය භාවිතාව තුළ සාර්ථක කිරීමට කැප වූ සුළු පිරිස අතර ඔහු ද විය. සෝමවංශ අමරසිංහ සහෝදරයා සිටියේ විදේශ ගතව ය. ඔහු සමග සබඳතා පැවැත්වූ සුළු පිරිස අතර නන්දනද විය.

1994 මහ මැතිවරණයට පෙර සිටම, ජ.වි.පෙ. නිල අයිතිය පිළිබඳ අර්බුදයක් නිර්මාණය වී තිබුණි. එහිදී සෝමවංශ අමරසිංහ සහේදරයා මූලිකව කළ සටන තුළ නන්දන ද වූයේ ය. පසුව නන්දන ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් තනතුරට ද පත් කෙරුණි,  ටිල්වින් සිල්වා සිටියේ සිර ගෙදර ය.

ටිල්වින් සිල්වා දඬුවම් ලැබ සිරගෙදරින් නික්ම ආ විට සෝමවංශ සහෝදරයා යෝජනා කළේ ඔහුට ප්‍රධාන ලේකම් තනතුර ලබා දෙන මෙන් ය. කී සැණින් නන්දන එම ඉල්ලීමට අවනත විය.

1991 ජනාධිපතිවරණයට තරඟ වැදීමට නීත්‍යානුකූලව මට නොහැකි විය. ඒ වන විට මම එයට අවශ්‍ය වයස සපුරා නොමැති වීම ඊට හේතුව විය. දේශපාලන මණ්ඩලය ඊළඟ යෝජනාව ආවේ අනුර දිසානායකට ඒ සඳහා ඉදිරිපත් වන මෙන් ය. ඔහු එය දැඩිව ප්‍රතික්ෂේප කළේය. එසේ කිරීමට නිසි හේතුවක ද දේශපාලන මණ්ඩලය හමුවේ ඉදිරිපත් කෙරුණේ ද නැත. එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට බල පෑ හේතුව මම පසුව දැන ගත්තෙමි. නමුත්, එය මෙහි සටහන් නොකළ යුතු යැයි මම සිතමි.

අවසානයේදී තරග වැදීමට ඉල්ලීම ආවේ නන්දන වෙත ය. මුල දී ඔහු ද එය ප්‍රතික්ෂේප කළේ ය. ඔහු එසේ ප්‍රතික්ෂේප කිරීමට අතිශය මානුෂීය හේතු දැක්වීමක් ද සිදු කළේය. නමුත් පාන්දර 1 පමණ වන විට, ඔහු එම යෝජනාවට එකඟත්වය දැක්වූයේ ය. ඒ තම පෞද්ගලික කැමැත්ත හා ජීවිතය පිළිබඳ කරුණු පසෙක තබමින්ය.

මා ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් වන විට ඒ වැඩ කටයුතු සිදු කළේ නන්දන ය. මට එය පැවරෙන විට ඔහු එය සතුටින් බාර දුන්නේ ය. 2005 ජනාධිපතිවරණ ක්‍රියාමාර්ගය හා බැඳුණු බලවත් අභ්‍යන්තර සංවාදය තුළ දී මා සහ ඔහු සිටියේ එකම ස්ථාවරයේ ය. මට වඩා ජ්‍යේෂ්ඨයකු ඔහු ද සිටින පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා බවට මා පත් කරන විට ඔහු එය පිළිගත්තේ විවෘත හදවතින් ය.

ඔහු ජ.වි.පෙ.න් ඉවත් වූයේ 2005 ජනාධිපතිවරණය හා බැඳුණු බෙදීමේ කෙළවර ය. කුඩා ලිපියක් දේශපාලන මණ්ඩලයට එවූ ඔහු එතැන් සිට නිහඬ විය. මා ජ.වි.පෙ.න් පැමිණි පසු ජාතික නිදහස් පෙරමුණ බිහි කිරීමට කැප වූ සුළු පිරිස අතර ඔහු ද ඉදිරියෙන්ම සිටියේ ය. ජා.නි.පෙ පළමු ප්‍රධාන ලේකම්වරයා වූයේ ඔහු ය. එමෙන්ම, එකළ ඔහු සංචාරක අමාත්‍ය ධූරය ද දරන ලද බව සිහි කළ යුතුය.

පසුව අප වෙන් විය. එසේ වුවත් සතුරු මනෝභාවයකින් ක්‍රියා කිරීමක් අප අතර ඇති වූයේ නැත. ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහුව බලන්නට මා ගිය විට ඔහු කීවේ ‘‘මහත්තයෝ අපි අතර කවදාවත් පුද්ගලික කෝන්තර තිබුණෙ නෑ නේද“ කියා ය. ලෙඩ ඇඳේ සිටිය දී ඔහු බැලීමට පැමිණි බොහෝ දෙනකුට ඔහු කීවේ ‘‘විමල් සමග එකතු වී වැඩ කරන“ මෙන් ය.

රාගම වෛද්‍ය පීඨය බේරා ගැනීමේ සටනේ (පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට එරෙහි ශිෂ්‍ය සටනේ) නන්දන පුරෝගාමියෙකි. ජ.වි.පෙ. දේශපාලනය වෙනුවෙන් ඔහු සිය උපාධිය ද නොසලකා හැරියේ ය. ඒ, ‘‘පළමුව මව්බිම -  දෙවනුව අධ්‍යාපනය“ යන පාඨයට අනුකූලව ය. අද  ජ.වි.පෙ. තුළ සිටින බොහෝ කෙරුමන් උපාධිය සම්පූර්ණ කර ගැනීමෙන් පසු ජ.වි.පෙ. ට එක්වූවන් ය.

පානදුර නගරාධිපති ධූරය ද දරන ලද නන්දන සහෝදරයා ජීවිතයේ අවසන් සමයේ මුදල් අගහිඟ කමින් බොහෝ සේ පීඩා වින්දේ ය. ඇතැම් විට ඔහුට බස් රථයක නැගී ගමනක් යාමට තරම් ප්‍රමාණවත් මුදලක් නොතිබුණි. එහෙත් ඔහු තෘප්තිමත් මිනිසෙකු ලෙස ජීවිතය ගත කළේය. ජ.වි.පෙ.න් එල්ල විය හැකි මරණීය තර්ජනය ගැන නොසලකා හෝ ක්‍රියා කළේය. කාලය නිමා වූ පසු අප දිවි රඟ මඬලින් නික්ම යා යුතුය. මෙබඳු මිනිසකු නික්ම ගිය පසු දැනෙන හිස් තැන සුළු පටු නැත.

නන්දන ගුණතිලක සහෝදරයාණෙනි, අප එක්වී ඇරඹූ ගමනක් විය. පසුව කුමක් වුවත් වඩාත් යහපත් හෙට දිනයක් රටට උරුම කර දීම වෙනුවෙන් ඔබ එදා පෙන් වූ කැපවීම හා ධෛර්ය සුළු පටු නැත.

ඔබට නිවන් සුව ලැබේවා..!!!

විමල් වීරවංශ

2026.01.18

සම්බන්ධිත පුවත් | Related News

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
නා උයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව වාර්තා වේ.
රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටළු සහ අර්බුද සඳහා මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්, ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කරන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසති.
විවිධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත වන හෝ සිරදඬුවම් නියම වන භික්ෂූන් වහන්සේලා සිවුරු පිටින් බන්ධනාගාරයෙන් බැහැරව රඳවා තබා ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරමින්, ඊට අදාළ නීතිමය රෙගුලාසි කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා සුන් බව ඒ සාකච්චාවට ඒක් වූ මල්වතු මහා විහාරීය නියෝජිත ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉතා නින්දිත ආකාරයෙන් ගලවා ඉවත් කළ බවත්, මේ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා විසින් භික්ෂූන් වහන්සේලා කැඳවා සිදුකරන ලද්දේ හුදෙක් රංගනයක් පමණක් බවත් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසති.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.