ගල් අඟුරු රසායනාගාර වාර්තා ප්‍රමාද දේශපාලන බලපෑම් නිසා ද?.. ලංකාවේ වාර්තා විශ්වාස නෑ කියා වෙන සමාගමකට යැව්වා - පුබුදු ජයගොඩ
ප්‍රශ්නගත ගල් අඟුරු සම්බන්ධයෙන් සිදුකළ රසායනාගාර පරීක්ෂණ වාර්තා ප්‍රමාදවීමට හේතු වහාම හෙළිකරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ පැවසීය.
ඔහු මෙසේද කීවේය.
“ඉන්දියාවේ සමාගමකින් ගෙන්වූ ප්‍රශ්නගත ගල් අඟුරු තොගය සම්බන්ධයෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට අනුබද්ධ බලශක්ති අමාත්‍යාංශයේ රසායනාගාරය ලබා දුන් වාර්තාව නිවැරදි නොවන බවයි කියමින් රජය ගල් අඟුරු සාම්පල් ඉන්දියාවේ පිහිටි ක්‍දඑැජබ් නම් නෙදර්ලන්ත සමාගමකට අයත් රසායනාගාරයකට යොමු කළා. එම රසායනාගාර වාර්තාව ජනවාරි 16 වැනිදා ලැබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පසුගිය සතියේ කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා. නමුත් මේ වනතුරුත් එම වාර්තාව ලැබී නැහැ. එය නොලැබීමට හේතුව එම ගල් අඟුරු තොගය ප්‍රමිතියෙන් බාල බවට තහවුරු කෙරෙන වාර්තාව වෙනස් කරන ලෙස අදාළ රසායනාගාරයට සිදු කරන බලපෑම් බවට තොරතුරු අපට ලැබී තිබෙනවා. ලංකාවේ රසායනාගාරය මෙම ගල් අඟුරු ප්‍රමිතියෙන් බාල බවත්, ඒවා මගින් පරිසරයට හා බලාගාරයේ යන්ත්‍රවලට හානි සිදුවිය හැකි බවත් ප්‍රකාශ කළා. ඉන්දියාවේ පිහිටි රසායනාගාරයත් එම ප්‍රතිඵලයම තහවුරු කර ඇති බව අපට
දැනගන්නට ලැබුණා. ඒ නිසා අපි අහනවා ඇයි මේ රසායනාගාර ප්‍රතිඵල ප්‍රමාද කියල. මෙම ගල් අඟුරු තොගය සම්බන්ධයෙන් ව්‍යාජ වාර්තාවක් නිකුත් කළත්, එය මේ වසරේ අවසානයේදී හෙළිදරව් වෙනවා. අපට ලැබුණු ගල් අඟුරු මෙටි්‍රක්ටොන් ප්‍රමාණයත්, එයින් නිෂ්පාදිත විදුලි බලශක්තියත් සන්සන්දනය කර ගණන් බැලූ විට, ගල් අඟුරු කිලෝ ග්‍රෑමයකින් ජනනය වූ කිලෝ කැලරි ප්‍රමාණය, එනම් එහි ප්‍රමිතිය ගණනය කරන්න පුළුවන්. ඒ නිසා අපි අදාළ නෙදර්ලන්ත
සමාගමෙන් ඉල්ලා සිටිනවා, විවිධ දේශපාලන බලපෑම්ව්ලට යට නොවී ව්‍යාජ දත්ත නිකුත් කර, සිය රසායනාගාරයේ කීර්තිනාමය විනාශ කර නොගන්නා ලෙස. ඒ වගේම අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා, කලින් පැවති ආණ්ඩු සිදුකළ ආකාරයට දූෂිතයන් ආරක්ෂා නොකර, අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා, වගකිව යුත්තන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාවේ යොදවන ලෙස.”
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..