‘එළාර මැරුණේ සිංහලයෙකු වී හෝ පළිගන්නවා කියලයි.. අද ඒක වෙලා..' උතුරේ විහාරස්ථානවලට ගිහින් සිල් ගැනීමට බෞද්ධයන්ට ඇති අයිතිය ප්‍රශ්න කිරීමට ජනාධිපතිවරයා උත්සාහ කරනවා..
ජනාධිපතිවරයා යාපනයේ සිදුකරන ප්‍රකාශ හරහා උතුරේ ජනතාවගේ සහ ඩයස්පෝරාවේ ආකර්ෂණය දිනා ගැනීමට උත්සාහ කරමින් සිටින බවත්, එමඟින් අනෙකුත් ජන කොටස්වලට ඇති අයිතිවාසිකම් පිළිබඳව ඔහුට අමතක වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
මාධ්‍ය හමුව අදහස් දක්වමින් වීරවංශ මහතා අවධාරණය කළේ, බෞද්ධ ජනතාව සිල් සමාදන් විය යුතු හෝ වන්දනා කළ යුතු විහාරස්ථාන තීරණය කිරීමට ජනාධිපතිවරයාට කිසිදු අයිතියක් නොමැති බවයි. උතුරේ පිහිටි විහාරස්ථානවලට ගොස් සිල් ගැනීමට බෞද්ධයන්ට ඇති අයිතිය ප්‍රශ්න කිරීමට ජනාධිපතිවරයා උත්සාහ කරන බවට ඔහු චෝදනා කළේය.
"මුස්ලිම් ජනතාව මක්කම යන්න ඕනේ, දෙමළ ජනතාව කතරගමට එන්න ඕනේ, කතෝලික ජනතාව මඩු පල්ලියට යන්න ඕනේ. ඒ වගේම බෞද්ධ ජනතාවටත් ඕනෑම තැනක වන්දනාමාන කිරීමේ අයිතිය තියෙනවා. මේ රටේ කිසිම ආගමක ජනතාවකගේ භක්තිවන්ත ක්‍රියාදාමය තීරණය කරන්න මේ ජනාධිපතිවරයාට කිසිම බලයක් නැහැ," යනුවෙන් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙහිදී ඉතිහාසය සිහිපත් කරමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ, දකුණු ඉන්දීය ආක්‍රමණිකයෙකු වූ එළාර මිය යන මොහොතේ 'සිංහලයෙකු වී හෝ මෙම ජාතියෙන් පළිගන්නා බව' පැවසූ බවට ජනප්‍රවාදයක් ඇති බවයි. වත්මන් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දෙස බලන විට එම එළාරගේ ආත්මය වැහී ඇති අයුරක් තමන්ට පෙනෙන්නට තිබෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.
එදා යුද්ධයට විරුද්ධ වූ අනුර කුමාර මහතා අද හමුදාව ජයග්‍රහණය කර දුන් සාමයේ අසිරිය විඳිමින් යාපනයේ නිදහසේ ඇවිදින බවත් හමුදා කඳවුරු ඉවත් කළ මාවත්වල අද ඔහු ඇවිද යන්නේ එදා යුද්ධය කළ හමුදාව දිනා දුන් නිදහස නිසා බවත්, එය ඔහුට ලැබුණු 'දඬුවමක්' ලෙස තමන් සලකන බවත් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්