නන්දන ගුණතිලකගේ මරණයටත් අවමන් කරන ලාල් කාන්තලාගේ සදාචාරය සහ මනුස්සකම..
අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතා සම්බන්ධයෙන් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත තම සමාජ මාධ්‍ය ගිණුමේ තබා ඇති සටහනක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතා බහක් නිර්මාණය වී ඇති අතර, තම සමාජ ජාල ගිණුමේ තැබූ සටහනකින් ඔහු පවසන්නේ නන්දන ගුණිතලක මහතාගේ වටිනාකම තමාට අනුව ලකුණු බිංදුවක් බවය.
ජ.වි.පෙ. නිර්මාතෘ රෝහණ විජේවීරයන් ඇතුළු සමස්ත පක්ෂයම දරුණු රාජ්‍ය මර්ධනයක් හමුවේ බිඳ වැටීමට ලක්වූ පසුව ඉතිරි වූ සුළු පිරිස අතර සිටි නන්දන ගුණතිලක සහෝදරයා ජවිපෙ නැවත ගොඩ නැංවීම වෙනුවෙන් සිය ජීවිතයම කැප කර ක්‍රියාකළ පුද්ගලයකු බව නොරහසකි.
ජවිපෙ නැවත ගොඩ නැගීම සඳහා අධිෂ්ඨානශිලීව සිටි සුළු පිරිසේ ඉදිරියෙන්ම ක්‍රියාකළ ඔහු එවකට ජීවිත අවදානම ද පසෙකලා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ජනාධිපතිවරණයට ද ඉදිරිපත් විය.
ජවිපෙ නැවත ගොඩනැගීම වෙනුවෙන් ඔහු ක්‍රියා කළේ එසේය.
පක්ෂයේ ප්‍රථිපත්තිය වුන පලමුව මව්බිම දෙවනුව ඉගෙනුම කියන තැන සිට, තමන්ගේ උපාධිය පවා කැපකරමින් 88,89 න් පසු දෙවනි වරටත් දේශපාලන තහනමට ලක්වුණ ජවිපෙ, ජනපති අපේක්ෂකයාද වෙමින් නැවත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට අවතීර්ණ කරවීමට මෙන්ම අද තිබෙන තැනට පක්ෂය උසස් කිරීමට වෙනුවෙන් එදවස ඔහු කළ අසීමිතව සිදුකළ කැපකිරීම්වලට හරිනම් ලකුණු 100ක් දුන්නත් මදිය.
ඔහු අවසානයේ මිය යන්නේ ද රෝහලේ බිල ගෙවා ගැනීමට තරම්වත් වත්කමක් නැතිව ය.
මිනිසෙකුගේ මරණයකදී අවම සදාචාරයක් රැකීම මනුෂ්‍ය ගතියයි. එයවත් රැකීමට නොහැකි නායකයන්ට රටක පාලනය භාරදීම සම්බන්ධයෙන් ආපසු සිතා බැලීමට කාලය පැමිණ ඇති බව ලාල් කාන්තගේ මෙම සටහනට ප්‍රතිචාර දක්වමින් බොහෝ පිරිස් සඳහන් කර තිබේ.
ලාල් කාන්ත විසින් තබා ඇති මෙම සටහන නැවත වරක් මෙසේ පහතින් දක්වන්නේ එය කියවා අවබෝධකර ගැනීම සහ ප්‍රඥාව ලබා ගැනීම පිණිසමය.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..