News Category
From Date
To Date
Maximum Number of Result

වෙළද ප‍්‍රතිපත්තියක දෘෂ්ඨිමය පදනම කුමක් විය යුතුද?

Aug 3, 2026 at 10:55 AM
|

මීට වසර 40කට පෙර 1977 බලයට පත්වූ ජේ .ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුව ඒක පාර්ශවීයව නිදහස් වෙළද ප‍්‍රතිපත්තියකට අවතීර්න විය. නමුත් එම ප‍්‍රතිපත්තිය අද වන තුරු ජාතික වෙළද ප‍්‍රතිපත්තියක් ලෙස හෝ වෙනත් ලේබලයක් යටතේ නිශ්චිත ලේඛනයක් ලෙස රටේ පාර්ලිමේන්තුවට හෝ මහජනයා වෙත ඉදිරිපත් කර නැත. එම ප‍්‍රතිපත්තිය තුල ‘‘නිදහස් වෙළදාම’’ ආර්ථිකයේ සියළු රෝග වලට ප‍්‍රතිකාරය ලෙස සලකන බව ආණ්ඩුවේ ප‍්‍රධානීන් විසින් විවෘතවම ප‍්‍රකාශ කරන්නට යෙදුනි. එම අදෘශ්‍යමාන ප‍්‍රතිපත්තිය මගින් රටේ ඒ වන විට පැවති දේශීය නිෂ්පාදන සහ දේශීය ආයෝජන මුල් කරගත් ආර්ථික සංවර්ධන ‘‘ මොඩලය’’ විදේශීය ආයෝජන සහ විදේශීය වෙළදාම මුල්කරගත් මොඩලයක් බවට පරිවර්ථනය විය. එතැන් පටන් බලයට  පත් වූ සෑම රජයක්ම එම අප‍්‍රකාශිත ප‍්‍රතිපත්තිය මත පිහිටා ගොඩනැගූ ආර්ථික මොඩලය තවදුරටත් වර්ධනය කිරීමට සහ පවත්වාගෙන යාමට කටයුතූ කළහ. 

ඒ අනුව නිදහස් වෙළදාම ප‍්‍රචලිත කිරීම සදහා යොදාගත් නීති පද්ධතිය සහ ආයතන පද්ධතිය වරින් වර සංශෝධනයට ලක් විය. එමෙන්ම ඊට මහා පරිමාන යටිතල පහසුකම් සංවර්ධනය, රාජ්‍ය ආයතන පුද්ගලීකරණය සහ මූල්‍ය වෙළදපල විවෘත කිරීම සහ එය ජාත්‍යන්තර ණය වෙළදපල සමග ගැට ගැසීම වැනි උපායමාර්ගිකව වැදගත් අංගෝපාංග එකතු විය. ඊට අමතරව විවිධ රජයන් යටතේ නිදහස් වෙළදාම තව දුරටත් ප‍්‍රචලිත කිරීම සදහා විශේෂිත කොන්දේසි සහිත බහුපාර්ශවීය, ද්වීපාර්ශවීය සහ කලාපීය වෙළද සහ ආර්ථික ගිවිසුම් වලටද අවතීර්න විය. මෑතකදී එනම් 2016 මැයි මාසයේ ආණ්ඩුව විසින් වෙළදාමට පහසුකම්  සැපයීමේ ජාත්‍යන්තර ගිවිසුම වලංගු කරන ලදි. එහෙත් ඒ සදහා මග පෙන්වන ජාතික වෙළද ප‍්‍රතිපත්තියක් හෝ උපයමාර්ගික රාමුවක් මේවනතුරු නිල වශයෙන් රටට ඉදිරිපත් කොට නැත. 

අප රටේ වෙළද සහ ආයෝජන ප‍්‍රතිපත්ති සකස් කිරීම සහ ඒවා ක‍්‍රියාත්මක කෙරෙන ආකාරය අධීක්‍ෂණය කිරීම සදහා විශේෂ රාජ්‍ය ආයතනයක්ද බිහි විය. ඒ 2006 දී වෙළද සහ ආයෝජන ප‍්‍රතිපත්ති දෙපාර්තමේන්තුව නමින් මුදල් අමාත්‍යාංශය යටතේ   රාජ්‍ය දෙපාර්තමේන්තුවක් පිහිටුවීම මගිනි. නමුත් එම ආයතනය අද වන තුරු ජාතික වෙළද ප‍්‍රතිපත්තියක් නමින් නිශ්චිත උපායමාර්ගික මගපෙන්වීමක් අඩංගු ලේඛනයක් පාර්ලිමේන්තුවේ හෝ මහජනතාවගේ අනුමැතිය සදහා ඉදිරිපත්කොට නැත. පළමුවරට එවැන්නක අවශ්‍යතාවය රජය විසින් පිළිගන්නේ ඒ සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප‍්‍රමුඛ වෘතිකයන් විසින් බලකිරීම් නිසාය. නමුත් රජය විසින් එම වගකීම පවරනු ලැබුවේ රජයට උපදෙස් ලබාදෙන සහ ‘‘සීපා හෙවත් එට්කා’’ ගිවිසුම සකස් කිරීම සදහා දායකවූ පක්‍ෂපාතී නිලධාරීන් පිරිසකටය. ඔවුන් විසින් කිසිදු මහජන අදහස් කැදවීමකින් තොරව සති 5ක් වැනි කෙටි කාලයක් තුලදී ප‍්‍රතිපත්ති රාමුව නමින් ඒ 4 පිටු 112කින් සමන්විත ලේඛනයක් එළිදක්වනු ලැබුවේ 2016 සැප්තැම්බර් මස 5 වනදාය.

එම ලේඛනය විවෘත මජන සංවාදයකට ලක්වූයේ නැත. නමුත් ශ‍්‍රී ලංකාවේ රජය 2016 සැප්තැම්බර් 27 වැනිදා ලෝක වෙළද සංවිධානයට  ඉදිරිපත් කළ ‘‘ වෙළද ප‍්‍රතිපත්ති සමාලෝචනය’’ නම් වූ වාර්තාව මගින් එම ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කරන බවට කරුණු දක්වා අත. නමුත් එම ලේඛණය මගින් බාහිර සහ අභ්‍යන්තර වෙළදාම ප‍්‍රචලිත කිරීම සදහා මගපෙන්වීම ලබාදෙන ආර්ථික සහ දේශපාලන උපායමාර්ගික රාමුවක් යෝජනා වන්නේ නැත. එම ලේඛණය මහජනයා නොමග යවන ව්‍යාජ තොරතුරු පවා අඩංගු විවිධ පාඨ ග‍්‍රන්ථ සහ පර්යේෂන පත‍්‍රිකා වලින් කොටස් ‘‘කපා -කොටා - අලවා සකස් කරන ලද්දකි. එම ලේඛනයේ දුප්පත්කම ඔප්පු කිරීම සදහා මෙම ලියුම්කරු විසින් ඊට අදාළ විශේෂ ලිපියක් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන්නට යෙදුනි. 

ජාතික වෙළද ප‍්‍රතිපත්තියක් සකස් කිරීම සදහා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප‍්‍රමුඛ වෘතික සංවිධාන එකතුවක් විසින් මහජන කොමිෂමක් ස්ථාපිත කරන්නේ එවැනි පසුබිමක් තුලය. මෙම කොමිසමේ කාර්යභාරය වන්නේ  ඕනෑම පත්වන රජයක මූලික දේශපාලන අරමුණු කුමක් වුවත් ආර්තිකය හැසිරවීමේදී ගුරුකොට ගතයුතු සමාජ ආර්ථික උපායමාර්ග රාමුවක් සකස් කිරීමය. එමගින් වෙළදාම සහ ආයෝජන ප‍්‍රචලිත කිරීමේදී යොදා ගත යුතු සමාජ සම්මතයන් පිළිබිඹු විය යුතුය. ජාතික ආර්ථික සංවර්ධන ප‍්‍රතිපත්තියකින් ව්‍යුක්තව ජාතික වෙළද ප‍්‍රතිපත්තියක තිබිය නොහැකිය. ඒ නිසා වෙළදාම ආශ‍්‍රිත උපායමාර්ග සෑම විටම ජාතික ආර්ථික මොඩලයේ උපායමාර්ග ප‍්‍රවේශයට යටත්වේ. එම උපායමාර්ග රාමුව ක‍්‍රියාත්මක කිරීම සහ ආරක්ෂා කිරීම සදහා සමාජ ක‍්‍රියාකාරීත්වයක් පණ ගැන්වෙන්නේ එසේ සමාජ සම්මතයන්බවට පරිවර්ථනය වන උපායමාර්ග කොතෙක් දුරට සමාජයට සංවේදීද යන කරුණ මතය. එම අරමුණ සාත්ෂාත්කර ගැනීම සදහා ජාතික වෙළද ප‍්‍රතිපත්තියක් සකස් කිරීම සදහා පත්කරනු ලැබූ මහජන කොමිසම විසින් සැලකිල්ලට ගතයුතු කරුණු 12ක් ඉදිරිපත්කළ හැක. 

පළමුවැන්න දැනට ශ‍්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන න්‍යාය පත‍්‍රය තුල වෙළ`ද සහ ආයෝජන ප‍්‍රචලිත කිරීමේදී උපායමාර්ගිකව මගපෙන්වන විධිමත් සහ නිශ්චිත ලේඛනයක් සෘජුව මහජනයා විසින් හෝ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් විසින් අනුමත කර නොමැති බව කරුණු සහිතව සහ තර්කානුකූලව ප‍්‍රකාශ කිරීමය. ඒ තුලින් එවැන්නක අවශ්‍යතාවය අවධාරණය කෙරෙන අතර කොමිසම විසින් ඉටුකරනු ලබන්නේ එම කර්තව්‍ය බවට තහවුරුවේ.

දෙවැන්න වන්නේ මේ වන විට ශ‍්‍රී ලංකා රජය විසින් අත්සන්් කොට ඇති බහුපාර්ශවීය සහ ද්වීපාර්ශවීය වෙළ`ද ගිවිසුම් 7 මගින් මෙන්ම ඇමෙරිකාව සමග අත්සන්කොට ඇති වෙළ`දාම සහ ආයෝජන ආශ‍්‍රීත ගිවිසුම් රාමුව සහ ලෝක වෙළ`ද සංවිධානය සමග අත්සන්කොට ඇති වෙළ`දාම සදහා පහසුකම් සලසන ගිවිසුම් වල අඩංගු වාසිදායක සහ හානිදායක පැතිකඩ හදුනා ගැනීමය. ඒ සදහා දීර්ඝකාලීනව රටේ ආර්ථික ස්වෛරීත්වය සහ පොදු මහජන සුභසිද්ධිය මුල්කරගත් නිර්නායක මාලාවක් ඉදිරිපත් කළ යුතුය. එය අනාගත වෙළ`ද ගිවිසුම්වල හොද නරක මැනීම සදහා මහජනයා විසින් යොදාගතහැකි කෝදුවක් බවට පත්විය යුතුය. 

එසේ අනාගතයේදී වෙළ`ද ගිවිසුම් අත්සන් කිරීමේදී උපායමාර්ගික වශයෙන් මගපෙන්වන මූලික ම`ග සලකුණු 10ක් හදුනාගත හැක. ඒවා තුන්වැන්නේ සිට දොලොස්වැන්න දක්වා මෙසේ දැක්විය හැක.

 ඒ අනුව උපායමාර්ගික වශයෙන් වැදගත්වන තුන්වන කරුණ වන්නේ වෙළ`ද ගිවිසුමක හෝ ඒ සදහා පහසුකම් සලසන මූලික ගිවිසුම් රාමුවක අඩංගු කොන්දේසි මගින් රටේ ආහාර සුරක්‍ෂිතතාවයට සිදුවන බලපෑම අධ්‍යයනය කිරීමය. ආහාර සුරක්‍ෂිතතාවය අප රටට නොවැදගත් වුවද එය  ඕනෑම රටක ස්වෛරීභාවය කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරයි. රටක ආහාර සුරක්‍ෂිතතාවය එම රටේ ජාතික ආරක්‍ෂාව තරම් වැදගත් වන්නේ ඒ නිසාමය. යම් රටක ආහාර සුරක්‍ෂිතතාවය අනතුරේ වැටෙන ප‍්‍රධානම හේතුව වන්නේ විවිධ සහනාධාර ලබාදීම මගින් මිළ අඩු කොට විදේශීය ආහාර  ප‍්‍රතාපනය කරීම නිසා දේශීය ආහාර නිශ්පාදනය අඩාල වීමයි. එය වැලැක්වීම සදහා උපාංග හදුන්වාදීම වෙළ`ද ප‍්‍රතිපත්තියක මූලික වගකීමවේ. උදාහරණයක් ලෙස තිරිගු සදහා බටහිර රටවල් 20‍්‍ර තරම් ඉහළ සහනාධාරයක් ලබාදෙන බැවින් අප රටේ වරායෙන් තිරිගු කිග‍්‍රෑ 1ක් රට තුලට ඇතුල් වන්නේ රු 38 ක් තරම් අඩු මුදලකටය. බටහිර රටවල් තම රටවල ගොවීන්ට ලබාදෙන සමස්ථ සහල් සහනාධාරවල වටිනාකම ඩොලර් බිලියන 300කි. නමුත් අප රටතුල වී කිග‍්‍රෑ 1ක් නිශ්පාදනය කිරීම සදහා එම මුදල මෙන් දෙගුණයකට ආසන්න මුදලක් වැයවේ. 

තත්වය එසේ තිබිියදී 2015 දී තිරිගු වලට පනවා තිබූ විශේෂ බද්ද කිග‍්‍රෑ 1ක් සදහා රුපියල් 10කින් තවදුරටත් අඩුකරනු ලැබීය. ඒ මගින් රජයට අහිමිවූ බදු ආදායම රු මිලියන 13000කි. එසේ බදු අඩු කිරීම නිසා ලැබුණු මිල වාසිය සහ එසේ ඉතිරිවූ අරමුදල් භාවිතකොට සමාගම විසින් එම ආහාරය ප‍්‍රචලිත කිරීම නිසා 2016 වසරේදී තිරිගු පරිභෝජනය මෙ.ටො. ලක්‍ෂ 13 සිට ලක්‍ෂ 17 දක්වා ලක්‍ෂ 4කින් වැඩිවිය. එමනිසා එම වසරේදී රජයට අහිමිවූ බදු ආදායම රුපියල් මිලියන 17000කි.

එසේ අහිමිවූ බදු මුදල හෙවත් පාන්පිටි සමාගමට ලබාදුන් සහනාධාරයේ වටිනාකම වසරකදී රටේ සමස්ථ අඩු ආදායම් ලාභීන් සදහා සමෘද්ධිය සහනාධාරය සදහා වැය කරන මුදලට වඩා වැඩි මුදලකි. එසේම එම මුදල් ඩොලර් වලට පරිවර්ථනය කිරීම මගින් හම්බන්තොට වරාය ඉදිකිරීම සදහා ලබාගත් ණය මුදලේ වාර්ෂික ණය වාරිකය වන ඩොලර් මිලියන 95ක් ගෙවා දමා තවත් ඩොලර් මිලියන 15ක් ඉතිරිකර ගත හැක. ඒ අනුව නිවැරදි වෙළ`ද ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කිරීම මගින් විදේශීය ආහාර ප‍්‍රතාපනය කිරීම වැලැක්වීමේ වැදගත්කම අවධාරණය වේ. ඊට අමතරව ඒ හරහා දේශීය වී සහ ධාන්‍ය ගොවීන්ට සහතික මිලක් ගෙවීම මගින් දේශීය ආහාර නිශ්පාදනය වැඩිකිරීමේ සමාජ ආර්ථික වාසිය අවබෝධකරගත හැක. එසේම ඒ මගින් දැනට කි.ග‍්‍රෑ 80 මට්ටමේ පවතින ඒකපුද්ගල තිරිගු පිටි පරිභෝජනය කි.ග‍්‍රෑ 30 දක්වා අඩුකර ගැනීම මගින් පොදුවේ රටේ මහජන සෞඛ්‍ය තත්වය ඉහළ දැමීම සදහා ලැබෙන අවස්ථාව තේරුම් ගැනීමද වැදගත්වේ. ඒ සියල්ල මගින් ඉතා හොදින් පැහැදිලි වන්නේ නිදහස් වෙළ`දාම ප‍්‍රචලිත කිරීම සදහා ගන්නා වූ හුදකලා තීරණයක් මගින් රටක සමාජ-ආර්ථික සංවර්ධනයට සහ සමාජ සාධාරණත්වයට මොනතරම් හානියක් සිදුවිය හැකිද යන්නයි.

උපාය මාර්ගික වශයෙන් වැදගත්වන හතරවන කරුණ වන්නේ ‘‘ ආරක්‍ෂණවාදය පිටු දැකිය යුතුය’’ යනුවෙන් ප‍්‍රතිපත්ති සම්පාදකයින් විසින් පනවාගනු ලබන මානසික බාධකයෙන් ගැලවීමය. එය පහසු කටයුත්තක් නොවේ. එයට හේතුව ආරක්‍ෂණවාදී නොවී නිදහස්වාදී ප‍්‍රතිපත්ති අනුගමනය කිරීම දියුණු ආර්තික ප‍්‍රතිපත්තියක් ලෙස හුවා දැක්වීමය. ඒ අනුව ආරක්‍ෂණවාදී වීම පහත් දෙයකි. නමුත් 1950 දශකයේ දී බටහිර රටවල් විසින් තම රටවල දේශීය නිශ්පාදන පද්ධතිය ආරක්‍ෂාකර ගැනීම සදහා පනවනු ලැබූ තීරු බදු ප‍්‍රතිශතයන් අධ්‍යනය කිරීමෙන් ආරක්‍ෂණවාදී වීම එම රටවලට කොතෙක් වැදගත්වූවාද යන්න තේරුම් ගත හැක. එම රටවල් ආනයනික ආහාර සදහා පැනවූ බදු ප‍්‍රතිශතයන් සෑමවිටම  50‍්‍ර ට වඩා වැඩි මට්ටමක පැවතුනි. ජපානය වැනි රටවල් සහල් සදහා 800‍්‍ර තරම් ආනයන බද්දක් පැනවීමට පවා කටයුතු කොට ඇත.  ඒ අනුව එම රටවල් තම රටවල නිශ්පාදන පද්ධති රැකගනු ලැබුවේ සහ ඒවා අද පවතින තත්වයට දියුණු කරගනු ලැබුවේ ආරක්‍ෂණවාදී වීමෙන් නොවේද?

ඒ නිසා යම් රටක් ‘‘ ආරක්‍ෂණවාදී’’ ද නැද්ද යන ප‍්‍රශ්නයට වඩා වැදගත් වන්නේ එම රට දේශීය නිශ්පාදන පද්ධතිය සහ නිශ්පාදකයා රැකගන්නවාද නැද්ද යන ප‍්‍රශ්නයයි. යම් රටකට ආරක්‍ෂණවාදී වීම නැමති මානසික බාධකයෙන් ගැලවිය හැක්කේ නිදහස් වෙළ`දාම නැමති සංකල්පය වෙනුවට සාධාරණ වෙළ`දාම නැමති සංකල්පය ඉදිරියට ගැනීමෙනි. නමුත් ඉහත සදහන් කළ ආකාරයට බටහිර රටවල් අප රටට තිරිගු පිටි ප‍්‍රතාපනය කරන්නේ අප රට අරක්‍ෂනවාදී නොවිය යුතුය යන සංකල්පය ඉදිරියට දමමින් සහ තම රටේ ගොවීන්ට සහනාධාර ලබාදීම සාධාරණීයකරනය කරමිනි. නමුත් ඔවුන් වෙනත් රටකදී සහනාධාර ලබාදී මිල අඩු භාණ්ඩ තම රටට ප‍්‍රතාපණය කළහොත් එය වැලැක්වීම සදහා ‘‘ප‍්‍රතාපන විරෝධී’’ සහ ප‍්‍රතිතෝලන බදු’’ පනත් යොදා ගනිති. නමුත් ලෝක වෙළ`ද සංවිධානය විසින් අප රට මත පැටවීමට උත්සාහ කරන ප‍්‍රතාපන විරෝධී සහ බදු පනත් අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ ඒවා මගින් ප‍්‍රතාපනය දිරිමත් කොට බදු පැනවීම අධර්යමත් කෙරෙන බවය. එයට හේතුව ඒ සදහා යොදාගන්නා යාන්ත‍්‍රණය තුලට කඩා වැදී එම ක‍්‍රියාමාර්ග වැලැක්වීම හෝ ඒවාට අකුල් හෙලීම සදහා මහා සමාගම් වලට විශාල ඉඩක් ලබාදීමය. එමනිසා ජාතික වෙළ`ද ප‍්‍රතිපත්තියක්  තුල මහා සමාගම්වල බලපෑම්වලට යටත්නොවී ජාතික අරමුණු ඉටුකර ගැනීම සදහා ප‍්‍රභල ප‍්‍රතිපාදන තිබිය යුතුය. 

වෙළ`ද ප‍්‍රතිපත්තිය තුල සැලකිල්ලට ගත යුතු පස්වැනි උපායමාර්ගික කරුණ වන්නේ නිදහස් වෙළ`දාම ප‍්‍රචලිත කිරීමේදී ඒ මගින් රටේ පාරිසරික සහ සමාජ සාධාරණත්වය මෙන්ම මහජන සෞඛ්‍ය සුරක්‍ෂිතතාවය මත ඇතිකරන බලපෑම නිවරදිව තක්සේරුකොට  ඊට ප‍්‍රතිකර්ම යෙදීමයි. එනම් එම ප‍්‍රමිතීන් ආරක්‍ෂා කිරීම සදහා නිදහස් වෙළ`දාම පාලනය කළ යුත්තේ කෙසේද යන්න සහ ඒ සදහා යොදා ගන්නා උපාංග මොනවාද යන්න පිළිබදව මහා සමාජය සමග එකගතාවයක් ඇතිකර ගැනීමයි. උදාහරණයක් ලෙස ආර්ථික වශයෙන් නිතර පහරදීමට ලක්වන සහ වෙළ`දපල තුල සිදුවන සුළු වෙනස්කමක් නිසා පවා දුප්පත්කමේ පතුලට ඇද වැටෙන වී ගොවියා සහ කිරිගොවියා අරක්‍ෂා කරගන්නේ කෙසේද? විදේශීය තිරිගු පිටි වලට සහ කිරි පිටි වලට බදු සහන දෙමින් ඒවාට වෙළ`දපල තුල වාසි සහගත තත්වයක් නිර්මානය කරන තරමට ඒවා ආශ‍්‍රිත කර්මාන්ත පද්ධති බිදවැටේ. ඊට සාපේක්‍ෂව එම කර්මාන්තයට අමුද්‍රව්‍ය සපයන ගොවීන්ගේ ජීවන තත්වය පහළට ඇදවැටේ.

එම තත්වය වැලැක්වීම සදහා ඉතා සරල ප‍්‍රතිකර්මයක් ලෙස ආනයනික ආහාර වලට බදු පැනවීම පමණක් සෑහෙන්නේ නැත. ඒ සදහා සහතික මිලක් ලබා දීම සදහා වෙළ`දපළ යාන්ත‍්‍රණය දිරිමත් කිරීම මෙන්ම නිෂ්පාදන වියදමට සාපේක්‍ෂව මිල තීරණය කිරීම සදහා සහ මහා සමාගම්වල උවමනාව මත වෙළ`දුන් විසින් වෙළ`දපල විකෘතින් ඇතිකිරීම වැලැක්වීම සදහා මිල සූත‍්‍ර හදුන්වාදීමටද සිදුවේ. මහජන සෞඛ්‍යයට සහ දේශීය කිරි කර්මාන්තයට බරපතල බලපෑම් ඇතිකරන ආහාර සහ ඖෂධ ආනයනය කිරීමේදී යම් ප‍්‍රමිතීන් පැනවීම සහ ප‍්‍රමාණාත්මක සීමාකිරීම්ද අවශ්‍යවේ. එසේම වෙළ`දපල මිල විකෘතීන් නිසා වැඩි ලාභය සදහා වස විස සහිත ආහාර හෝ සංයුතිය වෙනස් කළ ආහාර වැඩිවශයෙන් ප‍්‍රචලිත කිරීමට වෙළ`දපල තුල පෙළඹවීම් ඇතිවේ. උදාහරණයක් ලෙස ෆාම් තෙල් සහ කිරිපිටි සදහා පනවා තිබූ විශේෂ බදු අඩු කිරීම් නිසා ෆාම් තෙල් ,ෂැම්පු, කෝස්ටික් සෝඩා, යූරියා , සීනි සහ කල් ඉකුත්වූ අඩු මිල ආයනික කිරිපිටි යොදා ගනිමින් කෘතීම කිරි නිපදවීමේ කර්මාන්තයක් බිහිවී ඇත. මහජන සෞඛ්‍යයට බරපතල හානිකර එවැනි තත්වයන්  වැලැක්වීම සදහා වෙළ`ද ප‍්‍රතිපත්තිය තුල ප‍්‍රතිපාදන තිබිය යුතුය. එසේම ඊට පහසුකම් සැලසීම සදහා ආහාර පනත ඇතුළු අදාල නීති පද්ධතියද ශක්තිමත් කළ යුතුය. එයද වෙළද ප‍්‍රතිපත්තියේම කොටසක් බවට සැකයක් නැත.

    වෙළ`ද ප‍්‍රතිපත්තියක සැලකිල්ලට  ගත යුතු හයවැනිඋපාය මාර්ගික පැතිකඩ වන්නේ වෙළදාමේ නාමයෙන් දේශපාලන සහ සංස්කෘතිික ආක‍්‍රමණවලට ඉඩ නොදීමයි. දේශීය රැකියා අවස්ථා සුරක්ෂිත කිරීමද ඊට අයත්වේ. මෙම තත්වය විශේෂයෙන් පැනනගින්නේ සේවා වෙළ`ද ගිවිසුම් ම`ගින් ස්වභාවික පුද්ගලයින්ට දේශසීමා හරහා පැමිණ සේවා සැපයීමේ අවස්ථාව ලබා දීමේදීය. ඉන්දියාව වැනි රටවල් තම රටේ වැසියන් වෙනත් රටවලට සංක‍්‍රමණය වීමට ඉඩ සැලසීම ම`ගින් දේශපාලන උපාය මාර්ගික උපාංග නිර්මාණය කර ගනිති. රටින් පිටත රැකියාවල් වල යෙදෙන ඉන්දියානුවන් හදුන්වන්නේ එම රටේ පස්වෙනි හමුදාව ලෙසය. එම කරුණු නොසලකා ඉන්දු ලංකා එට්කා හෙවත් සීපා ගිවිසුම අත්සන් කිරීම සිදුවුවහොත් කම්කරු රැකියා ස`දහා ඉන්දියානුවන් ලක්ෂ ගණනින් ශ‍්‍රී ලංකාවට කඩා වදින බවට කිසිදු සැකයක් නැත. එම තත්වය පාලනය කිරීම ස`දහා අප රටේ වෙළ`ද ප‍්‍රතිපත්තිය සමත් විය යුතුය. 

හත්වැන්න ලෙස උපාය මාර්ගික වශයෙන් විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාව වැනි රටකට ඓතිහාසිකව වැදගත් වන සුවිශේෂී කරුණක් දක්වා ඇත. ඒ සේවා වෙළදාම සහ ආයෝජන ප‍්‍රචලිත කිරීමේදී එමගින් නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවාව මත ඇති කරන බලපෑම ගැඹුරින් සැලකිල්ලට ගැනීමයි. එම සේවාවන් පිළිබ`ද සමාජ සම්මතයන් සහ ඒවා රැකීම ස`දහා වන සමාජ ක‍්‍රියාකාරීත්වය  ශ‍්‍රී ලාංකික සමාජය තුල ගැඹුරින් කාවැදී ඇත. ඒවාටඅභියෝග කිරීම සැමවිටම සමාජ අර්ථික ඛේදවාචක වලින් අවසන් වී ඇත. එමනිසා ශී‍්‍ර ලංකාවේ වෙළ`ද සහ ආයෝජන ප‍්‍රතිපත්තිය තුල නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය සුරක්ෂිත කිරීමට අදාල ප‍්‍රභල ප‍්‍රතිපාදන අඩංගු විය යුතුය. 

අට වැන්න ලෙස උපාය මාර්ග්ික වශයෙන් වෙළ`ද ප‍්‍රතිපත්තිය තුල වැදගත් ස්ථානයක් හිමිවන්නේ ෙඓතිහාසිකව හා ස්වභාව ධර්මයේ උරුමයෙන් ගොවියාට ලැබෙන මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමය. එනම් කිසිදු වෙළ`ද හෝ ආයෝජන කොන්දේසියක් ම`ගින් ගොවියාගේ ඉඩම් අයිතිය, ජල අයිතිය සහ බීජ අයිතිය අභියෝගයට ලක් නොවිය යුතුය. එසේම එම මූලික අයිතිවාසිකම් ගොවියාට අහිමි කිරීම ස`දහා නීති පැනවීම ද නොකළ යුතුය.

වෙළ`ද ප‍්‍රතිපත්තිය තුල නමවැන්න ලෙස වැදගත්වන උපායමාර්ගික කරුණු වන්නේ අසමාන නීති හේතු කොටගෙන රටක් අභිබවා තවත් රටකට වෙළ`ද වාසියක් අත් පත් කර ගැනීමට ඉඩ නොදීමය. එම තත්වය වැලැක්වීම සදහා වෙළ`ද ගිවිසුම් අත්සන් කිරීමේදී අනෙක් පාර්ශවය හෝ පාර්ශව අතර නීති පද්ධතියේ පවතින වෙනස්කම් ශී‍්‍ර ලංකාවේ වෙළ`දපල තුල පිළිබිඹු වන ආකාරය විශේෂයෙන් සැලකිල්ලට ගත යුතුය. ඒ අනුව එසේ ගිවිසුම් වලට එළඹීමට පෙර පූර්ව කොන්දේසි ලෙස අදාල නීතිමය රාමු වෙනස් කිරීම හෝ ශක්තිමත් කිරීම ස`දහා ප‍්‍රතිපාදන වෙළ`ද ප‍්‍රතිපත්තියට ඇතුල් විය යුතුය. එසේම ඓතිහාසිකව ප‍්‍රර්ව ගිවිසුමක් ම`ගින් රටට අවාසිදායක කොන්දේසි වලට එක`ග වී ඇත්නම් නව ගිවිසුම් අත්සන් කිරීමට පෙර එම වැරදි නිවැරදි කිරීම පූර්ව කොන්දේසියක් බවට පත්විය යුතුය. උදාහරණයක් ලෙස ලෝක වෙළ`ද සංවිධානයේ ‘‘ගැටිස්’’ ගිවිසුමට අවම බැදීම් ලබාදීමේදී ශී‍්‍ර ලංකාව විසින් කරන ලද වැරදි නිවැරදි නොකර වෙනත් කිසිදු රටක් සම`ග සේවා ගිවිසුම් වලට එළඹීම නොකළ යුතුය.


උපාය මාර්ගිකව සැලකිල්ලට ගත යුතු දස වැනි කරුණ වන්නේ විවිධ ජාත්‍යන්තර ගිවිසුම් අනුව වෙළදාම ප‍්‍රචලිත කිරීම ස`දහා එක`ග වී ඇති පොදු කොන්දේසිවලට යටත්වීම මගින් ආනයනකරුවන් දිරිමත් වන ප‍්‍රමාණයට සාපේක්ෂව අප රටේ අපනයනකරුවන් දිරිමත් නොවීමය. උදාහරණයක් ලෙසශ‍්‍රී ලංකාවේ තීරු බදු 0‍්‍රල15‍්‍ර 30‍්‍ර  වශයෙන් කණ්ඩායම් 3කට බෙදා ඇත. ඒ අතරින් ආනයනික භාණ්ඩ වර්ග වලින් 50‍්‍ර කට වැඩි ප‍්‍රමාණයක් අයත් වන්නේ 0‍්‍ර  තීරු බදු කාණ්ඩයටය. එම නිසා අපනයන දිරිමත් කිරීම ස`දහා ලබාදිය යුතු මූල්‍ය සහ තාක්ෂණික සහය වෙළ`ද ප‍්‍රතිපත්තිය තුල උපාංග බවට පරිවර්තනය විය යුතුය. ඒවා ශී‍්‍ර ලංකාවට වාසිදායක ක්‍ෂෙත‍්‍ර වල භාණ්ඩ හා සේවා යන ක්‍ෂෙත‍්‍ර දෙක තුලම හදුනා ගත යුතුය. ඊට අමතරව නව භාණ්ඩ විදේශීය රටවල ප‍්‍රචලිත කිරීම ස`දහා රජය විසින් අපනයන කරුවන්ට සුවිශේෂි සහන ලබාදිය යුතුය. අප රට කුරුදු සහ තේ අපනයනය කරන්නේ ඉතා දුප්පත් ආකාරයට ‘‘මර්චන්ඩයිස්’’ වශයෙනි. ඒවාට වටිනාකම් එකතුකොට  වෙළ`ද නාම වලින් අපනයනය කිරීම දිරිමත් කළ යුතුය. ශ‍්‍රමයේ ප‍්‍රතිචාරය පමණක් ලැබෙන ඇගළුම් වෙනුවට දේශීය අමුද්‍රව්‍ය සහ තාක්‍ෂණය යොදා ගන්නා නව නිශ්පාදන දිරිගැන්විය යුතුය. එසේම ආනයන කරුවන් විසින් තර`ගකාරීව විදේශීය භාණ්ඩ ප‍්‍රචලිත කිරීම ස`දහා ආචාර ධර්ම විරෝධි සහ ආක‍්‍රමණශීලී  ප‍්‍රචාරණ ක‍්‍රම භාවිතා කිරීම වැලැක්වීම ස`දහාද වෙළ`ද ප‍්‍රතිපත්තිය ම`ගින් ප‍්‍රතිපාදන පැනවිය යුතුය. 

එකලොස් වැනි උපාය මාර්ගික ප‍්‍රවේශය වන්නේ වෙළ`ද ප‍්‍රතිපත්ති සකස් කිරීමට සහ ක‍්‍රියාත්මක කිරීමට බලය පැවරෙන රජයේ නිළධාරීන්ගේ විනිවිධ භාවය සහ වගවීම සහතික කිරීම ස`දහා යාන්ත‍්‍රණ වෙළ`ද ප‍්‍රතිපත්තියට ඇතුල් කිරීමය. ඒහා බැදුණු දොළොස් වැනි ප‍්‍රවේශය වන්නේ වෙළ`ද ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීමේදී සහ වෙනස්කිරීමේදී පැන න`ගින ගැටළු පිළිබද පැමිණිලි කිරීම සහ ඒවා විභාග කිරීම ස`දහා ස්ථිර කොමිෂමක් පත් කිරීමය. එවිට මහජනයා වෙළ`ද ප‍්‍රතිපත්තිය සහ එහි ප‍්‍රථිපල සම`ග සජීවීව සහ සක‍්‍රීයව බැදෙනු ඇත. ඒ තුල වෙළ`දාම ප‍්‍රචලිත කිරීම සහ දේශීය නිෂ්පාදන පද්ධතිය රැක ගැනීම සහ මහජන සුභසිද්ධිය අතර සමබරතාව රැකගැනීම ස`දහා නව සමාජ සම්මතයන් සහ සමාජ කි‍්‍රයාකාරීත්වයක්ද ගොඩනැගෙනු ඇත.


වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර


සම්බන්ධිත පුවත් | Related News

’’ අධිරාජ්‍යවදී කුලී හමුදාවක් සහමුලින්ම විනාශ කොට රටක් නිදහස් කර ගැනීම පිළිබඳ ශ‍්‍රී ලාංකික ජාතිය ලෝකයේ ප‍්‍රමුඛතම ජාතියක් ලෙස ඉතිහාස ගත වනු ඇත. එසේම එවැනි වු මහා ජයග‍්‍රහණයකට පිටුපස හැරවු ජාතියක් ලෙසද අප ඉතිහාසගත වනු ඇත. ’’
මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස
මාර්තු 27 වැනිදා ජිනීවා සමුළුවේදී සාකච්ඡුාවට සහ ඡුන්ද විමසීමට ලක්වන ඇමෙරිකානු යෝජනාවේ කෙටුම්පත මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත. ඊට ප‍්‍රතිචාර දක්වන දෙමළ ඩයස්පෝරාව කියා සිටින්නේ ඇමෙරිකාව විසින් දෙමළ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා හැර ඇති බවයි. ඊට අමතරව සමහර රජයේ පාර්ශවද එම යෝජනාව ඔවුන් බලාපොරොත්තු වූ තරම් බරපතල නැතැයි මත පළකරමින් ඇත. නමුත් ජිනීවාහිදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගිය දිනවල රජයට උපදෙස් දුන් බෙදුම්වාදී න්‍යායචාර්්‍යවරුන් ඒ පිළිබඳව අනාවැකි පළකරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ජිනීවාහිදී ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් තම මතය ඉදිරිපත් කළ ජී.එල්. පීරිස් අමාත්‍යතුමාට ඉතා තදින් දෝෂාරෝපනය කරති.
පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූ හේතුවක් සොයාගත නොහැකි වකුගඩු රෝගයට අදාල විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව බැලූ බැල්මට හේතු කිහිපයක් නිසා සුවිශේෂී විය. පළමුවැන්න එය විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත්
පසුගිය 16 වැනිදාට යෙදුනු ලෝක ආහාර දිනය සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර සුරක්‍ෂිතතා සතියක් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඔවුන් එහිදී ආහාර සුරක්‍ෂිතාව :ත්‍දදා ීැජමරසඑහ* පිළිබඳව කථාකලත් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව :ත්‍දදා ී්එැඑහ* පමණී. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පිළිබඳව කුමක් කථාකලත් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ ඔවුනට ආහාර ආරක්‍ෂාව, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය අතර පවතින සමාජ-ආර්ථික, දේශපාලන හෝ සංස්කෘතික සහ පාරසරික සහ-සම්බන්ධතාවයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැති බවය.
ඇමෙරිකාවේ දැන උගත් ජනතාව අන්දුන් කුන්දුන් කරමින් 2012 මාර්තු 16 වැනිදා ඉතා වැදගත් ලේඛනයකට ඒ රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් අත්සන් තැබිනි. එම ලේඛනය හැදින්වෙන්නේ ‘‘ විධායක නියෝගය ’’ යන තාක්‍ෂණික නාමයෙනි. ඒ මගින් ඔහුගේ බලයලත් ලේකම්වරුන්ට සමස්ථ රටම යුද වාතාවරණයක තැබීම සඳහා අවශ්‍ය සියළු බලතල ලබා දී ඇත. ඒ අනුව අනාගතයේදී ඕනෑම දවසක ඇමෙරිකාවේ රාජ්‍ය සහ පුද්ගලික සමාගම් සතු දේපල සහ මහජනයා සතු දේපල මෙන්ම රටේ පොදු සම්පත් යුද්ධය
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකල ආසනික් විරෝධී සටන ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත වලට සහ පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට පරාජය අත්පත් කර දෙමින් අවසන් වී ඇත. එ් අනුව සමාගම් හිතවාදී සහ එ් නිසාම ආසනික් හිතවාදී වු න්ලධාරී ත‍්‍රන්තය
පහත පළකෙරෙන අතිගරු ජනාධිපතිතුමාට යොමුකෙරෙන ලිපියෙන් ඉල්ලා සිටින පරිදී රජරට වකුගඩු රෝගය පාලනය කිරීමට අදාල මූලික පියවරක් ලෙස කෘෂි රසායන භාවිතය පාලනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් එම අමාත්‍යාංශයේ
පසුගිය දිනවල සෞඛ්‍ය අමාත්‍යාංශය විශාල ප‍්‍රචාරයක් ලබාදෙමින් ‘‘ආහාර සුරක්‍ෂිතතාව’’ තහවුරු කිරීම සඳහා මෙහෙයුමක් දියත් කරන්නට යෙදුනි. එහෙත් ඔවුන්ට එම වචන වල නිවැරිදි තේරුම පිළිබඳවත් අවබෝධයක් නොතිබිනි. ඔවුන්ට අනුව ‘‘ආහාර ආරක්‍ෂාවට’’ :ත්‍දදා ී්ෙැඑහ* අදාලව ගන්නා පියවර මඟින් ‘‘ආහාර සුරක්‍ෂිතතාව’’ :ත්‍දදා ීැජමරසඑහ* තහවුරු වේ. එය ඉතා කණගාටුදායක තත්වයකි.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.